09.03.01 – සංගෘහිත පරිපථ

0
565

සංගෘහිත පරිපථ (Integrated Circuits- ICs)

  • ඉලෙක්ට්‍රොනික පරිපථවල  අභ්‍යන්තර ස්වභාවය  ඉතා සංකීර්ණ බැවින් ප්‍රතිරෝධක, ධාරිත්‍රක, දියෝඩ, ට්‍රාන්සිස්ටර් වැනි මූලික  ඉලෙක්ට්‍රොනික උපාංග විශාල ප්‍රමාණයක් එක් රැස් කිරීමට සිදු වෙයි.
  •  මේ සඳහා වැඩි කාලයක්, වැඩි ශ්‍රමයක්, වැඩි  වියදමක් වැයවන බැවින්  මෙවැනි උපාංග සියල්ලම එක්  Si  කැබැල්ලට එකලස් කොට සැකසූ ක්ෂුද්‍ර  ඉලෙක්ට්‍රොනික පරිපථ, සංගෘහිත පරිපථ ලෙස කියනු   ලැබේ.
  • සරලව ඉතාමත් කුඩා තනි සිලිකන් චිපයක සක්‍රීය සං‍රචක ( වර්ධනයක් ඇති කළ හැකි උපාංග- ද්විද්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටර්, ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්) සහ අකර්මන්‍ය සං‍රචක (වර්ධනයක් ඇති කළ නොහැකි උපාංග- ප්‍රතිරෝධක, ධාරිත්‍රක, ප්‍රේරක) ගැලපීමෙන් තනන ලද සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථයක් සංගෘහිත පරිපථයක් නම් වේ.

කුඩා සංගෘහිත පරිපථයක (චිපයක) හරස්කඩක්

මෙහි විශේෂත්වයක්  වන්නේ  බාහිර පරිපථ වලට සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය ස්ථානවලින්  අග්‍ර කිහිපයක් පමණක් පිටතට පවතින පරිදි  සකස් වී තිබීමයි. මෙම අග්‍ර අවශ්‍ය වන්නේ බාහිරෙන් ශක්තිය සැපයීමට, ඇතුල් කල නොහැකි විශාල ධාරිත්‍රක වැනි උපාංග සම්බන්ධ කිරීම්ට,   විද්‍යුත් සංඥා ලබා දීමට, ප්‍රතිදාන සංඥා ලබා ගැනීම්ට වැනි කාර්යයන් සඳහා වේ.

  • කළු තිත සහ කට්ටය ඉදිරියට පවතින ලෙස සහ අග්‍ර පහතට පවතින ලෙස සකසා ගත් විට තිත ආසන්නයේ වූ අග්‍රය අංක 1 වන පරිදි වාමාවර්ත දිශාවට අග්‍ර අංකනය කර ඇත.

පරිමාණ සංගෘහිත කිරීම

  • සංගෘහිත පරිපථයක අඩංගු කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථ සංඛ්‍යාව උපාංග ඝනත්වය පදනම් කරගෙන සංගෘහිත පරිපථ වර්ග කරනු ලැබේ.
  1. කුඩා පරිමාණ සංගෘහිත කිරීම (small scale Integration – SSI)
    සංගෘහිත පරිපථයක් තුළ ඇතුලත් කරනු ලබන කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථ සංඛ්‍යාව 12කට වඩා අඩු වූ විට එය SSI එකක් යැයි කියනු ලැබේ. මේවා තුළ පවතින ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව 100කට වඩා අඩුය.
  2. මධ්‍ය පරිමාණ සංගෘහිත කිරීම (Medium Scale Integration – MSI)
    මෙහි ඇතුළත් කර ඇති කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථ සංඛ්‍යාව 13ත් 99ත් අතර ප්‍රමාණයකි. MSI තුළ ට්‍රාන්සිස්ටර් 100ත් 1000ත් අතර ප්‍රමාණයක් යොදවනු ලැබේ.
  3. විශාල පරිමාණ සංගෘහිත කිරීම (Large Scale Integration – LSI)
    මෙහි කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථ සංඛ්‍යාව 100ත් 9999ත් අතර පවතී. මේවායේ ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව 1000ත් 100,000ත් අතර ප්‍රමාණයකි.
  4. ඉතා විශාල පරිමාණ සංගෘහිත කිරීම (Very Large Scale Integration – VLSI)
    මෙම පරිපථ සඳහා 10,000ත් 99,999ත් අතර කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථ සංඛ්‍යාවක් යොදා ගනු ලැබේ. VLSI    තුළ පවතින ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව 100,000ත් 1,000 000ත්  අතර ප්‍රමාණයකි.
  • වර්තමානයේ Ultra Large Scale Integration – ULSI) ද, Giga Scale Integration – GSI ද නිර්මාණය කෙරේ.

