09.03.00 – කාබොක්සිලික් අම්ල, එස්ටර, අම්ල හේලයිඩ හා ඒමයිඩ

0
324

කාබොක්සිලික් අම්ල

කාබොක්සිලික් අම්ලවල ක්‍රියාකාරී කාණ්ඩය කාබොක්සිල් කාණ්ඩයයි.

සාපේක්ෂව සමාන සාපේක්ෂ අණුක ස්කන්ධය ඇති ඇල්ඩිහයිඩ කීටෝන වලට වඩා කාබොක්සිලික් අම්ලවල තාපාංක ඉහළ වේ .

එය ද්වී අවයවීකරණය වී තිබීම ද තාපාංකය වැඩි වීමට හේතුවකි.

කාබොක්සිලික් අම්ලවල ප්‍රතික්‍රියා.

  1. O-H බන්ධනය බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා,

කාබොක්සිලික් අම්ල පමණක් NaHCO3 හෝ Na2CO3 සමඟ ප්‍රතික්‍රියා කරයි. මද්‍යසාර හෝ ෆීනෝල් එසේ ප්‍රතික්‍රියා නොකරයි.

කාබොක්සිලික් අම්ල ජලීය ද්‍රාවණයකදී පහත සමතුලිතතාවයට එළඹේ .

         කාබොක්සිලේට් ඇනායනය ෆීනේට් ඇනායනයට වඩා ස්ථායි වේ.

  1. C-O බන්ධනය බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා

a. අම්ල හේලයිඩ සෑදීම (PCl3, PCl5,SOCl3 මගින් )

b. LiAlH4 මගින් ඔක්සිහරණය 

NaBH4 මගින් කාබොක්සිලික් අම්ල  ඔක්සිහරණය නොවෙයි

c.කාබොක්සිලික් අම්ල ඇල්කොහොල් සමග එස්ටර  සෑදීම

මෙය නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් වන අතර නියුක්ලියෝෆයිලය මධ්‍යසාරයයි.

  • නයිට්‍රයිල් සංයෝගයකට HCl වැනි අම්ලයක් දමා රත් කලවිට කාබොක්සිලික් අම්ලයක් ලබාගත හැක.

කාබොක්සිලික් අම්ලවල භෞතික ගුණ

1.භෞතික ස්වභාවය

ඇලිපැටික අම්ල අවර්ණ ද්‍රව ලෙසද බෙන්සොයික් අම්ලය ඇතුළු ඇරොමැටික අම්ල සුදු ඝනයන් ලෙසද පවතී.

2.ජල ද්‍රාව්‍යතාව

 අම්ල වල -OH කාණ්ඩය ධ්‍රැවීකරණය  වී පවතී. ධ්‍රැවීය ද්‍රාවකයක් වන ජලයට දැමූ විට H බන්ධන සාදන බැවින් සරල කාබොක්සලික් අම්ල ජලයේ දියවේ. සපේක්ෂ අණුක ස්කන්ධය වැඩිවීම සමග ද්‍රාව්‍යතාව අඩු වේ.බෙන්සොයික් අම්ලය ජලයේ අද්‍රාව්‍ය සුදු අවක්ෂේපයකි

3.තාපාංක

 කාබොක්සිලික් අම්ලවල අණු අතර H බන්ධන පවතින නිසා ඒවායේ තාපංක ඉහළ යයි.

        ඇල්කොහොල් සමග සැසදූ විට,

අම්ලවල  කාබොනයිල්  කාණ්ඩය ධ්‍රැවීකරණය වී පවතින නිසා කාබන් වල ඉලෙක්ට්‍රෝනවල ඌනතාවය නැතිකිරීමට C-O  බන්ධනය ඉලෙක්ට්‍රෝන කාබන් දෙසට නැඹුරු වන බැවින් එහි  O-H බන්ධනයේ ප්‍රබලතාවය ROH හි O-H බන්ධනයේ ප්‍රබලතාවයට වඩා වැඩිය. එමනිසා ROH ට වඩා RCOOH වල අණු අතර  බන්ධන ප්‍රබලතාවය වැඩිවේ.  ROH ට වඩා ROOH හි තාපංකය වැඩිය.

  • ෆෝමික් අම්ලයේ විශේෂ ගුණ

වෙනත් අම්ල මෙන් නොව  මෙහි ඇල්ඩිහයිඩ් කාන්ඩයක් ඇති නිසා  එය පහත ගුණ දක්වයි.

