10.03.01 – පෘෂ්ඨික ආතතිය

0
782
  • ද්‍රවයක නිදහස් පෘෂ්ඨය වික්‍රියාවකට බඳුන් වූ ද්‍රවය වසාලන ප්‍රත්‍යාස්ථ පටලයක් ලෙස ක්‍රියා කරන බව පෙනීයයි.
  • පෘෂ්ඨයක ඇති අංශුන්ට ශක්තියක් ඇති බැවින් ද්‍රව පෘෂ්ඨය අස්ථායි වේ.එම අස්ථායි පෘෂ්ඨය ස්ථායි ලෙස පවත්වා ගැනීම සදහා පෘෂ්ඨයේ අංශු අවම ප්‍රමාණයක් පවත්වා ගැනීමට උත්සාහ ගනී.
  • අවම අංශු ප්‍රමාණයක් පවත්වා ගැනීමට නම් අවම වර්ගඵලයක් පවත්වා ගත යුතුය. එම නිසා ද්‍රව පෘෂ්ඨය සෑම විටම උත්සාහ කරන්නේ අවම වර්ගඵලයක සහිත ගෝලීය ස්වරූපය ලබා ගැනීමටයි.

පෘෂ්ඨික ශක්ති ඝනත්වය

  • ද්‍රව පෘෂ්ඨයක ඒකීය වර්ගඵලයක අඩංගු අංශු වල පෘෂ්ඨික විභව ශක්තිය පෘෂ්ඨික ශක්ති ඝනත්වය ලෙස අර්ථ දැක්වේ.
  • ද්‍රවයක A පෘෂ්ඨ වර්ගඵලයක ඇති අංශු වල මුළු පෘෂ්ඨික විභව ශක්තිය E නම්,
  • පෘෂ්ඨික ශක්ති ඝනත්වයහි ඒකක : Jm-2                                                   පෘෂ්ඨික ශක්ති ඝනත්වයහි මාන    : MT-2

ද්‍රවයක පෘෂ්ඨික ආතති සංගුණකය / පෘෂ්ඨික ආතතිය(T)

  • ද්‍රව පෘෂ්ඨයක් මත අඳින ලද සිහින් කල්පිත රේඛාවකට ලම්භකව පෘෂ්ඨය මත රේඛාවෙන් එක පැත්තක ඒකක දිගක් මත ක්‍රියා කරන පෘෂ්ඨික ආතති බලය ‘පෘෂ්ඨික ආතති සංගුණකය’ ලෙස අර්ථ දැක්වේ.
  • පෘෂ්ඨික ආතති සංගුණකයහි ඒකක: Nm-1                                             පෘෂ්ඨික ආතති සංගුණකයහි මාන :MT-2

පෘෂ්ඨික ආතතිය රඳා පවතින සාධක

  • ද්‍රව වර්ගය මත
  • ද්‍රවයෙහි උෂ්ණත්වය මත (උෂ්ණත්වය වැඩි වන විට පෘෂ්ඨික ආතතිය අඩුවේ.)
  • ද්‍රවයක පිරිසිදු/අපිරිසිදුතාව මත (ද්‍රවයක් අපිරිසිදු වනවිට පෘෂ්ඨික ආතතිය අඩුවේ.)

ද්‍රවයක පෘෂ්ඨික ආතතිය (T), උෂ්ණත්වය  සමඟ විචලනය

ද්‍රවයක පිරිසිදු/අපිරිසිදුතාව මත මත පෘෂ්ඨික ආතතියේ විචලනය

  •   ද්‍රවයක යම් ද්‍රව්‍යයක් දියවූ විට එහි පෘෂ්ඨික ආතතිය අඩුවේ
    උදා:ද්‍රව පෘෂ්ඨයක යම් කුඩු අංශු ප්‍රමාණයක් අතුරා එයට සබන් තැවරු විදුරු කූරක් ලං කලවිට එම කුඩු අංශු වීදුරු කූරෙන් ඉවත් වන්නේ ද්‍රව පෘෂ්ඨයේ පෘෂ්ඨික ආතතිය අඩුවී ද්‍රව පෘෂ්ඨය ඉහිල් වන නිසාය.

