බෝර් ආකෘතිය මගින් කක්ෂයක් විස්තර කෙරෙන n නම් වූ එක් ක්වොන්ටම් අංකයක් හදුන්වා දෙන ලදි. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා ආකෘතිය , පරමාණුවක ඉලෙක්ට්‍රෝන සැරිසරන කක්ෂයක් විස්තර කිරීම සදහා ගණිතමය වශයෙන් ව්‍යුත්පන්න කරන ලද n, l, හා ml යන ක්වොන්ටම් අංක 3ක් ද ඉලෙක්ට්‍රෝනයේ බැමීම විස්තර කිරීමට ms නම් තවත් ක්වොන්ටම් අංකයක්ද භාවිතා වේ.
1.ප්‍රධාන ක්වොන්ටම් අංකය (n)
මෙය 1 2, 3,. . . . . ලෙස පූර්ණ සංඛ්‍යා වේ. මෙමගින් ඉලෙක්ට්‍රෝනය පරමාණුව තුල කුමන ප්‍රධාන ශක්ති මට්ටම තුල පවතී දැයි නිරූපණය කරයි. n හි අගය වැඩිවත්ම කාක්ෂිකය වඩා විශාල වන අතර ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට දුරස්ථව ගතකරන කාලය වැඩි වේ.
2.උද්දිගංශ ක්වොන්ටම් අංකය (l)
මෙමගින් ඉලෙක්ට්‍රෝනය අයිති කුමන උපශක්‍ති මට්ටමට දැයි නිරූපණය කරයි. l හි අගය ප්‍රධාන ශක්තිමට්ටම් අංකය (n) මත රදා පවතියි. l සදහා n – 1 ත් 0ත් අතර ධන පූර්ණ සංඛ්‍යාවක් ලබා ගත හැක.
n හි අගය කුමක් වුවද,
l = 0 s කාක්ෂික
l = 1 p කාක්ෂික
l = 2 d කාක්ෂික
l = 3 f කාක්ෂික නිරූපණය කරයි
3.චුම්භක ක්වොන්ටම් අංක ( m/ml)
මින් යම් උපශක්ති මට්ටමකට අයත් ඉලෙක්ට්‍රෝන පවතින කාක්ෂික නිරූපණය කරයි. ml හි අගයන් +l, 0, -l අතර ඕනෑම පූර්ණ සංඛාවක් වේ.
l = 0 ml = 0
l = 1 ml = -1, 0 ,1
l = 2 ml = -2, -1, 0, 1 ,2
l = 3 ml = -3, -2, -1, 0, 1, 2, 3
4.භ්‍රමණ ක්වොන්ටම් අංකය (ms )
මෙමගින් ඉලෙක්ට්‍රෝනයේ බැමීම සිදු වන දිශාව නිරූපණය කරයි.ඒ සදහා +1/2 හෝ -1/2 යොදා ගනියි.
+1/2 මගින් දක්ෂිනාවර්තව පරිභ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන ද , -1/2 මගින් වාමාවර්තව පරිභ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන ද නිරූපණය කරයි.
උදා : 4S1 ~ { 4, 0, 0, + 1/2 } හෝ { 4, 0, 0, -1/2 }
3p1 ~ { 3, 1, 0, +1/2 } හෝ { 3, 1, 0, -1/2 }
{ 3, 1, -1, +1/2 } හෝ { 3, 1, -1, -1/2 }
{ 3, 1, 1, +1/2 } හෝ { 3, 1, 1, -1/2 }
මේ අනුව පරමාණුවක ඕනෑම ඉලෙක්ට්‍රෝනයක් n, l, ml , ms යන ක්වොන්ටම් අංක 4 මගින් දැක්විය හැක.එය ක්වොන්ටම් අංක කුලකය වේ.එමෙන්ම පරමාණුවක වූ කිසියම් ඉලෙක්ට්‍රෝන 2ක් සදහා මෙම අගයන් සියල්ල සමාන විය නොහැක. n, l ml සමාන වුවද ms වෙනස් වේ. මෙය පව්ලි බහිෂ්කාර නියමයෙන්ද කියවේ.
{ n, l, ml, ms }
ප්‍රධාන ක්වොන්ටම් අංකය(n) | උද්දිගංශ ක්වොන්ටම් අංක(l) | චුම්භක ක්වොන්ටම් අංක(ml) | භ්‍රමණ ක්වොන්ටම් අංක(ms) | කාක්ෂික වල e ගණන | ප්‍රධාන ශක්තිමට්ටමේ ඇති මුලු e ගණන |
1 | 0 | 0 | ±1/2 | 2 | 2 |
2 | 0 | 0 | ±1/2 | 2 | 8 |
1 | -1 0 +1 | ±1/2 ±1/2 ±1/2 | 6 | ||
3 | 0 | 0 | ±1/2 | 2 | 18 |
1 | -1 0 +1 | ±1/2 ±1/2 ±1/2 | 6 | ||
2 | -2 -1 0 1 2 | ±1/2 ±1/2 ±1/2 ±1/2 ±1/2 | 10 | ||
4 | 0 | 0 | ±1/2 | 2 | 32 |
1 | -1 0 +1 | ±1/2 ±1/2 ±1/2 | 6 | ||
2 | -2 -1 0 1 2 | ±1/2 ±1/2 ±1/2 ±1/2 ±1/2 | 10 | ||
3 | -3 -2 -1 0 1 2 3 | ±1/2 ±1/2 ±1/2 ±1/2 ±1/2 ±1/2 ±1/2 | 14 |
විශේෂ කරුණු
- ප්‍රධාන ක්වොන්ටම් අංකය n වූ කවචයක් හරියටම n උපකවච සංඛ්‍යාවක් දරයි.
උදා : n = 1 1s
n = 2 2s 2p
n = 3 3s 3p 3d
- එක් එක් උපකවචයක නිශ්චිත කාක්ෂික සංඛ්‍යාවක් අන්තර්ගතය.
s – 1
p – 3
d – 5
f – 7
- ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන කවචයක ඇති මුලු කාක්ෂික සංඛ්‍යාව n2 වේ.