1.ටොලන්ස් ප්‍රතිකාරකය සමග රිදී කැඩපත ලබා දේ.

2.ෆේලිං  ද්‍රාවණය සමග ගඩොල් රතු අවක්ශේපයක් ලබා දේ.

3.H+/KMnO4 මගින් ඔක්සිකරණය වී CO2 හා H2O ලබා දේ.

අම්ල ව්‍යුත්පන්න  

1. අම්ල ක්ලෝරයිඩ

        RCOOHහි  -OH කාණැඩය වෙනුවට Cl  පරමාණුවක් බැදුණු විට ලැබෙන සංයෝගය අම්ල ක්ලෝරයිඩයකි

  • අම්ල ක්ලෝරයිඩ පිළියෙල කිරීම
  • අම්ල ක්ලෝරයිඩ වල ප්‍රතික්‍රියා

1.ජලීය NaOH සමග

අම්ල ක්ලෝරයිඩයකට NaOH  භෂ්මය දැමූ විට අම්ලයේ සෝඩියම් ලවණය ලැබේ. පසුව එයට තනුක අම්ලයක් දැමූවිට RCOOH ලැබේ.

NaOH මගින් ලැබෙන OH මගින් අම්ල ක්ලෝරයිඩයේ කාබොනයිල් කාබන්ට නියුක්ලියෝෆිලික ප්‍රහාරයක් එල්ල කරයි. එවිට C=O හි π බන්ධනය O දෙසට බිදේ. OH අයනය කාබන්ට බැදී පසුව O  මත ඇති එකසර යුගලක් මගින් නැවත C=O සැදෙන අතර C-Cl බිදී Cl ඉවත් වේ. එවිට RCOOH  ඇති වූවත් මාධ්‍යය භාෂ්මික නිසා අම්ලයේ සෝඩියම් ලවණය ඇතිවේ මෙය නියුක්ලියෝෆිලික ආදේශ යාන්ත්‍රණයකි.


2.ජලය සමග


අම්ල ක්ලෝරයිඩයකට ජලය දැමීමෙන් ජල විච්ඡෙදනය වී කාබොක්සිලික් අම්ල සෑදේ.

                       මෙය නියුක්ලියෝෆිලික ආදේශයක් සමග ඉවත්වීමේ යාන්ත්‍රණයකි


 3.ඇල්කොහොල සමග

               අම්ල ක්ලෝරයිඩය ඇල්කොහොලයක් සමග ප්‍රතික්‍රියා කර HCl අණුවක් ඉවත් වී එස්ටරය සෑදේ.


 4.ෆීනෝල් සමග

ෆීනෝල් අම්ල ක්ලෝරායිඩ සමග ප්‍රතික්‍රියකාර ෆීනෝල්හි O පරමාණුවට ඇසිල් කාන්ඩය බැදී ඇරොමැටික එස්ටරයක් ලැබේ.


5.NH3 සමග

RCOCl හා NH3 යන අණු දෙක අතරින් HCl  අණුවක් ඉවත්වී ඒමයිඩය ලැබේ

6.ප්‍රාථමික ඇමීන සමග

R-NH2 ආකරයේ සංයෝග ප්‍රාථමික ඇමීන නම් වේ.

අම්ල ක්ලෝරයිඩයක් ප්‍රාථමික ඇමීනයක් සමග ප්‍රතික්‍රියා කල විට HCl අණුවක් ඉවත්වී N-ඇල්කිල් ඒමයිඩ ඇතිවේ.

7. ග්‍රිනාඩ් ප්‍රතිකාරක සමග

අම්ල ක්ලෝරයිඩයකට වැඩිපුර ග්‍රිනාඩ් ප්‍රතිකාරකය දමා ජල විච්චේදනය කල විට නියුක්ලියෝෆිලික ආකලනයක් සිදුවී තෘතීක ඇල්කොහොලයක් ලැබේ.

