14.6.2 -ගෝලීය උණුසුම ඉහළ යෑම

0
629
  • පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම සඳහා සූර්යයාගෙන් ලැබෙන කිරණ වායුගෝලය මත රඳවාගෙන උෂ්ණත්වය සමතුලිතාවයකට පත්කරගැනීමට පෘථිවිය සමත්වෙයි.මෙම නිසාවෙන් පෘථිවි  පෘෂ්ඨයේ උෂ්ණත්වය නියත අගයක් ගනී.
  • මෙම අගය සෙල්සියස් අංශක පහළොවක් පමණ වන අතර පෘථිවි අක්ෂයේ ඇති ආනතිය  නිසා එක් එක් ප්‍රදේශවල උෂ්ණත්වයේ යම් ආකාරයක වෙනසක් ඇත.
  • සමකාසන්න ප්‍රදේශවල දැඩි උෂ්ණත්වයක් ද ප්‍රදේශය වලට ලං වන විට සෘතු භේදය ද අධික සීතලක් ද දැකගත හැකිය.
  • පෘථිවය මත පවතින සෙල්සියස් 15ක උෂ්ණත්වය ජීවයේ පැවැත්මට උචිත වන අතර ඒ රඳා පැවතීමට වඩාත්ම උර දෙන්නේ හරිතාගාර ආචරණයයි.

හරිතාගාර ආචරණය

  • හරිතාගාරයක් යනු බාහිර තාප ප්‍රභවයකින් තොරව ඇතුළත උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක  පවත්වා ගැනීම සඳහා සාදා ඇති ගෘහයකි.

හරිතාගාරයක ක්‍රියාකාරිත්වය

  • හරිතාගාරයක් යනු සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ගෘහයකි.
  • එහි වහල හා බිත්ති විනිවිද යන පරිදි පාරදෘශ්‍ය ද්‍රව්‍ය මගින් ආවරණය කර ඇත.
  • සූර්යයාගෙන් පැමිණෙන දෘශ්‍ය හා පාලනය ජම්බුල කිරන හරිතාගාරය තුල දී පස සහ වෙනත් ද්‍රව්‍ය  මගින් උරාගනු  ලබයි.
  • මෙසේ උරාගන්නා කිරණ ශක්තියෙන් අඩු පාරජම්බුල, දෘශ්‍ය හෝ අධොරක්ත කිරණ ලෙස නැවත ප්‍රති විකිරණය කරයි.
  • හරිතාගාර යේ වහලය නිර්මාණය කර ඇත්තේ  දෘශ්‍ය හා පාරජම්බුල කිරණ පාරදෘශ්‍ය වන ආකාරයටත් අධෝරක්ත කිරණ පරාවර්තනය වන ආකාරයටය.
  • මෙසේ වැඩි කාලයක් පරාවර්තනය වෙන අධෝරක්ත කිරණ කාබන්ඩයොක්සයිඩ් හා ජලය මගින් උරාගෙන තාපය බවට පරිවර්තනය කරයි.
  • එම නිසාවෙන් හරිතාගාරය තුල ඇති උෂ්ණත්වය ඉහළ යයි.
  • පෘතුවියෙ ඇති වායුගෝලය ද හරිතාගාරයක ක්‍රියාකාරීත්වය සමාන ක්‍රියාවලියක් පෙන්වයි.මෙය පෘථිවියේ හරිතාගාර ආචරණය නමින් හැඳින්විය හැක.

පෘථිවියේ හරිතාගාර ආචරණය

  • සූර්යයාගෙන් ලැබෙන විකිරණ ප්‍රධාන වශයෙන් පාරජම්බුල හා දෘශ්‍ය කිරණ  වශයෙන් කොටස් දෙකකට වෙන් කෙරේ.
  • මෙයින් පාරජම්බුල වැඩි ප්‍රමාණයක් වායුගෝලයේ දී උරා ගනු ලැබේ.
  • පෘථිවි පෘෂ්ඨය පෘෂ්ඨයට පැමිණෙන ශක්ති අඩු පාරජම්බුල කිරණ පස මගින් උරාගෙන ශක්තිය අඩු දෘශ්‍ය කිරණ හෝ අධෝරක්ත කිරණ ලෙස විමෝචනය කරයි .
  • මෙසේ පිටවෙන අධෝරක්ත කිරණ වාතය ඇති සමහර වායු මඟින් උරාගනු ලබයි.
  • නමුත් පෘථිවි වායුගෝලයේ ඇති ප්‍රධාන වායු වන N2(78%) ,O2(21%), Ar(1%).එසේ වූවා නම් පෘථිවිය අධික රස්නෙකින් යුක්ත වීමට ඉඩ ඇත.

