02.02.02 – සම්ප්‍රයුක්ත ව්‍යූහ

0
510

සම්ප්‍රයුක්තතාවය

කාලයත් සමඟ හඬුනාගත් සමහර රසායනික ප්‍රභේද වල ගුන එක් සරල ලුවිස් ව්‍යූහයකින් පැහැදිලි කළ නොහැකි විය. එම ප්‍රභේදයන්හි ගුණ පැහැදිලි කිරීම සඳහා ස්ථායි ලුවිස් ව්‍යූහ 2 ක් හෝ වැඩි සංඛ්‍යාවක් අවශ්‍යා වනු ඇත.

උදා – O3

හඳුනාගෙන ඇති ආකාරයට O තනි බන්ධනයේ බන්ධන දිග 147pm ද O ද්විත්ව බන්ධනයේ බන්ධන දිග 121pm වේ. O3 හි ලුවිස් ව්‍යූහ වලින් පෙනී යනුයේ එහි O පරමාණු අතර බන්ධන දිගවල් එකක් 147pm හා අනෙක 121pm විය යුතු වන බවයි.

කෙසේ වෙනත් විශ්ලේෂ්ණය තුල හඳුනාගෙන ඇත්තේ O3 හි බන්ධන දිගවල් 2 ම සර්වසම වන අතර 128pm බැඟින් වන බවයි.

O3 හි සැබෑ ව්‍යූහය ඈඳ ඇති ලුවිස් ව්‍යූහ 2ම නොවන බව මෙයින් ගම්‍ය වේ.

මේ ආකාරයට ලුවිස් ව්‍යූහ 2 ක හෝ වැඩි ප්‍රමාණයක සංකලනයකින් කිසියම් රසායනික ප්‍රබේදයක් සතුව ගැබ්ව පවතින ගුණ පැහැදිලි කිරීමේ සංසිද්ධිය සම්ප්‍රයුක්තතාවය ලෙසත්, අදාළ ප්‍රබේදයේ සත්‍ය ව්‍යූහය ගොඩනැංවිමේදී සංකලනය වන වෙනස් ලුවිස් ව්‍යූහ එම ප්‍රබේදයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ලෙසත්, සම්ප්‍රයුක්ත ව්‍යූහ සංකලනය වීමෙන් ගොඩනැගෙතැයි අපේක්ෂිත සෛධ්‍යාන්තික සත්‍ය ව්‍යූහය එම ප්‍රබේදයේ සම්ප්‍රයුක්ත මුහුම ලෙසත් හැඳින්වේ.

 

සම්ප්‍රයුක්ත ව්‍යූහ

සම්ප්‍රයුක්තතාවය පෙන්වන ප්‍රබේදයක සත්‍ය ව්‍යූහය ගොඩනැංවිමේදී සංකලනය වන වෙනස් ලුවිස් ව්‍යූහ එම ප්‍රබේදයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ලෙස හැඳින්වේ.

කිසියම් රසායනික සූත්‍රයකට අදාලව අඳිනු ලබන ලුවිස් ව්‍යූහයක් අදාළ ප්‍රබේදයේ සම්ප්‍රයුක්ත ව්‍යූහයක් බවට පත්වීමට එම ලුවිස් ව්‍යූහය අනෙකුත් සම්ප්‍රයුක්ත ව්‍යූහ සමඟ පහත මූලික අවශ්‍යතා 3 තෘප්ත කර පැවතිය යුතුය.

  • අඳිනු ලබන ලුවිස් ව්‍යූහයක පර්මාණු සැකිල්ල අනෙකුත් සම්ප්‍රයුක්ත ව්‍යූහවල පරමාණු සැකිල්ලට සර්වසම වීම
  • අඳිනු ලබන ලුවිස් ව්‍යූහයේ මුලු අරෝපණය සෙසු සම්ප්‍රයුක්ත ව්‍යූහ වල මුලු ආරෝපණයට සමාන විය යුතුයි.
  • අඳිනු ලබන ලුවිස් ව්‍යූහය සතු මුලු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අනෙකුත් සම්ප්‍රයුක්ත ව්‍යූහවල මුලු ඉලෙක්ට්‍රෝන ප්‍රමානයට සමාන විය යුතුයි.

මෙම අවශ්‍යතා 3 සම්පූර්ණ කරනු ලබන කිසියම් ප්‍රබේදයක් සඳහා වන සම්ප්‍රයුක්ත ව්‍යූහ අතර සැබෑ ව්‍යූහය ගොඩනැංවිමේදී ඒවා සංකලනය වේ යන අදහස ඇතිව දෙපසට යොමුවූ ඊතල («) යොදනු ලැබේ.