සංගෘහිත පරිපථ භාවිතයේ වාසි

  • ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා වීම
  • අඩු ස්කන්ධයකින් යුක්ත වීම
  • අඩු වියදම
  • අඩු ශක්ති පරිභෝජනය
  • ඉහළ උෂ්ණත්ව යටතේ වුවද භාවිතා කළ හැකිවීම
  • පරිපථයේ දෝෂයක් ඇති වූ විට පහසුවෙන් එය ඉවත් කර එවැනි වෙනත් පරිපථයක් සම්බන්ධ කළ හැකි වීම.

සංගෘහිත පරිපථ භාවිතයේ අවාසි

  • එයින් පාලනය කළ හැක්කේ ඉතා සීමිත ශක්ති ප්‍රමාණයක් වීම.
  • පරිපථය තුළ එක් උපාංගයක බිඳ වැටීමක් සිදු වුවහොත් මුළු පරිපථයම ඉවත් කළ යුතු වීම.
  • අඩු වෝල්ටියතා තත්ව යටතේ පමණක් ක්‍රියා කළ හැකිවීම.
  • චිපය මත ප්‍රේරක, පරිණාමක වැනි උපාංග නිර්මාණය කළ නොහැකි වීම. ඒවා බාහිරෙන් සම්බන්ධ කළ යුතු වීම.

කාරකාත්මක වර්ධක

  • කාරකාත්මක වර්ධකයක් යනු රේඛීය නැතහොත් ප්‍රතිසම සංගෘහිත පරිපථ යොදා සාදනු ලබන එක් උපකරණ විශේෂයකි. (සන්තතික ලෙස විචලනය වන සංඥා ලබා දිය හැකි පරිපථ ප්‍රතිසම සංගෘහිත පරිපථ වේ.) එබැවින් සංගෘහිත පරිපථ වලින් ලැබෙන වාසි සියල්ල කාරකාත්මක වර්ධක මඟින්ද ලැබේ.
  • මෙමඟින් වෝල්ටීයතා විකෘති කිරීමකින් තොරව වර්ධනය කිරීම, වෝල්ටියතා භාවිතයෙන් එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, අවකලනය, අනුකලනය වැනි ගණිත කර්ම වුවද සිදු කිරීමේ හැකියාව ඇත.
  • මෙහි ප්‍රධාන අග්‍ර දෙකක් පවතී.

V+    –   අපවර්ථනය නොවන ප්‍රදාන වෝල්ටීයතාව

  • ධන අග්‍රය ලෙස සංකේත කෙරේ. මෙම අග්‍රයට ලබාදෙන වෝල්ටීයතාව වර්ධනය වී කලා වෙනසක් නොවී ප්‍රතිදානයක් ලබාදෙයි.
  • අපවර්තන ප්‍රදාන අග්‍රය හෙවත් ඍණ අග්‍රය බිම් ගන්වා අපවර්ත නොවන ප්‍රදාන අග්‍රය(ධන අග්‍රය)  වෙත සරල ධාරා වෝල්ටීයතවක් ලබාදුන් විට එය වර්ධනය වී ධ්‍රැවීයතාවයෙහි වෙනසක්ද නොවී ප්‍රතිදාන අග්‍රයෙන් ලැබේ.
  • ධන අග්‍රයට ප්‍රත්‍යාවර්ථ වෝල්ටීයතාවයක් ලබාදුන් විටද කලා වෙනසක් සිදු නොවී වෝල්ටීයතාව වර්ධනය වී ප්‍රතිදාන අග්‍රයෙන් ලබාදෙයි.

