14.6.3- ඕසෝන් වියන හායනය

0
643
  • සූර්යයාගේ සිට පෘථිවිය කරා ශක්තිය රැගෙන එන්නේ විද්‍යුත් චුම්බක කිරණයි.විද්‍යුත් චුම්භක කිරණ ඒවා සතු ශක්තිය අනුව වර්ග කර ඇත.
  • X කිරණ.
  • පාරජම්බුල කිරණ.uv
  • දෘශ්‍ය කිරණ.
  • අධොරක්ත කිරණ.
  • ක්ෂුද්‍ර තරංග කිරණ.
  • ගුවන් විදුලි තරංග කිරණ.
  • මේවායෙන් එක්ස් කිරණ හා පාරජම්බුල කිරණවල ශක්තිය ඉතා අධිකව යෑමෙන් ජෛව අණුවල රසායනික ක්‍රියාකාරකම් සඳහා වෙනස් කිරීම් සිදු කිරීමට මෙම කිරණ සමත්ය.(DNA,RNA,ප්‍රෝටීන)
  • නමුත් මෙසේ සූර්යයාගෙන් පැමිණෙන අධික ශක්තිය සහිත කිරණ වායුගෝලයේ ඉහළ ස්ථාන වලදී වායු අණු මගින් උරා ගනී.

වායුගෝලයේ ස්තරීකරණය

පරිවර්තී ගෝලය

  • පෘථිවි පෘෂ්ඨයේ සිට  කිලෝමිටර් පහළොවක් ඉහළට පවතී
  • පෘථිවි වායුගෝලයේ වායු ගෙන් වැඩි ප්‍රතිශතයක් මෙහි පවතී (99%)
  • පෘථිවි පෘෂ්ඨයේ සිට ඉහලට යන විට උෂ්ණත්වය අඩු වෙයි.

ස්ථර ගෝලය  

  • පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 15 සහ 50 සීමාව තුළ පවතී.
  • ඉහලට යන විට උෂ්ණත්වය අඩු වෙයි .

මීසෝ ගෝලය

  • පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 50 ට ඉහළ සීමාවේ පිහිටයි.
  • වායු ප්‍රමාණය ඉතා අඩු අතර උෂ්ණත්වය ඉතා අඩු වෙයි.

ඕසෝන් වියන

  • ස්ථර ගෝලය තුළ තුල පවතින උප කලාපයකි.
  • පෘථිවි  පෘෂ්ටය සිට කිලෝමීටර් 20 ක් සහ 35 ප්‍රමාණය අතර පවතී .
  • මෙම ප්‍රදේශයේ ස්වභාවික පවතින ඕසෝන් වහින වැඩිම ප්‍රමාණයක් පවතී(95%)
  • මෙම ප්‍රදේශයේ ඕසෝන් වලට අමතරව වෙනත් වායූන් ද  පවතී.
  • සූර්යයාගෙන් පැමිණෙන පැමිනෙණ පාරජම්බුල කියන වැඩි ප්‍රමාණයක් මෙම ඕසෝන් වායූව මගින් උරාගනී.

ඕසෝන් වියනේ ක්‍රියාකාරීත්වය

  • ඕසෝන් වියන තුළදී ස්වාභාවිකව ඔසප් බිඳ වැටෙන සහ සෑදෙන වේග සමාන වූ විට නියත උතුම් ප්‍රමාණයක් මෙම ප්‍රදේශ තුළ පවතී

ඕසෝන් වියන හායනය

  • සාමාන්‍යයෙන් ඕසෝන් වියනේ ඕසෝන් මට්ටම සෑම දිනකම නියතයක් ව නොපැවතියත් වාර්ෂිකව එහි පවතින ඕසොන් ප්‍රමාණය ක්‍රමානුකූලව පහත යයි.
  • මෙසේ ඕසෝන් ප්‍රමාණය  සන්තතිකව පහළ යෑම ඕසෝන් වියන හායනය ලෙස හැඳින්විය හැක.මෙය ඉතා ප්‍රබල පාරිසරික ප්‍රශ්නයකි.
  • ඕසෝන් වියන හායනය වීම නිසාවෙන් පෘථිවි පෘෂ්ඨයට පැමිණෙන හානිකර පාරජම්බුල කිරණ ප්‍රමාණය වැඩිවෙයි.එම නිසාවෙන් ජීවීන් තුළ විවිධ සංකූලතා ඇති වීමට අවස්ථා ඇත.

