12.03.08- ලවණ

0
251

11. ලවණ

  • අම්ල හා භෂ්ම රසායනිකව ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රථිඵලයක් ලෙස H2O ට අමතරව සෑදෙන අනෙක් රසායනික විශේෂය ලවණ ලෙස හැඳින්වේ .
  • කිසියම් ලවණයක් ජලය සමඟ 3 ආකාරයකින් අනිතර් ක්‍රියා කළ හැක.
  1. ජලයෙහි දියවීම(ජලීකරනය)
  2. ජලය සමඟ රසායනිකව ප්‍රතික්‍රියා කිරීම(ජල විච්චේදනය)
  3. ජලය තුල තැන්පත් වීම (අවකේෂ්පනය)
  • ලවණ ප්‍රධාන කොටස් 4 ක් යටතේ අධ්‍යයනය කරයි.
  1. ප්‍රභල අම්ල – ප්‍රභල භෂ්ම  ලවණ
  2. ප්‍රභල අම්ල – දුබල භෂ්ම ලවණ
  3. දුබල අම්ල – ප්‍රභල භෂ්ම ලවණ
  4. දුබල අම්ල – දුබල භෂ්ම ලවණ

01.ප්‍රභල අම්ල – ප්‍රභල භෂ්ම ලවණ

  • ප්‍රභල අම්ලයක් හා ප්‍රභල භෂ්මයක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියවෙන් මෙම  ලවණ  සෑදේ.

උදා: NaCl, Na2SO4, KBr, Ba(ClO4)2

  • NaCl ලවණය ජලය සමඟ අන්තර් ක්‍රියාව සලකමු.

NaCl(aq) → Na+(aq) + Cl(aq)

  • ලවණය විඝටනයෙන් ජනිතවන කැටායනය හා ඇනායනය ජලය සමඟ අන්තර් ක්‍රියා නොකරයි.
  • ප්‍රභල අම්ල – ප්‍රභල භෂ්ම ලවණ ජලීකරනය වීමක් පමණක් සිදුවේ. මෙවැනි ලවණ අන්තර්ගත පපද්ධතියක pH අගය අදාළ තත්ව යටතේදි උදාසීන ජලීය ද්‍රාවණයක pH අගයට සමාන වේ.

02.ප්‍රභල අම්ල – දුබල භෂ්ම ලවණ

  • ප්‍රභල අම්ලයක් හා දුබල භෂ්මයක් එකිනෙක රසායනික ව ප්‍රතික්‍රියවෙන් මෙම ලවණ සෑදේ.

උදා:  NH4Cl,   (NH4)2SO4, CH3CH2NH3Cl

  • NH4Cl ජලීය ද්‍රාවණයක් තුළදී ජලය සමඟ ඇතිකරන්නාවු රසායනික අන්තර්ක්‍රියාව
  • ලවණයේ ප්‍රභල අම්ලයෙන් ලැබෙන කොටස වන Cl ජලය සමඟ ප්‍රතික්‍රියා නොකරයි.

NH4+(aq) + H2O(l)      ⇌      NH3(aq)   + H3O+(aq)

  • ලවණයේ දුබල භෂ්මයෙන් ලැබෙන කොටස වන NH4+  ඉහත ආකාරයට ප්‍රතික්‍රියා කරයි. මෙහිදී H3O+(aq) සෑදෙන නිසා පද්ධතිය ආම්ලික ස්වරූපයක් ගනී.
  • ඒ අනුව ප්‍රභල අම්ල –  දුබල භෂ්ම ලවණ විඝටනයෙන් ජනිතවන ඇනායනය ජලවිච්චේදනය නොවන අතර් කැටායනය ජලවිච්චේදනය වී H3O+ නිදහස් කරන බැවින් පද්ධතිය ආම්ලික වේ.

ඉහත සමීකරණය මඟින් මෙවැනි ද්‍රාවණයක pOH ගණනය කළ හැක.


03.දුබල අම්ල – ප්‍රභල භෂ්ම ලවණ

  • දුබල අම්ලයක් හා ප්‍රභල භෂ්මයක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියවෙන් මෙම ලවණ සෑදේ .

උදා : CH3COONa+   ,     CH3COOK+ ,   NaF , KCN

CH3COONa+(aq)→  CH3COO(aq)  +    Na+(aq)

CH3COO(aq)  + H2O(l)    ⇌  CH3COOH(aq)  + OH¯(aq)

  • ඒ අනුව දුබල  අම්ල –  ප්‍රභල භෂ්ම ලවණ විඝටනයෙන් ජනිතවන කැටායනය ජලවිච්චේදනය නොවන අතර් ඇනායනය ජලවිච්චේදනය වී OH¯(aq) නිදහස් කරන බැවින් පද්ධතිය භාෂ්මික වේ.

04.දුබල අම්ල – දුබල භෂ්ම ලවණ

  • දුබල අම්ලයක් හා දුබල භෂ්මයක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියවෙන් මෙම ලවණ  සෑදේ.

උදා: CH3COONH4 , NH4CN  ,  CH3CH2N+,H3F

NH4++ H2O(l) ⇌ NH3(aq) + H3O+

CH3COONH4+→ CH3COO+ NH4+

ඒ අනුව දුබල  අම්ල –  දුබල භෂ්ම ලවණ විඝටනයෙන් ජනිතවන කැටායනය හා ඇනායනය ජලවිච්චේදනය වේ.

ලැබෙන ජලීය ද්‍රාවණයේ ආම්ලික /භාෂ්මික / උදාසීන ස්වභාවය ලවණය සෑදීමට සහභාගි වන දුබල අම්ලයේ හා දුබල භශ්මයේ ka හා kb අගය මත තීරණය වේ.

  1. Ka > Kb   ——— ආම්ලික
  2. Ka < Kb ———– භාෂ්මික
  3. Ka  = Kb ———– උදාසීන

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.