විද්‍යුත් තාපන ඵලය පිළිබඳ ජූල්ගේ නියමය
- ප්‍රතිරෝධයක් හරහා ධාරාවක් පැවසීමේදී ප්‍රතිරෝධය තුළින් තාපය මුක්ත වේ එනම් මෙහිදී විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වේ.
- මෙහිදී සිදුවන ශක්ති හානියට තාප උත්සර්ජනය යැයි කියනු ලැබේ.
- විද්‍යුත් ප්‍රතිරෝධයක් තුළින් ධාරාවක් පැවතීමේ දී එමගින් උත්සර්ජනය වන තාපය එතුලින් පැවති ධාරාැති ධාරාවේ විශාලත්වයේ වර්ගයටත් විද්‍යුත් ප්‍රතිරෝධයටත් ධාරා පැවැති කාලයටත් අනුලෝමව සමානුපාතික වේ.

- සන්නායකය ඕම් නියමය පිළිපදී නම් ,V=IR යෙදිය හැකිය ඒ අනුව,

අකර්මණ්‍ය ප්‍රතිරෝධ
- තාප ශක්තිය ලෙස පමණක් ශක්තිය උත්සර්ජනය වන ප්‍රතිරෝධ අකර්මණ්‍ය ප්‍රතිරෝධ වේ.
විද්‍යුත් ප්‍රතිරෝධයක ක්ෂමතාවය
- ප්‍රතිරෝධයක් තුළින් ධාරාවක් පැවතීමේ දී එමගින් තාපය උත්සර්ජනය වීමේ සීඝ්‍රතාව ප්‍රතිරෝධය ක්ෂමතාව වේ
- R ප්‍රතිරෝධයක් හරහා I ධාරාවක් t කාලයක් තුළ පැවතීමේ දී උත්සර්ජනය වන තාපය W නම්,

- සන්නායකය ඕම් නියමය පිළිපදී නම් ක්ෂමතාව සඳහා පහත සමීකරණය වලංගු වේ.

උදා:- පහත පරිපතයේ කෝශයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසැලකිය හැකි නම් R සොයන්න.(බල්බය උපරිම ක්ෂමතාවයෙන් දැල්වෙයි.)