ඝන බිත්තියක් හමුවේ ද්‍රව මාවකයක හැඩය

වීදුරු පෘෂ්ඨයක් හමුවේ ජල පෘෂ්ඨයක හැඩය

  • සජාතීය අංශු අතර ඇතිවන බල සංසක්ත බල ලෙසද,විජාතීය අංශු අතර ඇතිවන බල ආසක්ත බල ලෙසද හැදින්වේ.
  • ජල – ජල සංසක්ත බලය, ජල – වාත ආසක්ත බලයට වඩා වැඩිවේ.
    ජල – ජල සංසක්ත බලය, ජල – වීදුරු ආසක්ත බලයට වඩා අඩුවේ.
  • වීදුරු පෘෂ්ඨය ස්පර්ශ ඇති සලකන ලද ජල අංශු මත ඇතිවන සම්ප්‍රයුක්ත බලයේ දිශාවට ලම්භකයක් නිර්මාණය කලවිට එම ලම්භකය ස්පර්ශයක් වන ලෙස හැඩ ගැසේ.
  • මේ අනුව වීදුරු බඳුනකට ජලය යෙදුවිට පහත ලෙස ද්‍රව පෘෂ්ඨය පවතී.

වීදුරු පෘෂ්ඨයක් හමුවේ රසදිය පෘෂ්ඨයක හැඩය

  • වීදුරු බඳුනකට රසදිය යෙදුවිට ද්‍රව මාවකය පහත ලෙස පෙනෙයි.

ස්පර්ශ කෝණය

  • ඝනයකුත් ද්‍රවයකුත් ස්පර්ශවන ලක්ෂ්‍යයේදී ද්‍රව පෘෂ්ඨයට ඇඳී ස්පර්ශකය සහ පෘෂ්ඨය අතර ද්‍රව්‍ය තුලින් මනින ලද කෝණය ලෙස අර්ථ දැක්වේ.
  • ස්පර්ශ කෝණය , සුළු කෝණයක්,මහා කෝණයක් හෝ ඍජු කෝණයක් විය හැකිය.
  • සෛද්ධාන්තිකව ස්පර්ශ කෝණ ශුන්‍ය වන අවස්ථාද, 1800 වන අවස්ථාවන්ද ලබා දිය හැකිය.
  • ස්පර්ශ කෝණය ශුන්‍ය හා 1800 වන විට ද්‍රව මාවකයේ අරයද, නලයේ අරයට සමාන වේ.
  • ස්පර්ශ කෝණයේ අගය 900 වන විට මාවකයේ අරය අර්ථ නොදැක්වේ එනම් අනන්තයක් වෙයි.
  • ස්පර්ශ කෝණය සුළු කෝණයක් වෙයි නම් හෝ මහා කෝණයක් වෙයි නම් මාවකයේ අරය නලයේ අරයට වඩා විශාල වේ.

ස්පර්ශ කෝණය රඳා පවත්නා සාධක:

  • ස්පර්ශ වන ඝනය සහ ද්‍රවය මත
  • ද්‍රවයේ පිරිසිදු/අපිරිසිදු භාවය මත
  • ද්‍රව පෘෂ්ඨයට ඉහළින් පවතින පීඩනය
  • ද්‍රවයට ඉහළින් ඇති මාධ්‍යය මත

      උදා: කරාම ජලය හා වීදුරු අතර ස්පර්ශ කෝණය 00-80 අතර අගයකි.
            රසදිය හා වීදුරු අතර ස්පර්ශ කෝණය 1300 පමණ වේ.
            රිදී සහ පිරිසිදු ජලය අතර කෝණය 900 පමණ වේ.

ස්පර්ශ කෝණය (ϑ), ද්‍රව මාවකයේ අරය (R) හා නලයේ අරය (r) අතර සම්බන්ධතාව

  • θ=0 විට r=R වේ.
  • ස්පර්ශ කෝණය ශුන්‍ය වන ඕනෑම අවස්තාවක, මාවක අරය නලයේ අරයයි.

