03.10 – දෘශ්ටි දෝෂ හා පිළියම්

0
4285

මිනිස් ඇස 

  • පුද්ගලයෙකුට අවට පරිසරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් ලැබී ඇත්තේ මිනිස් ඇසෙහි දෘෂ්ටි විතානය මත තැනෙන ප්‍රතිබිම්භය මගිනි. 
  • මිනිස් ඇස 2.5cm පමණ විශ්කම්භයකින් යුතු අක්ෂි ගෝලයකින් සමන්විත වේ. 
  • යමක් පෙනීමේ ක්‍රියාවලියේදී අවට වස්තූන්හි තාත්වික යටිකුරු ප්‍රතිබිම්භයක් දෘෂ්ටි විතානය මත තැනෙන අතර එය උඩුකුරුව හඳුනාගැනීමේ හැකියාවක් මිනිස් මොළය සතුව පවතී. 
  • අක්ෂි කාචයේ සිට දෘෂ්ටි විතානයට නිශ්චිත දුරක් පවතින අතර එය කළින් සඳහන් කළ 2.5cm ක දුරයි. 
  • සාමාන්‍ය කාචයකට සාපේක්ෂව අක්ෂි කාචයේ සුවිශේෂීතාවයක් පවතී. එනම් වස්තු දුර විචලනය වන විට ප්‍රතිබිම්භ දුර නිශ්චිත බැවින් අක්ෂි කාචයේ නාභීය දුර විචලනය කරගැනීමයි. 
  • එය අක්ෂි කාචයට සම්බන්ධ ප්‍රතියෝජක පේශි මගින් සිදුවේ. ප්‍රතියෝජක පේශි හැකිලුණු විට අක්ෂි කාචයේ වක්‍රතා අරය අඩුවී නාභි දුර අඩුකර ගනී. එම පේශි ලිහිල්වූ විට කාචයේ වක්‍රතා අරය වැඩිවී නාභි දුර වැඩි කරගනී. 

                                         1 / v – 1 / u = 1 / f      ( v නියත වේ. f විචලනය වේ.) 

  • ඇසෙහි ඉදිරියෙන්ම පවතින නියත ඝනකමක් ඇති වක්‍ර කොටස ස්වච්ඡ මණ්ඩලයයි. (cornea) එයට පිටුපසින් පාරදෘශ්‍ය ද්‍රව්‍යයකින් පිරි අවකාශයක් ඇති අතර එයට අම්මය රසය (aqueous humor) යැයි කියනු ලැබේ. මෙම කොටස් මගින් ඇස තුළට ඇතුළුවන ආලෝක කිරණ වර්තනයට ලක් කරයි. 
  • ඉන්පසු තාරාමණ්ඩලය (iris) නැමැති කොටස ඇසෙහි අන්තර්ගත වන අතර එහි මධ්‍යයේ කණිනිකාව (pupil) නම් වූ සිදුරක් පවතී. අක්ෂි කාචය තුළට ආලෝකය ඇතුළුවන්නේ කණිනිකාව තුළින් වන අතර තාරා මණ්ඩලය මගින් කණිනිකාවේ විශාලත්වය පාලනය කරයි. 
  • නිරෝගී ඇසක කණිනිකාවේ විශ්කම්භය 2mm සිට 8mm වැනි ප්‍රමාණයක් දක්වා වෙනස් විය හැක. අඳුරේදී හා අලෝකමත් ස්ථානවලදී තාරාමණ්ඩලය මගින් කණිනිකාවේ විශාලත්වය වෙනස් කරමින් ඇස තුළට අවශ්‍ය ආලෝක ප්‍රමාණය ඇතුළු කරගනී. 
  • ඉන්පසු ඇසක වැදගත්ම කොටස වන අක්ෂි කාචය පිහිටයි. 
  • අක්ෂි කාචය ප්‍රධාන වශයෙන් කොටස් 2 ක් ලෙස හඳුනාගත හැක. එනම් ද්වි උත්තල කාචය හා ස්වච්ඡය ලෙසිනි. ස්වච්ඡයට නිශ්චිත නාභි දුරක් පවතින අතර කලින් සඳහන් කළ පරිදි ද්වි උත්තල කාචය ප්‍රතියෝජක පේශි මගින් නාභි දුර විචලනය කරගනී. 

