12.03.03-pH පරිමාණය හා Ka,Kb,Kw සම්බන්ධය

0
208

03. pH අගය

  •  pH  අගය යනු කිසියම් ජලීය ද්‍රාවනයක පවතින්නාවු H+ ජලීය අයන සාන්ද්‍රණය පිලිබදව අදහසක් ලබාගැනීම පිනිස භාවිත වන විචල්‍යකි.
  • කිසියම් ජලීය ද්‍රාවනයක H+  අයන සාන්ද්‍රණය mol dm-3  ඒකකයෙන් ප්‍රකශ කර එය සම්මත ද්‍රාවනයේ සාන්ද්‍රණය වන 1mol dm-3  අගයෙන් බෙදා ලැබෙන්නා වු සංඛ්‍යාත්මක අගයෙහි log10 ( දහයෙ පාදයට ලඝු ඝනකයේ) – වටිනකම ( ඍන වටිනාකම) සැලකූ විට pH  අගය ලැබේ.
  • කිසියම් ජලීය ද්‍රාවනයක [ H+(aq) ] වැඩිවත්ම p අගය අඩුවන අතර [ H+(aq) ] අඩුවත්ම p අගය වැඩිවනු ඇත.
  • pH  අගය ගණනය කරනුයේ ලඝු ඝනක සමීකරනයකින් බැවින් ජලීය ද්‍රාවණයක් තුළ  [H+ ] 10 ගුණයකින් ඉහළ නංවන විට pH අගය ඒකක 1 කින් අඩු වීමකුත් ,100 ගුණයකින් ඉහළ නංවන විට pH අගය ඒකක 2 කින් අඩු වීමක් වේ.
  • pH අගය +,0,- විය හැක.

04. pOH අගය

  •  pOH  අගය යනු කිසියම් ජලීය ද්‍රාවනයක පවතින්නාවු OH¯ ජලීය අයන සාන්ද්‍රණය පිලිබදව අදහසක් ලබාගැනීම පිනිස භාවිත වන විචල්‍යකි.
  • කිසියම් ජලීය ද්‍රාවනයක OH¯ අයන සාන්ද්‍රණය mol dm-3  ඒකකයෙන් ප්‍රකශ කර එය සම්මත ද්‍රාවනයේ සාන්ද්‍රණය වන 1mol dm-3  අගයෙන් බෙදා ලැබෙන්නා වු සංඛ්‍යාත්මක අගයෙහි log10 ( දහයෙ පාදයට ලඝු ඝනකයේ) – වටිනකම ( ඍන වටිනාකම) සැලකූ විට pOH  අගය ලැබේ.
  • කිසියම් ජලීය ද්‍රාවනයක [OH¯aq) ] වැඩිවත්ම pOH   අගය අඩුවන අතර [OH¯aq) ]අඩුවත්ම pOH   අගය වැඩිවනු ඇත.
  • pOH  අගය ගණනය කරනුයේ ලඝු ඝනක සමීකරනයකින් බැවින් ජලීය ද්‍රාවණයක් තුළ  [OH¯aq) ] 10 ගුණයකින් ඉහළ නංවන විට pOH අගය ඒකක 1 කින් අඩු වීමකුත් ,100 ගුණයකින් ඉහළ නංවන විට pH අගය ඒකක 2 කින් අඩු වීමක් වේ.

05. pKw අගය

  • Kw රාශියෙහි සංඛ්‍යාත්මක වටිනාකමෙහි 10 පාදයට ලඝු ඝනකයෙ – (ඍන ) වටිනාකම සැලකූ විට එය pKw අගය ලෙස අර්ථ දැක්වේ.

ඒ අනුව  25°C දී ඕනෑම ජලීය ද්‍රාවණයක pKw අගය 14 වනු ඇත.


සටහන – 01

pH / pOH/ pKw අතර සම්බන්ධතවය

  • ජලයෙනි ස්වයං අයණීකරන ක්‍රියාවලිය සලකමු .
  • ජලයේ අයනික ගුණිතය සැලකීමෙන්,
  • 1 හි 10 පාදයට ලඝු ඝනකයේ  – වටිනාකම සැලකීමෙන් ,

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.