V-    –   අපවර්තනය වන ප්‍රදාන වෝල්ටීයතාව

  • ඍණ අග්‍රය ලෙස සංකේත කෙරේ. මෙම අග්‍රයට ලබාදෙන ප්‍රදාන වෝල්ටීයතාව වර්ධනය වී කලාව 180° අපවර්තනය වී ප්‍රතිදාන වෝල්ටීයතාව ලබාදෙයි.
  • ධන අග්‍රය බිම් ගන්වා ඍණ අග්‍රයට සරල ධාරා වෝල්ටීයතාවයක් ලබාදුන් අවස්ථාව සලකා බලමු. මෙහිදී වෝල්ටීයතාව වර්ධනය වන අතර එහි ධ්‍රැවීයතාව ප්‍රතිවිරුද්ධ ලෙස වෙනස් වී ප්‍රතිදාන අග්‍රයෙන් ලැබේ.

ඍණ අග්‍රයට ප්‍රත්‍යාවර්ථ වෝල්ටීයතවයක් ලබාදුන් විටදීද ප්‍රතිදාන වෝල්ටීයතාව වර්ධනය වීමක් සිදුවන අතරමඑය අපවර්ත වී 180° ක කලා වෙනසක් ඇතිවේ.

කාරකාත්මක වර්ධකයක මූලික ලක්ෂණ

  • ඉතා විශාල විවෘත පුඩු වෝල්ටීයතා ලාභයක් පැවතීම.
  • ප්‍රදාන ප්‍රතිරෝධය ඉතා විශාල වීම. එබැවින් වර්ධකයේ ප්‍රදාන අග්‍ර තුළට හෝ එවායින් පිටතට ගලා යන ධාරා නොසලකා හැරිය හැකි තරම් කුඩා වේ.
  • ප්‍රතිදාන ප්‍රතිරෝධය ඉතා කුඩා වීම. එනිසා කාරකාත්මක වර්ධකයට කුඩා ප්‍රතිරෝධයක් සහිත භාරයක් වුවද එලවිය හැක.
  • සාමාන්‍යයෙන් 0-100 kHz පමණ වූ සංඛ්‍යාත පරාසය තුළ පවතින ප්‍රත්‍යාවර්ථ වෝල්ටීයතා සංඥා වර්ධනය කළ හැකි වීම.
  • කාරකාත්මක වර්ධකය පරිපූර්ණ එකක් නම්,

