01.01.05 – පරමාණුක ආකෘති

0
3667

පරමාණුව තුල මූලික උපපරමාණුක අංශු අඩංගු වී ඇති අයුරු මින් පැහැදිලි කරයි.

(1)තොම්සන්ගෙ ප්ලම් පුඩිං ආකෘතිය

ධන ආරෝපිත ගෝලයක් තුල ඍන ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගිලී ඇති ආකාරය පෙන්නුම් කරන තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය

ධන ආරෝපිත ගෝලයක් තුල ඍන ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගිලී පවතිමින් පරමාණුව සෑදී ඇත යන්න මෙම ආකෘතියෙන් කියවේ.

ප්‍රතික්ෂේපවීමට හේතු :-

1.පරමාණුව ඝන ගෝලයක් නොවේ.හිස් :අවකාශ සහිත ප්‍රදේශ අඩංගුවේ.

2.පරමාණුව තුල ධන ආරෝපණය ගිලී නොමැත.ඒවා එක්වී ඉතා කුඩා න්‍යෂ්ටි සාදා ඇත.

3.ඉහත ලෙස ධන,ඍන පැතිර තිබුනහොත් විකර්ශන ඇතිවී විනාශ වී යා හැකිය.

4.පරමාණු විසින් පෙන්වන වර්ණාවලි සංසිද්දිය මෙම ආකෘතියෙන් විස්තර කළ නොහැක.

(2)පරමාණුව පිලිබද රදර්ෆර්ඩ් ආකෘතිය,

1910 දී පරමාණුක ව්‍යුහය සදහා පරීක්ෂනාත්මක පර්යේෂන ශ්‍රේණියක් මත පදනම් වූ න්‍යෂ්ටික ආකෘතියක් රදර්ෆර්ඩ් ඉදිරිපත් කලේය.මින් පරමාණුව සෑදී ඇත්තෙ ඉතා කුඩා ධන ආරෝපිත ගෝලීය න්‍යෂ්ටිය සහ එය වටා ඉතා අධික වේගයකින් චලනය වන ඉලෙක්ට්‍රෝන වලින් බව මින් කියවේ.

න්‍යෂ්ටික ආකෘතිය සදහා සාක්ෂි(න්‍යෂ්ටික ප්‍රකිරණ පරික්ෂනය),

රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ශාව(න්‍යෂ්ටික ප්‍රකිරණ පරික්ෂනය)

රික්ත භාජනයක ඇති තුනී ලෝහ තහඩුවක් මතට ඇල්ෆා අංශු කදම්බයක් එවන ලදි.ඇල්ෆා  අංශු වල ගමන් මග සොයා ගැනීමට රන් පත්‍රය අසල භ්‍රමණ ප්‍රතිදීප්ත තිරයක් තබන ලදි.

නිරීක්ෂන හා නිගමන පැහැදිලි කිරීම.

ඇල්ෆා අංශු වලින් ඉතා සුලු කොටසක් 1/8000ක් පමණ ලෝහ තහඩුව මගින් දිශානතිය වෙනස් කිරීමටත් 1/10000 පමණ ආපහු හැරී යෑමටත් බදුන් විය.මෙය පරමාණුව තුල ධන අරෝපණ එක් වූ ඉතා කුඩා ප්‍රදේශයක් ඇති බවත් එය න්‍යෂ්ටිය ලෙසත් හදුන්වන ලදි.

කිරණ විශාල ප්‍රමාණයක් කිසිදු අපහසුවකින් තොරව ලෝහ පත්‍රය විනිවිද යයි.එනම් අවකාශයේ ගන්නා ප්‍රමාණයෙන් වැඩි කොටසක් හිස් බවය.

ගයිගර් හා මාස්ඩන් විසින් මෙය සත්‍ය බව පෙන්වන ලදි.

නමුත් මොහුට ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය පිලිබද නිවැරදි තොරතුරක් ඉදිරිපත් කල නොහැකි විය.මොහුට අනුව සූර්‍යයා වටා භ්‍රමණය වන ග්‍රහලොක මෙන් න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වන බව පැවසූ අතර මෙය රදර්ෆර්ඩ්ගෙ න්‍යෂ්ටික ග්‍රහ  ආකෘතිය නම් වේ.

රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ශාව සරලව අන්තර්ගත වේ.(අන්තර්ගතය ඉන්ග්‍රීසි බසින් වේ.)

රදර්ෆර්ඩ් ආකෘතිය බිදවැටීමට හේතු,

1.ඉලෙක්ට්‍රෝනය ඉහත ලෙස භ්‍රමණය වේ නම් ආරෝපිත අංශුවක් වූ ඉලෙක්ට්‍රෝනවල ශක්තිය අඛණ්ඩව විමෝචනය වන බව පෙන්වා දුන් අතර ප්‍රථිපලය ලෙස බල මැඩපැවැත්විය නොහැකිව ඉලෙක්ට්‍රෝන චලනය වන කක්ෂයේ ශක්තියක් ක්‍රමයෙන් අඩු වී න්‍යෂ්ටිය වෙතට ඇද වැටෙන බවය.

2.හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියේ වෙන්වූ රේඛා ඇතිවන අන්දම විස්තර කල නොහෑක.

මේ අනුව ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය පිලිබද සාර්ථක පැහැදිලි කිරීමක් ඉදීරිපත් කලේ නීල් බෝර් .

ඇල්ෆා අංශු ප්‍රකිරණය පිලිබද රදර්ෆර්ඩ් පරීක්ෂනයෙන් න්‍යෂ්ටික අරය සොයාගත් අතර 10

-12 – 10 -13 අතර අගයක් ගනියි.

පරමාණුවෙ ස්කන්ධයට මුලුමනින්ම වාගේ හේතු වනුයේ ප්‍රමාණයෙන් ඉතා කුඩා වූ න්‍යෂ්ටියේ ස්කන්ධයයි.

න්‍යෂ්ටියේ අඩංගු අණු පරමාණුක අංශු නියුක්ලියෝන ලෙස හදුන්වයි.

ඕනෑම න්‍යෂ්ටියක පරිමාව එහි ස්කන්ධයට සමානුපාතික වේ.එසේවනුයේ සෑම න්‍යෂ්ටියක් සදහාම එහි ඝනත්වය නියත බැවිනි.

න්‍යෂ්ටිය සංකේත කිරීම,

පරමාණුක ක්‍රමාංකය(Z),

මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටොන ගණන වේ.උදාසීන පරමාණුවක p = e වේ.එක් පරමාණුවක් තවත් පරමාණුවකින් වෙන්කළ හැකි මූලික ලක්ෂනයද මෙය වේ.

ස්කන්ධ ක්‍රමාංකය. (A),

න්‍යෂ්ටියේ  අඩංගු  ප්‍රෝටෝන නියුට්‍රෝන වල එකතුව වේ.

  • උදා:-
  1. පහත ප්‍රභේදයේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන   සංඛ්‍යාව ලියා දක්වන්න.

            1327Al3+

  • e= 10
  • P=13
  • n=14

Results

#1. පරමාණුවක න්‍යෂ්ටික ආකෘතිය සමග වඩාත් ම කිට්ටුවෙන් සම්බන්ධ වී ඇත්තේ මින් කුමන විද්‍යාඥයා ද?

#2. පරමාණුක න්‍යෂ්ටියක් සමන්විත වනුයේ,

#3. ඇල්ෆා කිරණ සම්බන්ධයෙන් වන මින් කුමන ප්‍රකාශනය අසත්‍ය වේද?

#4. මෙහි දී ඇති වගන්ති අතුරෙන් මූලද්‍රව්‍යයක පරමාණුවක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශය කුමක් ද?

#5. පරමාණුවක ව්‍යුහය පිළිබඳ ව තොම්සන්ගේ 'ප්ලම් පුඩිං' ආකෘතිය වැරදි බව ඔප්පු කළ විද්‍යාඥයා වනුයේ,

Finish

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.