04.02.01- පරිපූර්ණ වායු සමීකරණය

0
1824

වායුවක හැසිරීම් කෙරෙහි බලපාන ප්‍රධාන සාධක

  1. වායුවක නිරපේක්ෂ උෂ්ණත්වය(T)
  2. පීඩනය(P)
  3. පරිමාව(V)
  4. ද්‍රව්‍ය ප්‍රමාණය(n)

ඉහත සඳහන් කළ සාධක අතර සම්බන්ධතාවය පහත  ප්‍රකාශනයෙන් පෙන්නුම් කෙරේ

  • මෙය පරිපූර්ණ වායු සමීකරණය හෝ පරිපූර්ණ වායු නියමය ලෙස හැඳින්වෙන අතර R යනු සෑම වායුවට ම පොදු අගයක් ඇති වායු නියතය වේ. දෙන ලද ඕනෑම උෂ්ණත්වයක දී හා පීඩනයක දී ඉහත සම්බන්ධතාවයට අනුකූල ව හැසිරෙන ඕනෑම වායුවක් පරිපූර්ණ වායුවක් ලෙස හඳුන්වයි.
  • මෙම තත්තත්වය යටතේ දී පරිපූර්ණ වායු මවුල එකක්/ 1 mol සඳහා සෙන්ට්‍රිගේඩ් අංශක බිංදුවේ/0°C දී හා වායුගෝල පීඩන එකක්/1 atm යටතේ දී ආර්ය අගය පහත් ආකාරයට ගණනය කළ හැකිය. 0°C දී හා 1 atm ක දී පරිපූර්ණ වායුවක 1 mol පරිමාව 22.414dm3 වේ.

පරිපූර්ණ වායු සමීකරණ යෙහි ඇති විචල්‍ය හතර මගින් ඕනෑම වායු අවස්ථාව එමගින් විස්තර කරන නිසා එය අවස්ථාවක් සමීකරණය ලෙස ද හැඳින්වෙයි.

  • R ඕනෑම පරිපූර්ණ වායුවක් සඳහා යෙදිය හැකි පොදු  නියතයකි. එහි වටිනාකම SI  ඒකකවලින් යොදා ගත යුතුය.

R = 8.134JK-1mol-1 

මෙහි J ඒකකය තුළ Nm අඩංගු වේ.

  • පීඩනය(P) SI  ඒකක ලෙස Nm-2 වලින් ආදේශ කළ යුතුය. වායුගෝල පීඩනය 1 atm නම් එය රසදිය 76cmHg හෝ 760mmHg අගයට සමාන වේ. මෙම පීඩනය අගය SI ඒකක වලින් ප්‍රකාශ කළහොත් 1.01325×105 Nm-2  වේ. පහසුව සඳහා 1.0×105 Nm-2  ලෙස සම්මත කර කරගෙන ඇත.

පරීක්ෂණ වලදී බොහෝ විට භාවිතා වන්නේ cmHg පීඩන මිනුම් යි. එය ගණනය සඳහා පළමුව SI ඒකකයට පරිවර්තනය කළ යුතුය

  • පරිපූර්ණ වායු සමීකරණය ට අදාල පරිමාව SI  ඒකකවලින් එනම් m3 වලින්ම ආදේශ කළ යුතුයි. පරිමා ඒකක අතර පහත  සම්බන්ධතා පවතියි.

1m3 = 1000dm3

  • පරිපූර්ණ වායු සමීකරණය T ට අදාල නිරපේක්ෂ උෂ්ණත්වය හෙවත් තාප ගතික උෂ්ණත්වය  SI ඒකකවලින් ආදේශ කළ යුතුය.

T = C +273

100°C

100°C+273

=373K

  • සමීකරණයේ n යනු අදාළ වායු මවුල සංඛ්‍යාවයි. එහි ඒකකය mol  වෙයි

1.1 නිදසුන

වායු සිලින්ඩරයක 0.950dm3 පරිමාව  වේ.යම් පීඩනයක් යටවේ දී වම් සිලින්ඩරය ද්‍රව ප්‍රොපේන් පිරී ඇත. සිලින්ඩරය හිස් වූ විට වායුව ගෝලිය පීඩනය හා උෂ්ණත්වය  යටවේදී එහි ප්‍රෝපේන් වායුව යම් ප්‍රමාණයක් ඉතිරි වේ.

  1. අවට පරිසර උෂ්ණත්වය සහ පීඩනය 25 C 750 torr (1 torr = 133.52Pa) නම් සිලින්ඩරය හිස්ව ඇතිවිට එහි ඉතිරි වී ඇති වායුවෙන් වායු මවුල ප්‍රමාණය කොපමණ  ද?(අභ්‍යන්තර පීඩනය බාහිර පීඩනයට සමාන විටදී)
  2. සිලින්ඩරවේ ඉතිරි වී ඇති ප්‍රොපේන් වායු ස්කන්ධය  ගණනය කරන්න.
  3. සිලින්ඩරවේ ඉතිරි වී ඇති ප්‍රොප්‍රෙන් වායු ඝනත්වය ගණය කරන්න.

විසඳුම :

01.පළමුව දී ඇති තොරතුරු සමාවලෝචනය කරන්න.

උෂ්ණත්වය,

පීඩනය

පරිමාව

02.ප්‍රොපේන්(C3H8) මවුලික ස්කන්ධය= 44gmol-1

n  නොදන්නා පදය වේ.

03. ප්‍රොපේන්හි  ස්කන්ධය = 0.038mol x 44gmol-1 =1.672g

04.ප්‍රොපේන්හි ඝනත්වය  

අන්තර්ගතය : පරිපූර්ණ වායු නියමය ආශ්‍රිත ගැටලු

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.