අවස්ථිතිය
- බර පැටවූ කරත්තයක් නිශ්චලව ඇති විට චලනය කරවා ගැනීමට වැඩි ආයාසයක් යෙදිය යුතුය. එහෙත් එය චලනය වූ පසු චලිතය ඒකාකාරව පවත්වාගෙන යාමට එතරම් ආයාසයක් යෙදිය යුතු නොවේ.
- චලනය වන කරත්තයේ චලිත ස්වභාවය වෙනස් කරගැනීමට (හැරවීමට හෝ නැවැත්වීමට) නැවත වැඩි ආයාසයක් යෙදිය යුතුය.
- මින් පෙනී යන්නේ නිශ්චලව ඇති වස්තු චලනය වීමටත්, චලනය වන වස්තු වල චලිත ස්වභාවය වෙනස් කරගැනීමටත් අකමැත්තක් දක්වන බවයි.
- මෙම ගුණය අවස්ථිතිය නම් වේ.
ස්කන්ධය හා බර
- ස්කන්ධය යනු වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණයේ මිනුමකි.
- පදාර්ථ ප්‍රමාණය වෙනස් නොවන විට ස්කන්ධය වෙනස් නොවේ.
- එබවින් යම් වස්තුවක් විශ්වයේ ඕනෑම ස්ථානයක තැබූ විට ස්කන්ධය නියතය.
- ස්කන්ධය අවස්ථිතියේ මිනුමක් ලෙසද ගත හැක.
- ස්කන්ධය වැඩි වස්තුවල අවස්ථිතිය වැඩිද, ස්කන්ධය අඩු වස්තු වල අවස්ථිතිය අඩුද වේ.
අවස්ථිති නිර්දේශ රාමු
- නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන පද්ධති අවස්ථිති නිර්දේශ රාමු වේ. ඒවායේ සිට ලබාගන්නා නිරීක්ෂණ නිව්ටන් නියම වලට එකඟ වේ.
- තවද, ත්වරණය හෝ මන්දනය වන පද්ධති අවස්ථිති නොවන නිර්දේශ රාමු වේ. ඒවායේ සිට ලබාගන්නා නිරීක්ෂණ නිව්ටන් නියම වලට එකඟ නොවේ.
ඉහත කරුණු දෙක සළකමු.
තිරස් ඍජු මාර්ගයක රථයක් 40 km h-1 ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරයි. මෙහිදී ප්‍රවේගය ඒකාකාර නිසා රථය මත සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වේ.
පොළොව මත නිශ්චලව සිටින A නිරීක්ෂකයා දකින පරිදි රථය 40 km h-1 ඒකාකාර ප්‍රවේගයෙන් යයි.
රථය යන දිශාවටම 10 km h-1 ඒකාකාර ප්‍රවේගයෙන් යන B නිරීක්ෂකයෙක් දකින පරිදි රථය 30 km h-1 ක ඒකාකාර ප්‍රවේගයකින් යයි. (සාපේක්ෂ ප්‍රවේගය සටහන අවධානයට)
රථය මත සැබවින්ම සම්ප්‍රයුක්ත බලයක් නැති නිසා A හා B ගේ නිරීක්ෂණ නිව්ටන් නියම වලට එකඟය.
නමුත් මෙහිදී රථය පිටුපසින් මන්දනයෙන් පැමිණෙන C නිරීෂකයෙකු දකින පරිදි රථය ත්වරණය වේ.
රථය පිටුපසින් ත්වරණයෙන් පැමිණෙන D නිරීෂකයෙකු දකින පරිදි රථය මන්දනය වේ.
රථය මත සැබවින්ම සම්ප්‍රයුක්ත බලයක් නැති නිසා C හා D ගේ නිරීක්ෂණ නිව්ටන් නියම වලට එකඟ නොවේ.
ආවේගය (I)
බාහිර බලයක් ක්‍රියා කිරීම නිසා වස්තුවක් මත ආවේගයක් ඇතිවේ.

I දෛශිකයකි. එහි දිශාව බලයේ දිශාවමයි.
නිව්ටන්ගේ දෙවන නියමයෙන්, ආවේගය = ගම්‍යතා වෙනස ලෙස ලැබේ.