02.07.03 -උඩුකුරු තෙරපුම

0
4995

උඩුකුරු තෙරපුම සරලව, ද්‍රව්‍යය විසින් එම අංශුව මත ඇති කරන උඩුකුරු බලයයි. මෙම බලය සියලු අවස්ථාවන්හිදී උඩු අතට බලපායි.

ආකිමිඩීස් මූලධර්මය

“වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක (වායු/ද්‍රව) ගිල්වා ඇති විට ඒමත ඇතිවන උඩුකුරු තෙරපුම , ඒමගින් විස්ථාපනය කර ඇති තරල ප්‍රමාණයේ බරට සමාන වේ. ”

මෙහිදී,
v = වස්තුවේ පරිමාව
𝜌 = ද්‍රවයේ ඝනත්වය
g = ගුරුත්වාකර්ෂණ ත්වරණය

Q1; කුඩා ලී කුට්ටියක් ජලය තුල ගිලී පාවේ. එහි ගිලී ඇති පරිමාව 100cm3 ද, ජලයේ ඝනත්වය 1000kg m-3 ද වේ නම් එය මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම් බලය සොයන්න.

Q2; රබර් බෝලයක් ද්‍රවයක් මත පාවේ. එහි ස්කන්ධය 50 g වේ. එහි පරිමාව 100 cm3 වේ නම් ද්‍රවයේ ඝනත්වය කොපමණද?

රබර් බෝලය සමතුලිතතාවයේ පවතින්නේ එහි බර සහ එය මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම් බලය යන බල දෙක නිසාය. එවිට,

Q3: 200 g ස්කන්ධයක් ඇති හිස් බඳුනක් තවත් ජල බඳුනක් තුළ ගිලී ඉපිලේ. එම ජල බඳුනට යකඩ 100 g ද එකතු කළහොත් හිස් බඳුන සහ යකඩ කැබැල්ල මගින් විස්තාපිත ජල පරිමාව කොපමනද? (යකඩ වල ඝනත්වය – 7874 kg m-3)

හිස් බඳුන මගින් විස්ථාපිත ජල පරිමාව =  එහි ජලය තුල ගිලී ඇති පරිමාව
ජල බඳුනට,

යකඩ  කැබැල්ල සම්පුර්ණයෙන් ජලයේ ගිලෙන බැවින් එහි පරිමාවට සමාන පරිමාවක් විස්ථාපනය කරයි.

 Q4: කුහර යකඩ ගෝලයක් එහි පරිමාවෙන් ½ක් ජලය තුළ ගිලී පවතී. යකඩ වල ඝනත්වය 8000 kg m-3 නම් වස්තුවේ පරිමාවෙන් කුමන භාගයක් කුහරය පවතීද?

Q5 : ඒකාකාර දණ්ඩක එක් කෙලවරක් ජල බඳුනක බිත්තියට අසව් කර ඇත. දන්ඩේ මුළු දිගෙන් ¼ ක් ජලයෙන් පිටත සිටින සේ දණ්ඩ සමතුලිතතාවයේ ඇත. දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය සොයන්න.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.