ඕසෝන් වියනේ හායනයට හේතු වන කරුණු

  • ඕසෝන් වියන හායනය ට ස්වාභාවික මෙන්ම මිනිස් ක්‍රියාකාරම් ද හේතු වෙයි.මෙහිදී ස්වාභාවික සිදුවීම් මගින් සිදුවන හානිය කෙටිකාලීන වන අතර එය යථා තත්ත්වයට පත් කර ගැනීමට ඕසෝන් වියන සමත්ය.
  • ප්‍රබල ගිනිකඳු පිපිරීම මගින් වායුගෝලයට එක් වන සල්ෆර් අඩංගු සංයෝග ඕසෝන් වියන හානි කිරීම එක් ස්වාභාවික ක්‍රියාවලියකි.
  • නමුත් ප්‍රතිවාදී නොවන ආකාරයේ හානි කිරීම සිදු කරන්නේ මිනිසා විසිනි.

මිනිසා විසින් වායුගෝලයට එක් කරන ඕසෝන් වියන හායනය කරන වායූ.

  1. ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් – ශීතකරණ හා වායු සමීකරණ මඟින්,සුවඳ විලවුන් බෝතල් වල විසුරවා හරණයක් ලෙස,ප්ලාස්ටික් කර්මාන්තයේ දී අදාළ නිෂ්පාදන වලට සවිවර ගතියක් ලබාගැනීම
  2. බ්‍රෝමින් අඩංගු වාෂ්පශීලී කාබනික සංයෝග – ධූම කරණයේදී සහ ගිනි නිවීමේ උපකරණ සඳහා.
  3. නයිට්‍රික් ඔක්සයිඩ් වායුව – ඕසෝන් වියනට ආසන්නව ගමන් කරන ගුවන් යානා මගින්

මෙමගින් ප්‍රබලම හානිය සිදු කරන්නේ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ය.

CFC සහ අනෙකුත් සංයෝග ඕසෝන් වියනට  හානි කරන ආකාරය
  • මෙම සංයෝග ඕසෝන් සමඟ කෙලින්ම ප්‍රතික්‍රියා නොකරයි.ඒවා තාප වියෝජනයට ලක් නොවන අතර ජෛව හායනයට ප්‍රතිරෝධී වේ.එම හේතුවෙන් මේවා වායුගෝලය තුළ දිගු කාලයක් පවතී.
  • මෙම වායු ඉතා වාෂ්පශීලී බැවින් ඕසෝන් ස්ථරය වෙත ඉතා ඉක්මනින් ළඟා වේ.එසේ ලඟාවන වායු පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීම හේතුවෙන් C-Cl බන්ධනය විඛණ්ඩනය වී Cl.  මුක්ත ඛණ්ඩ සාදයි.
  • ඕසෝන් සමග මෙම මුක්ත Cl. ප්‍රතික්‍රියා කරයි.එහෙම නිසාවෙන් මෙම මුක්ත Cl. ඕසෝන් බිඳ වැටීමේවැටීමේ ස්වාභාවික ක්‍රියාවලිය උත්ප්‍රේරණය කර ඕසෝන් බිඳ වැටීම වේගවත් කරයි.
  • මෙම නිසාවෙන් ඕසෝන් බිඳවැටීමේ සීග්‍රතාවය ඕසෝන්  නිපදවීමේ ශීඝ්‍රතාවයට වඩා වැඩි වෙන අතර එම නිසාවෙන් ඔසෝන් හායනය සිදුවේ.
  • මෙමගින් අපට පෙනී යන්නේ මුක්ත Cl වෙනත් ප්‍රතික්‍රියාවකින්  විනාශ වී යන තුරු විශාල ඕසෝන් අණු ප්‍රමාණයක් බිඳ හෙලන බවයි.

