07.02.01 – කාබනික සංයොග IUPAC නාමකරණය

0
2763
  • ශුද්ධ හා ව්‍යවහාර රසායන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සංගමය විසින් ( International Union of Pure and Applied Chemistry – IUPAC ) කාබනික සංයෝග නම් කිරීමේ ක්‍රමානුකූල ක්‍රමයක් ඉදිරිපත් කරන ලදී.
  • IUPAC නාමකරණයට අනුව සංයෝගයක් සඳහා යොදනු ලබන නාමය කොටස් කිහිපයකින් සමන්විත වේ.
    1. ව්‍යුහයෙහි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය දැක්වීමට යොදනු ලබන ප්‍රත්‍යය.
    2. සංයෝගයේ ප්‍රධාන කාබන් දාමය හඳුනාගැනීමට යොදනු ලබන සැකිල්ලේ නාමය.
    3. ආදේශ කාණ්ඩ දැක්වීමට යොදනු ලබන උපසර්ග.
    4. ආදේශ කාණ්ඩ, අතිරේක කාණ්ඩ සහ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය දාමයට සම්බන්ධ වී තිබෙන ස්ථානය දැක්වීමට යොදනු ලබන අංක.
  • IUPAC නීති වලට අනුව කාබනික සංයෝගයක් නම් කිරීමේදී අනුගමනය කෙරෙන ප්‍රධාන පියවර 6කි.
    1. නාමකරණයට නියමිත කාබනික සංයෝගය අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනාගැනීම සහ කාබනික සංයෝගයේ නාමය අවසන් වන ආකාරය ඒ අනුව තීරණය කිරීම.
    2. කාබනික සංයෝගයේ ප්‍රධාන කාබන් දාමය තීරණය කිරීම සහ එහි තුල අන්තර්ගත වන කාබන් පරමාණු ගණන හඳුනාගැනීම.
    3. කාබනික සංයෝගයේ පවතින ආදේශ කාණ්ඩ හා අවශේෂ කාණ්ඩ හඳුනාගැනීම සහ ඒ ඒ ආදේශ කාණ්ඩය හෝ අවශේෂ කාණ්ඩය යෙදී ඇති වාර සංඛ්‍යාවට අනුරූප පෙර ඇඳුම් පද (prefix)  තීරණය කිරීම.
    4. දෙවන පියවරේ දී හඳුනාගත් ප්‍රධාන කාබන් දාමය අංකනය කිරීම සහ එහි තුල අන්තර්ගත වන කාබන් පරමාණු ගණනට හිමි නාම මූලය තීරණය කිරීම.
    5. යෙදී ඇති වාර සංඛ්‍යාවට අනුරූප පෙර ඇඳුම් පද සහ ප්‍රධාන දාමයට සම්බන්ධ වන ස්ථානවල අංක ක්‍රමානුකූලව සදහන් කරමින් ආදේශ කාණ්ඩ නාමකරණය කිරීම.
    6. ප්‍රධාන කාබන් දාමයේ පවතින කාබන් පරමාණු ගණනට හිමි නාම මූලය ලියා අවශේෂ කාණ්ඩ උචිත අයුරු දක්වමින් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට ගැලපෙන ලෙස නාමය අවසන් කිරීම.

කාබනික සංයෝග නාමකරණය තුළ ඉලක්කම් දෙකක් අතර සෑමවිටම  “ , “  යෙදෙන අතර ඉලක්කමක් සහ අකුරක් අතර සෑමවිටම  “ – “ යෙදෙනු ඇත.

  • 1 වගුව – ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රමුඛතා අනුපිළිවෙල

ප්‍රමුඛතාවය වැඩිම ක්‍රියාකාරී කාණ්ඩයේ සිට ප්‍රමුඛතාවය අඩුම ක්‍රියාකාරී කාණ්ඩය දක්වා සුලබව හමු වන ක්‍රියාකාරී කාණ්ඩ වල ප්‍රමුඛතා අනුපිළිවෙල සහ එම එක් එක් ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන විට අදාළ කාබනික සංයෝගයේ නාමය අවසන් විය යුතු ආකාරය පහත වගුවේ දැක්වේ.

ප්‍රමුඛතා ස්ථානයකාණ්ඩයප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වශයෙන් නාමය
1-COOHoic acid
2-COO-oate
3-COXoyl halide
4-CONH2amide
5-CNnitrile
6-COHAl
7-CO-one
8-OHol
9-NH2amine
10C-C ද්විත්ව බන්ධනyne
11C-C ත්‍රිත්ව බන්ධනene
  • 2 වගුව – ප්‍රධාන දාමයේ පවතින කාබන් පරමාණු සංඛ්‍යාව අනුව සංයෝගය නමට යෙදෙන නාම මූලය හා අනුරූප හයිඩ්‍රොකාබනයේ නම
කාබන් පරමාණු ගණනනාම මූලයඅනුරූප හයිඩ්‍රොකාබනයේ නම
1methMethane
2ethEthane
3propPropane
4butButane
5pentPentane
6hexHexane
  • 3 වගුව – ප්‍රධාන ආදේශ කාණ්ඩ

නාමකරණය කිරීමට ලැබෙන කාබනික සංයෝග වලදී සුලබව හමු වන ප්‍රධාන ආදේශ කාණ්ඩ කිහිපයක් සහ ඒවා සඳහා භාවිතා කරන නාමයන් පිළිබඳව තොරතුරු සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

ආදේශ කාණ්ඩයනාමය
-COO-oxy carbonyl
-COXhaloformyl
-CONH2Carbomyl
-CNcyano
-COHformyl
-CO-oxo
-OHhydroxy
-NH2amino
-Clchloro
-Brbromo
-Iiodo
-Ffluoro
-C6H5phenyl
-NO2nitro

මීට අමතරව කොටස සහ  යන ක්‍රියාකාරී කාණ්ඩ ද ප්‍රධාන දාමය තුල ප්‍රමුඛ නොවී අවශේෂ කාණ්ඩ ලෙස හමුවන අතර ප්‍රමුඛ නොවන බව හැඟවීම සඳහා ඒවායේ නාමයන්හි අවසාන “ e ” අක්ෂරය නොමැතිව පිළිවෙලින් “ yn” හා “ en” ලෙස නිරූපණය කරනු ලැබේ.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.