04.02.03 – ද්‍රව ප්‍රසාරණය

0
397

ද්‍රව ප්‍රසාරණය

ද්‍රවයක සාකච්ඡා කරනුයේ පරිමා ප්‍රසාරණය පමණි.

ද්‍රවයක පරිමා ප්‍රසාරණය නැවත පරිමාවේ සත්‍ය ප්‍රසාරණය හා පරිමාවේ දෘශ්‍ය ප්‍රසාරණය ලෙස ආකාර දෙකක් යටතේ සාකච්ඡා කරයි.

මෙහිදී සම්පූර්ණ භාජනයට පිරෙන පරිදි ද්‍රවය මුලින් ම අන්තර්ගත කර ඇත.

රත් කිරීමේදී ද්‍රවය පිටතට යයි. බාහිරින් සරලව නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන්නේ වෙනම ගිය පරිමාව ප්‍රසාරණය වූ ප්‍රමාණය ලෙසයි.

නමුත් භාජනය ද යම් ප්‍රමාණයකට ප්‍රසාරණය වී ඇත. එබැවින් සත්‍ය හා දෘශ්‍ය ලෙස ප්‍රසාරණයන් දෙකක් සාකච්ඡා කෙරේ.

සත්‍ය ප්‍රසාරණය

යම් ද්‍රව්‍යයක ඇත්ත වශයෙන් ම සිද්ධ වන්නා වූ ප්‍රසාරණයයි. ද්‍රවයක් නිසා පරිමා ප්‍රසාරණය පමණක් මෙහි දී සාකච්ඡා කෙරේ.

සත්‍ය ප්‍රසාරණතාවය

  • යම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක උෂ්ණත්වය 10C කින් හෝ 1K කින් ඉහළ නැංවීමේ දි එම ද්‍රවයේ පරිමාවේ සිදු වන සත්‍ය වෙනස් වීම එම ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණතාවය යි.

මෙය ද්‍රව්‍ය මත පමණක් රඳා පවතී.

∆V = V2 – V

V2 – V = V γසත්‍ය θ

V2 = V + V γසත්‍යθ

V2 = V (1 + γසත්‍යθ) = අවසාන පරිමාව

දෘශ්‍ය ප්‍රසාරණය

භාජනයට සාපේක්ෂව සිදු වන ප්‍රසාරණයයි.

  • භාජනය හා ද්‍රව්‍ය සමාන ලෙස ප්‍රසාරණය වේ නම් දෘශ්‍ය ප්‍රසාරණය ශුන්‍ය යැයි සැලකේ.

දෘශ්‍ය ප්‍රසාරණතාවය (γදෘශ්‍ය)

  • යම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක උෂ්ණත්වය 10C කින් ඉහළ නැංවීමේ දී පරිමාවේ සිදු වන දෘශ්‍ය වැඩි වීම එම ද්‍රව්‍යයේ දෘශ්‍ය ප්‍රසාරණතාවය යි.

Vදෘශ්‍ය = V  γදෘශ්‍ය θ

සත්‍ය ප්‍රසාරණය  = දෘශ්‍ය ප්‍රසාරණය + භාජනයේ ප්‍රසාරණය

V γසත්‍ය θ = V γදෘශ්‍ය θ+ V 3α θ

γසත්‍ය = γදෘශ්‍ය + 3α

γදෘශ්‍ය = γසත්‍ය -3α

මෙයට අනුව

(1) ද්‍රව්‍ය මත

(2) භාජනය සාදා ඇති ද්‍රව්‍ය මත රඳා පවතී.

