08.04 – ධාරා විද්‍යුතය හා සම්බන්ධ නියම

0
2985

විද්‍යුත් ධාරාව පිළිබඳ කර්චොෆ්ගේ නියමය

පළමු නියමය

               විද්‍යුත් පරිපථයක යම් සන්ධියක දී ධාරාවන්ගේ වීජ ඓක්‍යය සෑම විටම ශූන්‍ය වේ.මෙය ආරෝපණ සංස්ථිතිය පිළිබඳ නියමය ලෙසද හැඳින්වේ.

දෙවැනි නියමය

විද්‍යුත් පරිපථයක යම් සංවෘත පුඩුවක සලකනු ලබන චක්‍රිය දිශාවක් ඔස්සේ පවතින විද්‍යුත්ගාමක බලයන්ගේ වීජ ඓක්‍යය එම දිශාව ඔස්සේ පවතින ධාරාවන්ගෙන් ප්‍රතිරෝධයන් ගේත් ගුණිත වල වීජ ඓක්‍යය ට සමාන වේ.

කර්චොෆ්ගේ දෙවන නියමය ගණිතමය ප්‍රකාශනයක් සේ පහත පරිදි ලිවිය හැක.

  • කර්චොෆ් නියමය යෙදීමේදී යෙදීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු,
    • කෝෂයේ විද්‍යුත් ගාමක බලය ඍණ අග්‍රයේ සිට ධන අග්‍රය ට පවතී යැයි සලකනු ලැබේ .
    • තෝරාගන්නා චක්‍රය දිශාවට පවතින විද්‍යුත් ගාමක බලය ධන ලෙස ද ඊට විරුද්ධව පවතින විද්‍යුත් ගාමක බලය ඍන ලෙස ද සලකනු ලැබේ.
    • චක්‍රයේ දිශාවට පවතින ධාරා ධන ලෙස ද ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට පවතින ධාරා ඍන ලෙස ද සලකනු ලැබේ.
    • ප්‍රතිරෝධ සඳහා චක්‍රිය දිශාව බලනොපායි.

උදා:-පහත පරිපතයට ක්’චොෆ් නියම යොදා 10V කෝෂය හරහා ධාරාව සොයන්න.

AEDBA දිශාවට ක්’චොෆ් නියම යෙදූ විට,

10V + 2V = I.2 + I.1 + i.1 + i.10 + i.10

AFCBA දිශාවට ක්’චොෆ් නියම යෙදූ විට,

10V – 12V = I.2 + I.1 + (I-i).1 + I.10

ඉහත සමීකරණ දෙක විසඳීමෙන් I සොයාගත හැක.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.