සම්ප්‍රයුක්තතාවයේ ලක්ෂණ

  • සම්ප්‍රයුක්ත ව්‍යූහ, ස්වභාවයේ සත්‍ය ලෙස නොපවති. අණු, අයනවල සත්‍ය ස්වභාවය වටහා ගැනිමේ පහසුව තකා අඳින ලද එවාය.
  • එක සමාන සම්ප්‍රයුක්ත ව්‍යූහ ඇතිවිටදී සම්ප්‍රයුක්ත මුහුමේ බන්ධන දිග එක සමාන වේ.

උදා – NO2 හි N-O බන්ධන දිග එක සමාන වීම

  • සම්ප්‍රයුක්ත මුහුමේ ස්ථායිතාවය අනෙකුත් සම්ප්‍රයුක්ත ව්‍යූහ වලට වඩා වැඩිය. එයට සාපේක්ෂව අඩු ශක්තියක් ඇති නිසාය.
  • සමාන සම්ප්‍රයුත්ක ව්‍යූහ සම්ප්‍රයුක්ත මුහුමට සමාන දායකත්වයක් දේ.
  • වඩාම ස්ථායි ව්‍යූහය සම්ප්‍රයුක්ත මුහුමට වැඩිම දායකත්වයක් සපයයි.

විධිමත් ආරෝපණය

  • අණුවක/ බහු පරමාණුක අයනයක ඇති පරමාණුවක් මත පවතින මනඃකල්පිත අරෝපණය වේ.
  • මෙය සලකා බලන්නේ ශක්තිමය වශයෙන් වඩාත් ස්ථායි ලුවිස් ව්‍යූහය සොයා ගැනීමටයි.
  • සාමාන්‍යයෙන් සෑම පරමාණුවක් මතම විධිමත් ආරෝපණය ශූන්‍ය හෝ ශූන්‍යට ආසන්න වේනම් එය ස්ථායි ව්‍යූහයක් ලෙස සැලකේ.

විධිමත් ආරෝපණය = පරමාණුවේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන – (බන්ධන ගණන + එකසර යුගල වල ඉලෙක්ට්‍රෝන ගණන)

  • ලුවිස් ව්‍යූහයක ඇති ප්‍රමාණුවක කාණ්ඩ අංකයට සමාන බන්ධන ගණනක් පවතී නම් එහි විධිමත් ආරෝපණය ශූන්‍ය වේ.
  • අණුවක විධිමත් ආරෝපණ වල එකතුව ශූන්‍ය වේ.
  • බහු පරමාණුක අයනයක්, විධිමත් අරෝපණ වල එකතුව අයනයේ ආරෝපණයට සමාන වේ.

දෙනු ලබන ප්‍රබේදයක් සඳහා සම්ප්‍රයුක්ත ව්‍යූහ ගොඩනැගීම

කේන්ද්‍රගත පරමාණු එකක් පමණක් ඇතිවිට.

සම්ප්‍රයුක්ත ව්‍යූහ ගොඩනැගීමට නියමිත ප්‍රබේදයේ පරමාණු සැකිල්ල පිහිටුවීම.

සම්ප්‍රයුක්ත ව්‍යූහ ගොඩනැගීමට නියමිත ප්‍රබේදයේ මුලු සංයුජතා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නිර්ණය කිරීම. (මුලු සංයුජතා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයෙන් බන්ධන සඳහා සහබාගි වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු කල යුතුය)

මෙම මුලු සංයුජතා  ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අග්‍රස්ථ පරමාණුවල ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස (අෂ්ටකය) ලැබෙන තෙක් ස්ථානගත කිරීම. එවිට ඉලෙක්ට්‍රෝන ඉතිරි වූයේ නම් මධ්‍ය පරමාණුව මත ස්ථානගත කිරීම.

අදාල පරමාණුවල ආරෝපණ සටහන් කිරීම

කේන්ද්‍රගත පරමාණුවෙහි ස්ථායිකරණය පිණිස උචිත පරිදි ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය කරවමින් සම්ප්‍රයුක්ත ව්‍යූහ එකින් එක ගොඩනැගීම. (කේන්ද්‍රගත පරමාණුව 2වන ආවර්තයේ නම් එහි ස්ථායිකරණය ලෙස සැලකෙන්නේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වීම වන අතර 3 වන ආවර්තයේ සිට පහළ ආවර්තවලදී අරෝපණ සටහනෙහි එය මත ප්‍රේරණය වන ආරෝපනය උදාසීන වීමයි.)

  1. CO32- හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

CO32- සඳහා ඇදිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යූහ සියල්ල ඇඳ දක්වන්න.

අභ්‍යාස

2. HCO3හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

HCO3සඳහා ඇදිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යූහ සියල්ල ඇඳ දක්වන්න.

