14.3.1 – ටයිටේනියම් ඩයොක්සයිඩ් නිශ්පාදනය

0
335
  • Ti අන්තර්ගත මූලික   ඛනිජ රූටයිල් සහ ඉල්මනයිට් වේ .
  • TiO2 වැඩිපුර ඇත්ත රූටයිල් වල වේ.
  • ඉල්මනයිට් වල  TiO2 හා FeO දෙකෙහි    මිශ්‍රණයක්   ඇත.

  ඉල්මනයිට් වලින් TiO2 සෑදීම 

  • පළමුව FeO ඉවත්කර  TiO2 ප්‍රතිශතය වැඩි කිරීම සිදු කරයි .
  • එම  ක්‍රියාවලිය සල්ෆෙට්  ක්‍රියාවලිය (sulphate process ) ලෙස හඳුන්වයි .
  • FeO ඉවත්කර TiO2  ප්‍රතිශතය 70% ට වඩා වැඩි අවස්ථාවකට ලගාවූ පසු ඉහළ සංශුද්ධතාවයකින් යුතු TiO2 නිපදවයි .

 රූටයිල් වලින් TiO2 නිපදවීමේ  රසායනික  ක්‍රියාවලිය  

  • මෙය ක්ලෝරයිඩ  ක්‍රියාවලිය නම් වේ .
  • එහි පියවර දෙකකි.
  1. ක්ලෝරිනීකරණය
  2. ඔක්සිකරණය

1. ක්ලෝරිනිකරණය

  • coke සහ රූටයිල් 200-300 0C වන උෂ්ණත්වයකට රත් කර හොඳින් වියළීම සිදු කරයි (ඒවාගේ ඇති තෙත ඉවත් කිරීමට).
  • රූටයිල් කෝක් සමග  950 0C ට පමණ රත් කර ඒ මතින් Cl2 වායු ධාරාවක් යවනු ලැබේ .එවිට පහත   ප්‍රතික්‍රියාව සිදුවී TiCl4 වායුව සෑදේ .
  • මෙය තාප දායක වේ.එයට  ප්‍රධාන හේතුව කෝක් ඔක්සිකරණය වී CO2බවට පත්වීමයි .
  • TiO2 හි තාපාංකය 134 0C පමණ වේ.
  • දැන් කුටීරයෙන් ඉවතට එන එන වායු මිශ්‍රණයේ TiCl4(g) , CO2(g) ප්‍රධාන වශයෙන් ද ,ඊට අමතරව HCl හා CO (g) මෙන්ම දූවිලි අංශු වැනි අපද්‍රව්‍ය ද තිබිය හැක .
  • එම නිසා එම අකාබනික අපද්‍රව්‍ය හා දූවිලි ඉවත් කිරීමෙන් පසු වායු  මිශ්‍රණය සිසිල් කර  ද්‍රව TiCl4 වෙන් කරගත හැක .

2.ඔක්සිකරණය

  • TiCl1000 0C දී පමණ O2 සමග  ප්‍රතික්‍රියා කරවා සංශුද්ධ TiO2 ලබා ගැනීම මෙහිදී කෙරේ .
  • එහිදී පහත  ප්‍රතික්‍රියාව සිදුවී TiO2 ලැබෙන අතර Cl2  වායුව ප්‍රතිචක්‍රීකරණය වේ .

Rutile වලින් TiO2 නිපදවීමේ දී සිදුවන පාරිසරික හානිය

  • කෝක් ඔක්සිකරණය වී වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එක්වීමෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම .
  • 2006 දී මෙම කර්මාන්තය මගින් වායුගෝලයට මුදා හරින ලද සමස්ත කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.6කි.
  • මෙයින් අඩක් උෂ්ණත්ව ජනනයට ඉන්ධන දහනය නිසා ද ඉතිරිය නිෂ්පාදන  ක්‍රියාවලිය නිසා ද ජනනය වී ඇත

TiO2 හි ප්‍රයෝජන

  1. TiO2 හි සුදු පැහැය නිසා ප්ලාස්ටික්, කඩදාසි, තීන්ත ආදියෙහි දීප්තිමත් සුදු පැහැය ලබාගැනීමට වර්ණකයක් ලෙස භාවිතා කෙරේ .TiO2 හි ඇති ඉහළ වර්තනාංකය  ද එය වර්ණකයක් ලෙස යොදා ගැනීමට හේතු වේ .
  2. දන්තාලේප වල සුදු වර්ණය ලබා ගැනීම සඳහා (රසායනිකව අක්‍රිය බැවින් )
  3. UV කිරණ මගින් සම පිළිස්සීම වැලැක්වීමට වැළැක්වීමට ආලේපනය කරන  ද්‍රව්‍ය නිෂ්පාදනයට .TiO2 මගින් uv ලගාවීම වලක්වයි .
  4. සූර්ය කෝෂ නිෂ්පාදනයට .

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.