විද්‍යුත් ධාරිතාව
සන්නායකයක විභවය ඒකකයකින් වැඩි කිරීමට ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය එහි විද්‍යුත් ධාරීතාව ලෙස හැදින්වේ.
සන්නායකයකට ආරෝපණ ලබා දෙන විට ඊට සමානුපාතිකව විභවය වැඩිවේ.

Q-ආරෝපණය
C-විද්‍යුත් ධාරිතාව
V-විභවය
- සන්නායකයක ධාරිතාව එහි මාන හා පවතින මාධ්‍ය මත රදා පවතී.
- විද්‍යුත් ධාරිතාවයේ ඒකක ෆැරඩ් (F) වේ.
ගෝලයක විද්‍යුත් ධාරිතාව
- අරය R වන ගෝලයකට Q ආරෝපණයක් දී ඇති විට ගෝලයේ විභවය V නම්,

ගෝලයේ විද්‍යුත් ධාරිතාව ගෝලයේ අරය හා මාධ්‍යයේ පාරවේද්‍යතාව මත රදා පවතී.
![]()
ආරෝපිත වස්තු දෙකක් ස්පර්ශ කළ විට ආරෝපණ බෙදී යන ආකාරය

- වස්තූන් දෙක විභව සමාන වන තෙක් ආරෝපණ හුවමාරු වේ.
- ස්පර්ශයට පෙර ආරෝපණ වල වීජ ඓක්‍යය ස්පර්ශයෙන් පසු ආරෝපණවල වීජ ඓක්‍යයට සමාන විය යුතුය.

ගෝල දෙකක් ස්පර්ශ කළ විට ආරෝපණ බෙදී යන ආකාරය
01) බාහිර ස්පර්ෂය
- ගෝල දෙකක විභව සමාන විට ඒවායේ අරයන් අතර අනුපාතය ආරෝපණ අතර අනුපාතයට සමාන වේ

02) අභ්‍යන්තර ස්පර්ශය

- ගෝලයක් අභ්‍යන්තරයෙන් ස්පර්ශ කරන විට අභ්‍යන්තර ගෝලයේ සියලුම ආරෝපණ බාහිර ගෝලයට ගමන් කරයි.
- සන්නායක ගෝල දෙකක් ස්පර්ශ කළ විට හා ආරෝපණ ගලා යා හැකි පරිදි සන්නායක කම්බියකින් සම්බන්ධ කළ විට ඒවා තනි සන්නයකයක් ලෙස හැසිරේ.
එනම් ඒවායේ ආරෝපණ පෘශ්ඨයේ පැවතිය යුතු අතර සෑම තැනකම විභවය පෘෂ්ඨයේ විභවයම විය යුතූය.

- සන්නායක ගෝලයක් ඇතුළත තවත් ගෝලයක් තැබූ විට තැබූ ආරෝපණයේ විශාලත්වයට සමාන ආරෝපණයක් බාහිර ගෝලයට ප්‍රේරණය වේ.

- ආරෝපිත සන්නායක ගෝලයක් තුළට ආරෝපණයක් ගෙන ආ විට සන්නායක ගෝලයේ බාහිර පෘෂ්ඨයේ ආරෝපණය ලැබෙනුයේ ගෝලයේ තිබූ සඵල ආරෝපණයෙත් ප්‍රේරණය නිසා ලැබුණු ආරෝපණයේ වීජ ඓක්‍යයෙනි.
ධාරිත්‍රක
- ආරෝපණ ගබඩා කර තබා ගැනීමට ධාරිත්‍රක භාවිතා කරයි.
- ආරෝපණ ගබඩා වූ පසු ධාරිත්‍රක තුළ විද්‍යුත් ශක්තියක්ද ගබඩා වී පවතී.
- ධාරිත්‍රකයක ගබඩා වී ඇති ආරෝපණ ප්‍රමාණය දෙකෙලවර විභව අන්තරයට සමානුපාතික වේ.


ධාරිත්‍රකයේ ධාරිතාව එහි මාන හා එය තබා ඇති මාධ්‍යයේ පරවේද්‍යතාව මත රදා පවති.
සමාන්තර තහඩු ධාරිත්‍රක
ධාරිත්‍රකයේ තහඩුවක වර්ගඵලය A ද තහඩු අතර පරතරය d ද තහඩු අතර මාධ්‍යයේ පාරවේද්‍යතාව ɛ ද විට Q ආරෝපණයක් ලබා දී දෙකෙලවර විභව අන්තරය ΔV විට,


- ධාරිත්‍රකයක තහඩු අතර පවතින්නෙ පාරවිද්‍යුත් ද්‍රව්‍යක් බැවින් ධාරිත්‍රකය තුළින් ධාරවක් ගමන් නොකරයි.
01) ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධති

- ධාරිත්‍රක ශ්‍රේණිගතව පවතින විට එක් එක් ධාරිත්‍රක තුළ ගබඩා වී ඇති ආරෝපණ ප්‍රමාණ සමාන වේ.
- සමකයේ ඇති ආරෝපණ ප්‍රමාණය එක් ධාරිත්‍රකයක ආරෝපණ ප්‍රමාණයට සමාන වේ.
- සර්වසම ධාරිත්‍රක n ගණනක් ශ්‍රේණිගතව සම්බන්ධ විට සමකය,

- ධාරිත්‍රක ශ්‍රේණිගතව ඇතිවිට සමක ධාරිතාව පවතින කුඩාම ධාරිතාවටත් වඩා අඩුවේ.
- බැටරියට සම්බන්ධ නැති තහඩු ප්‍රේරණයෙන් ආරෝපණය වේ.
02) සමාන්තර ධාරිත්‍රක පද්ධති

- ධාරිත්‍රක වල දෙකෙලවර විභව අගයන් සමාන නම් ඒවා සමාන්තරගතව පවති.

