01.01.01 – පදාර්ථය පිළිබද පරමාණුක වාදය

0
1801

පදාර්ථය යනු  විශ්වයෙ ඉඩක් ගන්නා සහ ස්කන්ධයක් සහිත භෞතික ද්‍රවය්‍යකි.

පරමාණුව – සියලු පදාර්ථ නිර්මාණය වී ඇත්තෙ පරමාණු වලිනි.දෙන ලද මුලද්‍රව්‍යකට ආවේණික ගුණ පෙන්වන ඉතා කුඩා අංශුව එම මූලද්‍රව්‍යයේ පරමාණුව වේ.

පරමාණුවෙ පැවැත්ම,

  • x කිරණ විවර්තනයෙන්
  • ස්කන්ධ වර්ණාවලි මගින්
  • ක්ශේත්‍ර අයනීකරණ අන්වීක්ෂ මගින් දැනගත හැක.

පරමාණුව යන පදයට පලමුවෙන්ම සාර්ථක පැහැදිලිකිරීමක් ඉදිරිපත් කලේ ජෝන් ඩෝල්ටනය.

ඩෝල්ටන්ගෙ පරමාණුක වාදයේ උපකල්පන:-

1.පදාර්ථය සෑදි ඇත්තෙ තව දුරටත් බෙදා වෙන්කල නොහැකි ඉතා කුඩා අංශු වලිනි. මෙම අංශුව පරමාණුව ලෙස හදුන්වයි.

2.පරමාණු මැවීම හෝ නැසීම සිදුකල නොහැක.

3.එකම මූලද්‍රව්‍යයේ පරමාණු සෑම අතින්ම සමාන වන අතර වෙනස් මූලද්‍රව්‍යවල පරමාණු වෙනස් වේ.

4.කිසියම් සංයොගයක් සෑදීමේදී මූලද්‍රව්‍යවල පරමාණු එකිනෙක සමග සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතයෙන් සංයෝජනය වේ.

පරමාණුකවාදයට අද හිමි තත්වය,

  • පරමාණුව තුල ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,නියුට්‍රෝන ආදී උපපරමාණුක අංශු ඇත.
  • න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන් මගින් හා විකිරණශීලීතාවයෙදි පරමාණු බීදීම හා නව පරමානු සෑදීම සිදුවේ.
  • පරමාණු මැවීම හා නැසීම සිදුකල හැකිය යන මතය බිදවැටේ. 
  • සමස්ථානික සොයාගැනීම
    • එකම මූලද්‍රද්‍යයෙ පරමාණු සමාන නොවන බව තහවුරු වීම.
    • එකම මූලද්‍රව්‍යයෙ පරමාණු සමාන බව හා වෙනස් මූලද්‍රව්‍ය වල පරමාණු වෙනස් වේ යන මතය බිදවැටෙ.

ඩෝල්ටන්ගෙ පරමාණුකවාදයෙන් පදාර්ථයෙ අංශුමය ස්වභාවය පිලිබද ඉතා වැදගත් අදහස් පල කලත් පදාර්ථයෙ සිදුවන විපර්‍යාස පිලිබද විස්තර කිරිමකට හෝ පදාර්ථයෙ විද්‍යුත් ස්වභාවය පිලිබද විස්තර කිරීමක් සිදු නොවීය.පරමාණුව උප පරමාණුක අංශුවලින් සමන්විත බව පැහැදිලි කිරීමට පදාර්තයේ විද්‍යුත් ස්වභාවය යොදාගනී.

පදාර්තයේ විද්‍යුත් ස්වභාවය සදහා සාක්ෂි,

විද්‍යුත් ස්වභාවය යනු යම් පරමාණුවක පවතින ප්‍රෝටෝන ගණනට වඩා ඉලෙක්ට්‍රෝන ගණන වෙනස් වීමයි.

සාක්ෂි,

 1.ඝර්ෂනය හෙවත් ස්ථිති විද්‍යුතය මගින් ලැබෙන සාක්ෂි.

  • වීදූරු දණ්ඩක් සේදරෙදි කැබැල්ලකින් පිරිමැද්ද විට දණ්ඩ ධනව ආරෝපණය වීම.එනම් පදාර්ථයේ විද්‍යුතමය ස්වභාවයක් ඇත.

2.විද්‍යුත් විච්ඡේදනයෙන් ලැබෙන සාක්ෂි.

  • එනම් පදාර්ථයේ ද්‍රව අවස්තාව ඉලෙක්ට්‍රෝන මගින් වායු අවස්ථාව බවට පත්කල හැක.

3.සරල කෝෂ මගින්(පදාර්ථ වල සිදුවන වෙනස් වීම් ආශ්‍රිතව විද්‍යුතය ජනනය වීම)

තනුක සල්ෆියුරික් ද්‍රාවනයකට Zn හා Ca තහඩු දමා ඒවා ද්‍රාවන තුලදි හෝ පිටතදී එකිනෙක ස්පර්ශ නොවනසේ සකසා කුඩා බල්බයක් සවිකල විට බල්බය දැල්වේ.

බල්බය හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරන බව පෙනේ.

පදාර්ථයේ ඝන ද්‍රව වායු අවස්ථාවල විද්‍යුත් ස්වභාවය පැහැදිලි කිරීමට උදාහරණ,

  • ඝන අවස්තාව – ස්ථිති විද්‍යුතයෙන් ලැබෙන සාක්ෂි
  • ද්‍රව අවස්ථාව – විද්‍යුත් විච්ඡේදනයෙන් ලැබෙන සාක්ෂි
  • වායු අවස්ථාව – කැතෝඩ කිරණ පරීක්ෂාව

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.