04.01.02 – උෂ්ණත්වමාන

1
519

උෂ්ණත්වමාන

  • උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගන්නා උපකරණ උෂ්ණත්වමාන ලෙස හැඳින්වේ.
  • කිසියම් ස්ථනයක හෝ වස්තුවක උෂ්ණත්වය ප්‍රමාණාත්මකව මැන ගැනීම සඳහා විද්‍යාත්මකව උෂ්ණත්වමාන නිර්මාණය කර ඇත.
  • මේවායේ ක්‍රියාව පදනම් වී ඇත්තේ යම් යම් ද්‍රව්‍යවල පවතින උෂ්ණත්වය අනුව වෙනස් වන්නා වූ භෞතික ගුණ මතයි.
  • මෙවැනි ගුණ උෂ්ණත්වමිතික ගුණ ලෙස හැඳින්වේ.

උෂ්ණත්වමිතික ගුණයකට අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතු ලක්ෂණ දෙකකි.

  1. උෂ්ණත්වමිතික ගුණයක් උෂ්ණත්වයෙහි ඒක ඵල ශ්‍රිතයක් විය යුතුයි. (එනම් එක් උෂ්ණත්වයක් සඳහා උෂ්ණත්වමිතික ගුණයේ එක් අගයක් පමණක් ලැබිය යුතුයි)
  2. උෂ්ණත්වමිතික ගුණයක් උෂ්ණත්වයෙහි සන්තතික ශ්‍රිතයක් විය යුතුයි.

උෂ්ණත්වමාන සඳහා යොදා ගන්නා භෞතික රාශි සහ ඒවාහි උෂ්ණත්වමිතික ගුණ පහත දැක්වේ.

  1. නියත පීඩනයක පවතින නිශ්චිත ද්‍රව ප්‍රමාණයක පරිමාව
  2. නියත පරිමාවක පවතින නිශ්චිත වායු ස්කන්ධයක පීඩනය
  3. නියත පීඩනයක පවතින නිශ්චිත වායු ස්කන්ධයක පරිමාව
  4. ලෝහ කම්බියක විද්‍යුත් ප්‍රතිරෝධය
  5. තාප විද්‍යුත් යුග්මයක සන්ධි දෙකක් අතර හට ගන්නා විද්‍යුත් විභව අන්තරය
  6. ඉතා ඉහල උෂ්ණත්වයකට රත් කරන ලද වස්තුවකින් නිකුත් කරන තාප විකිරණ වල තීව්‍රතාවය

උෂ්ණත්වමිතික ගුණ ලෙස යොදා ගනු ලබන ද්‍රව්‍යයකට පහත සඳහන් ගුණ පැවතීම ද වැදගත් වේ.

ගුණාංගයවාසි
ද්‍රව්‍යයට වැඩි තාප සන්නායකතාවයක් පැවතීම.එවිට ද්‍රව්‍ය මැන ගත යුතු උෂ්ණත්වයට ඉක්මනින් එළඹේ.
කුඩා උෂ්ණත්ව වෙනසක් සඳහා ද්‍රව්‍යයට අදාළ භෞතික ගුණය විශාල වෙනසක් පෙන්වීම.එවිට එම ද්‍රව්‍යය යොදා තනන උෂ්ණත්වමාන වලට වඩා වැඩි සංවේදීතාවයක් තිබීම.
ද්‍රව්‍යයට අදාල භෞතික ගුණය උෂ්ණත්වය සමග ඒකාකාර ලෙස විචලනය වීම.ඒ අනුව එම ද්‍රව්‍යය යොදා තනනු ලබන උෂ්ණත්වමාන උසස් නිරවද්‍යතාවයකින් යුක්තව පාඨාංක ලබදේ.
ද්‍රව්‍යය අවස්ථා විපර්යාසයකට ලක් නොවී වැඩි පරාසයක පාඨාංක ලබා ගත හැකි වීම.වැඩි උෂ්ණත්ව පරාසයක පාඨාංක ලබා ගත හැකිය.
ද්‍රව්‍යයට අඩු තාප ධාරිතවක් තිබීම.එවිට එම ද්‍රව්‍යය යොදා තනනු ලබන උෂ්ණත්වමානයක් භාවිතා කිරීමේදී මනිනු ලබන පරිසරය හෝ ද්‍රව්‍යය හා උෂ්ණත්වමානය අතර සිදු වන්නේ ඉතා කුඩා තාප හුවමාරුවකි. ඒ අනුව එම ස්ථානයේ හෝ ද්‍රව්‍යයේ මනිනු ලබන උෂ්ණත්වය අතර වෙනස ඉතා කුඩා වේ. එනම් වඩා නිවරැදි පාඨාංක ලබා ගත හැකි වේ.

