06.01.03 – s ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සං‍යෝගවල ජල ද්‍රාව්‍යතාවය

0
372
  • සංයෝගවල ජල ද්‍රාව්‍යතාවය පහත සාධක මත රඳා පවතී.
  • භාවිතා කරන ජලයේ පවතින උෂ්ණත්වය
  • භාවිතා කරන ජල පරිමාව
  • සංයෝගය පවතින ධන අයනයට හෝ ඍණ අයනයට පොදු අයනයක් තිබීම හෝ නොතිබීම මත (පොදු අයනයක් ඇති විට ජල ද්‍රාව්‍යතාවය අඩු වේ.)

I කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාදන සංයෝගවල ජල ද්‍රාව්‍යතාවය

I කාණ්ඩයේ ඔක්සයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියා
  • I කාණ්ඩයේ සියලු මූලද්‍රව්‍ය ඉතා හොඳින් ජලයේ දියවී ක්ෂාර ද්‍රාවණ සාදයි .
  • නමුත් S ගොනුවේ ඇතැම් ඔක්සයිඩ (BeO, MgO) ජලයේ දියවීම අඩුය.
  • I කාණ්ඩයේ ලෝහ මොනොක්සයිඩ ජලයේ දියවී අදාල ලෝහයේ හයිඩ්‍රොක්සයිඩය බවට පත්වෙයි.
    • Na2O(s) + H2O(l) → 2NaOH(aq)
  • එම කාණ්ඩයේ සියලු ලෝහ පෙරොක්සයිඩද ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් අදාල ලෝහයේ හයිඩ්‍රොක්සයිඩය සාදා H2O2 ඇතිකරයි.
    • Na2O2(s) + 2H2O(l) → 2NaOH(aq) + H2O2(aq)
  • I කාණ්ඩයේ සියලු ලෝහ සුපර් ඔක්සයිඩ ද ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් අදාල ලෝහයේ හයිඩ්‍රොක්සයිඩය,  H2O2 හා O2 ලබාදෙයි .
    • 2NaO2(s) + 2H2O(l) → 2NaOH(aq) + H2O2(aq) + O2(g)

I කාණ්ඩයේ නයිට්‍රයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියා

  • I කාණ්ඩයේ ලෝහ අතුරින් Li පමණක් නයිට්‍රයිඩ සාදයි. මෙම නයිට්‍රයිඩය ජලය සමඟ ප්‍රතික්‍රියා වී හයිඩ්‍රොක්සයිඩය සාදා NH3 පිටකරයි .
    • Li3N(s) + 3H2O(l) → 3LiOH(aq) + NH3(g)
  • I කාණ්ඩයේ ලෝහ මූලද්‍රව්‍ය සාදන ක්ලෝරයිඩ, බ්‍රෝමයිඩ, අයඩයිඩ, නයිට්‍රයිට, නයිට්‍රේට, සල්ෆයිඩ, බයිකාබනේට, කාබනේට, ඔක්සලේට, පොස්පේට, ක්‍රෝමේට, ප’මැන්ගනේට, සල්ෆේට ,සල්ෆයිට.. ආදි සංයෝග සියල්ලම ජල ද්‍රාව්‍ය සංයෝග වේ.

II කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාදන සංයෝගවල ජල ද්‍රාව්‍යතාව

  • II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල සංයෝගවල ජල ද්‍රාව්‍යතාවය පහත රටා වලට අනුව සිදුවේ.
  • II කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාදන හයිඩ්‍රොක්සයිඩ හා ඔක්සයිඩවල ජල ද්‍රාව්‍යතාවය කාණ්ඩයේ පහළට යන විට වැඩි වේ.
  • නමුත් අනෙක් සියලු සංයෝග වල  කාණ්ඩයක් දිගේ පහලට යන විට ජල ද්‍රාව්‍යතාවය අඩුවේ.
  1. II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ඔක්සයිඩ
    • BeO – ජල අද්‍රාව්‍ය සුදු අවක්ෂේප වේ.
    • BeO – ජල අද්‍රාව්‍ය සුදු අවක්ෂේප වේ.
    • MgO – ජල අද්‍රාව්‍ය සුදු අවක්ෂේප වේ.
    • CaO – ජලයේ ද්‍රවණය වෙමින් අවර්ණ ද්‍රාවණ සාදයි.
    • SrO – ජලයේ දියවෙමින් අවර්ණ ද්‍රාවණ සාදයි.
    • BaO – ජලයේ දියවෙමින් අවර්ණ ද්‍රාවණ සාදයි.
  2. II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල හයිඩ්‍රොක්සයිඩ
    • Be(OH)2 – ජල අද්‍රාව්‍ය සුදු අවක්ෂේප වේ.
    • Mg(OH)2 – ජල අද්‍රාව්‍ය සුදු අවක්ෂේප වේ.
    • Ca(OH)2 – මඳ වශයෙන් දිය වේ.
    • Sr(OH)2 – දිය වී අවර්ණ ද්‍රාවණ සාදයි.
    • Ba(OH)2 – දිය වී අවර්ණ  ද්‍රාවණ සාදයි.
  3. II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල සල්ෆේට
    • BeSO4 – දිය වී අවර්ණ ද්‍රාවණ සාදයි.
    • MgSO4 – දිය වී අවර්ණ ද්‍රාවණ සාදයි.
    • CaSO4 – මඳ වශයෙන් දිය වේ.
    • SrSO4 – ජල අද්‍රාව්‍ය සුදු අවක්ෂේප වේ.
    • BaSO4 – ජල ද්‍රාව්‍ය සුදු අවක්ෂේප වේ.

      ඉහත ජල අද්‍රාව්‍ය වන සල්ෆේට අම්ල තුළ ද දිය නොවේ.

  4. II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ක්‍රෝමේට
    • BeCrO4 – ජලයේ දිය වේ.
    • MgCrO4 – ජලයේ දිය වේ.
    • CaCrO4 – මඳ වශයෙන් ජලයේ දිය වේ.
    • SrCrO4 – ජල අද්‍රාව්‍ය කහ අවක්ෂේප සාදයි.
    • BaCrO4 – ජල අද්‍රාව්‍ය කහ අවක්ෂේප සාදයි.

      ඉහත ජලයේ අද්‍රාව්‍ය වන සංයෝග තනුක අම්ල තුළ දිය වෙමින් තැඹිලි පාට ද්‍රාවණයක් සාදයි.එයට හේතුව ක්‍රෝමේට් අයන අම්ල තුළ ඩයික්‍රෝමේට් අයන බවට පරිවර්තනය වීමයි. (Cr2O72-)

      ඉහත ජලයේ දිය නොවන සංයෝග තනුක අම්ල තුළ දිය වෙි.
  1. II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ඔක්සලේට

ඉහත ජලයේ දිය නොවන සංයෝග තනුක අම්ල තුළ දියවේ.

  1. II කාණ්ඩයේ  මූලද්‍රව්‍යවල කාබනේට

ඉහත ජලයේ දිය නොවන සංයෝග තනුක අම්ල තුළ දියවේ.

  1. II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල පොස්පේට

ඉහත ජලයේ දිය නොවන සංයෝග තනුක අම්ල තුළ දියවේ.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.