07.02.02 – කාබනික සංයොග IUPAC නාමකරණය II

0
1314

a)ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනාගැනීම සහ නාමය අවසන් වන ආකාරය තීරණය කිරීම.

    • නාමකරණය කිරිමට නියමිත කාබනික සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පැවතිය හැක.
    • එවිට එම කාබනික සංයෝගයේ වන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වනුයේ ප්‍රමුඛතා අනුපිළිවෙලෙහි ඉහළින්ම පිහිටන ක්‍රියාකාරී කාණ්ඩය වන අතර එය ප්‍රධාන වන විට නාමය අවසන් විය යුතු ආකාරයට කාබනික සංයෝගයේ නම අවසන් කළ යුතු වේ.

            උදාහරණ :

දී ඇති කාබනික සංයෝගයේ  යන ක්‍රියාකාරී කාණ්ඩය හා -COCl යන ක්‍රියාකාරී කාණ්ඩය පවතී.  ප්‍රමුඛතා අනුපිළිවෙල දී වඩාත් ඉහළින් පිහිටීම අනුව -COCl කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන අතර නාමය  oyl chloride  ලෙස අවසන් විය යුතුවේ.

            උදාහරණ :

b)ප්‍රධාන කාබන් දාමය හඳුනාගැනීම.

  • ඕනෑම සංකීර්ණ කාබනික සංයෝගයක ව්‍යුහය නිර්මාණය වීම සිදුවනුයේ කිසියම් මූලික සැකිල්ලකට ආදේශ කාණ්ඩ සම්බන්ධ වීමෙනි.
  • අදාළ මූලික සැකිල්ල එම කාබනික සංයෝගයේ වන ප්‍රධාන කාබන් දාමය ලෙස සැලකේ.
  • තෝරාගත් කාබනික සංයෝගයක වන කාබන් දාම අතුරින් එකක් ප්‍රධාන කාබන් දාමය බවට පත්වීමට,
    • ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අන්තර්ගත වීම.
    • වැඩිම කාබන් පරමාණු ප්‍රමාණයක් හමුවන අඛණ්ඩව ගත හැකි නොකැඩුණු කාබන් දාමයක් වීම.
    • ද්විත්ව/ ත්‍රිත්ව බන්ධන කොටස් පවතී නම් අනිවාර්යෙන් අන්තර්ගත වීම හා ආදේශ කාණ්ඩ හැකිතාක් උපරිම ප්‍රමාණයක් අන්තර්ගත වීම.

යන අවශ්‍යතා එම කාබන් දාමය විසින් සම්පූර්ණ කළ යුතු වේ.

  • පහත උදාහරණ වල සලකුණු කර ඇත්තේ එක් එක් කාබනික සංයෝගයේ ප්‍රධාන කාබන් දාමය යි.

c)ආදේශ කාණ්ඩ හඳුනාගැනීම හා ඒවායේ යෙදී ඇති වාර ගණනට අනුරූප පෙර ඇඳුම් පදය (prefix) තීරණය කිරීම.

  • එකම ආදේශ කාණ්ඩයක් කීපවාරයක් යෙදී ඇතිවිට යෙදෙන වාර සංඛ්‍යාව විස්තර කිරීම පිණිස භාවිතා කළ යුතු පෙර ඇඳුම් පදය තීරණය කිරීම තුන්වන පියවරේ දී සිදුවේ.
  • යෙදෙන වාර ගණන ට අනුරූපව භාවිතාවන පෙර ඇඳුම් පද පිළිබඳ සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

වාර ගණන

Prefix

2

di

3

tri

4

tetra

5

penta

6

hexa

7

hepta

8

octa

       උදාහරණ :

d)ප්‍රධාන කාබන් දාමය අංකනය කිරීම හා ප්‍රධාන කාබන් දාමයට හිමි නාම මූලය තීරණය කිරීම.

  • පෙර (b) කොටසේ දී හඳුනාගත් ප්‍රධාන කාබන් දාමය අංකනය කිරීම සහ එය තුල අන්තර්ගත වන කාබන් පරමාණු සංඛ්‍යාවට අදාලව නාම මූලය තීරණය කිරීම මේ යටතේ සිදු වේ.
  • ප්‍රධාන කාබන් දාමය අංකනය කිරීමට අදාළව සැලකිල්ලට ගත යුතු මූලික කරුණු 5කි.

I.ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට හැකිතාක් අවම අංකයක් ලැබෙන සේ ප්‍රධාන කාබන් දාමය අංකනය කළ යුතු වේ.

