10.01.00 – ඇමීන , ඇනිලීන් , බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ්

0
350

ඇමීන

  • ඇමෝනියාහි H පරමාණුවක් ඉවත් වී ඒ වෙනුවට ඇල්කිල් කාණ්ඩ එකතුවීමෙන් ඇමීන සෑදේ.
  • ඇමීන ප්‍රධාන වර්ග කීපයකි.

මෙහි R යනු ඇල්කිල් කාණඩ වේ

a. ඇමීන වල භෞතික ලක්ෂණ

  • N-H බන්ධනයේ විද්‍යුත් සෘණතා වෙනස හේතුවෙන් ධ්‍රැවීය වේ. එම නිසා ඇමීන අණු අණු අතර හයිඩ්‍රජන් බන්ධන පවතී. එම H බන්ධන ද්වීධ්‍රැව- ද්වීධ්‍රැව ආකර්ශන බල වලට වඩා ප්‍රබල වේ.
  • එම නිසා ඇමීන වල තාපාංකය සමාන අණුක ස්කන්ධය ඇති ඇල්ඩිහයිඩ , කීටෝන වල තාපාංකයට වඩා වැඩිවේ.
  • O පරමාණුව N  පරමාණුවට වඩා විද්‍යුත් සෘණ වේ.

ஃ O-H බන්ධනයේ ධ්‍රැවීයතාවය  > O-N බන්ධනයේ ධ්‍රැවීයතාවය  

මේ නිසා අණුක ස්කන්ධ සමාන ඇමීනයක් හා මධ්‍යසාරයක් සලකන විට මධ්‍යසාර අණු අතර  හයිඩ්‍රජන් බන්ධනය වඩා ප්‍රබල වේ.

  • එම නිසා අණුක ස්කන්ධය සමාන ඇමීනයක තාපාංකය මධ්‍යසාරයකට වඩා අඩු වේ.
  • ඇමීන ජලය සමඟද  හයිඩ්‍රජන් බන්ධන සාදන බැවින් අණුක බාරය අඩු ඇමීන ඉතා පහසුවෙන් ජලය තුළ ද්‍රාව්‍ය වේ. අණුක බාරය වැඩි වන විට ජල ද්‍රාව්‍යතාව ක්‍රමයෙන් අඩු වේ.

b. ඇමීන වල භාෂ්මික ප්‍රබලතාව සන්සන්දනය කිරීම.

  • H+ අයන හෙවත්  ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කිරීමේ (ලබා ගැනීමේ) හැකියාව  භාෂ්මික ලක්ෂණය ලෙස හැදින්වේ
  • N මත ඉලෙක්ට්‍රෝන ගණත්වය වැඩි වන විට එකසර යුගලය ප්‍රදානය කිරීමේ හැකියාව වැඩිවේ.
  • N ට සම්බන්ධ ඇල්කිල් කාණ්ඩ ගණන වැඩි වන විට N මත ඉලෙක්ට්‍රෝන ගණත්වය වැඩිවේ. එකසර යුගලය ප්‍රදානය කිරීමේ හැකියාව වැඩිවේ.
  • මේ නිසා ප්‍රාථමික , ද්වීතියික හා තෘතියික යන සියලුම ඇමීන වල භාෂ්මික ප්‍රබලතාවය ඇමෝනියාදීට වඩා වැඩිවේ.
  • ඇල්කිල් කාණ්ඩ මඟින් ඇති කරනු ලබන ත්‍රිමාන අවහිරතාවය හේතුවෙන් එකසර යුගලය ලබා ගැනීම සඳහා H+ අයනයකට N පරමාණුව වෙත ළඟා වීමට ඇති හැකියාව අඩුවේ. මේ නිසා N ට සම්බන්ධ ඇල්කිල් කාණ්ඩ ගණන වැඩි වන විට N මත  ඉලෙක්ට්‍රෝන ගණත්වය වැඩි වුවද ත්‍රිමාන අවහිරතාවය වැඩි වන බැවින් තෘතීයික ඇමීන වල භාෂ්මික ප්‍රබලතාවය ප්‍රාථමික ඇමීන වලටත් වඩා අඩුවේ.
  • මේ අනුව ඇමීන වල භාෂ්මික ප්‍රබලතාවය පහත අනුපිළිවෙළට වේ.

c. ඇමීන පිළියෙළ කිරීම.