කාරකාත්මක වර්ධකයක විවෘත පුඩු අවස්ථාව

  • කාරකාත්මක වර්ධකය ක්‍රියාත්මක වීමේදී එහි ප්‍රදාන අග්‍ර ප්‍රතිදාන අග්‍රය සමඟ ධාරිත්‍රක හෝ ප්‍රතිරෝධ කිසිවක් මඟින් සම්බන්ධව නොමැති විට එය විවෘත පුඩු අවස්ථාවේ පවතින්නේ යැයි කියයි. එවිට ප්‍රදාන, ප්‍රතිදාන අග්‍ර අතර කිසිඳු ධාරා ගලා යාමක් සිදු නොවේ.
  • කාරකාත්මක වර්ධකයක ප්‍රතිදාන වෝල්ටීයතාව(Vo), ප්‍රදාන වෝල්ටීයතාවට(Vi) දරන අනුපාතය,  එහි වෝල්ටීයතා ලාභය(A) යයි කියනු ලැබේ.
  • ප්‍රතිදාන වෝල්ටීයතාව,
    1. වර්ධකයේ විවෘත පුඩු වෝල්ටීයතා ලාභය
    2. ධන(V1) හා ඍණ(V2) ප්‍රදාන අග්‍රයන්ගේ විභවයන්
    3. සැපයුම් වෝල්ටීයතා අග්‍රවල විභවයන් මත රඳා පවතී.
  • සඵල ප්‍රදාන වෝල්ටීයතාව අපවර්ත නොවන අග්‍රය සහ වන අග්‍රය අතර වෙනස වේ. එනම්
  • විවෘත පුඩු අවස්ථාවේ, විවෘත පුඩු ලාභය කාරකාත්මක වර්ධකයක ඉතා විශාලය.  එය 105 – 106 පරාසයේ වේ. එනිසා කුඩා ප්‍රදාන වෝල්ටීයතාවකට වුවද විශාල ප්‍රතිදාන වෝල්ටීයතාවක් ලබා දීමේ හැකියාව ඇත. එනම් ප්‍රදාන වෝල්ටීයතා කුඩා පරාසයක් තුළ වැඩි කිරීමේදී ප්‍රතිදාන වෝලිටීයතාව විශාල පරාසයක් තුළ වැඩි වේ.
  • මෙසේ වැඩි කරගෙන යනවිට ප්‍රතිදාන වෝල්ටීයතාව තවත් ඉහළ නොයා නියතව පවතින සංතෘප්ත අවස්ථාවකට එළඹේ. මෙම සංතෘප්ත මට්ටමේ වෝල්ටීයතාව සැපයුම් වෝල්ටීයතාවට වඩා ඉහළ යා නොහැකිය.
  • V1 > V2  හෝ V1 < V2 වීම අනුව සඵල ප්‍රධාන වෝල්ටීයතාවට ධන හෝ ඍණ අගයක් ලැබේ. ඒ අනුව එය ඍණ අගයක සිට ධන අගයක් දක්වා කුඩා පරාසයක් තුළ වැඩි කරගෙන යාමේදී සමීකරණයට අනුව ඊට සමානුපාතිකව ප්‍රතිදානය විශාල පරාසයක් තුළ විචලනය වේ.
  • මෙහිදී කාරකාත්මක වර්ධකය රේඛීය ප්‍රදේශයක් තුළ වෙනස් වේ යැයි කියයි. මෙම විචලනයේ අන්ත දෙකෙහිදී ප්‍රතිදානය ඍණ සහ ධන සංතෘප්ත අවස්ථාවන්ට ලඟාවේ.
  • ප්‍රදාන වෝල්ටීයතාව කුඩා පරාසයෙන් පිටත පවතින අවස්ථාවේ ප්‍රතිධානය සංතෘප්ත අවස්ථාවේම නියතව පවතී. එවිට කාරකාත්මක වර්ධකය සංතෘප්ත අවස්තාවේ ක්‍රියාකරන්නේ යැයි කියයි.

Q: කාරකාත්මක වර්ධකයක විවෘත පුඩු ලාභය 105 ද එහි සැපයුම් වෝල්ටීයතාව ±10V ද වේ. එහි (+) අග්‍රයට 1 mv වොල්ටීයතාවයක්ද , (-) අග්‍රයට ශූන්‍ය වොල්ටීයතාවක් ද ලබා දුන්නේනම් එවිට කාරකාත්මක වර්ධකය සංතෘප්ත වේ දැයි සොයන්න.

සංක්‍රමණ ලාක්ෂණිකය    

  • අපවර්ත ප්‍රදාන අග්‍රය බිම් ගන්වා ප්‍රදාන වෝල්ටීයතාවය අපවර්ත නොවන අග්‍රයෙහි විභවයට සමාන වූ විට,
  • අපවර්ත නොවන ප්‍රදාන අග්‍රය බිම් ගන්වා ප්‍රදාන වෝල්ටීයතාවය අපවර්ත අග්‍රයෙහි විභවයට සමාන වූ විට,
  • මේ අනුව කාරකාත්මක වර්ධකය රේඛීය වර්ධකයක් ලෙස ක්‍රියාකරන්නේ ප්‍රදාන වෝල්ටීයතවයේ එක්තරා සීමාවක් තුළ පමණි. මෙම උපරිම අගයට((V1 – V2)max-linear region) අඩු අගයන්හිදී පමණක් එය සංඥා වර්ධනය කිරීම සඳහා යොදා ගත හැක.
  • Vo (sat)  , සැපයුම් වෝල්ටීයතාවයට(Vs) සමාන ලෙස සැලකිය හැක.   
  • වර්ධකයේ රේඛීය ක්‍රියාකාරිත්වය සඳහා,         

