01.01.02 – උපපරමාණුක අංශු(ඉලෙක්ට්‍රෝනය)

0
1699

ඩෝල්ටන්ගෙ උපකල්පන වලට අනුව පරමාණුව තවදුරටත් බෙදිය නොහැකි බව පැවසේ.

නමුත් පසුව කල අධ්‍යන මගින් ඊටත් වඩා කුඩා අංශු වලට බෙදිය හැකි බව අනාවරණය විය.

මින් වඩාත් වැදගත් වනුයේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හා නියුට්‍රෝනයි.

සියලුම මූලද්‍රව්‍ය පරමාණු ගොඩ නැගී ඇත්තෙ මෙම අංශු වර්ග තුනෙනි.

ඉහත අංශු වර්ග සෑම පරමානුවකම තුනම නැත.

උදා – 11 H වල නියුට්‍රෝන නැත.

උපපරමාණුක අංශු අනාවරණය,

ඉලෙක්ට්‍රෝන හෙවත් කැතෝඩ කිරණ,

විද්‍යුත් විච්ඡේදනය පිලිබද ෆැරඩේ නියම භාවිතා කොට සෛද්ධාන්තිකව මූලද්‍රව්‍ය පරමාණුවක් ආශ්‍රිතව තිබිය හැකි කුඩාම විද්‍යුත් ප්‍රමාණය,

  • F/L = ෆැරඩේ නියතය / ඇඩගාඩ්රෝ අංකය = 1.602×10 -19

මෙම විද්‍යුත් ප්‍රමාණය විද්‍යුතයේ පරම ඒකකය වන විද්‍යුත් පරමාණුව ලෙස හැදින්වීය.

1891 දී මෙම කුඩා විද්‍යුත් ප්‍රමාණය හැදින්වීටම ස්ටෝනි විසින් ඉලෙක්ට්‍රෝනය යන නම තැබීය.

එබැවින් ස්ටෝනි විසින් ඉලෙක්ට්‍රෝනය පිලිබද පලමුවෙන්ම ප්‍රකාශ කරන ලදි.

කැතෝඩ කිරණ් මගින් භෞතිකව පරීක්ෂනාත්මකව ඉදිරිපත් කලේ ජේ.ජේ.තොම්සන් විසිනි.

ඉලෙක්ට්‍රෝන හෙවත් කැතෝඩ කිරන අනාවරනය,

දෙකෙලවර සවි කල ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර කිලෝ වෝල්ට් 5 – 10 අතර අධික විභව අන්තරයක් යොදා පීඩනය ක්‍රමයෙන් අඩු කිරීමේදී කැතෝඩය වටා දිලිසීමක් ඇතිවිය.

තවදුරටත් පීඩනය අඩු කරන විට දිලිසුම කැතෝඩයෙන් වෙන්වී ඇනෝඩය දෙසට යයි.

ඇනෝඩය  හා කැතොඩය අතර අදුරු ප්‍රදේශයක් ඇතිවන බවද කෲක්ස් නිරීක්ෂනය කලේය.මෙය කෲක්ස් අදුරු පෙදෙස නම් වේ.

නලය තුල පීඩනය තවදුරටත් අඩු කිරීමේදී පීඩනය රසදිය මිලිමීටර් 0.1-0.01 ත් අතර පමණ වූ විට නලය පුරා මෙම අදුරු ප්‍රදේශය පැතිර යන අතර එවිට කැතෝඩයේ සිට ඉදිරියට කිරණ කදම්බයක් ගමන් කරන ලදි.මේවා නලයෙ පැති බිත්ති වල වැදීමෙන් ලා කොල පාටට දිලිසුනි.කැතෝඩයෙන් එන බැවින් තොම්සන් විසින් ඒව කැතෝඩ කිරණ ලෙස හදුන්වන ලදි.

කැතෝඩ කිරණ නලය ,

  • පරමානුව හා විද්‍යුතය අතර සම්බන්ධය සෙවීමට මෙය යොදාගනී.
  • කැතෝඩයේ සිට විහිදෙන කිරන කැතෝඩ කිරන නම් වේ.
  • කැතෝඩ කිරන යනු ඉලෙක්ට්‍රෝන ධාරාවකි.

මෙම පරීක්ෂණයෙන් පරමාණු තුල ඉලෙක්ට්‍රෝන ඇති බවට තහවුරුවිය.

කැතෝඩ කිරණවල ලක්ෂණ

  • ගුණාත්මක ලක්ෂණ,

1.සරල රේඛීයව ගමන් කරයි.

 පැහැදිලි කිරීම – මෙම කිරණ ගමන් කරන මාර්ගයේ තබන ලද කුරුස හැඩැති ලෝහ තහඩුවක තියුණු මායිම් සහිත සෙවනැල්ලක් ඇතිවීමෙන් මෙය පැහැදිලි වේ.

2.චුම්බක ක්ශේත්‍රයකදි කැතෝඩ කිරණ උත්ක්‍රමණය වේ,

පැහැදිලි කිරීම – කැතෝඩ කිරන ගමන් කරන මාර්ගය හරහා චුම්බක ක්ශේත්‍රයක් යෙදු විට N හෝ S ධැව වෙත ආකර්ෂනය නොවන අතර චුම්බක ක්ශේත්‍රයට අභිලම්බ වන ආකාරයට රිණ අංශු උතක්‍රමණය වූ දිශාවට ඇදේ.

3.විද්‍යුත් ක්ශේත්‍රයකට උත්ක්‍රමණය වේ.


