02.03.05.ඝර්ෂණය

0
4767
  • රළු පෘෂ්ඨ 2ක් අතරේ සාපේක්ෂ චලිතයක් ඇතිවීම හෝ ඒ සඳහා පෙළඹවීමක් ඇතිවිට සාපේක්ෂ චලිතය වළක්වන සේ පෘෂ්ඨ වලට සමාන්තරව ගොඩනැගෙන බලය ඝර්ෂණ බලයයි.
  • ඝර්ෂණ බලයක් ඇති වීමට හේතුව පෘෂ්ඨ අතර ඇති කඩතොලු ස්වභාවයයි.
  • ඝර්ෂණ බලය සැමවිටම ඇතිවන්නේ පෘෂ්ඨ අතර පවතින සාපේක්ෂ චලිතය වළක්වන ආකාරයටයි.
  • නමුත් ඝර්ෂණ බලය සෑම විටම චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව නොපවතී. 

උදා: ඇවිදින විට කකුල මත ඝර්ෂණ බලය ඉදිරියට පවතී.

         සීමාකාරී ඝර්ෂණ බලය

  • චලිතයට පොළඹවන බලය ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩිකරන විට ඝර්ෂණ බලයද ඒ හා සමානව වැඩිවේ. මෙවිට ඝර්ෂණ බලය ස්වයං සීරුමාරු බලයක් ලෙස ක්‍රියා කරයි.
  • ඝර්ෂණ බලයට වැඩිවිය හැක්කේ එක්තරා උපරිම අගයක් දක්වා පමණි. එම අවස්තාවට පසුව තවදුරටත් වැඩි විය නොහැක. එය ”සීමාකාරී ඝර්ෂණ බලය”යි.
  • මේ අවස්තාවේදී වස්තුව සීමාකාරී සමතුලිතතාවයේ පවතී.
  • සීමාකාරී ඝර්ෂණ බලය පෘෂ්ඨ 2 අතර අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වේ.

මෙහි,  μ  යනු සීමාකාරී ඝර්ෂණ සංගුණකයයි. එය පෘෂ්ඨ ස්වභාවය මත රඳා පවතින නියතයකි.

                                              පෘෂ්ඨය රළුයි නම් μ  වැඩිද,

               පෘෂ්ඨය රළුබව අඩු නම් μ අඩුද වේ.


          ගතික ඝර්ෂණ බලය

  • සීමාකාරී ඝර්ෂණ බලයට වඩා චලිතයට පොළඹවන ඝර්ෂණ බලය වැඩි නම් වස්තුව චලනය වේ.
  • එවිට පෘෂ්ඨ අතර නියත ඝර්ෂණ බලයක් පවතී.
  • එය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුය.
  • එය “ගතික ඝර්ෂණ බලය” ලෙස හැඳින්වේ.
  • ගතික ඝර්ෂණ බලයද පෘෂ්ඨ අතර ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වේ.

මෙහි μ  යනු ගතික ඝර්ෂණ සංගුණකයයි.

  • ගතික ඝර්ෂණ සංගුණකය එම පෘෂ්ඨ අතර පවතින ස්ථිතික ඝර්ෂණ සංගුණකයට වඩා අඩුයි.

වස්තුවක් චලනය වනවාද නැද්ද යන්න තීරණය කරන්නේවස්තුව මත යොදන බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුද, වැඩිද යන්න මතයි.

ඝර්ෂණ නියම

  1. රළු පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීම හෝ ඒ සඳහා පෙළඹවීමක් ඇති විට, සාපේක්ෂ චලිතය වළක්වන ලෙසට පෘෂ්ඨ වලට සමාන්තරව ඝර්ෂණ බලයක් ගොඩ නැගේ. 
  2. වස්තුව චලිත වීම ඇරඹෙන තෙක්ම ඝර්ෂණ බලය ස්වයං සීරුමාරුවෙමින් යොදන බලයට සමාන වේ.
  3. පෘෂ්ඨ දෙකක් අතර ඝර්ෂණ බලයට ගත හැකි උපරිම අගයක් පවතී. එය සීමාකාරී ඝර්ෂණ බලයයි. එය පෘෂ්ඨ දෙක අතර ඇති අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වේ.
  4. අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් නොවී පවතින විට පෘෂ්ඨ අතර ඝර්ෂණ බලය,
    • පෘෂ්ඨ ස්පර්ශ වන වර්ගඵලය මත රඳා නොපවතී.
    • පෘෂ්ඨ ස්වභාවය මත රඳා පවතී.
  5. එක් පෘෂ්ඨයක් මත තවත් පෘෂ්ඨයක් චලනය කිරීමේදී ක්‍රියාත්මක වන ගතික ඝර්ෂණ බලය පෘෂ්ඨ අතර අහිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වේ. එය පෘෂ්ඨ අතර සාපේක්ෂ ප්‍රවේගය මත රඳා නොපවතී. 
  6. පෘෂ්ඨ දෙකක් අතර ගතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුයි.

  • වාහනයක නිදහසේ කැරකෙන රෝද මත ඝර්ෂණ බලය පිටුපසට ක්‍රියාත්මක වේ.
  • බාහිර ව්‍යාවර්තයක් මඟින් කැරකෙන රෝද මත ඝර්ෂණ බලය ඉදිරියට ක්‍රියාත්මක වේ.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.