ඇසක අවිදුර ලක්ෂ්‍යය හා විදුර ලක්ෂ්‍යය 

  • පුද්ගලයෙකුගේ දෘශ්‍ය පරාසයේ ඇසට ආසන්නතම ලක්ෂ්‍යය අවිදුර ලක්ෂ්‍යය ලෙසත් ඈතම පිහිටි ලක්ෂ්‍යය විදුර ලක්ෂ්‍යය ලෙසත් හඳුන්වයි. 
  • නිරෝගී ඇසක විදුර ලක්ෂ්‍යය අනන්තය ලෙස සැලකෙන අතර අවිදුර ලක්ෂ්‍යය 25cm ක දුරින් පිහිටයි. 
  • අනන්තයේ පිහිටි වස්තු නිරීක්ෂණය කරනවිට අක්ෂි කාචයට උපරිම නාභි දුරක් පවතින අතර අවිදුර ලක්ෂ්‍යයේ වස්තු නිරීක්ෂණය කිරීමේදී අවම නාභීය දුරක් පවතී. 
  • අක්ෂි කාචයේ නාභීය දුර අඩු කිරීම සඳහා ප්‍රතියෝජක පේශි වෙහෙසෙන අතර අවිදුර ලක්ෂ්‍යයක් නිරීක්ෂණයේදි මිනිස් ඇස ප්‍රතියෝජක පේශි මගින් පීඩනයකට ලක්වේ. ළඟ ඇති වස්තු දෙස බොහෝ වේලාවක් නිරීක්ෂණයේදි ඇසට විඩාවක් දැනෙන්නේ එබැවිනි. 
  • විවේකීව තබා ඇති ඇසක් ලෙස හඳුන්වන්නේ පුද්ගලයාගේ විදුර ලක්ෂ්‍යය නිරීක්ෂණය කරන ඇසකි. නිරෝගී ඇසකට අදාළව මෙය අනන්තයේ වස්තු නිරීක්ෂණය කිරීමයි. 
  • නිරෝගී ඇසක විදුර ලක්ෂ්‍යය නිරීක්ෂණයේදී අක්ෂි කාචයේ නාභි දුර අක්ෂි ගෝලයේ දිගට සමාන වේ. 

විශද දෘෂ්ටියේ අවම දුර 

  • වස්තුවක් පැහැදිළිව දැකීම සඳහා එය තැබිය යුතු ඇසට ආසන්තම ස්ථානයට ඇසේ අවිදුර ලක්ෂ්‍යය යැයි කියනු ලබන අතර ඇසේ සිට එම ලක්ෂ්‍යයට පවතින දුරට විෂද දෘෂ්ටියේ අවම දුර යැයි කියනු ලැබේ.
  • නිරෝගී ඇසක විෂද දෘෂ්ටියේ අවම දුර 25cm කි. 

දෘශ්‍ය කෝණය 

  • යම් වස්තුවක් ඇසෙහි ආපාතනය කරන කෝණය දෘශ්‍ය කෝණයයි.    එය (α)  විට,
  • h නියතව d වැඩිවන විට α කෝණය අඩුවේ. එනම් වස්තුව කුඩාවට පෙනේ. 

දෘෂ්ටි දෝෂ 

  • පුද්ගලයෙකුගේ රෝගී තත්වයන් අනුවත්, වයස අනුවත් කලින් සඳහන් කළ දෘෂ්ටි පරාසයන් විචලනය වේ. තවද අක්ෂි ගෝලයේ දිග වැඩිවීම හෝ අඩුවීම අනුවද දෘෂ්ටි දෝෂ හට ගනී. 
  • මේ සෑමවිටකම සිදුවන්නේ අක්ෂි කාචය මගින් තනන වස්තුවක ප්‍රතිබිම්භය නිවැරදි ලෙස දෘෂ්ටි විතානය මත සමපාත නොවී එයට ඉදිරියෙන් හෝ පිටුපසින් සකස්වීමයි. 
  • දෘෂ්ටි දෝෂ කිහිපයක් පහත දැක්වේ. 

