06.02.08 – p ගොනුවේ ද්‍රාවණ හඳුනාගන්න ක්‍රම

0
432

01.ඇමෝනියම් ලවණ හඳුනා ගැනීමේ පරීක්ෂණ

  • ඝන ඇමෝනියම් ලවණයට NaOH, Na2CO3 වැනි ප්‍රබල භෂ්මයක් දාමා පිටවන වායුව නෙස්ලර් ප්‍රතිකාරකය ට ඇල්ලීම.
  • මෙහිදී රතු ලිට්මස් නිල් කරන වායුව පිට වන අතර එය නෙස්ලර් ප්‍රතිකාරයකින් පෙඟවූ පෙරහන් කඩදාසියක් කහ දුඹුරු පැහැයට හරවයි.
  • සියලු ඇමෝනියම් ලවණ ප්‍රබල භෂ්ම සමග NH3 පිටකරන අතර NH3 නෙස්ලර් ප්‍රතිකාරකය  කහ දුඹුරු කරයි.
  • NH4+ ලවණයේ ජලීය ද්‍රාවණයට ක්ෂාරයක් දමා නෙස්ලර් ප්‍රතිකාරකය දැමූ විට ද්‍රාවණය කහ දුඹුරු වේ.
02.NO3- හා NO2- හඳුනා ගැනීමේ ප්‍රරීක්ෂන
පරීක්ෂණයNO2¯ වල නිරීක්ෂණයNO3¯ වල නිරීක්ෂණය
1ඝන ලවණයට ත. H2SO4/HCl දමා රත් කිරීමදුඹුරු පාට(NO2) වායුවක් පිට වේ.වෙනසක් නොවේ
2ඝන ලවණයට සාන්ද්‍ර H2SO4 දමා රත් කිරීමදුඹුරු පාට(NO2) වායුවක් පිටවේදුඹුරු පාට(NO2) වායුවක් පිටවේ
3ලවණ ජලීය ද්‍රාවණයකට Al/Zn සමඟ NaOH දමා රත් කිරීම නෙස්ලර් ප්‍රතිකාරකයකින් පෙඟවූ පෙරහන් කඩදාසියක් කහ දුඹුරු කරයි.නෙස්ලර් ප්‍රතිකාරකයකින් පෙඟවූ පෙරහන් කඩදාසියක් කහ දුඹුරු කරයි.
  • NO3¯ හා NO2¯ ආම්ලික මාධ්‍යයකදී Al හා ප්‍රතික්‍රියා කර NH3 පිටකරන නිසා නෙස්ලර් ප්‍රතිකාරකය දුඹුරු කරයි.
පරීක්ෂණයNO2- වල නිරීක්ෂණයNO3- වල නිරීක්ෂණය
ලවණයේ ජලීය H2SO4 දමා නලයේ බිත්ති දිගේ සෑදූ FeSO4 ද්‍රාවණයක් දැමීම්ද්‍රාවණ දෙක ගැටෙන තැන දුඹුරු වන් වලයක් ඇතිවේද්‍රාවණ දෙක ගැටෙන තැන දුඹුරු වන් වලයක් ඇතිවේ
ලවණයේ ජලීය ද්‍රාවණයට ආම්ලික KMNO4 දැමීම.දම් පාට අවර්ණ වේවෙනසක් නොවේ
  • NO3- හාNO2- සාන්ද්‍ර H­2SO4 මාධ්‍යයකදී Fe2+හා එක්වී NO සාදයි. එය FeSO4 ­­සමඟ එක්වී [Fe(NO)]SO සාදයි. මෙය දුඹුරු පාට අස්ථායී සං‍යෝගයකි. රත්කළ/කැලතුව විට දුඹුරු පාට නැති වී NO වායුව පිටකරයි.
    • FeSO4(aq) + H­2SO4(aq) + NaNO3(aq) → NO(g) + Fe2(SO4)3 + Na2SO4(aq) + H2O(l)
    • FeSO4(aq) + NO(g) → [Fe(NO)4]SO4
නයිට්‍රයිට හඳුනාගැනීම
නයිට්‍රේට හඳුනාගැනීම

03.S2- හඳුනා ගැනීමෙ ප්‍රතික්‍රියා

සල්ෆයිඩ හඳුනාගැනීම

04.SO32- හඳුනාගැනීමේ ප්‍රතික්‍රියා

  • SO32- ජලීය ද්‍රාවණයකට AgNO3(aq) දමා රත් කිරීමේදී, පළමුව සුදු අවක්ෂේපයක් හැදී රත් කළ විට කළු පාට අවක්ශේපක් සෑදේ.
    • SO32-(aq) + AgNO3(aq) → AgSO3(s) + 2NO3¯(aq)
    • 2AgSO3(aq) → 2Ag(s) + Ag2SO4(aq) + SO2(g)
  • SO32- ජලීය ද්‍රාවණයකට Pb(NO3)2/ Pb(CH3COO)2 දමා රත් කිරීම.
  • මුලින් සුදු අවක්ෂේපයක් ඇතිවී රත්කල විටදී සුදු පැහැය එලෙසම තිබේ.
    • SO32-(aq) + Pb(NO3)2(aq) → PbSO3(s) + 2NO3¯(aq)
    • PbSO3(aq) + 1/2O2(g) → PbSO4(aq)
  • මෙම පරික්ෂනය මේ ආකාරයෙන්ම  SO42- සමඟත් සිදූවී මුලින් සුදු පාට අවක්ෂේපය ලබා දී. රත් කල පසුත් ඒ විදියට සුදු අවක්ෂේපය ලෙස පවතී.

