13.01 – විද්‍යුත් රසායනය

0
294

ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය

  • ජලයේ දී සම්පූර්ණයෙන්ම අයන වලට වෙන් වේ.

උදා :      ප්‍රබල අම්ල –        HCl , HNO3 , H2SO4
             ප්‍රබල භෂ්ම –        NaOH , Ba(OH)
             ද්‍රාව්‍ය ලවණ –       NH4Cl , KCl

  • ලවණ සේතුව සදහා ප්‍රභල විද්‍යුත් විච්ඡේද්‍යක් භාවිත කළ යුතු අතර මේ සදහා ප්‍රභල අම්ල හෝ ප්‍රභල භෂ්ම භාවිත නොකෙරේ.

දුබල විද්‍යුත් විච්ඡේද්‍ය

  • ජලයේ දී සම්පූර්ණයෙන් අයන වලට වෙන් නොවේ.

උදා :     දුබල අම්ල
            දුබල භෂ්ම
            H2O

විද්‍යුත් අවිච්ඡේද්‍ය

  • අයන අඩංගු නොවන ද්‍රවමය සංයෝග

උදා :      C6H, C7H16

  • මේවා විද්‍යුතය සන්නයනය නොකරයි.

ද්‍රාවණයක සන්නායකතාවය කෙරෙහි බලපාන සාධක

  1. ද්‍රාවණයේ ස්වභාවය (ප්‍රබල / දුබල විද්‍යුත් විච්ඡේද්‍ය / විද්‍යුත් අවිච්ඡේද්‍ය)
  2. ද්‍රාවණයේ සාන්ද්‍රණය
  3. උෂ්ණත්වය
  • ජලීය ද්‍රාවණ වල දී H+ හා OH වලට උපරිම වේගයක් ඇති නිසා එම අයන සන්නායකතාවය සඳහා වැඩිපුර ම බලපායි.
  • තනුක ජලීය ද්‍රාවණ වලදී H+ අයන වලට උපරිම වේගයක් ඇති නිසා සන්නායකතාවයෙන් 80% පමණ සිදුවනුයේ H+ අයන මගිනි.

ඉලෙක්ට්‍රෝඩය

සංයුජතාවය n වන ලෝහයක අයන ද්‍රාවණයක් තුල ලෝහය ගිල්වා ඇතිඅවස්ථාව සලකමු.

  1. ලෝහයෙහි ඇති පරමාණු ඔක්සිකරණය වී ඉලෙක්ට්‍රෝන ලොහ තහඩුවෙහි රදවමින් අයන ද්‍රාවණගත වේ.

M(s) → M(aq)n+ + n eMg(s) → Mg(aq)2+ + 2 e

  • ද්‍රාවණයෙහි ඇති අයන ලෝහයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් (ඔක්සිකරණය වී) ලෝහ පරමාණු ලෙස තහඩුවෙහි රැදේ.

M(aq)n++ n e→ M(s) Mg(aq)2++ 2 e→ Mg(s) 

  • කිසියම් මොහොතකදී ඉහත ක්‍රියාවලි 2 හි සීඝ්‍රතා සමාන වී ගතික සමතුලිතතාවයක් ඇති වේ.

M(s) ⇌ M(aq)n+ + n eMg(s) ⇌ Mg(aq)2+ + 2 e

  • මෙලෙස ඔක්සිකරනයක් හා ඔක්සිහරනයක් සිදුවිය හැකි පද්ධතියක් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස හැදින්විය හැක.
  • ඉලෙක්ට්‍රෝඩය මත දී ගතික සමතුලිතයක් හට ගනී.
  • ඉලෙක්ට්‍රෝඩයක සමතුලිත ක්‍රියාව ලිවීමේ දී ඉදිරි ක්‍රියාව ඔක්සිකරණයක් වන පරිදි ලිවීම සම්මතය වේ.

M(aq)n++ n e⇌ M(s) Mg(aq)2++ 2 e ⇌ Mg(s) 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.