12.03.09- ස්වාරක්ෂක ද්‍රාවණ හැදින්වීම

0
334

12. ස්වාරක්ෂක ද්‍රාවණ හැදින්වීම

  1. අම්ලයකින් ස්වල්පයක් එකතු කළද
  2. භෂ්මයකින් ස්වල්පයක් එකතු කළද
  3. ජලය යොදා යම් ප්‍රමාණයක් තනුක කළද
  4. සැලකිය යුතු තරමින් pH අගය වෙනස් නොවන ද්‍රාවණ ස්වාරක්ෂක ද්‍රාවණ වේ.

      උදා:  රුධිරය

CH3COOH / CH3COONa+ ද්‍රාවණය

NH4OH  /  NH4Cl  ද්‍රාවණය

දුබල අම්ලයක් හා එහි සංයුග්මක භෂ්මය සහිත පද්ධති

  • මෙම පද්ධති ස්වාරක්ෂක වේ.

CH3COOH / CH3COONa+ ද්‍රාවණයේ ස්වාරක්ෂක ක්‍රියාව සලකමු .

CH3COOH(aq) + H2O(l) ⇌ CH3COO (aq) + H3O+(aq)

CH3COONa+(aq) →   CH3COO(aq) +Na+(aq)

අම්ලයකින් ස්වල්පයක් එකතු කල විට

  • මෙහිදී CH3COONa+(aq)  පූර්ණ විඝටනයෙන් ජනිතවන CH3COO (aq) අයන අම්ලයේන් එකතු වන H3O+(aq) ප්‍රතිග්‍රහණය කරයි.

CH3COONa+(aq) + H3O+(aq) CH3COOH(aq)  +  H2O(l)

  • එම නිසා  pH අගයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවේ.

භෂ්මයකින් ස්වල්පයක් එකතු කල විට

  • CH3COOH(aq)   භාගික විඝටනයෙන් ජනිත වූ  H3O+(aq) අයන භෂ්මයෙන් ලැබෙන OH¯ අයන උදාසීනකරනය කරයි.

H3O+(aq) +  OH¯(aq)  ⇌  2 H2O(aq)

  • එම නිසා pH අගයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවේ.

ජලය යොදා තනුක කළ විට

  • පද්ධතිය සඳහා හෙන්ඩර්සන් සමීකරණය සැලකීමෙන්,
  • ජලය යොදා තනුක කිරීමේදී [CH3COOH(aq)] හා [CH3COO(aq)] යන දෙකම සමාන සාධකයකින් අඩුවීම නිසා ඒවායේ සාන්ද්‍රණය අනුපාතය වෙනස් නොවේ.එම නිස pH අගය සැලකිය යුතු තරම් වෙනස් නොවේ.

දුබල භෂ්මයක් හා එහි සංයුග්මක අම්ලය සහිත පද්ධති

NH3(aq)  / NH4Cl(aq)  අන්තර්ගත පද්ධතියේ ස්වාරක්ෂක ක්‍රියාව සලකමු .

NH4Cl(aq) → NH4+(aq) + Cl(aq)

NH3(aq)+ H2O(aq)   NH4+(aq) + OH¯(aq)

අම්ලයකින් ස්වල්පයක් එකතු කළ විට

  • ජලීය NH3  හි භාගික විඝටනයෙන් ලැබෙන OH¯  අයන අම්ලයෙන් ලැබෙන H3O+ සමඟ එක්තු වී H2O සාදයි.

H3O+(aq) + OH¯(aq) ⇌ 2H2O(aq)

භෂ්මයකින් ස්වල්පයක් එකතු කළ විට

  • NH4Cl(aq) හි පූර්ණ විඝටනයෙන් ජනිතවන NH4+(aq) භෂ්මයෙන් එකතු වෙන OH¯(aq) අයන උදාසීන කරයි.

NH4+(aq) + OH¯(aq) ⇌ NH3(aq) + H2O(aq)

ජලය යොදා තනුක කරන විට

  • පද්ධතිය සඳහා හෙන්ඩර්සන් සමීකරණය සැලකීමෙන් ,
  • ජලය යොදා තනුක කළ විට  [ NH4+(aq)] හා[NH3(aq)] යන දෙකම සමාන සාධකයකින් අඩුවීම නිසා සාන්ද්‍රණ අනුපාතය වෙනස් නොවේ . එම නිසා pOH අගය සැලකිය යුතු වෙනසක් සිදු නොවේ. එබැවින් pH අගයද සැලකිය යුතු තරම් වෙනස් නොවේ.

සටහන

  • කිසියම් ස්වාරක්ෂක ද්‍රාවණයක ක්‍රම ක්‍රමයෙන් වැඩිවන ලෙස අම්ලයක් එකතු කිරීමේදි හෝ භෂ්මයයක් එකතු කිරීමේදි තම ස්වාරක්ෂක ගුණය පවත්නාවූ උපරිම සීමාව අදාළ ස්වාරක්ෂක ද්‍රාවණයේ  ස්වාරක්ෂක ධාරිතාවය ලෙස හැදින්වේ.


දුබල අම්ල – දුබල භෂ්ම ලවණ පද්ධති හා දුබල අම්ලයක හයිඩ්‍රජන් ඇනායන පද්ධති ද ස්වාරක්ෂක ක්‍රියාව පෙන්වයි.


ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.