06.01.04 – s ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සං‍යෝගවල තාප ස්ථායිතාවය

0
426
  • සංයෝගයක් තාපය හමුවේ වියෝජනය වීම හෝ නොවීම යන ලක්ෂණයට හේතුවන්නේ එම සංයෝගයේ තාප ස්ථායිතාවය යි.

I කාණ්ඩයේ ලෝහ මූලද්‍රව්‍ය සාදන සංයෝගවල තාප ස්ථායිතාව

  1. ඔක්සයිඩවල තාප ස්ථායිතාව
    • S ගොනුවේ ලෝහ මූලද්‍රව්‍ය සාදන සියලු ඔක්සයිඩ තාප ස්ථායි බැවින් තාපය හමුවේ වියෝජනය නොවෙයි.
  1. හයිඩ්‍රොක්සයිඩවල තාප ස්ථායිතාව
    • I කාණ්ඩයේ ලෝහ අතරින් Li සාදන හයිඩ්‍රොක්සයිඩය පමණක් තාප අස්ථායි වන අතර එය තාපය හමුවේ වියෝජනය වී ඔක්සයිඩය හා ජලය සාදයි.
  1. නයිට්‍රේටවල තාප ස්ථායිතාව
    • Li සාදන නයිට්‍රේටය පමණක් දුඹුරු පැහැති NO2 වායුව, ඔක්සයිඩය හා වායුව ලබාදෙමින් තාප වියෝජනය වෙයි.
  • Na, K, Rb, Cs යන සෙසු මූලද්‍රව්‍ය සාදන නයිට්‍රේට ද තාපය හමුවේ වියෝජනය වී එම ලෝහයේ නයිට්‍රයිටය සාදා O2 පිටකරයි.
  1. කාබනේටවල තාප ස්ථායිතාව
    • I කාණ්ඩයේ Li සාදන කාබනේටය පමණක් තාප අස්ථායි බැවින් පහත ආකාරයට වියෝජනය වී සංයෝග ඇතිකරයි. සෙසු මූලද්‍රව්‍ය සාදන කාබනේට තාප ස්ථායි වේ.
  1. ඔක්සලේටවල තාප ස්ථායිතාව
    • s ගොනුවේ ලෝහ මූලද්‍රව්‍ය සාදන ඔක්සලේට සියල්ල තාප අස්ථායි බැවින් තාපය හමුවේ වියෝජනයෙන් ලෝහයේ කාබනේටය ඇතිකර CO වායුව පිටකරයි .

නමුත් I කාණ්ඩයේ ඔක්සලේට සැලකීමේදී Li2C2O4 වියෝජනයෙන් ඇතිවන කාබනේටය ද තාප අස්ථායි බැවින් එය ඔක්සයිඩය දක්වා වියෝජනය වී CO2 , COවශයෙන් අවසාන ප්‍රතිඵල ඇතිකරයි.

  1. බයිකාබනේටවල තාප ස්ථායිතාව
    • S ගොනුවේ කාණ්ඩ දෙකෙහිම ලෝහ බයිකාබනේට තාප අස්ථායි වන අතර වියෝජනය වී ලෝහයේ කාබනේටය , CO2 හා H2O ඇතිකරයි.
  • නමුත් I කාණ්ඩය පමණක් සැලකීමේදී NaHCO3 තාප අස්ථායි වන අතර වියෝජනය වී ලෝහයේ ඔක්සයිඩය , CO2 හා H2O වශයෙන් අවසාන ප්‍රතිඵල ඇතිකරයි.
  • LiHCO3 හා 2 කාණ්ඩයේ සියලු බයිකාබනේටවල වියෝජන උෂ්ණත්වය 100°C ට වඩා අඩු නිසා ඒවා ඝන තත්වයෙන් ලබාගත නොහැකි අතර ජලීය ද්‍රාවණ තුළ පමණක් පවතියි.

දෙවන කාණ්ඩයේ ලෝහ මූලද්‍රව්‍ය සාදන සංයෝගවල තාප ස්ථායිතාව

  • තාපස්ථායිතාවය සදහා බලපාන්නේ කිසියම් ආරෝපිත අංශුවක ධ්‍රැවීකරණ බලය යි .
  • කිසියම් ආරෝපිත අංශුවක හෝ අයනයක  එක ආරෝපණ බෙදීමක් ඇති වීම එම පරමාණුවේ හෝ අයනයේ ධ්‍රැවණශීලීතාවය නම් වේ. මෙලෙස ධ්‍රැවණශීලීතාවය ඇති කිරීමේ හැකියාව ආරෝපිත අංශුවේ ධ්‍රැවීකරණ බලය නම් වේ.
  • මේ අනුව ආරෝපිත අංශුවක ආරෝපණය වැඩි වන විට  සහ අරය අඩු වන විට ධ්‍රැවීකරණ  බලය වැඩි වේ .
  • ධ්‍රැවීකරණ බලය වැඩි වන විට අයනික සංයෝගයේ අයනික ලක්ෂණ අඩු වන අතර එවිට තාප ස්ථායිතාවය අඩු වන නිසා තාප වියෝජනය පහසු වේ.
  • මේ හේතුවෙන් 2 කාණ්ඩයේ ලෝහ සාදන කැටායන වල අරය කුඩා නිසා ධ්‍රැවීකරණ  බලය වැඩි වී තාප වියෝජනය පහසු වේ. එනම් තාපස්ථායිතාවය, 1 කාණ්ඩයේ මූල ද්‍රව්‍යවලට වඩා මේවායේ අඩු වේ.
  • පහත දැක්වෙන්නේ එක් එක් සංයෝග රත් කලවිට ලබාදෙන ප්‍රතිඵලයි.
  1. කාබනේටවල තාපස්ථායිතාවය
  • මෙහිදී රත් වීමෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව පිට වේ .
  1. නයිට්‍රේටවල  තාපස්ථායිතාවය
  • මේවා රත් වීම මඟින් ඔක්සිජන් වායුව සහ නයිට්‍රජන්ඩයොක්සයිඩ් වායුව පිට කරයි .
  1. හයිඩ්‍රොක්සයිඩවල තාපස්ථායිතාවය

මේවා රත් වීම මඟින් ඔක්සයිඩය සමග සමග ජල වාෂ්ප ලබාදේ .

  1. බයිකාබනේට්වල තාපස්ථායිතාවය
    • දෙවන කාණ්ඩයේ සියලු බයිකාබනේට ජලීය ද්‍රාවණවලදී පමණක් ස්ථායිව පවතී. ඒවා රත් කරන විට ජල  අද්‍රාව්‍ය කාබනේට සාදමින් වියෝජනය වේ. ඊට අමතරව කාබන්ඩයොක්සයිඩ් වායුව සහ ජලය සෑදෙයි.
      • Ca(HCO3)2 → CaCO3 + CO2 + H2O
  1. සල්ෆේටවල තාප ස්ථායිතාවය

මෙම සංයෝග රත් වීම මඟින් ඔක්සයිඩය ඒ සමඟ සල්ෆර්ඩයොක්සයිඩ් වායුව ලබා දෙයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.