04.03.00 – වායු පිළිබඳ චාලක අණුක වාදය

0
5411

උපකල්පන

  1. වායු අණු අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල ක්‍රියාත්මක නොවේ
  2. වායු අණු සියලු දිශා වලට විවිධ වේග වලින් සරල රේඛීය  අහඹු චලිතයක යෙදෙමින්  වායු අණු අහඹු චලිතයේ යෙදීමේදී වායුව අන්තර්ගත භාජනයේ බිත්ති සමග ගැටීමේදී වායු පීඩනය ඇතිවේ.තවද වායු අණු අනු අතරත්,  වායු අණු සහ අඩංගු භාජනයේ බිත්ති අතරත් ඇතිවන සියලුම ගැටීම් පූර්ණ වශයෙන් ප්‍රත්‍යස්ථ වේ.  එනම් ගැටුම්වලදී චාලක ශක්තිය හානියක් සිදු නොවේ.
  3. වායු අණු අතර දුර සමඟ සැසඳීමේ දී වායු අණු වල පරිමාව නොසැලකිය හැකි තරම් කුඩා වේ. එනම් වායු අණු ලක්ෂීය ස්කන්ධ ලෙස හැසිරෙයි.
  4. වායු අණු වලට විභව ශක්තියක් නැත ඇත්තේ චාලක ශක්තියක් පමණයි.
  5. වායු අණු වල වල මධ්‍යන චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වන අතර එය වායුවේ ස්වභාවයෙන් ස්වායත්ත වේ.

චාලක අණුක වාදය සමීකරණය

වායුවක මධ්‍යන චාලක ශක්තිය

නමුත්

චාලක අණුක වාදය හා වේග විශ්ලේෂණය

වර්ග මධ්‍යන්‍ය මූල වේගය සහ මධ්‍යන්‍ය වේගය

මෙම සමීකරණයෙන් තහවුරු වනුයේ යම් කිසිවක් සාම්පලයක වර්ග මධ්‍යන්‍ය මූල වේගය එම වායු සාම්පලයේ නිරපේක්ෂ උෂ්ණත්වය වර්ගමූලයට අනුලෝමව සමානුපාතික වන අතර මවුලික ස්කන්ධ එහි වර්ගමූලයට ප්‍රතිලෝමව සමානුපාතික වන බවයි.

උෂ්ණත්ව දෙකක පවතින එකම වායුවක වර්ග මධ්‍යන්‍ය මූල වේගය සංසන්දනය

එකම උෂ්ණත්වය වන වෙනස් වායු දෙකක වායු සාම්පලවල වර්ග මධ්‍යන්‍ය මූල වේග සංසන්දනය

චාලක අණුක වාදය සමීකරණය මගින් පහත දැක්වෙන පරිදි  සාධනය කළ හැක.

මෙම සමීකරණය දෙකෙන් බෙදා දෙකෙන් ගුණ කිරීමෙන් නැවත ප්‍රතිසංවිධානය කළ හැක

මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය

වායු සාම්පල් එක වේගය විශාල පරාසයක් පුරා ව්‍යාප්ත වන නිසා තනි පරාමිති එකෙන් වේගය නිරූපණය කිරීම වෙනුවට වේග ව්‍යාප්ති වක්‍රයක් ගොඩනැගීම වඩා ඵලදායි බව මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් අදහස් කරන ලදී.වැඩි අනු සංඛ්‍යාවක් සතුව පවතින වේගය උපරිම සසම්භාවි වේගය ලෙස හඳුන්වයි.

එකම වායුවක වෙනස්  උෂ්ණත්ව දෙකකදී වේග ව්‍යාප්ති වක්‍ර

උෂ්ණත්වය වැඩිවත්ම උපරිම සම්භාවිතා වේගය වැඩි වන නමුත් උපරිම සම්භාවිතා වේගය අයත් කරගෙන ඇති අණු භාගය අඩු වේ.

 මෙසේ වීමට හේතුව වේග වියාප්ති වක්‍රය හා X  අක්ෂය අතර වර්ගඵලයෙන් සාම්පලය තුල අන්තර්ගත වන වායු අණු සංඛ්‍යාව නිරූපණය වන බැවින් උෂ්ණත්වය වෙනස් වුවද එය නොවෙනස්ව පැවතිය යුතු නිසාය.

එකම උෂ්ණත්වය වන මවුලික ස්කන්ධය වෙනස් වායු සාම්පල දෙකක වේග ව්‍යාප්ති වක්‍ර

 අණුක භාරය වැඩි පත්ම උපරිම සම්භාවිතා වේගය අඩු වන අතර උපරිම සම්භාවිතා වේගය අයත් කරගෙන ඇති අණු භාගය වැඩි වීම සිදුවනු ඇත.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.