හරිතාගාර වායු

හරිතාගාර වායුවල ලක්ෂණ,

  1. අධෝරක්ත කිරණ උරා ගත හැකි වීම
  2. වායුගෝලයේ දිගු කාලයක් ස්ථායිව පැවතිය හැකි වීම.
  • වායුවකට අධොරක්ත කිරණ උරා ගැනීම සඳහා තිබිය යුතු අවම පරමාණු සංඛ්‍යාව 2කි.
  • විෂම ද්වී පරමාණුක වායුවකට අධෝරක්ත  කිරණ(CO)  උරාගත හැකි අතර සම ද්විපරමාණුක වායුවකට(N2,O2) එසේ කළ නොහැක.

පෘථිවියේ පවතින හරිතාගාර වායු ,

  1. ජල වාෂ්ප (H20)
  2. කාබන් ඩයොක්සයිඩ්(CO2)
  3. මීතේන්(CH4)
  4. නයිට්‍රස් ඔක්සය්ඩ්(N2O)
  5. වාෂ්පශීලී හැලජනීකෘත  හයිඩ්‍රොකාබන් (CFC, HFC, HCFC)
  • ඉහත  1 2 3 හා 4 ස්වාභාවික පවතින වායූන් වෙයි.
  • SO2, NO2 ,NO, CO වැනි වායු වලින් අධොරක්ත  කිරණ උරාගත හැකි වුව ද ඒවායේ ආයු කාලය අඩු නිසාවෙන් හරිතාගාර වායු ලෙස නොසලකයි.
  • මෙසේ සිදුවන හරිතාගාර ආචරණය මඟින් පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 මට්ටමට ආසන්නව පවත්වාගැනීම සඳහා උපකාරී වන අතර එය ජීවයේ පැවැත්මට හිතකර සාධකයකි.
  • පෘථිවියේ පවතින හරිතාගාර වායු දැනට පවතින ප්‍රතිශතයට වඩා ඉහළ ගියහොත් වැඩිපුර අධෝරක්ත කිරණ උරා ගැනීම මගින් වැඩිපුර තාපය නිපදවී වැඩි කාලයක් පෘථිවිය තුල සංසරණය වේ.
  • කාර්මික විප්ලවයෙන් පසු හරිතාගාර වායු පෘථිවි වායුගෝලයට මුදා හැරීම ඉහළ ගොස් ඇත.මෙය අහිතකර තත්ත්වයකි.
  • පෘථිවි ගෝලයේ ඇති ජලවාෂ්ප කාලගුණික හා වෙනත් හේතූන් නිසා වෙනස් වුවද දීර්ඝ කාලීනව සැලකූවිට එහි ප්‍රතිශතයේ වෙනස් වීමක් නැත.එම නිසාවෙන් පෘථිවි වායුගෝලයේ ඇති ජල වාෂ්ප මගින් හරිතාගාර ආචරණය සඳහා විශාල බලපෑමක් ඇති නොකරයි.

හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යෑමට බලපෑ මිනිස් ක්‍රියාකාරකම් ,

1)කාබන්ඩයොක්සයිඩ් (CO2)

  • ගල් අඟුරු හා පෙට්ට්‍රෝලියම් අධික ලෙස දහනය කිරීම නිසාවෙන් කෙටි කාලයක් තුළදී අධික ලෙස CO2 වායුගෝලයට එක්විය.
  • වායුගෝලයට එක් වෙන CO2 ඉවත් කිරීමේ යාන්ත්‍රණ වල සීග්‍රතාවය එක්කිරීමේ යාන්ත්‍රණ වල සීඝ්‍රතාව ට වඩා අඩු නිසාවෙන්  වායුගෝලයේ පවතින CO2 ප්‍රතිශතය ඉහළ යයි.
  • මීට අමතරව සිදුවෙන වන විනාශය ද CO2 ප්‍රතිශතය ඉහළ යෑමට හේතුවෙයි.

