01.04.03 – මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමානය

0
786

මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය

  • සාමාන්‍යයෙන් වර්නියර් පරිමාණය මගින් මැනිය හැකි කුඩාම මිනුම 0.1 mm පමණ වේ .

යම් මිනුමක් 0.01 mm දක්වා නිවැරදිව මැනීම සඳහා ඉස්කුරුප්පු ආමානය භාවිතා කරනු ලැබේ .

ඉද්ද

  • ඉතා ම සියුම් ලෙස කැපූ ඉස්කුරුප්පු පොටකින් යුක්ත ඉද්ද , ඉස්කුරුප්පු ආමානයේ මූලික අංගය වේ.

රේඛීය පරිමාණය සහ විල්ල

  • ඉද්ද රේඛීය පරිමාණයක් සහිත විල්ලක් තුළින් ගමන් කරයි.

දිදාලය

  • ඉද්ද ට සවි වූ දිදාලය විල්ලට ඉහළින් කැරකැවිය හැකියි.

දිදාල හිස

  • ඉද්ද සහ කිණිහිරිය අතර පාඨාංක ලබාගත යුතු වස්තුව තබා දිදාලය කරකැවිය යුත්තේ දිදාල හිසෙන් පමණක් අල්ලාගෙනය .
  • මනිනු ලබන වස්තුවත් , හනුත් අතර සම්මත පීඩනයට වඩා වැඩි පීඩනයක් ඇති නොවන සේ භ්‍රමණය මුදා හැරෙන පරිදි වූ විශේෂ යන්ත්‍රණ ක්‍රමයකට දිදාලය සම්බන්ධය .
  • ඉද්ද වස්තුව හා අවශ්‍ය පරිදි ස්පර්ශ වූ විට දිදාල හිස භ්‍රමණයෙන් මුදා හැරී , එය නිදහස් භ්‍රමණය වීමට පටන් ගනියි .

වෘත්තාකාර පරිමාණය

  • දිදාලයේ ඇතුළු කොනේ වෘත්තාකාර පරිමාණය ඇත.

ඉස්කුරුප්පුවේ අන්තරාලය

  • දිදාලය සම්පූර්ණ වටයක් (360o ක්) භ්‍රමණය කිරීමේදී ඉද්ද යන දුර ඉස්කුරුප්පුවේ අන්තරාලය නම් වේ .

සටහන: ඉස්කුරුප්පු අන්තරාලය 1 mm යැයි සිතමු .

දිදාලය වට 1 (3600) කින්  භ්‍රමණය කිරීමේදී ඉද්ද යන දුර = 1 mm

දිදාලය වට 1/100 (3.60) කින් භ්‍රමණය කිරීමේදී ඉද්ද යන දුර = 1/100 mm

                                                                                 = 0.01 mm

එනම් 0.01 mm දක්වා නිවැරදිව මැනිය හැකි වේ .

කුඩාම මිනුම

  • ඉස්කුරුප්පුවේ අන්තරාලය ( රේඛීය පරිමාණයේ කොටසක දිග) වෘත්තාකාර පරිමාණයේ කොටස් ගණනින් බෙදීමෙන් කුඩාම මිනුම ලැබේ .

පාඨාංක ලබා ගැනීම

  • ඉද්ද හා කිණිහිරිය අතර පාඨාංක ලබාගත යුතු වස්තුව සිර කර රේඛීය පරිමාණයෙන් ලැබෙන පාඨාංකය කියවාගන්න .
  • දැන් රේඛීය පරිමාණය සමග සමපාත වන වෘත්තාකාර පරිමාණයේ කොටස් ගණන කියවා ගෙන එය උපකරණයේ කුඩාම මිනුමෙන් ගුණ කර එහි අගය රේඛීය පරිමාණයේ අගයට එකතු කිරීමෙන් පාඨාංකය ලැබේ.

උදාහරණ:

මයික්‍රොමීටර් ඉස්කුරුප්පු මානයකින් පැන්සලක විෂ්කම්භය මැනීමේදී අදාළ පාඨාංකය ලැබෙන අයුරු පහත දැක්වේ.

සැ.යු. : මෙහිදී ලැබෙන පාඨාංකයෙන් උපකරණයේ මූලාංක දෝෂය අඩු කිරීමට හෝ එකතු කිරීම සිදුකළ යුතුයි

මූලාංක දෝෂය

ඉස්කුරුප්පු ආමානයේ ඉද්ද හා කිණිහිරය එකට ස්පර්ශ වූ විට රේඛීය පරිමාණයේ ශූන්‍ය ලකුණ වෘත්තාකාර පරිමාණයේ ශූන්‍යය සමග සමපාත විය යුතුය. එසේ නොවේ නම් මූලාංක වරදක් ඇත.

මූලාංක දෝෂයේ ස්වරූප දෙකකි.

a. සෘණ මූලාංක දෝෂය (ධන මූලාංක ශෝධනය)

  • ප්‍රධාන පරිමාණයේ 0 ලකුණ ඉක්මවා වෘත්තාකාර පරිමාණයේ 0 ලකුණ භ්‍රමණය වුවහොත් මූලාංක දෝෂය සෘණ වේ.
  • එවිට රේඛීය පරිමාණය 0 ලකුණ සමග සමපාත වන වෘත්තාකාර පරිමාණයේ කොටස් ගණන කියවා ගෙන, එය වෘත්තාකාර පරිමාණයේ මුළු කොටස් ගණනින් අඩු කර කුඩාම මිනුමෙන් ගුණ කිරීමෙන් දෝෂය ලැබේ.

උදා:

උපකරණයේ කුඩාම මිනුම 0.01 mm යැයි ගනිමු.

මූලාංක දෝෂය = (50-46) x 0.01=0.04mm

මෙම දෝෂයට ලැබෙන පාඨාංකය එකතු කළ යුතු වේ. එනම් ශෝධනය ධන වේ.

b. ධන මූලාංක දෝෂය (සෘණ මූලාංක ශෝධනය)

  • ප්‍රධාන පරිමාණයේ ශුන්‍යය සමඟ වෘත්තාකාර පරිමාණයේ ශුන්‍යය සමපාත වීමට පෙර ඉද්ද සහ කිණිහිරය එකට ස්පර්ශ වේ නම් මූලාංක දෝෂය ධන වේ.
  • එවිට ප්‍රධාන පරිමාණයේ ශුන්‍යය සමග සමපාත වන වෘත්තාකාර පරිමාණයේ කොටස් ගණන කියවා ගෙන එය කුඩාම මිනුමෙන් ගුණ කිරීමෙන් දෝෂය ලැබේ.

මූලාංක දෝෂය = වෘත්තාකාර පරිමාණයේ සමපාත කොටස් ගණන x කුඩාම මිනුම

උදා:

දෝෂය = 4 x 0.01 = 0.04mm

මෙම දෝෂය ලැබෙන පාඨාංකයෙන් අඩු කල යුතු ය. එනම් ශෝධනය සෘණ වේ.

උපකරණයේ භාවිත

  1. සිහින් කම්බියක විෂ්කම්භය
  2. තහඩුවක ඝනකම මැනීම

සැ.යු. : යම් මිනුමක් ගැනීමේදී ස්ථාන කිහිපයකින් මැන සාමාන්‍ය ලබා ගැනීම වඩා නිවැරදි වේ.

video links:

Results

#1. මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමානය මගින් කම්බියක විෂ්කම්භය මැනීමේ දී ස්ථාන කිහිපයකින් එකිනෙකට ලම්භක මිනුම් ගෙන ඒවායේ මධ්‍යන්‍ය ගනු ලබන්නේ ,

finish

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.