             උදාහරණ :

II.කුමන අන්තයෙන් දාමය අංකනය කිරීම ආරම්භ කළ ද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ C ට එකම අංකය ලැබේ නම් දාමය තුල ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන පවතින විට ඒවා දරන C පරමාණු වලට අඩු අංකය ලැබෙන අන්තයෙන් දාමය අංකනය කිරීම ආරම්භ කළ යුතු වේ.

             උදාහරණ :

III.කුමන අන්තයෙන් අංකනය ආරම්භ කළ ද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ C ට එකම අඩුම අංකය ලැබේ නම් හා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයෙන් දෙපසම ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන කොටස් ව්‍යාප්තව පවතී නම් ඒවාට හැකිතාක් අවම අංකයක් ලැබෙන සේ දාමය අංකනය කිරීම කළ යුතු වේ.

           උදාහරණ :

IV.ප්‍රධාන දාමයේ කුමන අන්තයෙන් දාමය අංකනය ආරම්භ කළ ද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ Cට එකම අඩු අංකය ලැබේ නම් හා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට සාපේක්ෂව ප්‍රධාන දාමයේ දෙපසින්ම එකම අඩුම අංකය ලැබෙන සේ ද්විත්ව/ත්‍රිත්ව බන්ධන පවතී නම් ද්විත්ව බන්ධන කොටසට ප්‍රමුඛතාවය ලබා දේ.

           උදාහරණ :

V.ප්‍රධාන දාමය අංකනය කිරීම පිණිස පෙර සඳහන් අවස්ථා හතරෙන් එකක් හෝ භාවිතා කළ නොහැකි විට කාබනික සංයෝගයේ වන ආදේශ කාණ්ඩවලට හැකිතාක් අඩුම අංකයක් ලැබෙන ලෙසට ප්‍රධාන කාබන් දාමය අංකනය කළ යුතු වේ.

(මෙහිදී ආදේශ කාණ්ඩ දෙකකට එකම අවම අංකය ලැබේ නම් ප්‍රමුඛතාවය ලබා දෙනුයේ අදාල ආදේශ කාණ්ඩයේ නාමයේ මුල් අකුර ඉංග්‍රීසි හෝඩියේ යෙදෙන අනුපිළිවෙළට වේ.)

            උදාහරණ :

  • මෙම ප්‍රධාන දාම අංකන අවස්ථා වලට අදාලව ප්‍රධාන දාමය අංකනය කළ පසු ප්‍රධාන දාමය තුල පවතින්නා වූ කාබන් පරමාණු සංඛ්‍යාවට අනුරූප ව ප්‍රධාන දාමයට හිමි නාම මූලය තීරණය කරයි.

ප්‍රධාන දාමය තුල පවතින්නා වූ කාබන් පරමාණු සංඛ්‍යාව

නාම මූලය

1

meth

2

eth

3

prop

4

but

5

pent

6

hex

7

hept

8

oct

9

non

10

dec

e)සම්බන්ධිත ආදේශ කාණ්ඩ නාමකරණය කිරීම.

  • කාබනික සංයෝගයක් නාමකරණයට අදාළව පෙර සාකච්ඡා කරන ලද (a) සිට (d) දක්වා පියවර අනුපිළිවෙල අනුගමනය කළ පසු පස්වන පියවරේ දී සිදු කරනුයේ එහි ඇති ආදේශ කාණ්ඩ IUPAC ක්‍රමයට නාමකරණය යි.
  • ආදේශ කාණ්ඩ IUPAC නාමකරණයේදී ඒ ඒ ආදේශ කාණ්ඩය අංකනය කළ ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ වන ස්ථානය හා යෙදී ඇති වාර ගණනට අනුරූප පෙර ඇඳුම් පදය දැක්වීම සිදු කෙරේ.
  • ආදේශ කාණ්ඩ කීපයක් නම් කිරීමට ඇති අවස්ථාවලදී අදාළ ආදේශ කාණ්ඩවල නමෙහි මුල් අකුර ඉංග්‍රීසි හෝඩියෙහි යෙදෙන අනුපිලිවෙලට ප්‍රමුඛතාව ලබාදීම සිදුවේ.

           උදාහරණ :

 

 

f)ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට සහ ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු ගණනට අනුරූප ලෙස නාමය අවසන් කිරීම.