ඕසෝන් වියන හායනයෙන් සිදු වන අහිතකර බලපෑම

  • ඕසෝන් වියන හායනය නිසාවෙන් සූර්යයාගෙන් පැමිණෙන අහිතකර සහ ශක්තිය අධික පාරජම්බුල කිරණ වැඩි තීව්‍රතාවයකින් යුතුව පෘථිවි පෘෂ්ඨයට ළඟා වීමයි.
  1. සමේ පිළිකා ඇතිවීම – පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් DNA අණු වල ව්‍යූහාත්මක වෙනස්කම් සිදුවෙයි.මෙසේ සිදු වන්නේ විශාල අණුවල ඇති හයිඩ්‍රිජන් බන්ධන බිදී යාම නිසයි.මෙම නිසා නිසාවෙන් පිළිකා වැනි රෝග හට ගනී.
  2. ඇසේ සුද මතුවීම – ඇසේ කාචය නිර්මාණය වී ඇත්තේ ප්‍රෝටීනයකිනි.පාරජම්බුල කිරණ නිසා ප්‍රෝටීන්වල විවාහය වෙනස් වී පාරදෘශ්‍යභාවය ක්‍රමයෙන් අඩු වී ඇසේ සුද මතු වෙය්.මෙය මිනිසුන්ට ගවයන්ට එළදෙනුන්ට වැනි සතුන්ට විශාල ලෙස බලපාය්.
  3. ජාන විකෘති ශාක බිහි වීම.
  4. වර්ණක විරංජනය නිසා රෙදි වල ගුණාත්මක බව අඩු වීම.
  5. රබර් ආශිත නිශ්පාදන වල යාන්ත්‍රික ශක්තිය අඩු වීම.

ඕසෝන් වියන ආරක්ෂා කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග

  • CFC නිෂ්පාදනය නවතා දැමීම(1996දී මෙය සිදුකර ඇත)

 විකල්පයක් ලෙස යොදාගත්  HCFC අඩු සූර්ය ශක්තියක දී විනාශ වී යයි.නමුත් මෙම වායුව ද අධික වාෂ්පශීලී තාවය නිසා ඕසෝන් ස්ථරය වෙත ළඟා වෙයි.එම නිසාවෙන් මෙම වායුව මගින් ද මුක්ත Cl නිපදවන අතර එයද ඕසෝන් වායුව සමග සමඟ ප්‍රතික්‍රියා කරයි.පසුව මෙම වායු වායුන් දෙකටම විකල්පයක් ලෙස HFC වායු යොදා ගන්නා අතර එහි Cl හෝ F නොපවතියි.නමුත් මෙම වායු සියල්ලම හරිතාගාර වායු ලෙස ක්‍රියාකරයි.

GWP – Global Warming Potential (හරිතාගාර වායු ප්‍රබලතාව)

එම නිසාවෙන් මෙම සියලුම වායු වෙනුවට වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් R600a අයිසොබියුටේන්  සහ ස්ථාය්භාවයෙන් අඩු හය්ඩ්‍රොෆ්ලොරොඔලෙෆින් HFO -1234a භාවිතා කිරීම අරඹා ඇත.HFO ව්‍යුහමය වශයෙන් HFC ට සමාන වුවද ද්විත්ව බන්ධනයෙන් නිසා පහල වායූ ගෝලයේ දී ඉක්මනින්ම වියෝජනය වේ.

  1. අයිසෝ බියුටේන් 
  2. HFO

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.