2)මීතේන්

  • නිර්වායු බැක්ටීරියා කාබනික ද්‍රව්‍ය වියෝජනයට ලක් කිරීම මගින් මීතේන් නිපදවෙයි.
  • අක්‍රමවත් කසළ බැහැර කිරීම මෙම ක්‍රියාවලියට රුකුලක් වන අතර එමගින් වායුගෝලයේ ඇති මීතේන් ප්‍රතිශතය ඉහළ යයි.
  • මීට අමතරව වගුරු හෝ ජලය ආශ්‍රිතව කෙරෙන  කෘෂිකර්මන්ත (වී වගාව)නිසාද නිර්වායු වියෝජනය සිදුවේ.
  • හරකුන් එළුවන් බැටළුවන් වැනි වමාරා කන සතුන්ගේ බඩවැල් තුළ ද බැක්ටීරියා විවේචනයේ දී මීතේන් වායුව නිපදවෙයි.පරිභෝජනය සඳහා අධික ලෙස සතුන් ඇති කිරීම ද එම නිසාවෙන් මීතෙන් වායුව වායුගෝලයට පිටවීමට හේතුවක් ලෙස දැක්විය හැක.
  • බොරතෙල් නිධි ආශ්‍රිතව ස්වාභාවික වායුව ලෙස ද මීතේන් නිපදවෙයි.එය බොරතෙල් කැණීමේදී වායුගෝලය වෙත එක්වෙයි.

3)නයිට්‍රස් ඔක්සයිඩ්

  • මෙම වායු ප්‍රධාන වශයෙන් වායුගෝලයට එක්වන්නේ නයිට්‍රිජන් අඩංගු සංයෝග මත බැක්ටීරියා ක්‍රියා කිරීම හේතුවෙනි.කෘෂිකර්මාන්තයේ දී පසට එකතු කරන නයිට්‍රිජන් සංයෝග මත බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් මෙම වායුව නිපදවෙයි.

4)වායුමය හැලජනීකෘත හයිඩ්‍රොකාබන්

  • මෙම වායු ඉතා ප්‍රබල හරිතාගාර වායු වෙයි.එහි ප්‍රබලතාවය CO2 මෙන් දහ ගුණයක් පමණ ය.

ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු වන හැලජනීකෘත  සංයෝග කිහිපයක් පහත දැක්වේ.

  1. ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (CFC)
  2. හයිඩ්‍රොක්ලෝරෝෆ්ලොරෝකාබන්(HCFC)
  3. හය්ඩ්‍රොෆොලොරෝකාබන්:(HFC)
  • මෙම වර්ග තුන ම ශීතකරණ හා වායු සමන යන්ත්‍ර සඳහා මිනිසා විසින් සංස්ලේෂණය කරනලද සංයෝග වෙයි.ඉහත උපකරණ ඉවත දැමීමේදී හෝ අලුත්වැඩියා කිරීමේදී මෙම වායු වායුගෝලයට එක් වේ.
  • ඊට අමතරව සවිවර ප්ලාස්ටික් නිපදවීමේදී පිපිරුම් කාරකයක්  ලෙසද විසුරුම්  කාරක සුවඳ විලවුන් සහ පළිබෝධ නාශක සඳහා ද භාවිතා කරයි.
  • මෙම වායු වල ආයු කාලය වායුගෝලයේදී අවුරුදු සීයක් පමණ වෙයි.

ගෝලීය උණුසුම ඉහළ යෑමෙන් සිදුවන අහිතකර බලපෑම

1) ධ්‍රැවාශ්‍රිත ප්‍රදේශවල අයිස් තට්ටු සහ ග්ලැසියර දියවීම නිසා සහ අධික උෂ්ණත්වය නිසා සාගර ජලය ප්‍රසාරණය වීම හේතුවෙන් වෙරළ ආශ්‍රිත පහත් බිම් මුහුදට යට වීම සිදුවිය හැක. එම නිසාවෙන්,

  • ජනාවාස අහිමිවීම
  • වෙරළාශ්‍රිත පරිසර පද්ධති හානිවීම
  • මුහුදු ජලය ගොඩබිමට පැමිණීමෙන් පස නිසරු වීම
  • වගා පාළු වීම
  • මාලදිවයින වැනි කුඩා දුපත් රාජ්‍ය සම්පූර්ණයෙන්ම යට වී යෑම වැනි කරුණු සිදුවිය හැක.