2. එස්ටර

  • එස්ටර පිළියෙල කිරීම


1. කාබොක්සිලික් අම්ල ඇල්කොහොල් සමග එස්ටර  සෑදීම

  • එස්ටර වල ප්‍රතික්‍රියා

1.ආම්ලික ජල විච්චේදනය

එස්ටරයකට තනුක අම්ලයක් දමා රත් කල විට C-O  ජල විච්චේදනයෙන් R-COOH  හා ROH  සෑදෙන නමුත් මාධ්‍යයේ අම්ල උත්ප්‍රේරකය ඇති නිසා නැවත ඒවා ප්‍රතික්‍රියා කර එස්ටරය සාදයි.ඒමනිසා එස්ටරයක් සෑදී සංඝටක දෙකකට වෙන්කිරීමට ආම්ලික ජල විච්චේදනය සුදුසු නැත.


2.භාෂ්මික ජල විච්චේදනය

එස්ටරයකට තනුක භෂ්මයක් දමා රත්කල විට පෙර පරිදිම C-O  ජල විච්චේදනයෙන් ROH සහ RCOOH ලබා දුන්නද මාධ්‍යය භාෂ්මික නිසා එම  එහි ලවණය බවට පත්වේ. දැන් ඇල්කොහොලය සහ අම්ලයේ ලවණය වෙන්කරගෙන ලවණයට තනුක HCl දැමීමෙන් RCOOH ලබාගත හැක.එනම් එස්ටරය සෑදී තිබූ සංඝටක දෙක වෙන වෙනම ලබා ගත හැක.


3.ඔක්සිහරණය

එස්ටරයකට LiAlH4/H3O+  දැමූ විට පළමුවෙන් ජල විච්චේදනය වී ROH සහRCOOH සෑදෙන නමුත් LiAlH4 ඇති නිසා එම ප්‍රාථමික ඇල්කොහොලයක් බවට ඔක්සිහරනය වේ.එමනිසා ඇල්කොහොල් දෙකක මිශ්‍රණයක් ලැබේ.

4.ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සමග

එස්ටරයකට වැඩිපුර ග්‍රිනාඩ් ප්‍රතිකාරකය දමා ජල විච්චේදනය කල විට තෘතීක ඇල්කොහොලයක් සහ තවත් ඇල්කොහොලයක් ලැබේ.

3. ඒමයිඩ

  • ඒමයිඩ පිළියෙල කිරීම

 අම්ල ක්ලෝරයිඩයක් NH3 සමග ප්‍රතික්‍රියාකල විට HCl අණුවක් ඉවත්කිරීමෙන් ඒමයිඩ සෑදේ.මෙය නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රයාවකි.

  • ඒමයිඩ වල භාෂ්මිකතාව

ඇමීන යනු භාෂ්මික සංයෝග වර්ගයකි ඒවා භෂ්ම ලෙස හැසිරෙන්නේ N මත ඇති එකසර එලෙක්ට්‍රෝන යුගල ප්‍රෙටෝනයකට දෙමින් එම ප්‍රෙටෝනය ලබා ගැනීම මගිනි. . නමුත් ඒමයිඩ වලදී N මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල ඊට ආසන්නව ඇති කාබොනයිල් කාබන් දෙසට විස්ථානගතවෙමින් සම්ප්‍රයුක්ත ව්‍යුහ සාදයි.

මේ නිසා ඒමයිඩ වල භාෂ්මිකතාවය ඇමීන වලට වඩා අඩුය.

  • ඒමයිඩ වල ප්‍රතික්‍රියා


1.NaOH(aq)  සමග රත් කිරිම

ඕනෑම ඒමයිඩයකට ජලීය NaOH  දමා රත්කල විට නෙස්ලර් ප්‍රතිකාරකයේ ගිල්වූ පෙරහන්පතක් දුඹුරු පැහැ ගන්වන NH3 පිටවී අම්ලයේ සෝඩියම් ලවණය ලැබේ. මෙයට තනුක අම්ලයක් දැමූ විට කාබොක්සිලික් අම්ලය ලැබේ.මෙය වෙනත් සංයෝග වලින්  ඒමයිඩ වෙන්කර හදුනාගැනීමට යොදාගනී.


2.ඔක්සිහරණය

ඒමයිඩ LiAlH4/H3O+ යන ඔක්සිකාරකය මගින් පමණක් ඔක්සිහරණය වී කාබොනයිල් කාබන් කාණ්ඩය CH2 බවට පත්වී ප්‍රාථමික ඇමීනය ලැබේ.


3.විජලකරණය

ඒමයිඩයක් විජලකාරකයක් වන P2O5 සමග රත් කල විට ජලය අණුවක් ඉවත්වී CN කාණ්ඩයක් සෑදේ.(නයිට්‍රයිල්)

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.