කේශික උද්ගමනය

  • සිහින් නලයක් දිගේ හෝ පටු තහඩු දෙකක් දිගේ ද්‍රව කඳන් ඉහලට ගමන් කිරීමට කේශික උද්ගමනය නම් වේ.
  • කේශික උද්ගමනයට හේතු වන්නේ පෘෂ්ඨික ආතති බලයන් ය.
  • පෘෂ්ඨික ආතති බලය ද්‍රව කඳේ බරට සමාන වන තෙක් කේශික උද්ගමනය සිදුවේ.

කේශික උද්ගමනය සඳහා ප්‍රකාශනය

T – ද්‍රවයේ පෘෂ්ඨික ආතති ඝනත්වය
ϑ – ද්‍රවය හා ඝනය අතර ස්පර්ශ කෝණය
Ρ – ද්‍රවයේ ඝනත්වය
h- කේශික උද්ගමනය
r – කේශික නලයේ අරය

ද්‍රව කඳේ සමතුලිතතාවට ,

ද්‍රව මාවක අරය R නම්,

  • සිහින් නලයක අරය අඩු නිසා කේශික උද්ගමනය වැඩිය.

 කේශික උද්ගමනය රඳා පවතින සාධක

  1. ද්‍රවයේ ඝනත්වය
  2. ගුරුත්වජ ත්වරණය
  3. නලයේ අරය
  4. ද්‍රවයේ පෘෂ්ඨික ආතති සංගුණකය
  5. ද්‍රවය හා ඝනය අතර ස්පර්ශ කෝණය
  6. උෂ්ණත්වය
  7. ද්‍රවයේ පිරිසිදු අපිරිසිදු බව
  8. ද්‍රව මාවකයට ඉහලින් ඇති මාධ්‍යය

කේශික අපගමනය

  • ස්පර්ශ කෝණය (ϑ) සුළු කෝණයක් වෙයිනම්, cosϑ>0 නිසා කේශික උද්ගමනයක් ඇතිවේ.
  • ස්පර්ශ කෝණය (ϑ) මහා කෝණයක් විට කේශික අපගමනයක් ඇතිවේ.
  • නලය සිහින් නම් කේශික අපගමනය වැඩිවේ.
  • h – කේශික අපගමනය
පෘෂ්ඨික ආතති බල ක්‍රියාකරන අයුරු
  • ද්‍රව පෘෂ්ඨයක් ඝන බිත්තියක් ස්පර්ශ වන සීමාවේ, ඝන බිත්තිය වටා එය දිගේ පෘෂ්ඨික ආතති බල පද්ධතියක් ඇතිවේ.
  • යම් ද්‍රව පෘෂ්ඨයක් මත ක්‍රියා කරන පෘෂ්ඨික ආතති බලය සෙවීමට ද්‍රවයේ පෘෂ්ඨික ආතතිය හෝ පෘෂ්ඨික ආතති සංරචකය ද්‍රව පෘෂ්ඨය හා ඝන පෘෂ්ඨය ස්පර්ශ වී ඇති දිගෙන් ගුණ කල යුතුය.
ද්‍රව කදක් අන්තර්ගත කේශික නල වල අක්ෂය දිගේ පීඩනය වෙනස් වීම.

Q: අරය r වන ඝන සිලින්ඩරය ද්‍රවය තුල h උසක් ගිලී පවතින විට තන්තුවේ ආතතිය සොයන්න. සිලින්ඩරයේ ස්කන්ධය m ද, ජලයේ පෘෂ්ඨික ආතතිය T ද, ස්පර්ශ කෝණයේ ශුන්‍ය ද ද්‍රවයේ ඝනත්වය ලෙස ගන්න.

Q: ඉහත දී ඇති සිලින්ඩරය ඉහත ජලයේ පෘෂ්ඨය යන්තමින් ගෑවු විට තන්තුවේ ආතතිය සොයන්න.

සබන් බුබුලක් තුල අමතර පීඩනය සඳහා ප්‍රකාශනය

  • සබන් බුබුලක් සෑදී ඇත්තේ සියුම් පටල දෙකක් එකිනෙක සම්බන්ධ වීමෙනි.එනම් සබන් බුබුලකට වාතය සමග ගැටෙන පෘෂ්ඨ 2 පවතී.
  • අරය R වන සබන් බුබුලක් සලකමු.

