හැදින්වීම
පදාර්ථය යනු අවකාශයක් අත්කර ගන්නා ස්කන්ධයක් සහිත ඕනෑම දෙයක් වන අතර එය දැක්විය හැකි හා ඇල්ලීමට හැකි දෙයක් ලෙස මෙන්ම වාතේ අපට නොපෙනෙන දෙයක් ද විය හැකිය. සංයුති හා ගුණ පදනම් කරගෙන ද්‍රව්‍ය මිශ්‍රණ මූල ද්‍රව්‍ය මෙන්ම පරමාණු සහ අනු ආදී විවිධ ආකාර මෙහිදී හඳුනාගත හැකිය. සියලුම ද්‍රව්‍ය ඝන ද්‍රව වායු ලෙස මූලික අවස්ථා තුන් පැවතිය හැකිය.
ඝන ද්‍රව හා වායු වල ගුණාත්මක සංසන්දනය
ලක්ෂණය | ඝන | ද්‍රවය | වායු |
අංශුවල පිහි පිහිටීම | ඉතා ළඟින් හා තදින් ඇසිරී ඇත. | අංශු තරමක් දුරින් නමුත් ආකර්ෂණ බල සහිතව පවතී. | අංශුව අපරිමිත දුරකින් පවතින අතර සෑම විටම එම දුර ප්‍රමාණය වෙනස් වේ. |
ආකර්ෂණ බල | ස්ථිර ප්‍රබල ආකර්ෂණ බල ඇත. | දුර්වල වෙනස්වෙන වෙන සුළු ආකර්ෂණ බල පවතී. | වායු අතර ආකර්ෂණ බල නොගිණිය හැකි තරම් කුඩා ය. |
අංශ චලන හැකියාව | චලනය ඉතා අඩුයි. | තම අක්ෂය වටා භ්‍රමණය වීමට හෝ කිසියම් සංඛ්‍යාතයකින් අංශු චලනය වීමට හැකිය. | පවතින උෂ්ණත්වය යටතේ චලනය වේ. |
පරිමාව | නියත හා නිශ්චිත වේ. | එය අඩංගු භාජනයේ හැඩය ගනී මතුපිට ස්ථරය තිරස්ව පවතී. | අඩංගු බදුන පුරා අවකාශයේ විසිරී යයි. |
ඝනත්වය | පරිමාව සාපේක්ෂව අඩු නිසා නිසා ඝනත්වය ඉතා ඉහළය. | ඝනයකට වඩා ඝනත්වය අඩුය. | ඝනත්වය ඉතා අඩුයි |
සම්පීඩන හැකියාව | නැත. | ඉතා අල්පමාත්‍රව ඇත.. | ඉතා ඉහළ සම්පීඩන ගුණයක් ඇත. |
ප්‍රසාරණ හැකියාව | තාපය හමුවේ සුළු වශයෙන් ප්‍රසාරණය විය හැකියි. | ඝනලට වඩා ප්‍රසාරණය හැකියාව ඉහළය. | ඉතා විශාලය. උෂ්ණත්වය සුළු වෙනසක දී පවා පරිමාවේ විශාල වැඩිවීම්ක් සිදුවේ. |
- රත් කිරීමෙන් හෝ සිසිල්න යෙන් එක් අවස්ථාවක පවතින පදාර්ථය තවත් අවස්ථාවල පරිවර්තනය කළ හැකිය. උෂ්ණත්වය වැඩි කිරීමේදී අංශවල චලන වේගය ඉහළ යෑමක් අංශුවල අතරතුර වැඩි කිරීමත් කරණ කොටගෙන පදාර්ථ අවස්ථා වෙනස් වේ. ඒ අනුව උෂ්ණත්වය වැඩි කිරීමේදී ඝන අවස්ථාවේ ඇති ද්‍රව්‍ය ද්‍රව අවස්ථාවටත් ද්‍රව අවස්ථාවේ ඇති ද්‍රව්‍ය වායු අවස්ථාවට පත්වේ. උෂ්ණත්ව අඩු වීමත් සමග මේ සිදු වන්නේ මෙහි විලෝමයයි. පදාර්ථය එහි අවස්ථා අතර අන්තර්පරිවර්තනයට භාජනය කළ හැකි ආකාරය පහත රූපයෙන් පෙන්නුම් කෙරේ.
- පදාර්ථයේ ප්‍රධාන අවස්ථාවන් තුනෙහි ගුණ විස්තර කරන විට අංශවල සැකසුම හා චලනය මූලිකව වේ. විශේෂයෙන්ම යම් ද්‍රව්‍යයක ඇති අනුව පරමාණු වල චලනය නිසා හටගන්නා ශක්තිය තාපය ද ශක්තිය වන අතර එය ද්‍රව්‍ය උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වේ. එමගින් පදාර්ථයේ ඇති අංශුවල මධ්‍යන්න චාලක ශක්තිය මැනෙන බැවින් එය අංශවල චලනය හෝ තාපජ චලිතය සඳහා හේතු වේ.
- අන්තර් අණුක බල මගින් අණු එකිනෙකට ළංව පැවතීමටත් තාප ශක්තිය මගින් අණු එකිනෙකට ඈත් වීමටත් පෙළඹෙන අතර මෙම අන්තර් අණුක බල හා තාප ශක්තිය අතර සමතුලිතතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස පදාර්ථය ඒ ඒ අවස්ථාවන්හි පැවතීම දී තීරණය වේ.
- අන්තර් අණුක ආකර්ෂණ බල ඉතා දුබල වන විට උෂ්ණත්වය අඩු කිරීමෙන් තාපය ශක්තිය අඩු කළහොත් අනු ද්‍රව හෝ ඝන හෝ ලෙස පැවතීමට නොපෙළඹේ. අණු එකිනෙකට ඉතා තදින් ඇති විට සහ අන්තර් අණුක බල උපරිම ව පැවැති විට පවා සම්පිණ්ඩණය මඟින් පමණක් වායු අවස්ථා අවස්ථාවට පත් නොවේ. කෙසේ වුවද උෂ්ණත්වය අඩු කිරීම් මගින් අනුව තාපජ ශක්තිය අඩුවන විට වායු ඉතා පහසුවෙන් ද්‍රව කළ හැකිය. මෙම හැසිරීම් පහත් රූපයෙන් දැක්වේ.
වායුමය අවස්ථාව
- ඉතා කුඩා අංශු වලින් යුත් නිර්මාණය වූ වේගයෙන් චලනය වන අංශු සමූහයක් කින් යුක්ත පදාර්ථමය අවස්ථාව වායු මේ පදාර්ථය යි
පරිපූර්ණ වායු හා තාත්වික වායු
- ලක්ෂීය ස්කන්ධයක් ලෙස හැසිරෙන එකිනෙක කෙරෙහි ආකර්ෂණ බල හෝ විකර්ශන බලෂණ බල නොපෙන්වන එනම් ස්වභාවයේ හැසිරෙන අංශු සමූහයක් පරිපූර්ණ වායු ලෙස හැඳින්වේ .
- සැලකිය යුතු විශාල පරිමාවක් දරන එකිනෙක කෙරෙහි සෑම විටම ආකර්ෂණ බල හෝ වික්ර්ශණ බල පවතින වායු ආකාර තාත්වික වායු ලෙස හැඳින්වෙයි
- එනම් පරිපූර්ණ වායු අතාත්විකයි එය සංකල්පයක් පමණි
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.