  1. ඇල්කිල් හේලයිඩ මඟින්

ඇල්කිල් හේලයිඩක් සාන්ද්‍ර ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියා කරවූ විට ප්‍රාථමික ඇමීනයක් සෑදේ.

  1. නයිට්‍රයිල් සංයෝග මඟින්

නයිට්‍රයිල් සංයෝගයන් LiAlH4 සමඟ ප්‍රතික්‍රියා කරවූ විට CN කාණ්ඩය හයිඩ්‍රජනීකරණය වෙමින් ප්‍රාථමික ඇමීනයක් සෑදේ.

  1. ඇමයිඩ මඟින්

ඇමයිඩක් LiAlH4 සමඟ ප්‍රතික්‍රියා කරවූ විට ප්‍රාථමික ඇමීනයක් සෑදේ.

d. ප්‍රාථමික ඇමීන වල ප්‍රතීක්‍රියා

  1. නයිට්‍රස් අම්ලය සමඟ  (HNO2)

ප්‍රාථමික ඇමීනය සමඟ කුමන උෂ්ණත්වයක් යටතේ ප්‍රතික්‍රියා කලද වායුව විස්ථාපනය කරමින් ප්‍රතිඵලය ලෙස මධ්‍යසාරයක් සාදයි

  • HNO2  අසථායි අම්ලයක් වන බැවින් එය සාදාගනු ලබන්නේ  NaNO2  , HCl  සමඟ ප්‍රතික්‍රියා කරවීමෙනි.
  1. ඇල්කිල් හේලයිඩ සමඟ

ප්‍රාථමික ඇමීනයක්  ඇල්කිල් හේලයිඩක් සමඟ ප්‍රතික්‍රියා කරවූ විට හයිඩ්‍රජන් හේලයිඩයක් ඉවත්වී ද්වීතියික ඇමීනයක් සාදයි.

  1. ඇල්ඩිහයිඩ සහ කීටෝන සමඟ

ප්‍රාථමික ඇමීනයක් ඇල්ඩිහයිඩයක් සහ කීටෝනයක් සමඟ ප්‍රතික්‍රියා කරවූ විට  H2O අණුවක් ඉවත්වී ඉමයින ලෙස හඳුන්වන සංයෝගයක් සාදයි.

  1. අම්ල ක්ලෝරයිඩ සමඟ

ප්‍රාථමික ඇමීන අම්ල ක්ලෝරයිඩ සමඟ ප්‍රතික්‍රියා කරමින් HCl අණුවක් ඉවත් කර ඇමයිඩ ව්‍යුත්පන්න සාදයි.

  1. අම්ල සහ භෂ්ම සමඟ

ඇමීන භෂ්ම සමඟ ප්‍රතික්‍රියා නොකරන අතර අම්ල සමඟ ඇමීනයට අදාළ ඇමෝනියම් ලවණය සාදයි.

ඇනිලීන්

  • ඇමෝනියාහි H පරමාණුවක් ඉවත් වී ඒ වෙනුවට බෙනසීන් න්‍යෂ්ටියක් ආදේශ වෙමින් සෑදෙන ඇරොමෑටික ව්‍යූහය ඇනිලීන් වේ.
  • කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් වන අතර ජලය සමඟ සම්පූරණයෙන් අමිශ්‍ර වේ.

a. ඇනිලීන්හි භාෂ්මික ප්‍රබලතාව සන්සන්දනය කිරීම

N මත පවතින එකසර යුගලය බෙන්සීන් න්‍යෂ්ටිය සමඟ ප්‍රතික්‍රියා කර පහත පරිදි සම්ප්‍රයුක්ත ව්‍යූහ සාදයි.

  • ඉහත සම්ප්‍රයුක්ත ව්‍යූහ වලට අනුව N මත ධන ආරෝපණයක් පවතී. එම නිසා ඇනිලීන් ඇමෝනියා වලටත් වඩා දුබල වශයෙන් භාෂ්මික වේ.
  • ඇමයිඩයකදී N මත පවතින එකසර යුගල කාබොනිල් කාබන් සමඟ අන්තර් ක්‍රියා කරයි. ඇනිලීන්හිදී N මත පවතින එකසර යුගල බෙනසීන් සමඟ අන්තර් ක්‍රියා කරයි. කාබොනිල් කාබන්හි ඉලෙක්ටෝන ගණත්වය බෙන්සීන්ට වඩා අඩුවේ.
  • එම නිසා භාෂ්මික ප්‍රබලතාවය පහත පරිදි වැඩිවේ.

b. ඇනිලීන් පිළියෙළ කිරීම.