Q: 15V සැපයුම් වෝල්ටීයතාවක් ඇති A = 100000 වන කාරකාත්මක වර්ධකයක් සඳහා ප්‍රධාන වෝල්ටීයතාවේ සීමාකාරී අගය,

  • එනිසා කාරකාත්මක වර්ධකයක ධාරා ලාභය ඉතා විශාල බැවින් ප්‍රදාන වෝල්ටීයතා පරාසය කුඩා වී රේඛීය ප්‍රදේශයද කුඩා වේ.

කාරකාත්මක වර්ධකයක් වෝල්ටීයතා සන්සන්දකයක් හෝ ස්විච්චයක් ලෙස යොදා ගැනීම

  • කාරකාත්මක වර්ධකය විවෘත පුඩු අවස්ථාවේ ක්‍රියාකරනවිට එහි රේඛීය පෙදෙස ඉතා කුඩා පරාසයක් වෙයි. එය නොසලකා හැරිය විට කාරකාත්මක වර්ධකය සැපයුම් වෝල්ටීයතාවට ආසන්න වශයෙන් සමාන වන ධන සහ ඍණ අගයන් දෙකක නියතව පවතී.
  • කාරකාතමක වර්ධකයේ ධන අග්‍රයේ විභවය(V1) සහ ඍණ අග්‍රයේ විභවය (V2) විට V1 >V2  විට ධන සංතෘප්ත අගයද V1 <V2  විට ඍණ සංතෘප්ත අගයද ලබාගනී. එහිදී ප්‍රදාන වෝල්ටීයතා දෙකේ විශාලත්ව අනුව ප්‍රතිදාන වෝල්ටීයතාවේද ලකුණ වෙනස් වී දිශාව මාරුවේ.
  • මෙම තත්වය යොදා ගෙන කාරකාත්මක වර්ධකය දිශාමාරු යතුරක් ලෙස භාවිතා කළ හැක. එනිසා කාරකාත්මක වර්ධකයේ මෙම අවස්ථාව පරිපථයක ස්විච්චියක් ලෙස භාවිතා කළ හැක.
  • මෙම අවස්ථාවේ සිදු වන්නේ ප්‍රදාන වෝල්ටීයතාවන් අතර සන්සන්දනයකි. එයට වර්ධකයක් විශේෂයෙන් භාවිතා කරන විට එයට වෝල්ටීයතා සසඳුවක් යැයි කියයි.වෝල්ටීයතා වර්ධකයක් ලෙස විශේෂයෙන් භාවිතා කිරීමට කාරකාත්මක වර්ධක වෙළඳ පොළේ ඇත.

ප්‍රතිපෝෂණය

  • සාමාන්‍ය භාවිතයේදී අධික වර්ධනය සීමා කර ගැනීමට බාහිර ප්‍රතිපෝෂ යොදාගනී. එසේ බාහිර ප්‍රතිපෝෂ යොදාගත් විට සිදුවන වර්ධනය සංවෘත පුඩු වර්ධනය නම් වේ.ප්‍රතිපෝෂ යොදා නොගත් විට සිදුවන වර්ධනව විවෘත පුඩු වර්ධනය නම් වේ.
  • සංවෘත පුඩු අව්ස්ථාවේදී ප්‍රතිපෝෂ මඟින් ප්‍රතිදාන සහ ප්‍රදාන අග්‍ර භෞතික ලෙස සම්බන්ධ වේ.
  • මෙහිදී ප්‍රතිදාන අග්‍රයේ සිට ප්‍රදාන අග්‍රයට යම්කිසි ධාරවක් ගලන අතර එමගින් ප්‍රතිදාන වෝල්ටීයතාවයේ යම් කිසි කොටසක් ප්‍රදාන වෝල්ටීයතාවට එකතු වේ.
  • එම එකතු වන වෝල්ටීයතාව සම කලාස්ථ වේ නම් ධන ප්‍රතිපෝෂණය ලෙසද, එසේ නොවේ නම් ඍණ ප්‍රතිපෝෂණය ලෙසද මෙම ක්‍රියාවලිය හඳුන්වයි.
  • ප්‍රතිපෝෂණය සඳහා ප්‍රතිරෝධ වැනි බාහිර උපාංග යොදාගනී.

