06.02.01 – p ගොනුව හැඳින්වීම සහ 12 කාණ්ඩය මූලද්‍රව්‍ය වල රසායනය

0
370

අවසානයට ඇතුළු වන ඉලෙක්ට්‍රෝන p උපශක්ති මට්ටමට ඇතුළු වීමෙන් තැනී ඇති මූල ද්‍රව්‍ය සමූහය p ගොනුවට අයත් වේ. 13,14,15,16,17,18 යන කාණ්ඩ p ගොනුවට අයත් වේ.

13 (ns2np1)14 (ns2np2)15 (ns2np3)16 (ns2np4)17 (ns2np5)18 (ns2np6)
     He
BCNOFNe
AlSiPSClAr
GaGeAsSeBrKr
InSnSbTeIXe
TlPbBiPoAtRn
A/L විෂය නිර්දේශයට අදාල p ගොනුව සම්බන්ධ න්‍යාය – 1 කොටස
A/L විෂය නිර්දේශයට අදාල p ගොනුව සම්බන්ධ න්‍යාය – 3 කොටස
A/L විෂය නිර්දේශයට අදාල p ගොනුව සම්බන්ධ න්‍යාය – 2 කොටස
A/L විෂය නිර්දේශයට අදාල p ගොනුව සම්බන්ධ න්‍යාය – 4 කොටස

13 කාණ්ඩය (ns2np1)

  • B (බෝරෝන්) ලෝහාලෝහයක් වන අතර B සං‍යෝග බොහෝමයක් සහසං‍යුජ වේ. B හි කුඩා පරමාණුක අරය නිසා අනෙක් සාමාජිකයන්ගෙන් වෙනස් වේ. B 14 කාණ්ඩයේ Si සමඟ ප්‍රබල විකර්ණ සම්බන්ධතාවක් පෙන්වයි.
  • Al උභයගුණී ලක්ෂන සහිත ලෝහයකි.
  • Ga, In, Tl ලෝහ වේ.
  • මෙම මූලද්‍රව්‍ය වලින් සැදි සරල සං‍යෝගවල දී මූලද්‍රව්‍ය කිට්ටුම උච්ච වායු වින්‍යාසය ලැබී නැත. එම නිසා එම සං‍යෝගය එකසර ඉලෙක්ට්‍රෝන යුගල සහිත ප්‍රභේද සමඟ සංගත බන්ධන සාදා ගනියි.

Al – ඇලුමිනියම් – 1s22s22p63s23s23p1

  • නිල් පාටට හුරු සුදු පැහැති සැහැල්ලු ශක්තිමත් ලෝහයකි.
  • දීප්තිමත්‍ පෘෂ්ඨයක් සහිතය.
  • ඝනත්වය සාපේක්ෂව අඩුය.
  • පෘථිවි කබොලෙහි 3 වෙනියට සුලභම මූලද්‍රව්‍ය Al වේ.
  • Al වල වාතයට නිරාවරණය වී ඇති පෘෂ්ඨිය O2 සමඟ ප්‍රතික්‍රියා කර Al2O3 ස්ථරයක් සෑදීම නිසා තවදුරටත් O2 සමඟ ප්‍රතික්‍රියා කිරීමට ප්‍රතිරෝධයක් ඇතිවේ. එම නිසා Al වාතය සමඟ ප්‍රතික්‍රියා නොකරන මූලද්‍රව්‍යක් ලෙස සැලකේ.
  • Al වායුගෝලය තුළ රත් කල විට ඔක්සයිඩ හා නයිට්‍රයිඩ සාදයි.
    • 4Al(s) + 3O2(g) → 2Al2O3(s)
    • 2Al(s) + N2(g) → 2AlN(s)
  • මෙම ඵල මිශ්‍රනය ජලයට යෙදූ විට , NH3 නිදහස් වේ.
    • AlN(s) + 3H2O(l) → NH3(g) + Al(OH)3(s)
  • Al උභයගුණී ලෝහයකි. අම්ල හා භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ හා H2 සාදයි.
    • 2Al(s) + 6HCl(aq) → 2AlCl3(aq) + 3H2(g)
    • 2H2O(l)  + 2Al(s) + 2NaOH(aq) → 2NaAlO2(aq) + 3H2(g)
    • 6H2O(l)  + 2Al(s) + 2NaOH(aq) → 2NaAl(OH)4(aq) + 3H2(g)
  • AlCl3 සං‍යෝගයේ අෂ්ඨකය සම්පූර්ණ වී නොමැති නිසා වායු අවස්ථාවේදී මෙය Al2Cl6 ලෙස ද්විඅවයවයක් ලෙස පවතී.
  • Al3+ අයන ජලීය ද්‍රාවණයක දී පවතින්නෙ ජල අණු 6 ක් සමඟ බැදී සංකීර්ණ සං‍යෝගයක් ලෙසයි. Al3+ අයනයේ ඉහළ ධන අරෝපණය සහ කැටායනික අරය අඩු වීමත් නිසා එහි ඇති ඉහළ ධ්‍රැවීකරණ බලය හේතුවෙන් මෙම සංකීර්ණය ජල විච්ඡේදනය වී මාධ්‍ය ආම්ලික කරයි.
  • මෙම ආම්ලික මාධ්‍යයට NaOH භෂ්ම බිංදු කිහිපයක් යෙදීමේදී OH¯ අයන ආකලනය වී, සුදු ජෙලටිනිමය Al(OH)3 නිපදවයි.
  •  මෙම අවක්ෂේපය අතිරික්ත OH¯ අයන (ප්‍රබල භෂ්මයක්) සමඟ  [Al(OH)4]¯  (ටෙට්රාහයිඩ්‍රොක්සයිඩ ඇලුමිනේට්) සංකීර්ණතා අයන බවට පත් වී ද්‍රාවණ ගත වී අවර්ණ ද්‍රාවණයක් සාදයි.
  • එයට නැවත HCl යෙදූ විට නැවත සුදු අවක්ෂේපය ලැබේ.එම අවක්ෂේපයට නැවත HCl යෙදූ විට නැවත අවර්ණ ද්‍රාවණය ලැබේ.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.