  • ඇනිලීන් නිපදවීම සඳහා ආරම්භක සංයෝගය ලෙස නයිට්‍රොබෙන්සීන් භාවිතා කෙරේ.
  • පළමුව අයන් (Fe) හෝ ටින් (Sn) වැනි ලෝහයක් ඇතිවිට සාන්ද්‍ර HCl සමඟ ප්‍රතික්‍රියා කරවයි.  එවිට සෑදෙන ඇනිලීන් වලට භාෂ්මික ලක්ෂණ පවතී. තවදුරටත් HCl සමඟ ප්‍රතික්‍රියා කරවයි.
  • එවිට සෑදෙන ඇනිලීන්හි ඇමෝනියම් ක්ලෝරයිඩයට ජලීය NaOH එකතු කළ විට ඇනිලීන් නිදහස් වේ.

c. ඇනිලීන්හි ප්‍රතික්‍රියා

ඇනිලීන් ඇරොමැටික ප්‍රාථමික ඇමීනයක් වන බැවින් ඇමීනයකට ලාක්ෂණික ප්‍රතික්‍රියා සියල්ල ඇනිලීන්ද දක්වයි.

  1. නයිට්‍රස් අම්ලය සමඟ

ඇනිලීන් HNO2 සමඟ 5 0C ක් පමණ උෂ්ණත්වයේදී බෙන්සීන් ඩයසෝනියම් ලවණය සාදන අතර 10 0C   ක පමණ උෂ්ණත්වයේදී ප්‍රතිඵලය ලෙස ෆීනෝල් සාදයි.

  • ඇරොමැටික ඩයසෝනියම් ලවණ බෙන්සීන් සමඟ සම්ප්‍රයුක්ත ව්‍යූහ සාදමින් අඩු උෂ්ණත්වවලදී ස්ථායි වන අතර ඇලිෆැටික  ඩයසෝනියම් ලවණ කිසිම උෂ්ණත්වයකදී ස්ථායී නොවේ.
  1. ඇල්කිල් හේලයිඩ සමඟ

මෙහිදී හයිඩ්‍රජන් හේලයිඩ අණුවක් වෙන්ව යමින් ඇරොමැටික ද්වීතියික ඇමීනයක් ප්‍රතිඵලයක් ලෙස සාදයි.   

  1. ඇල්ඩිහයිඩ සහ කීටෝන සමඟ

ඇනිලීන් ඇල්ඩිහයිඩ සහ කීටෝන සමඟ ජල අණුවක් ඉවත් කරමින් ඉමයින සංයෝග විශේෂය සාදයි.

  1. අම්ල ක්ලෝරයිඩ සමඟ

මෙහිදී හයිඩ්‍රජන් හේලයිඩ අණුවක් ඉවත්ව යමින් ප්‍රතිඵල ලෙස ඇමයිඩ ව්‍යුත්පන්නයක් සාදයි.

d. ඇනිලීන්හි සිදුවන ඉලෙක්ටෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා

  • ඇනිලීන් වලදී බෙන්සීන් න්‍යෂ්ටිය ඉතා ඉහළ වශයෙන් සක්‍රියනය වන අතර ඇතිවන සම්ප්‍රයුක්ත ව්‍යූහ වලදී ඕතො සහ පැරා ස්ථාන වලට සෘණ ආරෝපණ පවතී. මේ නිසා ෆීනෝල් වලටත් වඩා පහසුවෙන් ඉලෙක්ටෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වලට සහභාගි වේ.
  1. බ්‍රෝමිණීකරණය

ෆීනෝල් මෙන්ම ඇනිලීන්ද  Br2 දියරය සමඟ බ්‍රෝමිණීකරණයට සහභාගි වන අතර එහිදී ඕතො ස්ථාන දෙකටත්  පැරා ස්ථානයටත්  Br  පරමාණු තුනක් ආදේශ වෙමින් සුදුපාට අවක්ශේපයක් සාදයි.

