12.02.05-භාගික/හුමාල ආසවනය

0
219

01.භාගික ආසවනය.

  • මිශ්‍රණයක  ඇති සංඝටක වල තාපාංකයන්හි පවතින වෙනස්කම් මත පදනම්ව මිශ්‍රණයක සංඝටක වෙන්කිරීමේ ක්‍රියාවලිය.
  • බොරතෙල් කර්මාන්තය,ඖෂධ කර්මාන්තය,විවිධ මූලද්‍රව්‍ය නිස්සාරණය කිරීමේ කර්මාන්ත වලදී ප්‍රයෝජනයට ගැනේ.
  • භාගික ආසවන ක්‍රියාවලියේදී වැඩිපුර වාෂ්පශීලී සංඝටකය අඩු උෂ්ණත්වයකදී වායු කලාපයෙන්ද වාෂ්පශීලීතාවය අඩු සංඝටකය ඉහළ උෂ්ණත්වයකදී ද්‍රව කලාපයෙන්ද වෙන්කර ලබා ගැනීමයි.
  • කෙසේවෙතත් භාගික ආසවන ක්‍රියාවලිය මිලෙන් අධික වීම,අධිශක්ති පරිභෝජනය,ඉතා ඉහල සංශුද්ධතාවයකට එලඹීමට නොහැකි වීම,මහා පරිමාණයෙන් යොදාගැනීමේදී පරිසර දූෂණයට හේතු වීම,ක්‍රියාවලිය තුල පවතින අන්තරායකාරී බව වැනි ඇතැම් දුර්වලතා වලින් යුක්තය.

සිදු කරන ආකාරය

  • ToA < T oB වන A/B පරිපූර්ණ ද්වයංගී ද්‍රාවණය සලකමු.
  • සංයුතිය C1 වන ආරම්භක ද්‍රාවණය නටන උෂ්ණත්වය T1 වේ.
  • T1 හිදී වාෂ්ප කලාපය වෙන්කර එය ඝනීභවනය කල විට ලැබෙන ද්‍රාවණයේ සංයුතිය C2 වේ.මෙම  C2 හි වාෂ්පශීලීතාව වැඩි සංඝටකයේ මවුල භාගය වාෂ්පශීලීතාවය අඩු සංඝටකයේ මවුල භාගයට වඩා වැඩි බව නිරීක්ෂණය කල හැකිය.
  • දෙවන පියවරේදී මෙම C2 නටන උෂ්ණත්වයට පත් කෙරේ.එය T2 නම් T2 උෂ්ණත්වයේදී වාෂ්ප කලාපය වෙන්කර ඝනීභවනය කිරීමෙන් ලැබෙන ද්‍රාවණයේ සංයුතිය C3 වේ.
  • එම ද්‍රාවණයේ A සංයුතිය C2 හිදීටත් වඩා වැඩිවේ.
  • මේ අයුරින් නැවත නැවත  සිදුකරන වාෂ්පීකරණ හා ඝනීභවන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් වාෂ්ප කලාපයෙන් වාෂ්පශීලීතාවය වැඩි Aත් ද්‍රව කලාපයෙන් වාෂ්පශීලීතාවය අඩු Bත් වෙන්කර ගත හැකිය.

02.අමිශ්‍ර ද්‍රව  පද්ධති

  • දී ඇති උෂ්ණත්වයකදී හා පීඩනයකදී එකිනෙක මිශ්‍ර වී තනි කලාපයක් බවට පත් නොවන ද්‍රව අමිශ්‍ර ද්‍රව නම් වේ.
  • සංවෘත භාජනයක් තුල මෙවැනි ද්‍රව දෙකක් නිශ්චලව පවතින්නේ නම් ඝනත්වය අඩු ද්‍රවය, ඝනත්වය වැඩි ද්‍රවය මත පා වෙමින් ස්ථර වලට වෙන්වී පවතී.ද්‍රව දෙකෙහි අණු අතර ,අන්තර් අණුක බල නැත්නම් පද්ධතියේ වාෂ්ප පීඩනය වන්නේ ඉහළින් පා වෙන ද්‍රවයේ වාෂ්ප පීඩනයම වේ.
  • මෙම අමිශ්‍ර ද්‍රවමිශ්‍රණය කැලතූ විට මතුපිට පෘෂ්ඨයට අමිශ්‍ර ද්‍රව දෙකෙහිම බිඳිති පැමිනෙන නිසා වාෂ්ප කලාපයේ පීඩනයට ද්‍රව දෙකෙහිම අංශු සහභාගී වේ.
  • මෙවිට වාෂ්ප කලාපයේ මුළු පීඩනය සංරචල වල ආංශික පීඩන වල එකතුවට සමාන වේ.
  • සංරචක ද්‍රව දෙක A හා B ලෙස සැලකූ විට,

මෙවැනි මිශ්‍රණයක මුළු පීඩනය අඩු උෂ්ණත්වයකදී වායුගෝල පීඩනයට සමාන වේ.

  • (රතු පැහැති වක්‍රයෙන් මිශ්‍රණයේ වාෂ්ප පීඩනය උෂ්ණත්වය හමුවේ විචලනය දැක්වේ.)
  • කිසියම් සංඝටකයක් තාපාංකය තෙක් රත් කල විට වියෝජනය වන්නේ නම් එවැනි ද්‍රව තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයකදී වෙන්කර ගැනීමට මෙම මූලධර්මය භාවිතා කරයි.එය හුමාල ආසවනය නම් වේ.

03.හුමාල ආසවනය

  • “එකිනෙකට අමිශ්‍ර ද්‍රව මිශ්‍රණකින් ඒවායේ තාපාංක වලට වඩා අඩු උෂ්ණත්වයකදී සංඝටක වෙන්කරගැනීමේ ශිල්ප ක්‍රමය”
  • මෙහිදී රත් වූ මිශ්‍රණය තුළින් නොකඩවා හුමාලය යවනු ලැබේ.සංශුද්ධ සංරචකය ඝනීභවනය වූ වාෂ්ප බඳුනකට එකතු කරගත හැකිය.
  • නමුත් මෙම ක්‍රමය යොදාගත හැක්කේ ජලයේ අමිශ්‍ර හෝ අද්‍රාව්‍ය,ඉහල අණුක ස්කන්ධයක් සහිත,100°C අවට ඉහල වාෂ්ප පීඩනයක් ඇති ,සළකන තත්ව යටතේ අවාෂ්පශීලී අපද්‍රව්‍ය පමණක් ඇති ද්‍රවයක් වෙන්කර ගැනීමටය.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.