06.02.07 – s හා p ගොනු වල මූල ද්‍රව්‍ය මගින් පෙන්නුම් කරන ආවර්තික නැඹුරුතා

0
269

s හා p ගොනු වල මූල ද්‍රව්‍ය මගින් පෙන්නුම් කරන ආවර්තික

ඔක්සයිඩ

Na2Oප්‍රබල භාෂ්මිකඅයනික
MgOභාෂ්මිකඅයනික
Al2O3උභගුණීඅයනික
SiO2දුබල ආම්ලිකසහසං‍යුජ
P2O5 (P4O10)ආම්ලිකසහසං‍යුජ
SO3ප්‍රබල ආම්ලිකසහසං‍යුජ
Cl2O7ඉතා ප්‍රබල ආම්ලිකසහසං‍යුජ
  • භාෂ්මික ඔක්සයිඩ ජලයේ දියවී හයිඩ්‍රොක්සයිඩ සාදන අතර ආම්ලික ඔක්සයිඩ අම්ල සාදයි SiO2 පමණක් ජලය සමඟ ප්‍රතික්‍රියා නොකරයි. Al2O3 උභයගුණී ද්‍රාවණයක් සාදයි.
    • Na2O(s) + H2O(l) → NaOH(aq)
    • MgO(s) + H2O(l) → Mg(OH)2(s)
    • P4O10(s) + H2O(l) → 4H3PO4(aq)
    • SO3(g) + H2O(l) → H2SO4(aq)
    • Cl2O7(l) + H2O(l) → 2HClO4(aq)
  • භාෂ්මික ඔක්සයිඩ සහ අම්ල සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.
    • Na2O(s) + 2HCl(aq) → 2NaCl(aq) + H2O(l)
    •  MgO(s) + 2HCl(aq) → MgCl2(aq) + H2O(l)
  • Al2O3 උභයගුණී වන අතර අම්ල හා භෂ්ම දෙවර්ගයම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.
    • Al2O3(s) + 6HCl(aq) → 2AlCl3(aq) + 3H2O(l)
    • Al2O3(s) + 2NaOH(aq) + 3H2O(l) → 2Na[Al(OH)4](aq)
  • SiO2 දුබල අම්ලයක් නිසා ප්‍රබල භෂ්ම සමඟ පමණක් ප්‍රතික්‍රියා කරයි. අනෙක් ආම්ලික ඔක්සයිඩ භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.
    • SiO2(s) + 2NaOH(aq) → Na2SiO3(aq) + H2O(l)
    • P4O10(s) + 12NaOH(aq) → Na3PO4(aq) + 6H2O(l)
    • SO3(g) + 2NaOH(aq) → Na2SO4(aq) + H2O(l)
    • Cl2O7(l) + 2NaOH(aq) → 2NaClO4(aq) + H2O(l)

හයිඩ්‍රොක්සයිඩ

NaOHප්‍රබල භාෂ්මිකඅයනික
Mg(OH)2භාෂ්මිකඅයනික
Al(OH)3උභගුණීඅයනික
Si(OH)4ඉතා දුබල ආම්ලිකසහසං‍යුජ
P(OH)5ආම්ලිකසහසං‍යුජ
S(OH)6ප්‍රබල ආම්ලිකසහසං‍යුජ
Cl(OH)7ඉතා ප්‍රබල ආම්ලිකසහසං‍යුජ
  • Si, P, S හා Cl හයිඩ්‍රොක්සයිඩ H2SiO3, H3PO4, H2SO4, HClO4 යන ලෙස පවතියි.

හයිඩ්‍රයිඩ

NaHප්‍රබල භාෂ්මිකඅයනික
MgH2භාෂ්මිකඅයනික
AlH3උභගුණීජල සහසං‍යුජ
SiH4ඉතා දුබල ආම්ලිකසහසං‍යුජ
PH3උදාසීනසහසං‍යුජ
H2Sදුබල ආම්ලිකසහසං‍යුජ
HClඉතා ප්‍රබල ආම්ලිකසහසං‍යුජ
  • භාෂ්මික හයිඩ්‍රයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියා කර භාෂ්මික ද්‍රාවණයක් සාදයි.
    • NaH(s) + H2O(l) → NaOH(aq) + H2(g)
    • MgH2(s) + 2H2O(l) → Mg(OH)2(aq) + 2H2(g)
    • AlH3(s) + 3H2O(l) → Al(OH)3(aq) + 3H2(g)
  • PH3 ජලයෙහි දුබල ලෙස ද්‍රාවණය වන අතර උදාසීන ද්‍රාවණයක් සාදයි.
  • H2S හා HCl ජලයත් සමඟ එක්වී ආම්ලික ද්‍රාවණයක් සාදයි.
    • H2S(g) + H2O(l) → HS¯(aq) + H3O+(aq)
    • HCl(g) + H2O(l) → Cl¯(aq) + H3O+(aq)

හේලයිඩ

NaClඋදාසීනඅයනික
MgCl2ඉතා දුබල ආම්ලිකඅයනික
AlCl3දුබල ආම්ලිකසහසං‍යුජ
SiCl4ආම්ලිකසහසං‍යුජ
PCl5(P4O10)ප්‍රබල ආම්ලිකසහසං‍යුජ
SCl2ඉතා ප්‍රබල ආම්ලිකසහසං‍යුජ

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.