14.4.2 – රබර් හා ප්ලාස්ටික්

0
418
  • ප්‍රත්‍යාවර්ත ලෙස ඉහළ ප්‍රත්‍යස්ථ ගුණ පෙන්වන බහු බහුඅවයවක ද්‍රව්‍ය රබර් ලෙස හඳුන්වයි.
  • රබර් ස්වභාවිකව රබර් ගහේ ක්ශීරය  මගින් ලබාගත හැක .(ස්වභාවික රබර් )
  • නැතහොත් ඒකාවයවික  වලින් ආරම්භ කර කෘතිම ලෙස නිපදවිය හැක.(කෘතිම රබර් )
  • සීමිත ප්‍රත්‍යස්ථ ගුණ පෙන්වන බහු බහුඅවයවක ද්‍රව්‍ය ප්ලාස්ටික් ලෙස හඳුන්වයි .

                      උදා: PVC, PE, PET, PP

  • මේවාගේ ප්‍රත්‍යස්ථ සීමාව ඉක්මවා ඇදීමට ලක් කළහොත්  අප්‍රතිවර්තීයව හැඩය වෙනස් වේ .
  • ප්ලාස්ටික් බහුඅවයවක ද කොටස් දෙකකි.

            1. තාප ස්ථාපන බහුඅවයවක

            2. තාප සුවිකාර්ය බහුඅවයවක

            තාප ස්ථාපන බහුඅවයවක                 තාප සුවිකාර්ය බහු අවයවක
ජාලාකාර බහුඅවයවක වේ .
රත්කර මෘදු කළ නොහැක .
 
උදා: බේක්ලයිට්  
රේඛීය හෝ අතු බෙදුනු බහුඅවයවක වේ .
රත් කර,  මෘදු කර හැඩය වෙනස්කල හැක.ඉන්පසු සිසිල් කර හැඩය ස්ථීර කල හැක

උදා: PVC, PE, PS.

ස්වභාවික රබර්

  • රබර් ක්ශීරයේ 60%- 65% පමණ ඇත්තේ ජලය වන අතර 30%- 35% පමණ රබර් ඇත.
  • රබර් ක්ශීරයේ රබර් අංශු විසිරී කලිල ලෙස පවතී. ඒ ආශ්‍රිතව සරල සීනි හා ලවණ වර්ගද ඇත.

රබර් කිරි කැටි ගැසීම

  • රබර් අංශු වටා ලිපිඩ හා ප්‍රෝටීන් ස්ථරයක් ඇත.
  • බාහිර ස්ථරයේ -COOඛාණ්ඩ ඇති බැවින් එය (-) ආරෝපිත වේ.
  • එමනිසා රබර් අංශු අතර විකර්ශණයක් ඇතිවේ.
  • එමනිසා කැටිගැසීමක් සිදු නොවේ.
  • රබර්  ක්ශීරය බාහිර පරිසරයට නිරාවරණය වූ විට ක්ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයෙන් අම්ල වර්ග සෑදෙයි.
  • එවිට  H+ මගින් රබර් අංශුවේ  බාහිර පෘෂ්ඨය උදාසීන වන බැවින් රබර් අංශු එකිනෙක සම්බන්ධ වී කැටි ගැසෙයි.
  • මෙය වැලැක්වීමට එයට NH3 යොදනු ලැබේ .එවිට H+ උදාසීන කරන බැවින් කැටිගැසීම වළක්වයි .
  • රබර් වලින් නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලිය පහත පරිදිය .
  • ස්වභාවික රබර් වල පුනරාවර්තී ඒකකය පහත පරිදිය.
  • මෙම  පොලි අයිසොප්‍රීන් අණුව ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වයි.
  • එනම් Cis හා trans ලෙස ආකාර දෙකකින් පවතී .
  • මේවායින් ස්වභාවික රබර් වල පවතින්නේ Cis ආකාරයයි.
  • එමනිසා එය සිස්-1,4-පොලිඅයිසොප්‍රීන් ලෙස හඳුන්වයි.
  • අයිසොප්‍රීන් බහුඅවයවීකරණය කෘතිම රබර් නිපදවා ගත හැක .
  • මේවා  IR (Isoprene Rubber ) ලෙස හඳුන්වයි.

