01.04.02 – වර්නියර් කැලිපරය

1
924

වර්නියර් කැලිපරය

පිටත හනු

  • සිලින්ඩරයක බාහිර විෂ්කම්භය වැනි මිනුමක් ගැනීමට

ඇතුළත හනු

  • බීකරයක අභ්‍යන්තර විෂ්කම්භය වැනි මිනුමක් ගැනීමේදී

කූර

  • බීකරයක ගැඹුර වැනි මිනුමක් ගැනීමේ දී

මුරිච්චි ඇණය

  • කිසියම් මිනුමක් ගැනීමේ දී සර්පණ හනුව චලනය නොවී පවත්වා ගැනීමට.

වර්නියර් කැලිපරයෙන් පාඨාංක ලබා ගන්නා ආකාරය

  • පාඨාංක ලබා ගත යුතු වස්තුව පළුදු නොවන සේ හනු අතර සිර කර ප්‍රධාන පරිමාණය මගින් කියවා ගත හැකි පරිමාණය ආසන්න මිලි මීටරයට කියවා ගන්න.
  • ඉන් පසු ප්‍රධාන පරිමාණය සමඟ සමපාත වන වර්නියර් පරිමාණයේ කොටස් ගණන කියවා ගෙන එය කුඩාම මිනුමෙන් ගුණ කර ප්‍රදාන පරිමාණයට එකතු කරන්න.

පාඨාංකය = ප්‍රධාන පරිමාණයේ කියවීම + (වර්නියරයේ සමපාත කොටස් ගණන x කුඩාම මිණුම)

වර්නියර් පරිමාණයෙන් පාඨාංක ගොඩනැගෙන අයුරු

  • XY මැනිය යුතු දිගයි. X ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය හා සමපාත වන පරිදි තබා වර්නියර් පරිමාණය දිගේ ගෙනවිත් Y කෙලවර සමඟ ස්පර්ශ කරනු ලැබේ.

XY දිග= (4.2 + a) cm

  • ප්‍රධාන පරිමාණයේ 4.2cm නිවැරදිව මැන ගත හැකි වුවද a දිග නිවැරදිව මැනිය නොහැකිය.
  • a දිග නිවැරදිව ගණනය කර එය 4.2cm ට එකතු කිරීමෙන් XY නිවැරදි දිග ලැබේ.

a මැන ගැනිම

ඉහත රූපයේ වර්නියර් පරිමාණයේ රේඛාවක් සමඟ ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමපාත වන ස්ථානය හඳුනා ගන්න. රූපයේ පෙනීයන්නේ වර්නියර් පරිමාණයේ 5 කොටස ප්‍රධාන පරිමාණයේ 4.7 රේඛාව සමඟ සමපාත වන බවයි.

  • ප්‍රධාන පරිමාණයේ 4.6 රේඛාව හා ව’නියර් පරිමාණයේ 4 රේඛාව අතර වෙනස = 1/10mm
  • ප්‍රධාන පරිමාණයේ 4.5 රේඛාව හා ව’නියර් පරිමාණයේ 3 රේඛාව අතර වෙනස = 2/10mm
  • ප්‍රධාන පරිමාණයේ 4.4 රේඛාව හා ව’නියර් පරිමාණයේ 2 රේඛාව අතර වෙනස = 3/10mm
  • ප්‍රධාන පරිමාණයේ 4.3 රේඛාව හා ව’නියර් පරිමාණයේ 1 රේඛාව අතර වෙනස = 4/10mm
  • ප්‍රධාන පරිමාණයේ 4.6 රේඛාව හා ව’නියර් පරිමාණයේ 4 රේඛාව අතර වෙනස = 5/10mm

XY හි නිවැරදි දිග =(4.2+0.05)cm

                                =4.25cm

වර්නියර් කැලිපරයක මූලාංක දෝෂය

  • නිවැරදි වර්නියර් කැලිපරයක බාහිර හනු එකිනෙක ස්පර්ශ වන විට වර්නියර පරිමාණයේ “0” රේඛීය පරිමාණයේ “0” සමග සමපාත විය යුතු ය.
  • නමුත් කැලිපරය දිගු කාලයක් භාවිත කිරීමේ දී ඇද වීම , ගෙවී යාම , මළ බැදීම ආදී හේතු නිසා පරිමාණය ඉහත ආකාරයට නො පැවතිය හැකි අතර එය මූලාංක දෝෂයක් ලෙස හඳුන්වයි .
  • එම නිසා උපකරණය භාවිතයේ දී මූලාංක දෝෂයක් පවතියි නම් ශෝධනයක් සිදුකර නිවැරදි පාඨාංකය ගැනීමට දැන සිටිය යුතු ය .

ධන මූලාංක දෝෂය (සත්‍යය අගයට වඩා වැඩි අගයක් පෙන්වීම)

  • බාහිර හනු එකිනෙකට ස්පර්ශ වන විට වර්නියර් පරිමාණයේ “0” ප්‍රධාන පරිමාණයේ “0” ට ඉදිරියෙන් පවතින අවස්ථාවයි .
  • මෙහි දී පෙන්වන පාඨාංකය සත්‍යය අගයට වඩා වැඩි බැවින් දෝෂය ධන (+) වන අතර එම දෝෂය මැන පාඨාංකයක් ලබාගැනීමෙන් පසු එම අගය අඩු කළ යුතු ය  .
  • එම නිසා මූලාංක ශෝධනය ඍණ (-) වේ .

