14.7.2- අපජල තත්ත්ව පරාමිති

0
765

1.PH අගය

  • ජලයේ පවතින හයිඩ්‍රජන් විභවය මැනීම මෙයින් සිදු කරයි.(potential of Hydrogen).මෙයින් ජලය ආම්ලික හෝ භාෂ්මික තාවය ප්‍රකාශ කර හැක.
  • මෙම අගය දක්වනු ලබන්නේ ද්‍රාවණයක හයිඩ්රජන් අයන සාන්ද්‍රණය සෘණ ලඝු අගයක් ලෙස ප්‍රකාශ කළ විටයි.

PH අගය නිරික්ෂණය කිරිමට ක්‍රම කීපයක් ඇත.

  1. අනුමාපනයක් හෝ වෙනත් ක්‍රමයක් මගින්- මෙම ක්‍රමය ඉතා නිරවද්‍ය වේ.
  2. PH දර්ශක භාවිතයෙන් – මෙහිදී දර්ශකයක් ද්රාවණය පොගවා ලැබෙන වර්ණය සම්මත වර්ණ හා ගැලපීමෙන් දළ PH අගයක් ලබාගත හැකිය.
  3. PH මීටරයක් භාවිතයෙන් – මෙහිදී H+ අයන සාන්ද්‍රණය සමග විභවය වෙනස් වෙන විශේෂ ඉලෙක්‍ට්‍රොඩයක්(වීදුරු) සම්මත ඉලෙක්ට්‍රෝඩ යක්  (Ag/AgCl) භාවිතා කරයි.මෙමගින් සෘජුවම PH අගය සෙවිය හැක.
  • සාමාන්‍ය පානීය ජලය PH පරාසය 6.5 ත් 8.5ත් අතර විය යුතුය.

එදිනෙදා ජීවිතයේදී හමුවන ද්‍රාවණ කීපයක pH අගයන්

2.සන්නායකතාවය

  • ජලය හට විද්‍යුත් සන්නයනය කිරීමේ හැකියාවක් පවතී.මෙය මිනුමක් ලෙස මැන බැලීම මගින් ජලයේ සන්නායකතාවය ලබා ගනී.
  • ජලය සන්නායක කාමයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ජලයේ දියවී ඇති ලවණ ප්‍රමාණයි.ලවණ ජලයේ දියවූ විට කැටායන සහ ඇනායන බවට පත්වී සජලනය වූ අයන ලෙස පවතී.
  • මෙම අයන ජලය ඔබ මොබ ගමන් කිරීමට හැකි බැවින් විද්‍යුත් අන්තරයක් සැපයූ විට ඉලෙක්ට්‍රෝඩ වෙත ගමන් කිරීම මගින් සන්නායකතාව ඇති කරයි.
  • අකාබනික ලවණ වල යෙදී අයන බවට පත්වන කාබනික ලවණ සහ සංයෝගජලය විද්‍යුත් සන්නායක තාවය සඳහා දායකත්වය දක්වයි.සන්නායකතාවය මැන බැලීම සඳහා සන්නායකතා මානය භාවිතා කරයි.
  • සන්නායකතාව මැන බැලීම සඳහා සෙන්ටිමීටරයකට සීමන්ස් යන ඒකකය භාවිතා කරයි.

3.ආවිලතාව.

  • පිරිසුදු ජලය පූර්ණ ලෙස පාරදෘශ්‍ය වේ.එහෙත් ජලයට එකෙක් ද්‍රව්‍ය එකතු වීම නිසාවෙන් ජලය පාරද්‍රශ්‍ය තාවය අඩුවී ජලය අපැහැදිලි ලෙස දිස්වේ.
  • මෙසේ ආවිලතාව ඇති වනුයේ ජලයේ ද්‍රාවණය නොවූ ගුරුත්වය මගින් තැන්පත් නොවන  අංශු පැවතීම හේතුවෙනි.
  • මෙම අංශ පැවතීම හේතුවෙන් ජලය තුළින් ගමන් කරන ආලෝකය ප්‍රකිරණය ට ලක් වෙයි.එම නිසාවෙන් ජල සාම්පලය සාම්පලය වලාකුලක් හෝ තිමිර පටලයක් ලෙස දිස්වේ.
  • ආවිලතාව ජල දූෂණයේ දෘශ්‍යමාන අවස්ථාවකි.
  • ජලයේ ආවිලතාවය ට හේතු වන්නේ  මැටි අංශු කුඩා කාබනික හා අකාබනික අංශු,ඒක සෛලික ජීවීන් ගේ කොලනි සහ ඉතා සියුම් බහු අවයවක අංශු ආදියයි.
  • ජලයේ ආවිලතාවය ජලය ගමන් කරන ආලෝක කදම්භයක් ජලය තුළ කොපමණ ප්‍රකිරණය වෙනවාද යන්න මැනීම මගින් මැන බැලේ.
  • මෙය සිදු කරන්නේ සාම්පලය තුළ ඇතිවන ප්‍රකිරණය සම්මත ධාවනයක ප්‍රකිරණය හා සංසන්දනය කිරීම මගිනි.
  • ආවිලතාව මනින ඒකකය nephelometric turbidity unit(NTU) වෙයි.