අවිදුර දෘෂ්ටිකත්වය    

  • ඉතා ඈත පවතින වස්තුවකින් නිකුත්වන සමාන්තර ආලෝක කිරණ ඇසේ දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම නිසා එම වස්තුව පැහැදිළිව දැකගත නොහැකිවීම අවිදුර දෘෂ්ටිකත්වයයි. 
  • එනම් අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන අයෙකුගේ විදුර ලක්ෂ්‍යය ඇසට ආසන්නයේ පිහිටයි. 

                               අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇසකට අදාළ කිරණ සටහන 

                              

  • මෙහිදී අක්ෂි කාචය මගින් සමාන්තර ආලෝක කිරණ වැඩි වශයෙන් අභිසරණයට ලක්කර ඇත. මෙම වැඩිදුර අභිසරණයට ලක්වීමේ තත්වය අඩු කරගැනීමට අපසරණ ( අවතල ) කාචයක් පැළදිය යුතුයි. 
  • ඉහත පරිදි අවතල කාචයක් පැළඳි පසු එමගින් සමාන්තර ආලෝක කිරණ x ලක්ෂ්‍යයේ සිට පැමිණෙන අපසාරී ආලෝක කිරණ ලෙස අක්ෂි කාචය තුළට ඇතුළුවී නිවැරදි ලෙස දෘෂ්ටි විතානය මත සමපාත වේ. 
ගණනය කිරීමක් ඇසුරින් ……… 
  1. යමෙකුගේ විදුර ලක්ෂ්‍යය 200cm දුරින් පිහිටයි යැයි සිතමු. එවිට මොහුට විදුර ලක්ෂ්‍යයේත් අනන්ත සීමාවේත් අතර වස්තු නිරීක්ෂණයට එම සීමාවේ වස්තුවල ප්‍රතිබිම්භයන් විදුර, අවිදුර සීමාවට ගෙන ආ යුතුයි. එයට අවතල කාචයක් යොදාගනී. 
  • එනම් අනන්ත සීමාවේ වස්තුවේ ප්‍රතිබිම්භය විදුර ලක්ෂ්‍යය වෙත ගෙන ආ යුතුයි. 

1 / v – 1 / u = 1 / f 

1 / 200 – 1 /  = 1 / f 

F = 200cm      P = 0.5 D 

  • මෙහිදී 25cm කින් පෙණුනු වස්තු නොපෙනී යයි. එයට හේතුව 25cm වස්තූන්ගේ ප්‍රතිබිම්භ අක්ෂි කාචයත් 25cm දුරත් අතරට වැටීමයි. 
  • එම නිසා නව දෘෂ්ටි පරාසය 28.6cm – ∞ දක්වා වේ. 

1 / v – 1 / u = 1 / f 

1 / u = 1 / 25 – 1 / 200 

1 / u = (8 – 1) / 200 

   u = 28.6cm 

  • උපැස් යුවළක් සාමාන්‍යයෙන් පළඳින්නේ අක්ෂි කාචයට 2cm පමණ දුරින්  බැවින් පැළඳිය යුතු කාචයේ නාභීය දුර පළඳින කාචයේ සිට විදුර ලක්ෂ්‍යයට පවතින දුරට සමාන වේ. 
  • එනම් f = 198cm වේ. 