පහත උදාහරණය දෙස බලන්න.

  • හනු වල මල බැඳීම වැනි දේ නිසා ඝනකම වැඩි වී රූපයේ පරිදි වර්නියර් පරිමාණයේ ශුන්‍ය ලකුණ, ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය ලකුණට දකුණු පසින් පිහිටිය හැක. මෙවන් අවස්ථාවක මූලාංක දෝෂය,
  • ධන මූලාංක දෝෂය=වර්නියර් පරිමාණයේ සමපාත කොටස් ගණන × කුඩාම මිනුම.
  • ඉහත රූපයට අනුව උපකරණයේ මූලාංක දෝෂය 0.3mm වේ.

සෘණ මූලාංක දෝෂය (සත්‍යය අගයට වඩා අඩු අගයක් පෙන්වීම)

  • බාහිර හනු එකිනෙකට ස්පර්ශ වනවිට වර්නියර් පරිමාණයේ “0” ප්‍රධාන පරිමාණයේ “0” ට පසුපසින් පවතින අවස්ථාවයි .
  • මෙහිදී පෙන්වන පාඨාංකය සත්‍යය අගයට වඩා අඩු බැවින් දෝෂය ධන (-) වන අතර එම දෝෂය මැන , පාඨාංකයක් ලබාගැනීමෙන් පසු එම අගය එකතු කළ යුතුය  .
  • එමනිසා මූලාංක ශෝධනය ඍණ (+) වේ.

පහත උදාහරණය දෙස බලන්න.

  • P,Q හනු ස්පර්ශ වනවිට V හි 0 ලකුණු M හි 0 (ශුන්‍ය) ලකුණට වම් පැත්තෙන් පිහිටයි .
  • දැන් V හු 7 වන රේඛාව M හි රේඛාවක් සමග සමපාත වේ .

එහෙත් මුලාංක දෝෂය 0.7 mm නොවේ. (පරිමාණ වල O රේඛා අතර දුරෙහි වෙනස පරීක්ෂා කර බලන්න.)

  • V හි රේඛාව M හි O රේඛාව අතර දුර 0.6 mm වේ .
  • V හි 0 හා 1 රේඛා අතර දුර 0.9 mm වේ .
  • මේ අනුව V හි 0 හා M හි 0 රේඛා අතර දුර 0.9 – 0.6 = 0.3 mm වේ .
  • මේ අනුව ශුන්‍ය දෝෂය = 0.3 mm වේ .
  • එනම් V හි 0 ලකුණ M හි 0 ලකුණට වම් පැත්තෙන් පිහිටයි නම් M හි රේඛාවක් සමග සමපාත වන V හි රේඛාවේ අංකය V හි ඇති මුළු කොටස් සංඛ්‍යාවෙන් අඩු කොට කුඩාම මිනුමෙන් ගුණ කිරීමෙන් මූලාංක දෝෂය ලැබේ .

video links:

වර්නියර් කැලිපරය භාවිතය

Results

#1. වර්නියර් සැකසුමක ප්‍රධාන පරිමාණ කොටසක දිග x වන අතර ප්‍රධාන පරිමාණයේ කොටස් (n-2) ක දිග වර්නියර් පරිමාණයේ කොටස්(n-1) කට සමාන වේ .මෙම සැකසුමේ කුඩාම මිනුම වන්නේ ,

#2. වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණය mm කොටස් වලට බෙදා ඇති අතර වර්නියර් කොටස් 50ක් ප්‍රධාන පරිමාණ කොටස් 49කට සමාන වේ .ඉහත උපකරණයේ හනු එකිනෙක ස්පර්ශ ව තැබූ විට ප්‍රධාන පරිමාණ 30 වන කොටස වර්නියර් පරිමාණයේ 30 වන කොටස සමග ඒක රේඛීය වේ . a) මෙම උපකරණයේ මූලාංක වරද 0.06mm වන අතර මෙම උපකරණයෙන් ලබා ගත් පාඨාංකයක් නිවැරදි කිරීම සඳහා මූලාංක වරද එම පාඨාංකයෙන් අඩු කල යුතුයි . b) 2.47cm මෙම උපකරණයෙන් ලබා ගත් පාඨාංකයක් විය හැක . c) ඉහත උපකරණයෙන් නිවැරදිව ලබා ගත හැකි අවම පරීක්ෂණාත්මක මිනුම 2 mm වේ . ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ ,

#3. එක්තරා වර්නියර් පරිමාණයක්, 1mm ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් වර්නියර් පරිමාණයේ කොටස් 20 කට බෙදීමෙන් සාදාගෙන ඇත.එමගින් ලබා ගෙන ඇති මිනුමක් විය හැක්කේ,(cm)

#4. වර්නියර් කැලිපරය මගින් මැනිය නොහැක්කේ,

finish

අදහස් 1යි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.