05.SO42- හඳුනාගැනීමේ ප්‍රතික්‍රියා

  • SO42- ජලීය ද්‍රාවණයකට BaCl2 හා HCl දැමූ විට සුදු BaSO4 අවක්ෂේපය සෑදේ.
    • H2SO4(aq) + BaCl2(aq) → BaSO4(s) + H2SO4(s)
  • Ba2+ තනුක අම්ල සමඟ SO32-­/ CO32 – /S2O32- වැනි ඒව සමඟ දියවේ.
සල්ෆේට හඳුනාගැනීම

06.S2O32-හඳුනා ගැනීමෙ ප්‍රතික්‍රියා

  • ජලීය ද්‍රාවණයකට තනුක අම්ලයක් දැමීමේදී කහ කලිල ද්‍රාවණයක් හා අවර්ණ වායුවක් ලැබේ.
    • S2O32-(aq) + 2H+(aq) → S(s) + SO2(g) + H2O(l)
  • Ag+ හා Pb2+ සමඟ
    • පලමුව සුදු අවක්ෂේපයක් ලැබී Ag සමඟ කාමර උෂ්නත්වයේදී Pb සමඟ රත් කිරීමේදීද කළු සල්ෆයිඩ අවක්ෂේපය සෑදේ.
      • S2O32-(aq) + 2AgNO3(aq) → Ag2S2O3(s) + 2NO3¯(aq)Ag2S(s) + H2SO4(aq)
      • S2O32-(aq) + Pb(NO3)2(aq) → PbS2O3(s) + 2NO3¯(aq)  PbS(s) + H2SO4(aq)
තයෝසල්ෆේට හඳුනාගැනීම

07.හේලයිඩ අයන හඳුනාගැනීමේ ප්‍රතික්‍රියා.

i.ඝන X¯(s) හේල්යිඩ අයනයට සන්ද්‍ර H2SO4 දමා රත් කිරීම.

(s) + H2SO4(aq) → HF(g) + HSO¯4(aq)  X  
Cl­¯(s) + H2SO4(aq) → HCl(g) + HSO4¯(aq) X
2Br¯(s) + H2SO4(aq) → 2H2O(l) + Br2(g) SO2(g)දුඹුරු Br2 වායුව පිටවේ
2I¯(s) + H2SO4(aq) → 2H2O(l) + I2(g) SO2(g)දම් I2 වායුව පිටවේ.

ii.Cl2/CCl4 දියර පරික්ෂාව

  • හේලයිඩ වල ජලීය ද්‍රාවණයකට Cl2 දමා කාබනික ස්ථරක(CCl4) බිංදු 2, 3 ක් දමා කැලතූ පසු කාබනික ස්ථරයේ වර්ණය හේලයිඩ අයන සමඟ වෙනස් වේ.මෙහිදී Cl2 මඟින් හේලයිඩ අයනය විස්ථාවපන කරයි. එම නිසා F¯ සමඟ හා Cl¯ සමඟ කාබනික ස්ථරය අවර්ණ වේ.
    • (aq) + Cl2(g) X
    • 2Cl¯(aq) + Cl2(aq) X
    • 2Br¯(aq) + Cl2(aq) → Br2(aq) + 2Cl¯(aq)
    • 2I¯(aq) + Cl2(aq) → I2(aq) + 2Cl¯(aq)

iii.Ag සමඟ

  • AgCl අවක්ෂේපය ඇමෝනියා දැමූ විට දිය වේ. AgBr අවක්ෂේපයය රත් කල විට පමණක් ඇමෝනියා සංකීර්ණය සාදා දිය වේ. AgI අවක්ෂේපයය රත් කළත් දිය නොවේ. පරික්ෂණය ආරම්භ කිරීමට පෙර Ag+ ද්‍රාවණයට HNO3 දමයි.මෙසේ එකතු කරන්නෙ S2- , CN¯ හා PO43- අයනද අවක්ශේප සාදන නිසායි. නයිට්‍රික් එසේ වීම වළකයි.

iv.Pb2+ සමඟ

  • හේලයිඩ වල ජලීය ද්‍රාවණවලට Pb(NO3)2 හෝ Pb(CH3COO)2 දමා රත් කළවිට සෑදෙන අවක්ෂේපය දියවෙයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.