Pi – බුබුල තුල පීඩනය
P0 – පිටත පීඩනය
T – සබන් පටලයේ පෘෂ්ඨික ආතතිය
(Pi  – P0) – පීඩන අන්තරය

  • සෑම විටම බුබුලක් තුල පීඩනය එහි පිටත පිඩනයට වැඩ වැඩිය.
  • බුබුළේ සමතුලිතතාවට →
  • සෑම විටම ද්‍රව මාවකයක පීඩනය අවතල පැත්තට වඩා උත්තල පැත්තේ පීඩනය අඩුය
  • සබන් බෝල 2 ක් ගත් විට අභ්‍යන්තර පීඩනය වැඩි වන්නේ සෑම විටම කුඩා බෝලයක් තුලය.
  • පරිමාව සමාන බෝල දෙකක් ස්පර්ශ  කල විට සෑදෙන පොදු පෘෂ්ඨය සෑමවිටම කුඩා බුබුලක වඩා අවතල වන අතර විශාල බුබුලට වඩා උත්තල වේ.
  • ස්පර්ශ කෝණය ශුන්‍ය නම්, ඉහත ප්‍රකාශනයට, මාවකයේ අරය වෙනුවට නලයේ අරය යොදා ගනී.

පෘෂ්ඨික ශක්ති ඝනත්වය හා පෘෂ්ඨික ආතතිය අතර සම්බන්ධතාව

  • කම්බි රාමුව සබන් ද්‍රවයේ ගිල්වා සබන් පටලයක් සාදා ගන්නා XX‘ කම්බිය ඉතා සෙමෙන් සබන් පටලය නොබිදෙන සේ x විස්තාපනයක් සිදු කරන්න.
  • සබන් වල පෘෂ්ඨික ආතතිය T නම්,
  • මෙම කාර්යය සඳහා වැය කල ශක්තිය සබන් පටලයේ අමතර පෘෂ්ඨික ශක්තිය ලෙස ගබඩා වේ. ඒ අනුව, පටලයේ ගබඩා වන අමතර පෘෂ්ඨික ශක්තිය E නම්,
  • ශක්ති සංස්ථිති නියමයෙන්,

Q: අරය r වන සබන් බුබුලක් පිම්බීම සඳහා කලයුතු කාර්යය සොයන්න. (සබන් බුබුලේ පෘෂ්ඨික ආතතිය = T)

Q: අරය r වන සබන් බෝලයක් අරය 2r දක්වා වැඩි කිරීමේදී කල යුතු අමතර කාර්යය සොයන්න. (සබන් වල පෘෂ්ඨික ආතතිය T වේ)

අන්වීක්ෂ කදාවක් මගින් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම

ද්‍රව්‍ය හා උපකරණ :

  • අන්වීක්ෂ කදාවක්   
  • පෙට්ට්‍රි දීසියක්
  • සිව්දඬු තුලාවක්
  • වර්නියර් කැලිපරයක්
  • මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානයක්
  • ඩැහි අඩුව
  • නුල් කැබලි, නූල් කැබලි ඇලවීමට මැලියම්
  • ඇමිණුම් ක්ලිප්
  • උෂ්ණත්වමානය

සිද්ධාන්තය :

  • තුලාවෙන් එල්වූ කදාව ජල පෘෂ්ඨය යන්තමින් ස්පර්ශ වන විට එහි පහල පරිමිතියේ පෘෂ්ඨික ආතති බලය තුලනය කරන භාරය mg ද, ජලයේ පෘෂ්ඨික ආතතිය T ද, කදාවේ දිග හා ඝනකම a හා b ද නම්, ස්පර්ශ කෝණය ශූන්‍ය බැව් උපකල්පනය කල විට,
  • පෘෂ්ඨික ආතති බලය තුලනය කරන බර mg සොයා ගත් විට කදාවේ දිග a හා ඝනකම b ආදේශ කල පසු ජලයේ පෘෂ්ඨික ආතතිය T ගණනය කල හැක.