ස්වර්ණමය නීති

  • මේවා කාරකාත්මක වර්ධක පරිපථ සම්බන්ධ වැදගත් නීති දෙකකි.
  1. කාරකාත්මක වර්ධකයේ ප්‍රදාන අග්‍ර දෙක අතර වෝල්ටීයතා වෙනස ශුන්‍ය වන පරිදි බාහිර ප්‍රතිපෝෂ පුඩු මඟින් සෑම විටම ප්‍රතිධාන වෝල්ටීයතාවයෙන් කොටසක් ප්‍රධාන අග්‍රය වෙත යොමු කෙරේ.
    (පෙර සඳහන් කර ඇති පරිදි 15V සැපයුම් වෝල්ටීයතාවකදී ප්‍රදාන අග්‍ර අතර වෝල්ටීයතාව 0.15mV ට වඩා කුඩා නිසා එය නොසලකා හැරේ.)
  • ප්‍රදාන අග්‍ර දෙක තුළින් වර්ධකය වෙත ගලන ධාරාව ශුන්‍ය යැයි සලකයි.
    (ප්‍රදාන අග්‍ර දෙක අතර පවතින ප්‍රධාන ප්‍රතිරෝධය ඉතා විශාල බැවින් ඒ තුළින් ගලන ධාරාව නොසලකා හැරේ.)

කාරකාත්මක වර්ධකයක් අපවර්තන නොවන වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා කිරීම

  • මෙහිදී ප්‍රදාන වෝල්ටීයතාව වර්ධනය වී ප්‍රතිදාන අග්‍රයෙන් ලැබෙනුයේ ලකුණ හෝ දිශාව මාරු වීමකින් තොරව වේ. ප්‍රදාන වෝල්ටීයතාව ප්‍රත්‍යාවර්ථ විට ප්‍රතිදානය වර්ධනය වී සමකලාස්ථව ලැබේ.
  • දෙවන ස්වර්ණමය නීතියට අනුව ප්‍රදාන අග්‍රය හරහා කාරකය තුළට ගලා යන ධාරාව නොසලකා හැරේ. එවිට   ප්‍රතිපෝෂණ ධාරාව I ප්‍රදාන ප්‍රතිරෝධකය තුළින් ගලා යයි.
  • තවද ප්‍රදාන ප්‍රතිරෝධකයේ එක් අග්‍රයක් භූගත බැවින් එම අග්‍රයේ විභවය ශූන්‍ය වේ. එවිට Rf සහ Ri ශ්‍රේණිගතව සැකසෙන නිසා ඒ හරහා විභව අන්තරය ප්‍රතිදාන වෝල්ටීයතාව(V0) වේ.

ඕම් නියමයෙන්,

P ලක්ෂයේ විභවය VP  ඕම් නියමයෙන්,

පළවන ස්වර්ණමය නීතියට අනුව P ලක්ෂයෙහි විභවය අපවර්තන නොවන ප්‍රදාන අග්‍රයේ විභවයට, Vi ට සමාන වේ. එනම්,