සුදු පාට

                                                                                      

  1. නයිට්‍රෝකරණය

ඇනිලීන් ෆීනොල් වලටත් වඩා සක්‍රියනය වී පවතින නිසා ඇනිලීන් නයිටෝකරණයට තනුක HNO3 භාවිත කළ නොහැක. මේ නිසා ඇනිලීන් නයිට්‍රෝකරණය කිරීමට පහත සඳහන් විශේෂ ක්‍රමය භාවිතා කෙරේ.

  • පළමුව ඇනිලීන් අම්ල කලෝරයිඩයක් සමඟ ප්‍රතික්‍රියා කරවා ඇමයිඩ ව්‍යුත්පන්නයක් සාදයි. එවිට නයිට්‍රජන්, කාබන් පරමාණුව සමඟ අන්තර් ක්‍රියා කරන බැවින් සක්‍රියනය අඩු වේ.
  • දෙවනුව එම ඇමයිඩ ව්‍යුත්පන්නය නයිට්‍රෝකරණය කරන අතර 15 0C  ක පමණ උෂ්ණත්වයකටද රත් කරයි. එවිට NO2 කාණ්ඩය ඕතො ස්ථාන වලට හෝ පැරා ස්ථානයට ආදේශ වූ ප්‍රතිඵල දෙකක් සාදයි. 
  • තුන්වනුව ජලීය සමඟ පිරියම් කළ විට ඇනිලීන් වල නයිට්‍රෝකරණය වූ ප්‍රතිඵල දෙකක් ලැබේ.

බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ්

  • ඇනිලීන් NaNO2 , සාන්ද්‍ර HCl සමඟ 5 0C ක උෂ්ණත්වයක් යටතේ ප්‍රතික්‍රියා කරවූ විට බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් සෑදේ.

a.බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියා

  1. ජලය සමඟ

බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් උණු ජලය සමඟ ප්‍රතික්‍රියා කරවූ විට ප්‍රතිඵලය ලෙස ෆීනෝල් සෑදේ.

  1. හයිපොපොස්පරස් අම්ලය සමඟ

ඩයසෝනියම් ලවණය H3PO2 සමඟ ප්‍රතික්‍රියා කරවූ විට ප්‍රතිඵලය ලෙස බෙන්සීන් සෑදේ.

  1. පොටෑසියම් අයඩයිඩ් සමඟ (KI)

ඩයසෝනියම් ලවණය KI සමඟ රත් කළ විට ප්‍රතිඵලය ලෙස අයඩොබෙන්සීන් සෑදේ.

  • මෙය අයඩොබෙන්සීන් සාදා ගැනීමට හැකි එකම ක්‍රමයයි.
  1. සෑන්ඩ්මෑයර් ප්‍රතික්‍රියාව

Cuඅයන උත්ප්‍රේරක වශයෙන් ඇතිවිට බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ්හි සිදුවන ආදේශ ප්‍රතික්‍රියා තුනක් සෑන්ඩ්මෑයර් ප්‍රතික්‍රියා ලෙස හැදින්වේ.

b. බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් වල සිදුවන ඈදුම් ප්‍රතික්‍රියා

භාෂ්මික මාධ්‍යයේදී බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් ෆීනෝල් සමඟත් 2-නැප්තෝල් සමඟත් ඈදුම් ප්‍රතික්‍රියා සිදු කරයි. රතු පාටට හුරු ඩයි වර්ග තුනක් සාදයි.

  1. ෆීනෝල් සමඟ

ජලීය NaOH මාධයයේදී ෆීනෝල් , බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් සමඟ ප්‍රතික්‍රියා කර රතු පැහැති ඩයි විශේෂයක් සාදයි.

  

රතු
  1. 2-නැප්තෝල් සමඟ

ජලීය NaOH මාධයයේදී බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් 2-නැප්තෝල් සමඟ ප්‍රතික්‍රියවක් සිදුකර තදරතු පැහැති ඩයි විශේෂයක් සාදයි.

         තද රතු

  1. 1-නැප්තෝල් සමඟ

ජලීය NaOH මාධයයේදී බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් 1-නැප්තෝල් සමඟ ප්‍රතික්‍රියවක් සිදුකර තදදුඹුරු පැහැයෙන් යුත් ඩයි විශේෂයක් සාදයි.

                                                                                                    රතු දුඹුරු

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.