දුර දෘෂ්ටිකත්වය 

  • සාමාන්‍ය පුද්ගලයෙකුට සඳහා වූ අවිදුර ලක්ෂ්‍යයේ එනම් ඇසේ සිට 25cm දුරින් පවතින වස්තුවකින් නිකුත් වන ආලෝක කිරණ ඇසේ දෘෂ්ටි විතානයට පිටුපසින් එකතුවීමෙන් කිසියම් ඇසකට එම වස්තුව පැහැදිළිව දැකගත නොහැකිවීම දුර දෘෂ්ටිකත්වයයි. 
  • මෙයට හේතුවන්නේ ප්‍රතියෝජක පේශි අවශ්‍ය ප්‍රමාණයට නොහැකිළීමෙන් අක්ෂි කාචයේ නාභි දුර අවශ්‍ය පරිදි අඩුකරගත නොහැකිවීමයි. 
  • මීට අමතරව අක්ෂි ගෝලය කෙටි වීමද අක්ෂි කාචය දෘෂ්ටි විතානයට ළඟින් පැවතීමද හේතු විය හැක. 
  • මෙහිදී මෙවැනි ඇසක අවිදුර ලක්ෂ්‍යය 25cm ට වඩා ඈතින් පිහිටන අතර අනන්තය සහ එම අවිදුර ලක්ෂ්‍යය අතර වස්තූන්ගේ ප්‍රතිබිම්භ පමණක් දෘෂ්ටි විතානය මත තැනේ. 
  • ඒ අනුව මෙම දෝෂය මඟහරවාගැනීමට 25cm ක දුරකින් ඇති ප්‍රතිබිම්භයක් පුද්ගලයාගේ අවිදුර ලක්ෂ්‍යයෙන් තනාගැනීමට සුදුසු ආකාරයේ උත්තල කාචයක් පැළඳිය යුතුයි. එනම් අඩුවෙන් අභිසරණයට ලක්වීමේ තත්වය මඟහරවාගැනීමට අභිසරණ කාචයක් පැළඳිය යුතුයි. 

ගණනය කිරීමක් ඇසුරින් ……… 

  • අවිදුර ලක්ෂ්‍යය වූ පුද්ගලයෙකු සලකමු.
  •  

1 / v – 1 / u = 1 / f 

1 / 100 – 1 / 25 = 1 / f 

(1 – 4) / 100 = 1 /f 

f = – 100 / 3cm 

මෙම උපැස් යුවළ පැළඳ පරිසරය නිරීක්ෂණය කරන විට දෘෂ්ටි පරාසය පියවි ඇසේ දෘෂ්ටි පරාසය වන 100cm – ∞ දක්වා සීමාවේ ප්‍රතිබිම්භ තනා දෙන පරාසය වේ. එනම් 25cm සිට උත්තල කාචයේ නාභීය දුර දක්වා සීමාව වේ. (25cm – 33.3cm) 

  • එබැවින් මෙම දෝෂයෙන් පෙළෙන අයගේ උපැස් යුවළේ කාචය වීදුරුවේ පහළ කොටසේ පමණක් යොදයි. 

වෘද්ධ දෘෂ්ටිකතාවය හෙවත් හතළිස් ඇඳිරිය 

  • පුද්ගලයෙකුගේ වයස අ.වු.40 පමණ වනවිට ප්‍රතියෝජක පේශි වල ක්‍රියාකාරීත්වය දුර්වල විය හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ළඟ නොපෙනීයාම සිදුවිය හැක. මෙය වෘද්ධ දෘෂ්ටිකතාවය වන අතර අ.වු.40 ඉක්මවායාමේදී ඇතිවන නිසා එය හතළිස් ඇඳිරිය නමින් ද හඳුන්වයි. 
  • මෙහිදීද එම පුද්ගලයාගේ අවිදුර ලක්ෂ්‍යය 25cm ට වඩා වැඩි වේ. 25cm කින් පවතින වස්තුවල ප්‍රතිබිම්භ ප්‍රතියෝජක පේශි දුර්වල බැවින් දෘෂ්ටි විතානයට පිටුපසින් නාභිගත වේ. 
  • දුර දෘෂ්ටිකත්වය නිවැරදි කළ ලෙසටම සුදුසු උත්තල කාචයක් පැළඳීමෙන් මෙම දෝෂය ද නිවැරදි කළ හැක. 

විෂම දෘෂ්ටිකතාවය 

  • නිරෝගී ඇසක ස්වච්ඡ මණ්ඩලය පූර්ණ ගෝලාකාර හැඩයකින් යුතු වේ. එහෙත් සමහර ඇස්වල එය එසේ නොවන අතර එක් තලයක වක්‍රතාවය, තවත් තලයක වක්‍රතාවයට වඩා වෙනස් වේ. මෙසේ වූ විට ඇතිවන තත්වය විෂම දෘෂ්ටිකතාවය ලෙස හඳුන්වනු ලැබේ.
  •  

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.