12.05 – ද්‍රාව්‍යතා ගුණිතය (Ksp)

0
415

ද්‍රාව්‍යතා ගුණිතය 

හැඳින්වීම

  • විශේෂිත අවශ්‍යතා 3 ක් සම්පූරණ කරන ලද ස්වරූපයේ රසායනික ප්‍රභේදයක සංතෘප්ත ද්‍රාවණයක ( පවතින්නවූ සංඝටක අයන තම උපරිම සාන්ද්‍රණ අගයන් කෙරෙහි ලඟා වූ ස්වරූපයේ ද්‍රාවණයක ) ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලක්ෂණ පිළිබඳ විචල්‍යකි. 

ද්‍රව්‍යතා ගුණිතය වලංගු වන රසායනික ප්‍රභේදයක් තෘප්ත කළ යුතු අවශ්‍යතා 3 :

  1. ඝන අයනික සංයෝගයක් ලෙස පැවතීමේ හැකියාව
  2. ජලයේ අල්ප ලෙස ද්‍රාව්‍ය වීම
  3. පූර්ණ විද්‍යුත් විච්චෙද්‍යයක් වීම
  • මෙහිදී පූර්ණ විද්‍යුත් විච්චේද්‍යයක් යන්නෙන් අදහස් වනුයේ ජලයේ දියවූ විට සම්පූර්ණයෙන්ම අයන බවට වෙන්වීම වන අතර , සංතෘප්ත ද්‍රාවණයක් අදාළ ඝන ද්‍රව්‍ය සහ එයින් ද්‍රාවණගත වන අයන අන්තර්ගත සමතුලිත පද්ධතියක් වේ.

ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනය 

  • ඉහත මූලික අවශ්‍යතා 3 තෘප්ත කළ An+  හා Bm-  සංඝටක අයන වලින් සමන්විත AmBn  සංයෝගයේ සංතෘප්ත ජලීය ද්‍රාවණයක් සලකමු .

AmBn (s) ⇌ mAn+(aq) + nBm-(aq)

  • සමතුලිතතා නියමය යෙදීමෙන් ,
  • ඝන තත්වයේ වන සංඝටකයක සාන්ද්‍රණය නියත යැයි සලකන බැවින් K[AmBn (s)] යන මුළු ගුණිතයම නියත වනු ඇත.

Ksp අගයද සමතුලිතතා නියතයක් මත ව්‍යුත්පන්න වූවක් බැවින් දෙනු ලබන ප්‍රභේදයක් සඳහාවන Ksp අගය උෂ්ණත්වය මත පමණක් රඳා පවති.

  • විඝටන සමීකරණය ඇසුරෙන් දෙනු ලබන ප්‍රභේදයක් සඳහා වන Ksp ප්‍රකාශන ලියමු.

සමතුලිතතා නියමය යෙදීමේදි මෙන්ම මෙහිදීද ස්ටොයිකියෝමිතික සංගුණකය බලයට  නැංවේ.

ජල ද්‍රාව්‍යතාවය

  • ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය රසායනික ප්‍රභේදයක ජලයේ දියවන ප්‍රමාණය ප්‍රකාශ කිරීම පිණිස භාවිතාවන මිනුම ජල ද්‍රාව්‍යතාවයයි. සාමාන්‍යයෙන් ජලය 1 dm3  ට අදාළව ජල ද්‍රව්‍යතාවය මවුල වලින් ගණනය කරන නිසා 
  • ජල ද්‍රාව්‍යතාවයේ ඒකක = mol dm-3

ජල ද්‍රව්‍යතවය රඳාපවතින සාධක

  1. උෂ්ණත්වය – උෂ්ණත්වය වැඩි වත්ම ජල ද්‍රාව්‍යතාව වැඩි වේ. උෂ්ණත්වය අඩු වත්ම ජල ද්‍රාව්‍යතාව අඩු වේ.
  2. උෂ්ණත්වය – උෂ්ණත්වය වැඩි වත්ම ජල ද්‍රාව්‍යතාව වැඩි වේ. උෂ්ණත්වය අඩු වත්ම ජල ද්‍රාව්‍යතාව අඩු වේ.
  3. උෂ්ණත්වය – උෂ්ණත්වය වැඩි වත්ම ජල ද්‍රාව්‍යතාව වැඩි වේ. උෂ්ණත්වය අඩු වත්ම ජල ද්‍රාව්‍යතාව අඩු වේ.

මෙය පොදු අයන ආචරණය ලෙස සැලකේ.

ජල ද්‍රාව්‍යතාවය ඇසුරෙන් ksp ප්‍රකාශන  ලිවීම

  • පහත ප්‍රභේද වල ජල ද්‍රාව්‍යතාව x mol dm-3 ලෙස සිතා ksp ප්‍රකාශන ලියන්න.

Ksp අගය දන්නා විට ජල ද්‍රාව්‍යතාවය ගණනය කිරීම

  • Ksp අගය ඉතා අඩු Cr(OH)3, Fe(OH)3 , Mg(OH)වැනි හයිඩ්‍රොක්සයිඩ අවකේෂ්ප වල ksp මෙම ක්‍රමය මගින් සෙවීමට නොහැක.
  • හේතුව ඒවයේ ජල ද්‍රාව්‍යතාව බොහෝ සෙයින් අඩු නිසා අන්ත ලක්ශ පාඨාංකය ගැනීම අපහසු වීම.

අවකේෂ්පනය 

  • යම්කිසි රසායනික ප්‍රභේදයක ද්‍රාව්‍යතා ගුණිතයට අදාළ උචිත අයනික ගුණිතය එම උෂ්ණත්වයේදී එම සංයෝගයේ ksp අගයට වඩා වැඩිනම් අනුරූප ද්‍රාවණය තුළ එම සංයෝගය අවකේෂ්ප වනු ඇත.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.