4.ජලයේ කඨිනත්වය

  • ජලයේ කඨිනත්වය අර්ථ දක්වන්නේ ජ්ලයේ සබන් අවක්ෂේප කිරීමේ ධාරිතාව ලෙසයි.
  • කඨිනත්වය සඳහා බහු සංයුජ ලෝහ කැටායන බලපායි.(Ca2+,Mg2+,Fe2+,Mn2+,Al3+).
  • ජලය වැඩිපුර ම පවතින බහු සංයුජ ලෝහ කැටායන වනුයේ Ca2+ සහ Mg2+ ය.මෙම කැටායන ස්වභාවික කඨිනත්වය සඳහා සම්පූර්ණයෙන්ම පාහේ දායක වේ.
  • ඊට අමතරව Mn2+,Fe2+,Al3+ වැනි අයන ද කටිනත්වය සඳහා සුළු වශයෙන් බලපායි.
  • මේද වල පොටෑසියම් හෝ සෝඩියම් ලවණ වලින් සබන් නිපදවයි.මෙම ලවණයේ කාර්බොක්සිලික් කාණ්ඩය බහු-සංයුජ ලෝහ කැටායනය සමග එක්ව සාදන සංයෝගය ජලය ද්‍රවණය අඩු නිසා අවක්ෂේපණය ට ලක් වෙයි.
  • මෙම අවශ්‍ය අවශ්යප යේ ඝනත්වය ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු බැවින් සබන් මණ්ඩි ලෙස මේවා ජලය පාවේ.
  • එමනිසා නිදහස් ජලයෙ බහු-සංයුජ කැටායන පවතින විට ඒවා සබන් සමග ප්‍රතික්‍රියා කරන බැවින් පිරිසිදු කාර ක්‍රියාවලිය සිදු කිරීමට අපහසු තාවයක් දක්වයි.
  • මෙහිදී ජලය පවතින වෙනත් ඇනායන ස්ථිර ස්ථීර කඨිනත්වය ට කිසිදු කිසිදු සම්බන්ධතාවයක් නොමැත.(Cl, SO42-).
  • ජලයේ කඨිනත්වය ප්‍රකාශ කරන ඒකකය වනුයේ කැල්සියම් කාබනේට් මිලියනකට කොටස් ලෙසයි.(CaCO3)

තාවකාලික කඨිනත්වය.

  • ජලය බහු සංයුජ ලෝහ කටායන සමඟ එම මුළු සාන්ද්‍රනයට වඩා වැඩිපුර සාන්ද්‍රනය කින් බයිකාබනේට් අයන සහ කාබනේට් අයන පැවතීම තාවකාලික කඨිනත්වයි.

ස්ථිර කඨිනත්වය.

  • බහු සංයුජ ලෝහ කැටායන සමග බය්කාබනේට් හා කාබනේට් අයන එම කැටයාන සාන්ද්‍රණයට වඩා අඩුවෙන් පැවතීම ස්තිර කටිනත්වය ලෙස හැඳින්වෙයි.
  • මෙහිදී කාබනේට් සහ බයිකාබනේට අයන වල සාන්ද්‍රනය අඩු නිසා ලෝහ අයන රත් කිරීම මගින් අවක්ෂේප කළ නොහැක.එම නිසා මෙම කටිනත්වය ස්ථීර කඨිනත්වය ලෙස හඳුන්වයි.එහෙම නිසා පිටින් කාබනේට සංයෝග ජලයට එක් කිරීම මගින් ස්ථිර කඨිනත්වය ඉවත් කර හැක.(NaCO3)

