14.6.4 – ප්‍රකාශ රසායනික ධූමිකාව

0
470
  • සූර්ය කිරණ හමුවේ පරිසර දූෂක කාරක කිහිපයක් එකිනෙක හා ප්‍රතික්‍රියා කර ඇති කරන රසායනික ද්‍රව්‍ය සියුම් අංශු හා ජල බිඳිති මගින් ඇති කරන පාරදෘශ්‍යභාවය අඩුවීමේ ක්‍රියාවලිය ප්‍රකාශ රසායනික ධූමිකාව ලෙස හඳුන්වයි.

ප්‍රකාශ රසායනික ධුමිකාව ඇතිවීමට හේතු වන රසායනික දූෂක සහ ඒවායේ ප්‍රභව

1)නයිට්‍රික් ඔක්සයිඩ් වායුව(NO)

  • තුළ ඇති දැඩි උණුසුම හා පීඩන නිසා අක්‍රිය නයිට්‍රිජන් බිඳවැටේ මේවා ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර නයිට්‍ර්ක්  ඔක්සයිඩ් වායුව නිපදවයි මේවා වාහනයහනය අපවහන පද්ධතිය හරහා පරිසරයට එක් වෙයි

2)වාශ්පශීලී හයිඩ්‍රොකාබන්(නොදැවුණු ඉන්ධන) CH3(CH2)nCH3        n=(1-4)

  • වාහනයේ අපවාහන පද්ධතිය හරහා
  • දැඩි වාෂ්පශීලීතාවය හේතුවෙන් ඉන්ධන ටැංකිය තුළින්
  • කාබියුලේටරය තුළින්
  • මෙම වායුන් දෙකම වාතයට එක්වන රථ වාහන ගමනාගමනය හේතුවෙනි.

ප්‍රකාශ රසායනික ධූමිකාවේ රසායනය

  • මීට අමතරව සෑදුනු මුක්ත OH පරමාණුක ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර ඕසෝන් සාදයි.
  • එම ඕසොන් වාෂ්පශීලී හයිඩ්‍රොකාබන සමග ප්‍රතික්‍රියා කර ඇල්කයිල්(R.) සහ පෙරොක්සි ඇල්කයිල්(ROO.) මුක්ත ඛණ්ඩ සාදයි.
  • මෙම ඛණ්ඩ NO2 සහ O2 සමග ප්‍රතික්‍රියා කර කෙටි තාම ඇල්හයිඩ හා පෙරොක්සිඇසිටයිල් නයිට්‍රේට(PAN),පෙරොක්සි බෙන්සයිල් නයිට්‍රේට(PBN)
  • මෙම ඇල්හයිඩ බහුඅවීකරණයට ලක්වීමෙන් වාතයේ සැරිසරන ඉතා කුඩා අංශු හට ගනී.ඒවා දූවිලි වැනි විශාල අංශු මත හටගෙන පාරදෘශ්‍යතාව අඩුවී තිමිර පටලයක් හටගනී.
  • ප්‍රකාශක රසායනික ධුමිකාව ඇසට පෙනෙන එකම වායු දූෂණ අවස්වතාවයි.

ප්‍රකාශක රසායනික ධුමිකාව අහිතකර බලපෑම

  • ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස ඔසෝන් නිපදවෙයි.ඕසෝන් විස සහිත බැවින් ආග්‍රහණය වීමෙන් ශ්වසනාබාධ කැස්ස වැනි රෝග හට ගනී.
  • ඕසෝන් වලට නිරාවරණය වීමෙන් ශාක පත්‍රවල පත්‍රවල හරිතප්‍රද විනාශ වෙයි.මෙම නිසාවෙන් ශාක පත්‍ර මත කහ පැහැති පැල්ලම් ඇති වේ.මෙය ශාකවල අහාර නිෂ්පාදනය සඳහා බලපායි.
  • ඕසෝන් රබර් වල ඇති ද්විත්ව බන්ධන විච්ඡේදනය කරයි.එම නිසා රබර ආශ්‍රිත නිෂ්පාදන වල යාන්ත්‍රික ශක්තිය අඩුවේ.
  • ප්‍රකාශිත රසායනික දූමිකාව නිසාවෙන් ඇතිවන ඇල්හයිඩ නිසා ස්වසන ආබාධිත තත්ත්ව,ඇදුම හතිය බ්‍රොන්කයිටිස් වැනි රෝග හට ගනී.
  • ප්‍රකාශ රසායනික ධූමිකා නිසා ඇතිවන PAN සහ PBN පිළිකාකාරී නොවන අතර ඒවා ජාන විකෘතිතා ඇති කරයි .මීට අමතරව එන්සයිම වල  ක්‍රියාකාරිත්වයටද බාධා ඇති කරයි.
  • වර්ණක විරංජනය නිසා රෙදිපිළිවල ගුණාත්මක බව අඩුවේ.
This quiz no longer exists

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.