කාරකාත්මක වර්ධකයේ සංවෘත පුඩු ලාභය A ,

  • ඉහත පෙනෙන පරිදි සංවෘත පුඩු ලාභය සඳහා ධන අගයක් ලැබීමෙන් ප්‍රදාන වෝල්ටීයතාවයේ දිශාව නොවෙනස්ව පවතින බව පැහැදිලි වේ.
  • කාරකාත්මක වර්ධකයේ සංවෘත පුඩු අවස්ථාවේදී වෝල්ටීයතා ලාභය බාහිර ප්‍රතිරෝධ සුදුසු පරිදි තෝර ගැනීමෙන් අවශ්‍ය අගයක පවත්වා ගත හැකිවීම විශේෂයකි.
  • සංවෘත පුඩු අවස්ථාවේ අපවර්ත නොවන වෝල්ටීයතා වර්ධකයක් සඳහා සංක්‍රමණ ලාක්ෂණිකය පහත දැක්වේ.
  • මෙහිදී රේඛීය ලෙස විචලනය වන කොටසේ අනුක්‍රමණය කාරක වර්ධක පරිපථයේ සංවෘත පුඩු ලාභයට සමාන වේ.( A = V0/Vi නිසා)

Q1: පහත පරිපථයේ වෝල්ටීයතා ලාභය සොයන්න.

Q2:

  1. ඉහත පරිපථයේ දක්වා ඇත්තේ කුමන වර්ගයේ කාරකාත්මක වර්ධකයක්ද?
  2. මෙහි වොල්ටීයතා ලාභය කොපමණද?
  3. ප්‍රතිදාන වෝල්ටීයතාව Vo කොපමණද?

කාරකාත්මක වර්ධකයක් අපවර්තන වෝල්ටීයතා වර්ධකයක් ල‌ෙස භාවිතා කිරීම

  • මෙහිදී කාරකාත්මක වර්ධකයේ ප්‍රදාන වෝල්ටීයතාව වර්ධනය වී එහෙත් දිශාව වෙනස් වී ප්‍රතිදාන අග්‍රයෙන් ලැබේ. ප්‍රදානය ප්‍රත්‍යාවර්ථ ධාරා වෝල්ටීයතාවයක් විට වර්ධන වී කලාව 180° කින් වෙනස් වී ප්‍රතිදාන අග්‍රයෙන් ලැබේ.
  • පෙර පරිදිම දෙවන ස්වර්ණමය නීතියට අනුව ප්‍රදාන අග්‍ර තුළින් වර්ධකයට ගලා යන ධාරාව ශුන්‍ය බැවින්  ධාරාව ප්‍රදාන ප්‍රතිරෝධකය මෙන්ම ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය තුළින්ද ගලයි. මෙහි එක් අග්‍රයකට ප්‍රදාන වෝල්ටීයතාව(Vi) ලබාදී ඇති බැවින් ද, හා ශ්‍රේණිගතව සකස් වේ ඇති බැවින්ද ප්‍රතිරෝධ අතර විභව අන්තරය,

ඕම් නියමයෙන්,

පළවන ස්වර්ණමය නීතියට අනුව ප්‍රදාන අග්‍ර අතර වෝල්ටීයතාව ශුන්‍ය බැවින් ද, ධන අග්‍රය භූගත කර ඇති බැවින්,

ප්‍රදාන ප්‍රතිරෝධකයට ඕම් නියමයෙන්,

ප්‍රතිපෝෂක ප්‍රතිරෝධයට ඕම් නියමයෙන්,

සංවෘත පුඩු ලාභය A,

  • මෙහිදී සංවෘත පුඩු ලාභයට ඍණ අගයක් ලැබීමෙන් ප්‍රදාන හා ප්‍රතිදාන වෝල්ටීයතා අතර දිශා එකිනෙකට ප්‍රතිවිරුද්ධ බව පැහැදිලිවේ.
  • අපවර්තන වෝල්ටීයතා වර්ධකයක් සඳහා සංක්‍රමණ ලාක්ෂණිකය පහත දැක්වේ.
  • මෙහි අනුක්‍රමණය සංවෘත පුඩු ලාභයට සමාන වන නිසා එය ඍණ අගයක් ගෙන ඇත.

Q: පහත පරිපථයේ වෝල්ටීයතා ලාභය සොයන්න.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.