2) වසංගත රෝග බහුලව සහ සීඝ්‍රයෙන් පැතිරීයාම.(ඩෙංගු ,ඉබෝලා )

3) අධික උෂ්ණත්වය සහිත දින ගණන ඉහළ යෑම, සීතල දින ගණන පහළ යෑම ප්‍රබල තාප තරංග වැඩි වශයෙන් සහ දීර්ඝව සිදුවීම්.

4) සුළි සුළං සහ ටෝනාඩෝ ඔවැනි කාලගුණික තත්ත්ව නිතර නිතර සහ ප්‍රභලව ඇතිවීම .

5) උෂ්ණත්ව වෙනස නිසා ආක්‍රමණික ශාක හා සතුන් වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම.(සර්පයන් සහ උරගයන්)

6) ලෝකයේ සමහර ප්‍රදේශ අධික ලෙස වියළී යෑම(දකුණු ආසියාව සහ මධ්‍යම අප්‍රිකාව ) සහ සමහර ප්‍රදේශ සඳහා අධික වර්ෂාපතනයක් ලැබීම.(යුරෝපය)

7) නියං තත්ව සහ කෙටිකාලීන අධික වර්ෂාපතන තත්ව ඇතිවීම.

ලෝක දේශගුණික රටාව වෙනස් වීම

  • දේශගුනික රටාව මත කෘෂිකර්මාන්තය සත්ත්ව පාලනය සංචාරක කර්මාන්තය මැටි කර්මාන්තය වැනි කර්මාන්ත ඉතා තදින් බැඳී පවතී.
  • ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන්  ශක්ති සංසරණය විතැන්වීම නිසා දේශගුණ රටාව වෙනස් වීම සිදුවෙයි.
  • මෙවැනි තත්ත්ව දේශපාලන අර්බුද සහ වක්‍රාකාර යුද්ධ සඳහා මුල පාදයි.
  • මෙවැනි  හේතු නිසාවෙන් හරිතාගාර වායු විමෝචනය වීම අවම කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.

හරිතාගාර වායු විමෝචනය වීම අඩු කිරීම සඳහා විසදුම්

  • පොසිල ඉන්ධන දහනය අවම කර විකල්ප ඉන්ධන සඳහා යොමු වීම.(සූර්‍ය ශක්තිය,න්‍යෂ්ටික ශක්තිය,සුළං බලය)
  • දැනට පවතින ඉන්ධන මගින් ක්‍රියා කරන යන්ත්‍ර සූත්‍ර යාවත්කාලීන කර එහි කාර්යක්ෂමතාවය ඉහළ දැමීම.
  • ඉන්ධන සඳහා පොසිල ඉන්ධන වෙනුවට එතනෝල් සහ ජෛව ඩීසල් යොදා ගැනීම.මෙමගින් වායුගෝලයේ සඳහා පිටවන පිටවන කාබන් ප්‍රමාණය ඉතා ශූන්‍ය වෙයි.
  • අධික බලශක්ති ඉල්ලූම අවම කර ගැනීම සඳහා කටයුතු කිරීම.
  • වන විනාශය අවම කිරීම ශාක රෝපණය ලී සහ දර යොදා ගෙන සිදු කෙරෙන කර්මාන්ත සඳහා වෙනත් විකල්ප දෑ භාවිතා කිරීම.
  • හරකුන් එළුවන් බැටළුවන් වැනි සතුන් පරිභෝජනය සඳහා ඇති කිරීම අවම කිරීම.
  • රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගැනීම මගින් වායුගෝලයට එක් වන නය්ට්‍රිජන් සහිත වායු අවම කිරීම.
  • වායුසමන යන්ත්‍ර සහ ශීතකරණ යන්ත්‍ර තුළ ඇති හැලජන කෘත වායු වෙනුවට වෙනත් විකල්ප වායු යොදා ගැනීම.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.