12.02.02-පරිපූර්ණ ද්‍රාවණ සහ රවුල් නියමය

0
283

පරිපූර්ණ ද්‍රාවණ සහ රවුල් නියමය.

  • A හා B වාෂ්පශීලී ද්‍රව 2ක් සලකමු. තෝරාගත් උෂ්ණත්වයකදී A අණු අතර F(A-A) ද,B අණු අතර F(B-B) ද වශයෙන් වැන්ඩවාල්ස් බල පවති. A හා B මිශ්‍ර කිරීමෙන් ලැබෙන A/B ද්වයංගී ද්‍රාවණයේ A ,B අතර  F(A-B) වැන්ඩවාල්ස් බල ඇතිවේ.
  • මෙම F(A-A) =F(B-B) – F(A-B) වන ද්‍රාවණයක් පරිපූර්ණ ද්‍රාවණයක් ලෙස අර්ථ දැක්විය හැකිය.

පරිපූර්ණ ද්‍රවණ යනු සෛද්ධාන්තික සංකල්පයකි.ආසන්න වශයෙන් පමණක් පරිපූර්ණ වන ද්‍රාවණ පමණක් ස්වභාවිකව හමුවේ.

උදා :-

 1.බෙන්සීන් හා ටොලුයීන්

2.හෙක්සේන් හා හෙප්ටේන්

  • මෙවැනි පරිපූර්ණ ද්‍රාවණ 2ක් එකිනෙක මිශ්‍ර කල විටද සංශුද්ධව පැවති විට තිබූ ආකාරයේම ස්වාධීන හැසිරීමක් දක්වයි.
  • බන්ධන ශක්තීන් සර්වසම බැවින් එන්තැල්පි විපර්‍යාසය ශුන්‍ය වේ.

රවුල් නියමය

කිසියම් උෂ්ණත්වයකදී පරිපූර්ණ ද්‍රාවණයක අඩංගු එක් එක් සංරචකය වායු කලාපයේ ඇති කරනු ලබන ආංශික පීඩනය ද්‍රව කලාපය තුල එම සංඝටකයේ මවුල භාගයට අනුලෝමව සමානුපාතික වේ.

  • සලකනු ලබන උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩන පිළිවෙලින් PoA හා PoB  වන A හා B මිශ්‍ර කිරීමෙන් සාදාගත් කලාප සමතුලිතතාවයේ පවතින පද්ධතියක් සලකමු.
  • XA හා XB මඟින් ද්‍රව කලාපය තුල මවුල භාගයද PA හා Pමඟින් වාෂ්ප කලාපයේ ආංශික පීඩනද දැක්වේ නම්,

A වාෂ්පයට අදාලව,

  • ද්‍රව කලාපයේ පවතින්නේ A පමණයි නම් XA = 1 වේ.එවිට,

K =Po නිසා,

සහ B සංඝටකයට

රවුල් නියමයේ විකල්ප ආකාරය

  • මේ අනුව දෙන ලද උෂ්ණත්වයකදී යම් සංරචකයක වාෂ්ප පීඩන පාතනය අනෙක් සංඝටකයේ ද්‍රව කලාපයේ මවුල භාගයට සමාන වේ.
  • රවුල් නියමයත් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයත් යන දෙකම භාවිතයෙන් වායු කලාපයේ එක් එක් සංඝටකයන්හි මවුල භාගය සඳහා පහත පරිදි ප්‍රකාශනයක් ගොඩනගාගත හැකියි.
  • වාෂ්ප කලාපයේ මුලු පීඩනය P හා වාෂ්ප කලාපයේ A හා B මවුල භාග පිළිවෙලින් YA හා YB නම්,

එමනිසා,

   වේ.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.