ක්‍රමය :

  • අන්වීක්ෂ කදාවක්  ගෙන එය පළමුව ත.NaOH ද්‍රාවනයෙන්ද, ත.HCl  අම්ල ද්‍රාවනයෙන්ද, අවසානයෙන් පිරිසිදු ජලයෙන්ද සෝදා පිරිසිදු කරගන්න.
  • ඉන්පසු ඇමුණුම් ක්ලිප හා නුල් භාවිත කර තලය තිරස්ව පිහිටන සේ දිග පැත්ත තිරස්වන පරිදි රූපයේ අයුරින් එල්වා තුලාව සංතුලනය කර අදාළ ස්කන්ධය මනින්න.(m1)
  • ජල බීකරය සෙමෙන් ඔසවා අන්වීක්ෂ කදාව යන්තමින් ස්පර්ශ වන සේ රූපයේ පරිදි සකසන්න. එවිට තුලාවේ සංතුලනය බිඳී යයි. එහිදී තුලාව නැවතත් සංතුලනය කර අදාළ පාටාංකය ලබාගන්න. ඉහත ලබාගත් පාටාංක  දෙකේ වෙනසින් පෘෂ්ඨික ආතති බලය තුලනය කරනු ලබන භාරය mg සොයාගන්න. පසුව කදාව ඉවතට ගෙන එහි දිග වර්නියර් කැලිපරයෙන්ද, ඝනකම ඉස්කුරුප්පු ආමානයෙන්ද මැනගන්න.
  • පසුව සිද්ධාන්තයේ ලබාගත් සූත්‍රයෙන් පෘෂ්ඨික ආතතිය ලබගන්න.

වැදගත් කරුණු :

  • ජලයේ පෘෂ්ඨික ආතතිය උෂ්ණත්වය හා විචලනය  වන නිසා, පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ ජලයේ උෂ්ණත්වය සටහන් කර ගෙන අදාළ උෂ්ණත්වය අනුව ජලයේ පෘෂ්ඨික ආතතිය වාර්තා කිරීම යෝග්‍ය වේ.
  • පරීක්ෂණයේදී වීදුරු ජලයෙන් තෙත් වන බව උපකල්පනය කෙරේ. එනම්, ජල වීදුරු අතුරුමුහුණතේ ස්පර්ශ කෝණය A =0 ලෙස  සැලකිය හැක.
  • වීදුරු කදාව ජල පෘෂ්ඨයේ යන්තමින් ස්පර්ශවන අවස්ථාව ලබා ගැනීමට වගබලා ගත යුතුය. එසේ නොවූ විට වීදුරු කදාව මත ද්‍රවයෙන් ඇතිවන උඩුකුරු තෙරපුමක් ඇතිවන බවද සැලකිල්ලට ගත යුතුය.
  • කදාව පිරිසිදු කිරීමේදී ආසෘත ජලය භාවිත නොකළ යුතුය.
  • පිරිසුදු කල කදාව අතින් නොඇල්ලිය යුතුය. එයට ඩැහි අඩුවක් භාවිත කල යුතුය.

කේශික උද්ගමන ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය නිර්ණය කිරීම

ද්‍රව්‍ය හා උපකරණ :

  • 15 cm දිග කේශික බටයක්
  • ලොකු අල්පෙනෙත්තක්
  • රබර් මුදු දෙකක්
  • උස් පහත් කළ හැකි කුඩා මේසයක්
  • චල අන්වීක්ෂයක්
  • කුඩා බීකරයක්
  • උෂ්ණත්වමානයක්
  • ආධාරකයක්, ලඹයක්, පීරක් හා සිහින් නූල් පොටක්

සිද්ධාන්තය :

n – කේශික උද්ගමනය
T – ජලයේ පෘෂ්ඨික ආතතිය
d – ජලයේ ඝනත්වය
r – කේශික නලයේ අරය

  • ස්පර්ශ කෝණය ශූන්‍ය බව උපකල්පනය කරමු.
  • කේශික නලයේ අභ්‍යන්තර විෂ්කම්භයද, h උසද සොයාගත් පසු T සොයාගත හැක.