5.ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම

  • ජලය රසායනික ඔක්සිජන් ඉල්ලුම යනු ජලයේ ද්‍රාවිත ඔක්සිකරණය කළ හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණයයි.
  • ජලය පවතින කාබනික ද්‍රව්‍ය මෙසේ ඔක්සිකරණය කළ හැකි අතර මේවා කාබන් ඩයොක්සයිඩ් ලෙස ඔක්සිකරණය කළ හැක.
  • මේද අම්ල ඇමයිනෝ අම්ල ග්ලූකෝස් හා ෆෘක්ටෝස් වැනි සීනි වර්ග පිස්ටය ප්‍රෝටීන මෙම ගණයට අයත් වේ.
  • ඊට අමතරව Mn2+,Fe2+ වැනි අකාබනික සංයෝග ද ජලයේ රසායනික ඉල්ලුමට දායක වෙයි.
  • ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම නිර්ණය කිරීම අනුමාපන යක් මගින් සිදු කරයි.
  • ජල සාම්පලය ආම්ලික පොටෑසියම් ඩය්ක්‍රොමේට් දන්නා ප්‍රමාණයක් සමග ආසවනය කර ඉතිරි වන ඩයික්‍රෝමේට් අයින ප්‍රමාණය සම්මත Fe2+ අයන ද්‍රාවණයක් මගින් අනුමාපනය කර ජලයේ COD අගය ගණනය කරයි.
  • මෙසේ බොහෝවිට මනිනු ලබන්නේ කර්මාන්ත මගින් පිට කරන ලද අප ජලයෙහි ය.ඒ එම ජලය අධිකව ජලාශවලට එක් වෙන බැවින් ජලාශ දූෂණයට ලක්වන නිසාය.

6.ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම

  •  ජලයෙ ඒකක පරිමාවක දිය වි ඇති අනුක ඔක්සිජන් ප්‍රමාණය ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම ලෙස හඳුන්වයි.
  • වායුගෝලයේ පවතින ඔක්සිජන් ජලයේ දියවීම හා ජලජ පැලෑටි පැලෑටි වල ප්‍රභාසංස්ලේෂණය නිසා ඇතිවෙන ඔක්සිජන් ජලයේ ඔක්සිජන් ප්‍රමාණය නිර්ණය කරයි.
  • ජලය ධ්‍රැවීය නිසාත් ඔක්සිජන් නිර්ධ්‍රැවීය නිසාත් ජලයේ දියවෙන ඔක්සිජන් ප්‍රමාණය ඉතා කුඩාය.
  • ජලයේ සිදුවන විවිධ රසායනික හා ජෛව ක්‍රියාවලිය හේතුවෙන් ජලය පවතින ඔක්සිජන් මට්ටම අඩු වේ.
  • මෙම මට්ටම 5ppm වඩා අඩු වුවහොත් ජලජ ජීවීන් ආතතියට පත්වේ.ජීවීන් ජලය මතුපිටට පැමිණ මුව අයාගෙන සිටීම වැනි ලක්ෂණ මෙහිදී දැකගත හැකිය.
  • ජලයේ ද්‍රවිත ඔක්සිජන් මට්ටම 1-2ppm පමණ ප්‍රමාණයට අඩු වූ විට ජලයේ ජීවත් වන ජීවීන් මිය යෑමට පටන් ගනී.
  • එම මට්ටම 0ppm අගයට ලංවන විට ජලයෙ නිර්වායු තත්ත්ව ඇති වෙයි.

ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම මැනීම සඳහා ක්‍රම කිහිපයක් ඇත.

  1. ද්‍රවිත ඔක්සිජන් වලට සංවේදී ඔක්සිජන් මීටරයක් මගින් මැන ගැනීම
  2. අනුමාපන යක් මගින් මැන ගැනීම(වින්ක්ලර් ක්‍රමය)
  • වින්ක්ලර් ක්‍රමය මගින් ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම මැනීම පහත පරිදි සිදු කළ හැක.

7.ජලයේ සුපෝෂණය (eutrophication)

  • පෝෂක ද්‍රව්‍ය ජලයට එක්වීම හේතුවෙන් ජලයේ අධික ලෙස ඇල්ගී වර්ධනය වීම ජලය සුපෝෂණය ලෙස අර්ථ දක්වයි.
  • මෙම නිසා අධික ලෙස ඇල්ගී වර්ධනය වන අතර ඇල්ගී ඝන කොලනි ස්ථරයක් ලෙස පවතී.එම නිසාවෙන් ජලයේ පහත මට්ටම් සඳහා හිරු එළිය ළඟා නොවෙයි.
  • එමනිසා ප්‍රභාසංස්ලේෂණය සිදු නොවන බැවින් ද්‍රාවණය නොවීමෙන් ජලජ සතුන් සහ ශාක මිය යයි.මෙසේ මිය යන ශාක සහ සතුන් ස්වායු බැක්ටීරියා මගින් වියෝජනයට ලක් කරයි.
  • මෙමගින් ජලය ඔක්සිජන් මට්ටම තවදුරටත් පහළ යන අතර අවසානයේදී නිර්වායු තත්ත්වයක් ඇති කරයි.
  • මෙම තත්ත්වය නිසා H2S වැනි වායු නිපදවීම නිසා ජලාශය අධික දුර්ගන්ධයක් ඇති ප්‍රදේශ බවට පත් කරයි.
  • පොස්පේට් අයන ඇල්ගී වර්ධනයට සීමාකාරී පෝෂකයයි.එසේම නයිට්‍රේට් අයන සමහර අවස්ථාවලදී සීමාකාරී සාධකය වෙයි.මෙම දෙවර්ගය සීමාකාරී වීම හේතුවෙන් ජලයේ ඇල්ගී නිපදවීම සීමා වී ඇත.
  • මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කාර්මික අපජලය මගින් හා නිවසේ භාවිත කරන ලද පිරිසිදුකාරක ලෙසින් ජලාශ වලට පොස්පේට් සහ නයිට්‍රේට් එකතු වෙයි.මෙම නිසාවෙන් ජලාශ තුල අධික ලෙස ඇල්ගී වර්ධනය ඇති වෙයි.

