02.01.03 – ධ්‍රැවණශීලතාවය

0
1292

විද්යුත් සෘණතා වෙනස අනුව බන්ධන වර්ගීකරණය කිරීමේදී ලැබෙන අයනික බන්ධන 100% අයනික බන්ධන නොවේ. මෙය පරිපුර්ණ අයනික බන්ධන වේ. එවැනි බන්ධන ස්වභාවයේ නොපවතී.

එමනිසා ධ්‍රැවණශීලතාවය යන සංකල්පය බිහිවේ.

අයනික බන්ධන වලට  සහසංයුජ ලක්ෂණ ලබාගැනීමට ඇති හැකියාව මනිනු ලබන මිනුමක් ධ්‍රැවණශීලතාවය නම්වේ.

ධ්‍රැවණශීලතාවයෙදී කැටායනය මගින් කරන ආකර්ෂණය හමුවේ ඇනායනයේ ඉලෙක්ට්‍රොන වලාවේ හැඩය වෙනස් වීමට ඇති හැකියාව ඇනායනයේ ධ්‍රැවණශීලතාවයයි.

එහිදී ඇනායනය ධ්‍රැවිකරණය වේ. හැඩය විකෘති වේ.

එමනිසා ධ්‍රැවණශීලතාවය වැඩිවන විට,

  • බන්ධනයේ අයනික ලක්ෂණ අඩුවේ.
  • බන්ධනයේ සහසංයුජ ලක්ෂණ වැඩිවේ.

ධ්‍රැවණශීලතාවය කෙරෙහි බලපාන සාධක

  • ඇනායනික සාධක

ධ්‍රැවණශීලතාවයෙදී ඇනායනයේ ඉලෙක්ට්‍රොන වලාවේ හැඩය විකෘති වේ.

  1. ඇනායනයේ අරය වැඩිවන විට හා,
  2. ඇනායනයේ ආරෝපණය වැඩිවන විට,
  • ඇනායනයේ ඉලෙක්ට්‍රොන වලවේ විශාලත්වය වැඩිවේ.
  • එනම් ඇනායනයේ හැඩය වෙනස්වීමේ හැකියව වැඩිවේ.
  • එනම් ඇනායනයේ ධ්‍රැවණශීලතාවය වැඩිවේ.
  • එමනිසා බන්ධනයේ සහසංයුජ ලක්ෂණ වැඩිවේ.
  • අයනික ලක්ෂණ අඩුවේ.
  • කැටායනික සාධක

ධ්‍රැවණශීලතාවයෙදී කැටායනයේ ඉලෙක්ට්‍රොන වලාවේ හැඩය වෙනස් නොවේ. නමුත් කැටායනයට ඇනායනයේ ඉලෙක්ට්‍රොන වලාවේ හැඩය විකෘති කල හැක. එනම් කැටායනයට ඇත්තේ ධ්‍රැවිකරණ බලයකි.

  1. කැටායනයේ අරය අඩුවන විට හා,
  2. කැටායනයේ ආරෝපණය වැඩිවන විට,
  • කැටායනයේ ආරෝපණ ඝනත්වය වැඩිවේ.
  • එනම් කැටායනයේ ධ්‍රැවිකරණ බලය වැඩිවේ.
  • එනම් ඇනායනයේ ධ්‍රැවණශීලතාවය වැඩිවේ.
  • එමනිසා බන්ධනයේ සහසංයුජ ලක්ෂණ වැඩිවේ.
  • අයනික ලක්ෂණ අඩුවේ.

ධ්‍රැවණශීලතාවයේ වැදගත්කම

සංයෝග වල ඇතැම් ගුණ විචලනය වන ආකාරය ධ්‍රැවණශීලතාවය මගින් පැහැදිලි කල හැක.

උදා – ක්ෂාරීය පාංශු ලෝහ සාදන කාබනේට වල තාපස්ථායිතාව කාණ්ඩය ඔස්සේ පහලට යනවිට,

           BeCO3 < MgCO3 < CaCO3 < SrCO3 < BaCO3      ලෙස වැඩිවේ.

හේතුව –

  • මෙහි ඇනායනය සමාන වේ.
  • කැටායනයේ ආරෝපණ සමාන වේ.
  • කැටායනයේ අරය කාණ්ඩයේ පහලට යනවිට,
  • Be2+ < Mg2+ < Ca2+ < Sr2+ < Ba2+  ලෙස වැඩිවේ.
  • ඒ අනුපිලිවෙලට ධ්‍රැවීකරණ බලය අඩුවේ.
  • ධ්‍රැවණශීලතාවය අඩුවේ.
  • එමනිසා අයනික ලක්ෂණ වැඩිවේ.
  • එමනිසා තාපස්ථායිතාව වැඩිවේ.   

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.