ක්‍රමය :

  • පළමුව කේශික නලය හොදින් පිරිසිදු කරගන්න. එයට පිලිවෙලින් ත.NaOH, ත.HCl යොදා පිරිසුදු ජලයෙන් සෝදා වියළාගන්න.
  • රබර් පුඩු මගින් කේශික නලයට සබඳා කේශික නලය සිරස්ව පිහිටන පරිදි ජලය තුළ ස්වල්ප වශයෙන් ගිලෙන සේ ආධාරකයක සවිකරන්න.
  • දැන් කේශික නලය තුල ජලයේ උද්ගමනය සම්පූර්ණ වූ විට ඉහළ නැගි ද්‍රව කදෙහි මාවකය නිරීක්ෂණය කර එය චල අන්වීක්ෂය මගින් නාභි ගත කර මාවක පතුල තිරස් කම්බිය මත ස්පර්ශ කර සිරස් පරිමාණ පාටාංකය ගන්න.(Y)
  • අනතුරුව  ජල බීකරය ඉවත් කර චල අන්වීක්ෂයේ සිරස් පරිමාණය ඔස්සේ පහත් කර අල්පනේත්තේ තුඩට නාභි ගත කර එහි තුල තිරස් කම්බිය ස්පර්ශ වන සේ සකසා සිරස් පරිමාණ පාටාංකය ලබාගන්න. (y)
  • Y හා y පාටාංක දෙකේ වෙනසින් කේශික උද්ගමනය h සොයාගන්න.(Y-y)
  • කේශික නලයේ විෂ්කම්බය සෙවීමට චල අන්වීක්ෂය හරස් කම්බි පහත පරිදි සමපාත කරමින් එකිනෙක ලම්බක විෂ්කම්බ දෙකක් සදහා පාටාංක ලබාගන්න.
  • නලයේ විෂ්කම්බය හා කේශික උද්ගමනය h සොයාගත් පසු ජලයේ ස්කන්ධය d හි අගය භාවිතා කර,

 සූත්‍රය මගින්, ජලයේ පෘෂ්ඨික ආතතිය T ගණනය කරන්න.

වැදගත් කරුණු :

  • බීකරයේ ජල මට්ටමේ පාටාංක ගැනීමට දර්ශකයක් අවශ්‍ය වනුයේ, වීදුරු බිත්තිය තුළින් නීරීක්ෂනයේදී වර්තනය නිසා දෝෂ ඇතිවේ. ජලය වීදුරු පෘෂ්ඨය අසලදී මාවකයක් සාදන නිසා, ජල පෘෂ්ඨය නිවැරදිම නිරීක්ෂණය අපහසුවේ.
  • නැවූ අල්පෙනෙත්ත සවිකිරීම – අල්පෙනෙති තුඩ යන්තමින් ජල පෘෂ්ඨයේ ස්පර්ශ වන සේ සවිකිරීම.
  • h මැනීම – පළමුව චල අන්වීක්ෂය ද්‍රව මාවකයේ  එහිම  පිහිටීමක නාභි ගතකර සිරස් පරිමාණයෙන් පාටාංක ලබාගැනීම. දෙවනුව බීකරය ඉවත් කර අල්පෙනෙති තුඩ චල අන්වීක්ෂයෙන් නාභි ගත කර සිරස්  පරිමාණයෙන් පාටාංක ලබාගන්න.
  • කේශික නලයේ අරය රසදිය කදක් භාවිතයෙන් ලබාගත හැක.

ජේගර් ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතති සංගුණකය සෙවීම

ද්‍රව්‍ය හා උපකරණ :

  • ජේගර් උපකරණ කට්ටලය
  • කෙළවර සියුම්ව කැපූ කේශික බටයක්
  • ලොකු අල්පෙනෙත්තක්
  • රබර් මුදු දෙකක්
  • කුඩා බීකරයක් සහ විශාල ප්ලස්කුවක්
  • චල අන්වීක්ෂයක්
  • උෂ්ණත්වමානයක්
  • ආධාරකයක් සහ උස් පහත් කළ හැකි බංකුවක්
  • ත.NaOH සහ ත.HCl

සිද්ධාන්තය:

  • කේශික නලයේ  කෙළවරින් වායු බුබුල ගිලිහීමට මොහොතකට පෙර ද්‍රව මාවක අරය, නලයේ අරය වන r ට සමාන වේ. ජලයේ පෘෂ්ඨික ආතතිය T නම්, ද්‍රව මාවකය සැළකු විට,
  • පීඩනමානයේ ද්‍රවයේ ඝනත්වය d ද, එහි බාහුවල ද්‍රව මාවක අතර පරතරය h ද වේ.
  • ජලයේ ඝනත්වය ρ  ද, කේශික නලය ජලයේ ගිලී ඇති උස H ද නම්,

  • H හා h චල අන්වීක්ෂයෙන් මැන ගත් පසු කේශික නලයේ අභ්‍යන්තර අරයද, චල අන්වීක්ෂයෙන් සොයාගෙන ජලයේ පෘෂ්ඨික ආතතිය T ගණනය කරන්න.