වීදුරු තුල ද්‍රව උෂ්ණත්වමාන

උෂ්ණත්වය වැඩිවීමේදී නියත පීඩනයක පවතින නිශ්චිත ද්‍රව පරිමාවක සිදුවන ප්‍රසාරණය, වීදුරු තුල ද්‍රව උෂ්ණත්වමානයක භාවිතා වන උෂ්ණත්වමිතික ගුණයයි.

  • මෙවැනි උෂ්ණත්වමානයන් සඳහා සාමාන්‍යයෙන් ද්‍රවය ලෙස යොදා ගනුයේ රසදිය හෝ මද්‍යසාරයි.
  • මෙම ද්‍රවය උෂ්ණත්වමානයේ බල්බයේ ඇති අතර උෂ්ණත්වය මනිනු ලබන ස්ථානයේ මෙම බල්බය තාපගතික ස්පර්ශයක් ලබා දුන් විට උෂ්ණත්වමානය තුල ඇති ද්‍රවය ප්‍රසාරණය වී බඳෙහි ඇති කේශික නලය ඔස්සේ ගමන් කරයි.
  • මෙවිට මෙම ද්‍රව පටලය ස්ථවර වූ විට බඳෙහි ඇති පරිමාණයට අනුව පාඨාංකය ලබා ගනී.
  • විද්‍යාගාරයේදී බහුලව භාවිතා කරනුයේ රසදිය-වීදුරු උෂ්ණත්වමානයයි.

වාසි

  • එක් වරක් ක්‍රමාංකනය කළ පසු නැවත නැවතත් යොදා ගැනීමට හැකිවීම.
  • ප්‍රමාණයෙන් කුඩා නිසා පරිහරණය හා ප්‍රවාහනය පහසු වේ.
  • ඉක්මණින් වෙනස් වන උෂ්ණත්ව බැලීමට යොදා ගත හැක. 

අවාසි

  • පාඨාංක ගන්නා පරාසය අනෙකුත් උෂ්ණත්වමාන හා ගත් විට කුඩා වේ.
  • ඉතාමත් කුඩා වස්තු වල උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගත නොහැක.
  • සම්මත උෂ්ණත්වමානයක් ලෙස යොදා ගත නොහැක. (පාඨාංක වල සුලු දෝෂ තිබිය හැක)

වැදගත් කරුණු:

  • *උෂ්ණත්වමානයක සංවේදීතාවය වැඩි කිරීමට නම් එම උෂ්ණත්වමානය මගින් ඉතා කුඩා උෂ්ණත්ව වලදී ද සැලකිය යුතු ලෙස පාඨාංක වෙනසක් පෙන්විය යුතුයි. එනම් වීදුරු-ද්‍රව උෂ්ණත්වමානයේ බඳෙහි ඇති කේශික නළයෙහි අරය කුඩා විය යුතුයි.
  • උෂ්ණත්වමානයක නිවැරදිතාවය වැඩි වීමට නම් මනිනු ලබන උෂ්ණත්වය හා උෂ්ණත්වමාන පාඨාංකය අතර වෙනස කුඩා විය යුතුයි. එනම් මනිනු ලබන පරිසරයෙන් උරා ගන්නා තාප ප්‍රමාණය කුඩා විය යුතුයි. වීදුරු-ද්‍රව උෂ්ණත්වමානයක නම් බල්බයෙහි ඇති ද්‍රවයහි ප්‍රමාණය (පරිමාව) කුඩා වන විට, බල්බයේ පරිමාව කුඩා වනවිට පරිසරයෙන් උරාගන්නා තාප ප්‍රමාණය කුඩාවේ. එවිට නිවැරදිතාවය වැඩිවේ.