  • ආදේශ කාණ්ඩ අංකනය කර අවසන් වූ පසු ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු ගණනට අනුරූප නාම මූලය ලිවීම සිදු කෙරේ.
  • නම් කිරීමට නියමිත කාබනික සංයෝගය තුළ කිසිදු ක්‍රියාකාරී කාණ්ඩයක් නොපවතී නම් නාම මූලයට පසුව ‘ane’ ලෙස සඳහන් කිරීමෙන් නාමය අවසන් කරනු ලැබේ.

             උදාහරණ :

  • ප්‍රධාන දාමයේ කාබන් පරමාණු සංඛ්‍යාවට හිමි නාම මූලය ලියූ පසු එම සංයෝගය තුළ ප්‍රමුඛ නොවී ද්විත්ව බන්ධන කොටස් හෝ ත්‍රිත්ව බන්ධන කොටස් පවතී නම් ඒවා අදාල බන්ධනය දරන කාබන් පරමාණු වලින් අඩු අංකය සහිත C හි අංකය සමග පිළිවෙලින් ‘en’ හෝ ‘yn’ ලෙසද,  ප්‍රමුඛ වී ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පවතී නම් ඒවා දරන කාබන් පරමාණු වලින් අඩු C හි අංකය සමඟ ගැළපෙන ලෙස ‘ene’ හෝ ‘yne’  ලෙස දක්වමින් නාමය අවසන් කරනු ලැබේ.

                  උදාහරණ :

  • ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන නොවන අතර ප්‍රමුඛ නොවීද ද්විත්ව හෝ ත්‍රිත්ව නොපවතී නම් ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු ගණනට හිමි නාම මූලයේ අගට ‘an’ ප්‍රත්‍ය එකතු කර සංයෝගයේ පවතින ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ වන අංකය ලියා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට ගැලපෙන සේ නාමය අවසන් කරනු ලැබේ.
  • කෙසේවෙතත් සංයෝගයේ පවතින ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය -COOH, -COO-, -COX, -CONH2, -CN, -CHO වන විට ඒවා සෑම විටම ප්‍රධාන කාබන් දාමයේ  පළමු වන කාබන්ගෙන් සම්බන්ධ වන බැවින් අංකය විශේෂිතව දැක්වීම් සිදු නොකළ යුතු වේ.

                උදාහරණ :

විශේෂ කරුණු

  • කාබනික සංයෝගයක නාමය ලිවීමේදී ප්‍රමුඛ නොවී පවතින ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පිළිබඳව විස්තරය හා ප්‍රමුඛ වී පවතින ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පිළිබඳව විස්තරය ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු සංඛ්‍යාවට යෙදෙන නාම මූලයට පෙර සඳහන් කිරීමට ද හැකියාව පවතී.

            උදාහරණ :

  • නම් කිරීමට නියමිත කාබනික සංයෝගයක් තුළ ප්‍රමුඛ නොවූ ස්වරූපයෙන් -COH කාණ්ඩයක් ප්‍රධාන දාමයේ කෙළවරක පවතී නම් එය oxo කාණ්ඩයක් ලෙස සලකා නාමකරණය සිදුකළ යුතුය.

             උදාහරණ :

  • නම් කිරීමට නියමිත කාබනික සංයෝගයක් තුළ ප්‍රමුඛ වන ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන කොටස් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පවතී නම් ගැලපෙන අඩු අංක සහ යෙදෙන වාර ගණනට අනුරූප පෙර ඇඳුම් පද සහිතව IUPAC නාමය ලියන අතරම ප්‍රධාන දාමයේ කාබන් පරමාණු සංඛ්‍යාවට හිමි නාම මූලයට ‘a’ ප්‍රත්‍ය යෙදීමට සිහි තබාගත යුතුවේ.

              උදාහරණ :

  • ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පැවතිය හැකි වෙනත් ස්ථාන නොමැති ස්වරූපයේ කාබනික සංයෝග වල නම් ලිවීමේදී එම බන්ධන පවතින ස්ථානවල අංක සඳහන් කිරීමක් සිදු නොකරයි.

               උදාහරණ :

   

  • එස්ටර නාමකරණයේදී තනි බන්ධනයකින් සම්බන්ධ වී පවතින පරමාණුව හා බන්ධිත හයිඩ්‍රොකාබන කොටස පළමුව විස්තර කර කෙටි ඉඩක් තබා පසුව කාබනිල් කාබන් පරමාණුව පවතින අන්තය නාමකරණය කරනු ලැබේ.

               උදාහරණ :

               

                   

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.