- ධාරිත්‍රක සමාන්තරගත විට සමකයේ ආරෝපණ ප්‍රමාණය එක් එක් ධාරිත්‍රකයේ ආරෝපණ වල එකතුවට සමාන වේ.
- ධාරිත්‍රක සමාන්තරගත විට ගබඩා වී ඇති ආරෝපණ, ධාරිත්‍රක වල ධාරිතාවයට සමානුපාතික වේ.

උදා: තහඩු අතර පොදු වර්ගඵලය A හා පරතරය d විට පද්ධතියේ සමක ධාරිතාව

එක් ධාරිත්‍රකයක,

සමකය,


ධාරිත්‍රක මෙසේ සම්බන්ධ කළවිට,

- එනම් A ධාරිත්‍රකයෙහි දෙකෙලවර විභව අන්තරයක් නොමැත. එමනිසා සමක ධාරිතාව සෙවීමේදී A ඉවත් කළ යුතුය.
ධාරිත්‍රකයක ගබඩා වී ඇති විද්‍යුත් ශක්තිය
ධාරිත්‍රකයේ Q ආරෝපණයක් ගබඩා වී ඇති විට දෙකෙලවර විභව අන්තරය V නම් ගබඩා වී ඇති විද්‍යුත් ශක්තිය W,

Q = CV සමීකරණයෙන්,

- ධාරිත්‍රකයක ආරෝපණ ප්‍රමාණය Q හා දෙකෙලවර විභව අන්තරය V අතර ප්‍රස්තාරය යට වර්ගඵලයෙන් ධාරිත්‍රකයේ ගබඩා වී ඇති විද්‍යුත් ශක්ති ප්‍රමාණය ලැබේ.

උදා: ධාරිත්‍රකයේ ගබඩා වී ඇති ශක්තිය සොයන්න.

ධාරිත්‍රක ආරෝපණය වීම

- ආරෝපණය ආරම්භ වන මොහොතේ ධාරිත්‍රකය තුළින් විශාල ධාරාවක් ගලා යයි.
- ධාරිත්‍රකයේ රැදෙන ආරෝපණ ප්‍රමාණය වැඩිවත්ම ගලායන ධාරාව අඩු වී ධාරිත්‍රකයේ දෙකෙලවර හා කෝෂයේ දෙකෙලවර විභව අන්තරය සමාන වූ විට ධාරාව ශුන්‍ය වේ.
- ධාරිත්‍රකයක් මිලි තත්පර ගණනක් තුළ ආරෝපණය වේ.

![]()
ධාරිත්‍රකයක් විසර්ජනය වීම

- විසර්ජනය ආරම්භයේදී ඉහළ විභව අන්තරයක් ඇති නිසා ආරම්භයේ දී ඉඅහළ ධාරාවක් ගලා යයි.
- නමුත් ආරෝපණ විසර්ජනය වීමේදී දෙකෙලවර විභව අන්තරය ක්‍රමයෙන් අඩූ වී ආරෝපණ සම්පූර්ණයෙන්ම විසර්ජනය වූ විට විභව අන්තරය ශුන්‍ය වී ධාරාව ශුන්‍ය වේ.
- ධාරිත්‍රක විසර්ජනය වීමට ගත වන්නේ මිලි තත්පර ප්‍රමාණයකි.

සමාන්තර තහඩු ධාරිත්‍රකයක් අතරට සන්නායකයක් ඇතුල් කළ විට ධාරිතාව වෙනස් වන ආකාරය
t ඝනකමක් ඇති සන්නායකයක් තහඩු වල වර්ගඵලය A හා තහඩු අතර පරතරය d වන සමාන්තර තහඩු ධාරිත්‍රකයක් තුළට ඇතුල් කළ විට,

- තහඩු අතර සන්නායකය පවතින දුර(x) මත ලැබෙන නව ධාරිතාව රදා නොපවති.
සමාන්තර තහඩු ධාරිත්‍රකයක් අතරට පරිවාරක තහඩුවක් ඇතුල් කළ විට ධාරිතාව වෙනස් වන ආකාරය

A -හරස්කඩ වර්ගඵලය
k -පාරවිද්‍යුත් නියතය
t -පරිවාරක තහඩුවේ ඝනකම
d -තහඩු අතර පරතරය

- පද්ධතියේ ධාරිතාව පාරවිද්‍යුත් තැටිය ඇතුල් කළ ස්ථානය මත රදා නොපවති.