පැහැදිලි කිරීම – කැතෝඩ කිරණවල ගමන් මාර්ගයට ලම්බකව විද්‍යුත් ක්ශේත්‍රයක් යෙදූ විට කිරණ ධන තහඩුව වෙත ඇදේ.එනම් ඍණ ආරෝපිතය.

4.කැතෝඩ කිරණ වලට ගම්‍යතාවක් ඇත.

පැහැදිලි කිරීම –  ගම්‍යතාව = ස්කන්ධය × ප්‍රවේගය

කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයේ ආධාරකයක් මත භ්‍රමණය විය හැකි හබල් පෙති සහිත සැහැල්ලු රෝදයක පෙති මතට කැතෝඩ කිරණ පතිත කරවූ විට රෝදය භ්‍රමණය වේ.එනම් යාන්ත්‍රික බලයක් යෙදීමෙ හැකියාවක් කැතෝඩ කිරණවලට ඇත.එම නිසා ගම්‍යතාවක් ඇත.එනම් කැතෝඩ කිරණ අංශුවලට ස්කන්ධයක් හා ප්‍රවේගයක් ඇත.

5.ඉලෙක්ට්‍රෝන හෙවත් කැතෝඩ කිරණ අංශුවක් වේ.

ඉලෙක්ට්‍රෝන වලට අංශුමය හා තරංගමය ගුණ දෙකම දැක්විය හැකිය.

  • අංශු ලෙස හැසිරෙන බවට සාක්ෂි :- ගම්‍යතාවක් තිබීම.
  • තරංග ලෙසට හැසිරෙන බවට සාක්ෂි :- විවර්තනය සහ නිරෝධනය වැනි තරංග වලටම ආවේණික ගුණ පෙන්වයි.

එනම් ඉලෙක්ට්‍රෝන අංශු හා තරංග යන ආකාර දෙකටම හැසිරෙන අතර මෙම ගුණ දෙකම එකවර මැනිය නොහැක.

6.කැතෝඩ කිරණ හෙවත් ඉලෙක්ට්‍රෝන කැතෝඩ පෘෂ්ටයට ලම්බකව කැතෝඩයෙන් නිකුත් වේ.

අවතල කැතෝඩයක් භාවිතයෙන් අභිසාරි කැතෝඩ කිරණ කදම්බයක් ලැබේ.උත්තල කැතෝඩයක් භාවිතා කලවිට අපසාරි කැතෝඩ කිරණ කදම්බයක් ලැබේ.

7.අවර්ණය.නමුත් වීදුරු මත ගැටීමෙන් ප්‍රතිදීප්තියක් ඇතිවි කොල පැහැයෙන් දිස්වේ.

8.කැතෝඩ කිරණවලට තුනී තහඩු හරහා ගමන් කල හැක.වායු අයනීකරණය කල හැක.යම් තත්ව යටතේ විකිරණශීලීව හැසිරේ.එබැවින් එක්ස් කිරණ ලබාගත හැක.

9.යම් වස්තුවක ගැටුන විට එහි උෂ්ණත්වය ඉහළ යයි.

10.ඉලෙක්ට්‍රෝනවල ගුණ නලය තුල ඇති වායුව මත රදා නොපවතී.

11.ඉලෙක්ට්‍රෝනයක් ක්ශේත්‍රයට ලම්බකව වැටුන විට වෘත්තාකාර මාර්ගයක ගමන් කරන අතර ආනතව වැටුන විට සර්පිලාකාර මාර්ගයක ගමන් කරයි.

12.ඉලෙක්ට්‍රෝනයෙහි ප්‍රවේගය ආලෝකයෙ ප්‍රවේගයට සමාන නැත.එය මෙන් 0.25 – 0.9 අතර ප්‍රමාණයක් ගනියි.

13.ඉලෙක්ට්‍රෝන යනු විද්‍යුත් චුම්බක විකිරණ නොවේ.විද්‍යුත් හෝ චුම්බක ක්ශේත්‍රයකට උත්ක්‍රමණය නොවන ඒවා විද්‍යුත් චුම්බන විකිරණ වේ.

  • ප්‍රමාණාත්මක ලක්ෂණ,

1.මිලිකන් විසින් තෙල් බිංදු පරීක්ෂනයෙන් සොයා ගන්නා ලදි.ඉලෙක්ට්‍රෝන මවුලයක ආරෝපණය,

96487 × (1F) / 6.023 × 10 23 =1.6027×10-19 C

2. e/m අනුපාතය,

ජේ. ජේ තොම්සන් විසින් සොයාගන්නා ලදි.

1.759×108 Cg-1= e/m

නලය තුල කුමන ඉලෙක්ට්‍රෝඩය හෝ කුමන වායුව පැවතියද e වල e/m අනුපාතය ගණනය කලවිට ලැබෙනුයේ එකම අනුපාතයකි.එමෙන්ම පරීක්ෂනාත්මකව සොයාගත්  ආරෝපනයද නියත වේ.එනම් සෑම අවස්තාවකදීම කැතෝඩ කිරණවල අඩංගු වුයේ එකම අංශු වර්ගයක් බවත් ,එය සෑම පදාර්ථයකටම පොදු වු අංශු වර්ගයක් බවත් තොම්සන් නිගමනය කලේය.

e/m = 1.759×108 C g -1

e = 1.602×10-19 C

m = 9.107×10-31 kg


  කැතෝඩ කිරණ නළ පරීක්ශනයන් සිදු කරන ආකාරය අන්තරගත වේ. (අන්තර්ගතය ඉන්ග්‍රීසි බසින් )

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.