12.03.07-සංයුග්මක අම්ල හා සංයුග්මක භෂ්ම

0
228

10. සංයුග්මක අම්ල හා සංයුග්මක භෂ්ම

  • කිසියම් අම්ලයක් විසින් H+ ප්‍රධානය කළ විට ලැබෙන රසායනික විශේෂය අදාළ අම්ලයේ සංයුග්මක භෂ්මය ලෙසත්, කිසියම් භෂ්මයක් විසින් H+ ප්‍රතිග්‍රහණය කළ විට ලැබෙන රසායනික විශේෂය අදාළ භෂ්මයේ සංයුග්මක අම්ලය ලෙසත් සැලකේ.
  • ආම්ලික විඝටන නියතය Ka වන දුබල අම්ලයක සංයුග්මක භෂ්මයෙහි භාෂ්මික විඝටන නියතය Kb යැයිද, භාෂ්මික විඝටන නියතය Kb වන දුබල භෂ්මයක සංයුග්මක අම්ලයේ ආම්ලික විඝටන නියතය Ka ද වන විට,
  • මෙය ගැටළු වලදී භාවිත කළ හැක.

උදා:

(1) ආම්ලික විඝටන නියතය Ka වන HA ඒක භාෂ්මික දුබල අම්ලයක සංයුග්මක භෂ්මය වන A¯හි භාෂ්මික විඝටන නියතය Kb යැයි සිතමු .

HA(aq) + H2O(l)⇌  H3O+(aq)  +  A¯(aq)

ආම්ලික විඝටන නියතය සැලකීමෙන්,

HA හි සංයුග්මක භෂ්මය වන A¯ වල ජලවිච්චේදන ක්‍රියාවලිය පහත් පරිදි වේ.

          Kb

          A¯(aq)     H2O(l)    ⇌    HA(aq)+ OH¯(aq)

උදා:

භාෂ්මික  විඝටන නියතය Kb  වන B ඒක භාෂ්මික දුබල භෂ්මයක සංයුග්මක අම්ලය  වන BH+ හි ආම්ලික විඝටන නියතය Ka යැයි සිතමු .

B(aq)   +    H2O(l) ⇌   BH+(aq) + OH¯(aq))

භාෂ්මික විඝටන නියතය සැලකීමෙන් ,

B හි සංයුග්මක අම්ලය වන BH+වල ජලවිච්චේදන ක්‍රියාවලිය පහත් පරිදි වේ.

BH+(aq)   +   H2O(l)      ⇌      H3O+(aq)     +     B(aq)

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.