14.4.1 – බහුඅවයවක ද්‍රව්‍යවල රසායනය

0
488
  • ඒකඅවයවික ලෙස හඳුන්වන සාපේක්ෂව කුඩා රසායනික අණු ඉතා විශාල ප්‍රමාණයක් රසායනිකව බැඳීම නිසා බහුඅවයවක නිර්මාණය වේ .
  • මෙම ක්‍රියාවලිය බහුඅවයවීකරණය නම් වේ .
  • බහුඅවයවක වල පුනරාවර්තීයව පිහිටන එකාවයවිකයේ කාබන් සැකිල්ල සහිත කොටස පුනරාවර්තී ඒකකය (repeating unit ) ලෙස හඳුන්වයි .
  • මෙහි පුනරාවර්තී ඒකකය    -[CH2-CH2-]n–   වේ .
  • පුනරාවර්තී ඒකක රාශියක් අණුවේ ඇති බැවින් ‘n’ යෙදීමෙන් අණුව  සංකේතවත් කරයි .
  • නිපදවීමේදී සිදුවන ප්‍රතික්‍රියා වර්ගය අනුව බහුඅවයවික වර්ග දෙකකි.
  1. ආකලන බහුඅවයවක         
  2. සංඝනන බහුඅවයවක

1. ආකලන බහුඅවයවක

  • මෙහිදී ආකලන ප්‍රතික්‍රියාවක් මගින් ඒකඅවයවික බන්ධනය වී බහුඅවයවක නිපදවේ .
  • ඒක අවයවයේ π බන්ධන බිඳීම   හරහා මේ සිදුවේ.
  • එහිදී ඒක අවයවිකයෙ  හා බහුඅවයවයේ  පුනරාවර්තීය ඒකකය
  • මවුලික ස්කන්ධය සමාන වේ.
  • ත්‍රිමාන ‍ව්‍යුහය  හා කාබන් පරමාණුවේ මුහුම්කරණය වෙනස් වේ .

     උදා:  පොලිඑතිලීන්-  මෙහි ඒකාවයවිකය එතිලීන් වේ .

  • තවත් උදාහරණ කීපයක් පහත දැක්වේ .

2. සංගණන බහුඅවයවික 

  •  මෙහිදී සංගණන ප්‍රතික්‍රියාව සිදුවේ .
  • එහිදී  බහුඅවයවකයට අමතරව වෙනත් කුඩා අණු ද නිපදවේ .( H2O, NH3, HCl වැනි)

උදාහරණ :ටෙරිලීන්, නයිලෝන් 6,6

1. ටෙරිලීන් (පොලිඑතිලීන් ටෙරිතැලේට් -PET)

  • ටෙරිලීන් සෑදීමේදී -COOH හා -OH  කාණ්ඩ   අතර   ප්‍රතික්‍රියාව කින් එස්ටර බන්ධන සාදන බැවින් එය පොලිඑස්ටරයකි.

2. නයිලෝන් 6,6

  • මෙය පොලිඒමයිඩයකි .(ඩයිකාබොක්සිලික් අම්ලයක් හා ඩයිඇමීනයක් අතර බහුඅවයවීකරණය පොලිඒමයිඩ සෑදේ .
  • මෙහි ඒක අවයවික වන්නේ hexanedioic අම්ලය හා 1,6- diamminohexane වේ .
  • මෙහි පුනරාවර්තී ඒකකය පහත පරිදි වේ .
  • බහුඅවයවික ඒවාගේ ත්‍රිමාන ව්‍යුහය අනුව ද ආකාර දෙකකි .

                          1. රේඛීය බහුඅවයවක – තනි දාමයක් ලෙස පවතී .ඉහත සඳහන් කර ඇති බහුඅවයවක රේඛීය බහුඅවයවක වේ.

                          2. ත්‍රිමාන බහුඅවයවක   

ත්‍රිමාන බහුඅවයවක

  • මේවා ත්‍රිමාණ ජාලයක් ලෙස පවතී.
  • එයට හේතුව ඒවාගේ  ඒකඅවයවික වල ප්‍රතික්‍රියාශීලී ස්ථාන දෙකකට වඩා වැඩියෙන් පැවතීමයි .
  • මේවා සියල්ල සංගණන බහුඅවයවක වේ .
  • මේවාට නිශ්චිත පුනරාවර්තී ඒකකයක් නොමැත .

උදාහරණ : බේක්ලයිට්

බේක්ලයිට් (ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්)

  • ෆීනෝල් හා ෆෝමැල්ඩිහයිඩ් ප්‍රතික්‍රියාවන් සෑදේ .
  • ෆීනෝල්හි බෙන්සීන් වල ප්‍රතික්‍රියාශීලී ස්ථාන තුනක් ඇත .

ෆීනෝල් හා ෆෝමැල්ඩිහයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් බේක්ලයිට් සෑදෙන ආකාරය

  • බහුඅවයවක ඒවාගේ ව්‍යූහ  ස්වභාවය අනුව රේඛීය අතු බෙදුණු   හෝ ජාලාකාර ලෙස වර්ගීකරණය කළ හැක .
  • රේඛීය හෝ අතු බෙදුනු බහුඅවයවකයක වල විවිධ ප්‍රදේශ වල  අණු ඇසිරී ඇති ආකාරය අනුව ප්‍රදේශ කීපයකි .

         1. ස්ඵටිකරූපී ප්‍රදේශ – අණු එකිනෙක ළංවී ක්‍රමික ඇසිරීම ඇත .

         2. අස්ඵටිකරූපී ප්‍රදේශ – අණු එකිනෙක පැටලී ඇඹරී ඇත .

  • ඇතැම්  බහුඅවයවක පූර්ණ ලෙස අස්ඵටිකරූපි වේ .
  • ඇතැම් මේවාගේ යම් ප්‍රමාණයකට ස්ඵටිකරූපී  ප්‍රදේශ ඇත. ඒවා අර්ධ අස්ඵටිකරූප බහුඅවයවක නම් වේ.මේවාගේ ස්ඵටිකරූපී  ප්‍රදේශවලින් ආලෝකය ප්‍රකිරණය කරන නිසා පාරදෘශ්‍යතාව  තරමක් අඩුයි . (උදා: පොලිඑතිලීන්)
  • පොලිඑතිලීන් අතු බෙදුනු හෝ රේඛීය ලෙස සංස්ලේශණය කළ හැක .
  • රේඛීය පොලිඑතිලීන් අනු එකිනෙකට ඉතා ළංව ඇසිරී  ස්ඵටිකරූපී ලෙස පිහිටන නිසා ඝනත්වය වැඩිය .
  • ඒවා ඉහළ ඝණත්ව පොලිඑතිලීන් (High Dencity Polyethylen- HDPE) ලෙස හඳුන්වයි .ඒවාගේ පාරදෘශ්‍ය බව තරමක් අඩුය .
  • අතු බෙදුනු  පොලිඑතිලීන් වල ස්ඵටිකරූපී ප්‍රදේශ අඩුය .
  • ඒවා අඩු ඝණත්ව පොලිඑතිලීන් (low density   polyethylene  – LDPE)
  • මේවාගේ පාරදෘශ්‍ය බව වැඩිය .

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.