3. NO3හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

NO3සඳහා ඇදිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යූහ සියල්ල ඇඳ දක්වන්න.

4. SO42- හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

SO42- සඳහා ඇදිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යූහ සියල්ල ඇඳ දක්වන්න.

කේන්ද්‍රගත පරමාණු එකකට වඩා ඇති විට වරකට එක් කේන්ද්‍රගත පරමාණුව බැගින් සලකා සම්ප්‍රයුක්ත ව්‍යූහ ගොඩනගමින් ලැබෙන්නාවූ එකිනෙකට වෙනස් සම්ප්‍රයුක්ත ව්‍යූහ සියල්ල අවසානයේදි නිරූපණය කල යුතු වේ.

  1. CH3SCN හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

CH3SCN සඳහා ඇදිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යූහ සියල්ල ඇඳ දක්වන්න.

CH3SCN අණුවේ N පරමාණුව මත හා  N හා S ට බැඳුණු C පරමාණුව කේන්ද්‍රගත පරමාණු ලෙස හඳුනාගත හැක

  • N පරමාණුව කේන්ද්‍රගත පරමාණුව ලෙස සැලකූ විට,
  • N හා S ට බැඳුනු C පරමාණුව කේන්ද්‍රගත පරමාණුව ලෙස සැලකූ විට,
  • කේන්ද්‍රගත පරමාණු දෙකට වෙන වෙනම සම්ප්‍රයුත ව්‍යූහ ඇදි විට මුලු ව්‍යූහ 4 ක් ඇති නමුත් ඉන් 2ක් සර්වසම වීම නිසා එකිනෙකට වෙනස් ව්‍යූහ ඇත්තේ 3 කි.

අභ්‍යාස

2. (CH3)2N2O හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

(CH3)2N2O සඳහා ඇදිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යූහ සියල්ල ඇඳ දක්වන්න

3. [OONO] හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

[OONO]සඳහා ඇදිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යූහ සියල්ල ඇඳ දක්වන්න.

කේන්ද්‍රගත පරමාණු එකක් හෝ කීපයක් පවතින ඕනෑම අවස්ථාවකදී අග්‍රස්ත පරමාණු වල ද ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නොවේ නම් ඒවායේද මධ්‍ය පරමාණුවේ ආකාරයට ස්ථායිකරණය සැලකිය යුතුයි.

4. [CNO3]+ හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

[CNO3]+ සඳහා පැවතිය හැකි සියලුම සම්ප්‍රයුක්ත ව්‍යූහ ගොඩනඟන්න.

සම්ප්‍රයුක්ත ව්‍යූහ 2 ක සාපේක්ෂ ස්ථායිතා සංසන්දනය කිරීම.

දෙනු ලබන ප්‍රබේදයක් සඳහා නිර්මාණය කරන සම්ප්‍රයුක්ත ව්‍යූහවල සාපේක්ෂ ස්ථායිතා සංසන්දනය කිරීමේදී සැලකිල්ලට ගනු ලබන මූලික කරුණු 4 ක් දක්නට ලැබේ.

  • සංඝටක පරමාණු සියල්ලෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ස්ථායි වූ ( අෂ්ටකය සම්පූර්ණ වූ) සම්ප්‍රයුක්ත ව්‍යූහයක ස්ථායිතාව එසේ නොවූ සම්ප්‍රයුක්ත ව්‍යූහයකට සාපේක්ෂව වැඩියි.
  • සංඝටක පරමාණු සියල්ලෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ස්ථායි වූ ( අෂ්ටකය සම්පූර්ණ වූ) සම්ප්‍රයුක්ත ව්‍යූහයක ස්ථායිතාව එසේ නොවූ සම්ප්‍රයුක්ත ව්‍යූහයකට සාපේක්ෂව වැඩියි.
  • සංඝටක පරමාණු සියල්ලෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ස්ථායි වූ ( අෂ්ටකය සම්පූර්ණ වූ) සම්ප්‍රයුක්ත ව්‍යූහයක ස්ථායිතාව එසේ නොවූ සම්ප්‍රයුක්ත ව්‍යූහයකට සාපේක්ෂව වැඩියි.
  • සංඝටක පරමාණු සියල්ලෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ස්ථායි වූ ( අෂ්ටකය සම්පූර්ණ වූ) සම්ප්‍රයුක්ත ව්‍යූහයක ස්ථායිතාව එසේ නොවූ සම්ප්‍රයුක්ත ව්‍යූහයකට සාපේක්ෂව වැඩියි.

කිසියම් දෙනු ලබන ප්‍රබේදයක් සඳහා සම්ප්‍රයුක්ත ව්‍යූහ නිශ්චිත ප්‍රමාණයක් ඇඳීමට කියයි නම් වඩාත් ස්ථායි ව්‍යූහ දැක්වීම යෝග්‍ය වේ.