කෘතිමව රබර් බහුඅවයවීකරණය

  • කෘතීම පොලිඅයිසොප්‍රීන් වල ඒකාවයවිකය අයිසොප්‍රීන් වුවත් ස්වභාවික රබර් වලදී එසේ සඳහන් කළ නොහැක.
  • එයට හේතුව රබර් ශාකය තුළ රබර් නිපදවෙන්නේ ඉතා සංකීර්ණ ජෛව රසායනික ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ බැවිනි .

ස්වභාවික රබර් වල්කනයිස් කිරීම

  • රබර් වල ඇදීමේ ගුණයට හේතුව Cis-පොලිඅයිසොප්‍රීන් දාම    තිබීමයි .
  • රබර් වල බර අනුව 1% – 3% පමණ සල්ෆර්   එකතු කර රත් කිරීම වල්කනයිස් කිරීමයි.
  • එවිට පහත පරිදි රබර් අනුව S හරස් බන්ධන සෑදෙයි .
  • මෙවිට රබර්වල ප්‍රත්‍යස්ථ ගුණය (ඇදීමේ හැකියාව) අඩුවන අතර ප්‍රශස්ත ප්‍රත්‍යස්තතාවක්  ( ඇදීමෙන් පසු මුල් තත්වයට තත්ත්වයට පත්වීමේ හැකියාව) ලැබේ .
  • මීට අමතරව රබර් වලට  නොඇලෙන සුළු බවක් හා වෙනත් උසස් යාන්ත්‍රික ගුණ ලැබේ .
  • මෙහි S 25% – 35% පමණ යෙදූ විට එම එබනයිට් සෑදෙයි . එහි S හරස් බන්ධන ඉතා බහුල බැවින් ප්‍රත්‍යස්ථ නොවේ .

බහුඅවයවක ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදන ආකලන ද්‍රව්‍ය .

  • නිමි භාණ්ඩයේ ගුණාංග වැඩි කිරීමටත් වැඩිකිරීමටත්, නිෂ්පාදන වියදම් අඩු   කිරීමටත් යොදන ද්‍රව්‍ය වේ.

1. පිරවුම් ද්‍රව්‍ය

  • නිමි භාණ්ඩයට අවශ්‍ය විශාලත්වය ලබාගැනීමට මේවා යොදයි .
  • ටයර් නිශ්පාදනයේදී කාබන් බ්ලැක් යොදාගනී .එමගින් ටයර් වල ගෙවීම අඩු කරන අතර ශක්තිමත් බවක් ද ලබාදී
  • ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී කැල්සියම් කාබනේට් යොදාගනී .

2. උත්ප්‍රේරක

  • රබර් වල්කනයිස් කිරීමේදී කාබනික උත්පේරක හා ZnO වැනි උත්ප්‍රේරක   වර්ධක යොදා ගනී

3. නම්‍යශීලී තව වැඩි කරන ද්‍රව්‍ය

  • PVC වලින් විදුලි රැහැන්වල බාහිර ආවරණය නිපදවීමේදී ප්ලාස්ටිසයිසර් නම් සංයෝග යොදා ගනී .

4. පාරජම්බුල විකිරණ මගින් ඇති වන හානිය වලක්වන ද්‍රව්‍ය

  • PVC මගින් ප්ලාස්ටික් නිපදවීමේ ක්‍රියාවලියේ දී උෂ්ණත්වය හෝ පාරජම්බුල කිරණ මගින් PVC හි Cl  පරමාණුව HCl ලෙස ඉවත් වීම වැළැක් වීමට මේවා යොදනු ලැබේ .

ආකලන ද්‍රව්‍ය වලින් සිදුවන පරිසර හා සෞඛ්‍ය හානි

  • කාබනික උත්ප්‍රේරක බහුතරයක් විෂදායකය .
  • කාබන් බ්ලැක් අංශු පරිසරයට එක්වීම පාරිසරික ගැටලු ඇති කරයි.
  • ප්ලාස්ටික් ආශ්‍රිත ව යොදා ගන්නා බොහෝ ආකලන ද්‍රව්‍යය  අන්තරාසර්ග පද්ධතියට හානි දායක වේ. එම නිසා ආහාර ඇසුරුම් ලෙස ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය .

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.