8.ජලයේ බැරලෝහ අයන පැවතීම

  1. ලෝහ විද්‍යාවේදී බැර ලෝහයක් ලෙස තීරණය කරන්නේ සාපේක්ෂ ඝනත්වය 5ට ඉහළ ලෝහයි.
  2. භෞතික විද්‍යාවේ දී මෙය පරමාණුක ක්‍රමාංකය 20 ඉහළ ලෝහ නිර්වචන කරයි.
  3. රසායන විද්‍යාවේ දී සල්ෆය්ඩ් සහ හයිඩ්‍රොක්සයිඩ අයන සමඟ පක්ෂය සාදන කැටායන නිපදවන ලෝහ ලෙස බැර ලෝහ නිර්වචනය කරයි.
  • සමහර අවස්ථාවලදී මෙම බැර ලෝහ පෝෂක(Fe2+,Zn2+)වුවද වුවද වෙනත් අවස්ථාවලදී මේවා අහිතකර හා විෂදායි වෙයි.(Hg2+,Cd2+,Pb2+),ඊට අමතරව සමහර සංයෝග අඩු සාන්ද්‍රනය කින් යුක්ත වීම හිතකර ලෙසත් වැඩි සාන්ද්‍රනයකින් යුක්ත වීම අහිතකර ලෙසත් බලපායි.(Cu2+).
  • මීට අමතරව සමහර බැරලෝහ කිසිදු ජෛව ක්‍රියාවලියකට සහයක නොවේ.ඒවා පසේ ජලයේ සහ ජලාශ වල පතුලේ අවසාදිත වෙයි.
  • බැර ලෝහ ස්වභාවික ජලයේ සංජනනය වූ අයන ලෙස සහ සංකීර්ණ සංයෝග ලෙස පවතී.

9.ද්‍රවිත කාබනික සංයෝග

  • ද්‍රාවිත කාබනික සංයෝග විෂදායිනොවන නමුත් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුමට(BOD)හා රසායනික ඔක්සිජන් ඉල්ලුම(COD) ට දායක වෙයි.
  • කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, මේද,  ඇමයිනෝ අම්ල,ප්‍රෝටීන,ද්‍රාවිත හයිඩ්‍රොකාබන, ශාකවල ප්‍රාථමික හා ද්විතීයික පරිවෘත්ත සංයෝග සහ පරිවෘත්තීය අපද්‍රව්‍ය මෙම ගණයට අයත් වේ.
  • මෙම සංයෝග ජලයේ ඇති විට බැක්ටීරියා මගින් එම සංයෝගය වියෝජනය කරන නිසා ජලයේ ඔක්සිජන් ඉල්ලුම ඉහල ගොස් භාවිත ඔක්සිජන් මට්ටම පහළ යයි.

 10.විෂ හෝ අන්තරාකාරී කාබනික සංයෝග

  • මෙම සංයෝග බොහෝ කාලයක් නොනැවසී පවතී.පලිබෝධ නාශක,කාර්මික රසායනික ද්‍රව්‍,යහැලජනීකෘත කාබනික සංයෝග,ඩයොක්සීන,පියුරෑන්,PCB,PAH,ජල ජීවහරණ අතුරුඵල මෙම ගණයට අයත් වේයි.
  • ජලය අංශුමාත්‍ර ලෙස පවතින අධික විෂ සහිත කාබනික සංයෝග කීපයක් පහත දැක්වේ.

11.ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය

  • ප්ලාස්ටික් නිෂ්පාදනයේ දී බොහෝ ආකලන ද්‍රව්‍ය එකතු කරයි.මෙම ආකලන ද්‍රව්‍ය සෙමින් ප්ලාස්ටික් භාණ්ඩයෙන් කාන්දුවීම, වැරදි භාවිතයේදී හා භාවිතයෙන් පසු ජලයට හා පසට එක් වීම ජල දූෂණයට හා පස දූෂණයට හේතුවේ.
  • මේවා පිළිකා කාරක ලෙස, හෝමෝන පද්ධතියට බලපෑම් සිදු කරන්නන් ලෙස, ශරීරයේ විවිධ ග්‍රන්ථි වලට හානි කරන්නන් ලෙස ක්‍රියා කරයි.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.