ප්‍රක්ෂිප්ත චලිතය
සිරස්ව ඉහළට ප්‍රක්ෂේපිත වස්තු වල චලිතය

- මුලින් සිරස්ව ඉහළට ගමන් කර, උපරිම උසේදී ක්ෂණික නිශ්චල වී ආපසු ත්වරණයෙන් වැටේ.
- වස්තුව සමබිමේ පතනය වුවොත්, ඉහළ යාමට ගතවූ කාලය හා ආපසු ඒමට ගතවූ කාලය සමානය.
- එබැවින් ගුවනේ පවතින මුළු කාලය, උපරිම උසට යාමට ගතවූ කාලය මෙන් දෙගුණයකි.
- සමබිමේ පතනය වන වේගය, ප්‍රක්ෂේපනය කළ වේගයට සමානය.
- යාමේදී හා ඒමේදී එකම උසමට්ටම හරහා දෙවරක් ගමන් කරයි. එම අවස්ථා දෙකෙහි වේගවල් සමානය.
තිරස් ප්‍රක්ෂිප්ත ආශ්‍රිත චලිතය

- යම් උසක සිට තිරස්ව u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපනය කළ වස්තුවක් ගනිමු.
- තිරස් චලිතයේදී, සිරස්ව පහළට ක්‍රියා කරන g මඟින් තිරස් චලිතයට බලපෑමක් ඇති නොවේ. එබැවින් ආරම්භයේදී තිරසට ලබාදෙන u ප්‍රවේගය වෙනස් නොවේ.
- තිරස් දිශාවට යෙදිය හැකි එකම සමීකරණය S=ut
පමණි.
- සිරස් චලිතයේදී, සිරස් දිශාවට u = 0 වුවද, g නිසා සිරස් ප්‍රවේග සංරචකය වැඩිවේ.
- සිරස් දිශාවට ඕනෑම චලිත සමීකරණයක් යෙදිය හැක.
ආනත ප්‍රක්ෂිප්ත ආශ්‍රිත චලිතය

- ගුරුත්වය යටතේ තිරසට ආනතව ප්‍රක්ෂේපනය කරන ලද වස්තුවක් පරාවලයික මාර්ගයක ගමන් කරයි.
- මෙම චලිතයේදී වස්තුව මත ක්‍රියා කරන එකම බලය බර පමණි.
- වස්තුව මත සිරස් දිශාවට කිසිඳු බලයක් ක්‍රියාත්මක නොවේ.
- ප්‍රක්ෂිප්ත චලිතයේදී තිරස් චලිතයට අදාළ ප්‍රවේගය වන්නේ ප්‍රක්ෂේපන ප්‍රවේගයේ තිරස් සංරචකයයි. එය සැමවිටම නියතව පවතී.
- සිරස් චලිතයට අදාළ ආරම්භක ප්‍රවේගය වන්නේ ප්‍රක්ෂිප්ත ප්‍රවේගයේ සිරස් සංරචකයයි.
- සිරස් චලිතයේදී ගුරුත්වජ ත්වරණය සැමවිටම සිරස්ව පහළට පවතී.
- එබැවින් වස්තුව ඉහළට ගමන් කිරීමේදී වස්තුවේ සිරස් සංරචකයේ අගය අඩුවේ.
- වස්තුව උපරිම උසට ගමන් කළ පසු සිරස් සංරචකයේ අගය 0 වේ.
- වස්තුවේ තිරස් හා තිරස් චලිත එකිනෙකට ස්වායත්තව සිදුවේ.
- වස්තුවේ තිරස් හා තිරස් චලිත සඳහා ගතවන කාල සමාන වේ.
- ප්‍රක්ෂිප්තයේ කිසියම් ස්ථානයක ප්‍රවේගය එම ස්ථානයේදී වස්තුවේ තිරස් හා සිරස් ප්‍රවේග සංරචකවල සම්ප්‍රයුක්තයෙන් ලැබේ.

- කිසියම් ප්‍රක්ෂිප්ත වේගකට අදාළ උපරිම තිරස් පරාසය ලැබෙනුයේ එය තිරසට (හෝ සිරසට) 45
කෝණයකින් ප්‍රක්ෂේපනය කළ විටය.


- එකම වේගයකින් තිරස සමඟ
සහ සිරස සමඟ
(තිරස සමඟ 90
–
) ආනතව ප්‍රක්ෂේපනය කළ විට සමබිමෙහි තිරස් පරාස සමාන වේ. එහෙත් උපරිම උස හා පියාසර කාල වෙනස් වේ.

පහත රූපයේ,






ගුරුත්වය යටතේ චලිතය

- වස්තුවක් ගුරුත්වය යටතේ ක්‍රියා කරන විට ඒ මත ක්‍රියා කරන එකම බලය, වස්තුවේ බර පමණි.
- ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවෙන ත්වරණය ගුරුත්වජ ත්වරණය නම් වේ.
- ගුරුත්වය යටතේ චලනය වන වස්තුවක ප්‍රවේගය සෑමවිටම සිරස්ව පහළට පවතී.
- වස්තුව පෘථිවි පෘෂ්ඨය දෙසට ගමන් කිරීමේදී ගුරුත්වජ ත්වරණය (+) අගයක් ගන්නා අතර පෘථිවි පෘෂ්ඨයෙන් ඉවතට ගමන් කිරීමේදී (-) අගයක් ගනී.
- ගණනය කිරීම් වලදී ගුරුත්වජ ත්වරණයේ අගය 10 m s-2 වේ.

සුමට ආනත තලයක් දිගේ ලිස්සන වස්තුවක චලිතය


ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.