උදා –

  1. HN3 හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

                        H  –  N  –  N  –  N

HN3 සඳහා සම්ප්‍රයුක්ත ව්‍යූහ ඇඳ ඒවායේ සාපේක්ෂ ස්ථායිතා සංසන්දනය කරන්න.

අභ්‍යාස

2. N2O4 හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

N2O4 සඳහා සම්ප්‍රයුක්ත ව්‍යූහ ඇඳ ඒවායේ සාපේක්ෂ ස්ථායිතා සංසන්දනය කරන්න.

3. H2N-NO2 හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

H2N-NO2 සඳහා සම්ප්‍රයුක්ත ව්‍යූහ ඇඳ ඒවායේ සාපේක්ෂ ස්ථායිතා සංසන්දනය කරන්න.

4. CH3NO2 හි පරමාණු සැකිල්ල පහත දැක්වේ.

CH3NO2 සඳහා සම්ප්‍රයුක්ත ව්‍යූහ ඇඳ ඒවායේ සාපේක්ෂ ස්ථායිතා සංසන්දනය කරන්න.

බන්ධන පෙල

දෙනු ලබන ප්‍රබේදයකට නිර්මාණය කරන සම්ප්‍රයුක්තා ව්‍යූහවල කිසියම් පරමාණු දෙකක් අතර පවතින මුලු බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව සම්ප්‍රයුක්ත ව්‍යූහ ගණනෙන් බෙදූ විට ලැබෙන අගය සැලකූ පරමාණු 2 අතර ගොඩනැගෙන බන්ධනයෙහි බන්ධන පෙල නම් වේ.

දෙනු ලබන ප්‍රබේදයක් සඳහා සම්ප්‍රයුක්ත මුහුම නිර්මාණය කිරීම

දෙනු ලබන ප්‍රබේදයක් සඳහා සම්ප්‍රයුක්ත මුහුම යනු එහි ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යූහ සංකලන වීමෙන් ගොඩනැගෙනැයි අපේක්ෂිත සාරාංශගත තනි ව්‍යූහයයි.

  1. සම්ප්‍රයුක්ත මුහුමක් ගොඩනැගීමේදී සම්ප්‍රයුක්ත ව්‍යූහවල ආකාරයටම පරමාණු සැකිල්ල පිහිටුවා පයි බන්ධන පවතින්නාවූ ස්ථාන කඩ ඉරි වලින් නිරූපණය කරයි.
  2. ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යූහ තුල ඒ ඒ පරමාණුව මත සෑම අවස්තාවකදීම පැවති උපරිම එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන දැක්විය යුතුයි
  3. අවසාන වශයෙන් කිසියම් පරමාණුවක් සියලු ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යූහ තුල දැක්වූ මුලු ආරෝපනය ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යූහ සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය ඒ ඒ පරමාණුව අසලින් නිරූපණය කළ යුතු වේ.

උදා –

  1. CO32-සඳහා සම්ප්‍රයුක්ත ව්‍යූහ ඇද එහි සම්ප්‍රයුක්ත මුහුම නිර්මාණය කරන්න.

අභ්‍යාස

  1. NO3සඳහා සම්ප්‍රයුක්ත ව්‍යූහ ඇද එහි සම්ප්‍රයුක්ත මුහුම නිර්මාණය කරන්න
  2. HCO3සඳහා සම්ප්‍රයුක්ත ව්‍යූහ ඇද එහි සම්ප්‍රයුක්ත මුහුම නිර්මාණය කරන්න

සම්ප්‍රයුක්ත මුහුම් දෙකක ස්ථායිතා සංසන්දනය කිරීම

වැඩි ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යූහ සංඛ්‍යාවක් දායකත්වයෙන් ගොඩනැගෙන සම්ප්‍රයුක්ත මුහුමක ස්ථායිතාවය, අඩු සම්ප්‍රයුක්ත ව්‍යූහ ගණනක දායකත්වයෙන් ගොඩනැගෙන සම්ප්‍රයුක්ත මුහුමක ස්ථායිතාවයට වඩා වැඩි බව සැලකේ.

සම්ප්‍රයුක්තතා ස්ථායිකරණ ශක්තිය

සම්ප්‍රයුක්තතාවය පෙන්වන කිසියම් ප්‍රබේදයක වඩාත්ම ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යූහය සතුව ගැබ්වන ශක්තියෙත්, එම ප්‍රබේදයේ සම්ප්‍රයුක්ත මුහුම සතුව ඇති ශක්තියෙත් ශක්ති වෙනස අදාල ප්‍රබේදය සඳහා වන සම්ප්‍රයුක්තතා ස්ථායිකරණ ශක්තිය ලෙස සැලකේ.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.