ක්‍රමය :

  • රූපයේ දක්වා ඇති පරිදි ජේගර් උපකරණ කට්ටලය සවිකරන්න.
  • මැනෝමීටරයට (d ) භූමිතෙල් ප්‍රමාණවත් පරිදි යොදන්න.
  • උපකරණයේ කේශික නලය සිරස්ව පවතින සේ ආධාරකයකින් සවිකරගන්න. පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවය කුඩා බීකරයකට දමා රූපයේ පරිදි කේශික නලයේ පහළ කෙලවර එම ද්‍රවය තුල ගිලී පවතින ලෙස බීකරය උස පහත් කළ හැකි මේසය මත තබන්න.
  • නවාගත් අල්පෙනෙත්ත ද්‍රව පෘෂ්ඨය යන්තමින් ස්පර්ශ වන පරිදි කේශික නලයේ පිටතින් සවිකරන්න.
  • දැන් විශාල ප්ලාස්කුවට ජලය ක්‍රමයෙන් ගලායන පරිදි T1 කරාමය විවෘත කරන්න.
  • එවිට ප්ලාස්කුව තුළ වාතයේ පීඩනය වැඩි වී කේශික නලය ද්‍රවය තුල ගිලී ඇති කෙලවර වායු බුබුලක් ඇති වී සෙමෙන් වායු බුබුලු ලෙස පිටවේ.
  • මැනෝමීටරයේ A හා B බාහුවල ද්‍රව මාවක අතර උපරිම උස වෙනස h ලබා ගැනීමට චල අන්වීක්ෂය භාවිත කරන්න.
  • අනතුරුව ජල බීකරය ඉවත් කර අල්පෙනෙති තුඩට චල අන්වීක්ෂය නාභි ගතකර සිරස් පරිමාණයෙන් පාටාංක ලබාගන්න.
  • පසුව ජල බීකරය ඉවත් කර කේශික නලයේ කෙළවර චල අන්වීක්ෂයෙන් නාභි ගත කර සිරස් පරිමාණ පාටාංක ලබාගන්න. එම පාටාංක  වල වෙනසෙන් H ලබාගන්න.
  • පසුව කේශික නලයේ විෂ්කම්භය ලබාගන්න.(L)
  • H, h හා r (නලයේ අරය) භාවිතයෙන් සූත්‍රයට ආදේශයෙන් P ගණනය කර ගතයුතුය.

වැදගත් කරුණු :

  • පීඩනමානයේ ද්‍රව මට්ටම්වල උස වෙනස h මැන ගන්නේ, පළමුව ඉහළ ද්‍රව මට්ටම නිරීක්ෂණය කර එය උපරිම වන අවස්ථාවේදී මාවක තුලට චල අන්වීක්ෂය නාභිගත කර සිරස් පරිමාණ පාටාංකය ලබාගන්න. දෙවනුව පහළම ද්‍රව මට්ටම නිරීක්ෂණය කර(B) ද්‍රව මාවකය තුල චල අන්වීක්ෂය නාභිගතකර සිරස් පරිමාණ පාටාංකය ලබාගන්න.එම පාටාංක වල අන්තරයෙන් h සොයාගන්න.
  • පීඩනමානයට සැහැල්ලු ද්‍රවයක් යෝග්‍ය වේ. සැහැල්ලු ද්‍රවයේ ඝනත්වය අඩු බැවින් h සදහා වැඩි අගයක් ලබාගත හැක. එවිට h හි මිනුම් දෝෂය අඩුවේ.
  • H මැනීමට චල අන්වීක්ෂය යොදා ගන්නේ එය කුඩා නිසාය.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.