ජලයේ අනියම් ප්‍රසාරණය

ජලයේ උෂ්ණත්වය සමඟ පරිමාවේ විචලනය

d = m/v

ජලයේ උෂ්ණත්වය සමඟ ඝනත්වය විචලනය

  • අයිස් රත් වීමේ දී සාමාන්‍ය පරිදි පරිමාව වැඩි වීමක් සිදු වේ. එවිට ඝනත්වය අඩු වීමක් සිදු වේ.
  • අයිස් දිය වී ජලය සැදීමේ දී පරිමාව අඩු වේ. එවිට ඝනත්වය වැඩි වේ.
  • 0oC සිට 4oC දක්වා ජල සාම්පලයක් රත් වීමේ දී පරිමාව වැඩි වීම වෙනුවට පරිමාව අඩු වේ.
  • එයට හේතුව වන්නේ H බන්ධනවල පවතින විශේෂ ලක්ෂණයක් ය. (4oC සිට 0oC දක්වා සංකෝචනය වේ.)
  • 4oC පසුව නැවත සමාන පරිදි ජලය ප්‍රසාරණය වේ.
  • මේ අනුව ජලයට අවම පරිමාවක් ද උපරිම ඝනත්වයක් ද පවතිනුයේ 4oC හී දී ය.
  • සීත සෘතුවල දී ජලය සිසිල් වෙමින් පවතිනුයේ 0 oC දී ය.
  • නමුත් මෙම අනියම් ප්‍රසාරණය නිසා 4 oC ජලය පහළ රැඳීමෙන් සීත සෘතුවේ දී ජලජ ජීවිතය පවත්වා ගත හැකියි.

උෂ්ණත්වමානයේ ක්‍රියාකාරීත්වය

උෂ්ණත්වමානයේ පවතිනුයේ රසදියේ පවතින දෘශ්‍ය ප්‍රසාරණයයි.

එනම් බල්බයට සාපේක්ෂව රසදියේ සිදු වු ප්‍රසාරණයයි.

V = V γදෘශ්‍ය θ

Ah = ∆V = V (γසත්‍ය -3α) θ

  • සංවේදීතාවය යනු උෂ්ණත්වය 10C කින් ඉහළ නැංවූ විට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාණයයි.

සංවේදීතාවය වැඩි වීමට,

  • A අඩු විය යුතුයි.
  • V වැඩි විය යුතු යි.
  • ද්‍රවයේ ප්‍රසාරණය වැඩි විය යුතුයි.

වීදුරුවේ ප්‍රසාරණය හැකිතාක් අඩුවිය යුතුයි.

Results

#1. ඝන ලෝහ ගෝලයක් රත් කළවිට වැඩිම ප්‍රතිශතයකින් වැඩිවන්නේ එහි,

#2. 20°C දී ක්‍රමාංකනය කර ඇති ලෝහමය පරිමාණයකින් තඹ දණ්ඩක දිග L cm ලෙස එම උෂ්ණත්වයේදී ම මැනගනී. පරිමාණය සාදා ඇති ලෝහයේ සහ තඹවල රේඛීය ප්‍රසාරණ සංගුණක පිළිවෙලින් αs හා αc නම් 21°C උෂ්ණත්වයේදී පරිමාණ කියවීම cm වලින් කවරේද?

#3. විශ්කම්භය D වූ ලෝහ ගෝලයක හරි මැද විෂ්කම්භය d වූ කුහරයක් ඇත.ගෝලය රත් කලවිට කුහරයේ විෂ්කම්භය,

#4. ලෝහ බඳුනක් සම්පූර්ණයෙන්ම ද්‍රවයකින් පිරී ඇත. බඳුන තනා ඇති ලෝහයේ රේඛීය ප්‍රසාරණ සංගුණකය 2.0×10-6°C-1 ද ද්‍රවයේ සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය 6.0×10-6°C-1 වේ. ද්‍රවය සහිත බඳුන රත්කිරීමේදී,

#5. සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය γ වූ ද්‍රවයක ඝනත්වය 0°C හිදී ρ වේ. මෙම ද්‍රවය T උෂ්ණත්වයකට රත් කලවිට ද්‍රවයේ ඝනත්වයේ සිදුවන වෙනස,

#6. 0°C හිදී සිලින්ඩරාකාර ලී කුට්ටියක් එහි පරිමාවෙන් 80% ක් ද්‍රවය තුළ ගිලී පවතින සේ සිරස්ව පාවේ. ද්‍රවයේ උෂ්ණත්වය 62.5°C දක්වා ඉහළ නැංවූ විට ලී කුට්ටිය ද්‍රවය තුළ සම්පූර්ණයෙන් ගිලේ. ද්‍රවයේ සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය වන්නේ,

finish

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.