මීට අමතරව බහුලව භාවිතයේ පවතින උෂ්ණත්වමාන කිහිපයක උෂ්ණත්වමිතික ගුණ හා යොදාගත හැකි පරාසයන් පහත දැක්වේ.

               උෂ්ණත්වමානය           උෂ්ණත්වමිතික ගුණයමැනිය හැකි උෂ්ණත්ව පරාසය
වීදුරු තුළ රසදිය උෂ්ණත්වමානයනියත පීඩනයක පවතින ද්‍රව පරිමාවක ප්‍රසාරණය-390C – 3570C
වීදුරු තුළ මද්‍යසාර උෂ්ණත්වමානයනියත පීඩනයක පවතින ද්‍රව පරිමාවක ප්‍රසාරණය-2000C – 780C
නියත පරිමා වායු උෂ්ණත්වමානයනියත පරිමාවක පවතින වයුවක පීඩනය-1830C – 1000C
ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්වමානයප්ලැටිනම් කම්බියක ප්‍රතිරෝධය2000C – 10000C
තාප විද්‍යුත් යුග්මයසන්ධි දෙක අතර පවතින උෂ්ණත්ව අන්තරය නිසා සන්ධි දෙක අතර ජනනය වන විද්‍යුත් විභවය-2500C – 15000C
ත’මිස්ටරයඅර්ධ සන්නායකයක ප්‍රතිරෝධය-700C – 3000C

Results

#1. ද්‍රව - වීදුරු උෂ්ණත්වමානයක් පිළිබඳ ව සිදු කර ඇති පහත ප්‍රකාශ අතුරෙන් අසත්‍ය ප්‍රකාශය වනුයේ,

#2. සුදුසු ලෙස සකස් කරන ලද නියත පරිමා වායු උෂ්ණත්වමානයක බල්බයත් පීඩනමානයත් අතර කේශික නළයක් තිබීමට හේතුව,

#3. උෂ්ණත්වමානයක් සම්බන්ධයෙන් පහත දක්වා ඇති ප්‍රකාශ සලකා බලන්න.

A. රසදිය උෂ්ණත්වමානයක බල්බය විශාල කිරීමෙන් සංවේදීතාව වැඩි කරගත හැකි වුවත්, නිරවද්‍යතාවය අඩුය.
B. කුඩා උෂ්ණත්ව වෙනසකට වුවද පීඩනයේ විචලනය ඉතා විශාල නිසා නියත පරිමා උෂ්ණත්වමානයක සංවේදීතාවය වැඩිය.
C. අනෙකුත් උෂ්ණත්වමාන වලට වඩා තාප විද්‍යුත් යුග්ම උෂ්ණත්වමානයේ තිබෙන විශේෂ වාසියක් වන්නේ එමගින් පමණක් සීඝ්‍රයෙන් වෙනස් වන උෂ්ණත්ව මැනීමට හැකි වීමය.

ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ,

#4. 0°C දී නියත පීඩන වායු උෂ්ණත්වමානයේ පාඨාංකය 24 cm කි. එමගින් 25 cm ක පාඨාංකයක් ලබා දීමට හේතු වන උෂ්ණත්වය වනුයේ,

#5. 0°C දී හා 100°C දී A හා B වීදුරු - රසදිය උෂ්ණත්වමාන දෙකක පාඨාංක පිළිවෙලින් 0°C, 101.2°C හා 0.8°C, 100 °C වේ. මෙම උෂ්ණත්වමානවල සමාන පාඨාංකයක් කියවෙන උෂ්ණත්වය වනුයේ,

finish

අදහස් 1යි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.