11.01.00 – කෘශ්ණ වස්තු විකිරණය

0
671

විද්‍යාඥ්යින් විසින් 19 වන සියවසේ අගභාගයේදී නිරීක්ෂණය කෙරූ යම් යම් සංසිද්ධි පෞරාණික භෞතික විද්‍යාවේ මූලධර්ම මගින් පැහැදිලි කිරීමට නොහැකි විය. එම සංසිද්ධි පැහැදිලි කිරීමට නව සංකල්ප මත ඉදිරිපත් කිරීමට විද්‍යාඥ්ඥයින්ට සිදු විය. මේ අතර මැක්ස් ප්ලාන්ක් විසින් ඉදිරිපත් කල විකිරණයේ ක්වොන්ටම් සංකල්පය මුල් තැන ගනී. ඇල්බට් අය්න්ස්ටය්න්, ඩී බ්‍රෝග්ලි, රදර්ෆර්ඩ්, බෝර්, තොම්සන්, රොන්ජන්, බෙකරල්, මාරි කියුරි යන විද්‍යාඥ්යින් විසින් සොයා ගන්නා ලද මූලධර්ම හා සංකල්ප මත නවින භෞතික විද්‍යාව නිර්මාණය වී ඇත.

1.1 තාප විකිරණ.

තාප විකිරණයක් යනු,

ඝන, ද්‍රව සහ වායු යන පදාර්ථ වලින් තොර වූ, හිස් අවකාශය ඔස්සේ සිදු වෙන ශක්ති සම්ප්‍රේෂණය විකිරණය ලෙස හදුන්වයි.

උදාහරණ;

  1. සූර්‍ය කිරණ පෘතුවියට පතිත වීම.
  1. 2.  විදුලි බල්බයකින් නිකුත් වෙන තාප විකිරණ මගින් ඒ අවට උණුසුමක් දැනීම.

විද්‍යුත් චුම්බක වර්ණාවලිය.

දැනට විශ්වයේ සොයා ගෙන ඇති විද්‍යුත් චුම්බක විකිරණවල තරංග ආයාමය අඩු අගයේ සිට වැඩි අගය දක්වා ශ්‍රේණිගත කල විට විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලැබේ.

රත් වූ වස්තුවකින් තාප ශක්තිය විකිරණය වීමේ ශීඝ්‍රතාවය රදා පවතින සාධක පහත දක්වේ.

  • වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය .
  • වස්තුවේ උෂ්ණත්වය.
  • වස්තුවේ පෘෂ්ඨීය වර්ගඵලය.

 වස්තුවක තාප විමෝචනය පෙන්වා දිය හැකි සරල උපකරණයක් ලෙස ලෙස්ලි ඝනකය දැක්වීමට හැකිය. මෙම උපකරණයට වර්ණ 4 කින් යුක්ත සිරස් පැති 4ක් තිබේ. මෙම පැති නොදිලිසෙන කලු (Matt black), සුදු, දිලිසෙන සහ අදුරු ලෙස වේ. උපකරණයේ මුදුනයේ සිදුරක් ඇති අතර එමගින් ඊට ජලය සැපයීමේ හැකියාව තිබෙනවා. උපකරණයේ සෑම බිත්තියක්ම ජලය ස්පර්ශව පවතින බැවින් ඒවාට සමාන උණුසුමක් ලැබේ.  උපකරණයේ එක් එක් මතුපිටවල් වලට එල්ල වූ ස්ථාවර දුරකින් ඇති තාප පුංජයක් (Thermopila) මගින් ලගාවන විකිරණ ප්‍රමාණය මැන ගනු ලබන අතර එය ඩිජිටල් මල්ටිමීටරයක හෝ වෝල්මීටර පරිමානයක ප්‍රදර්ශනය කරයි.

ලෙස්ලි ඝනකය

1.වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය මත විකිරණතාවය රදා පවතින බව.

ලෙස්ලි ඝනකයේ සිරස් මුහුණත් අතරින් හතරෙන් තුනක් තාප විමෝචන ශීඝ්‍රතා සැසදිය යුතු ද්‍රව්‍යවලින් වසා ඉතිරි මුහුනත හොදින් ඔප දමනු ලැබේ.

උදාහරණ; පෘෂ්ඨ වසන ලද ද්‍රව්‍ය තුන ලාම්පු දැලි, සුදු තීන්ත, කඩදාසි යැයි ගමු. ඉන්පසු ලෙස්ලි ඝනකය උණුසුම් ජලයෙන් පුරවා එක් එක් සිරස් පෘෂ්ඨය ඉදිරියෙන් එකම දුරකින් තාප විද්‍යුත් පුංජය තබා එම ගැල්වනෝමීටර පාඨාංකය සලකුණු කරයි. වැඩි පාඨාංකයක් ලැබෙනුයේ වැඩි තාප විකිරණ ප්‍රමානයක් පුංජය අවශෝෂණය කර ගත් විටය. එනම් වස්තුව වැඩි විකිරණ ප්‍රමාණය වස්තුව විමෝචනය කල විටය. මෙහිදී වැඩිම තාප විකිරණ ශීඝ්‍රතාවයක් ඇත්තේ ලාම්පු දැලි තැවරූ පෘෂ්ඨයක් බවත්, අඩුම තාප විකිරණ ශීඝ්‍රතාවයක් ඇත්තේ ඔප දැමූ ලෝහ පෘඨයට බවත් නිරීක්ෂනය වේ.

2.වස්තුවේ උෂ්ණත්වය මත විකිරණතාවය රදා පවතින බව.

  • ලෙස්ලි ඝනකය විවිධ උෂ්ණත්වවල පවතින උණූසුම් ජලයෙන් පුරවා එහි එම මුහුණතක් ඉදිරියේ තාප විද්‍යුත් පුංජය තබා ගැල්වනෝමීටරයේ පාඨාංකය ලබා ගන්න. උෂ්ණත්වය වැඩි වන විට තාප විකිරණ ශීඝ්‍රතාවයද වැඩි බව මෙයින් නිරීක්ෂණය කල හැක.

3.වස්තුවේ පෘෂ්ඨීය වර්ගඵලය මත විකිරණතාවය රදා පවතින බව.

  • එකම පෘෂ්ඨ ස්වභාවය ඇති නමුත් වර්ගඵලය වෙනස් වූ ලෙස්ලි ඝනක කීපයක් ලබාගන්න. දැන් එම එක් එක් ලෙස්ලි ඝනක නටන ජලයෙන් පුරවා ඒවා ඉදිරියෙන් තාප විද්‍යුත් පුංජය තබා නිරීක්ෂණය කල විට පිටවන විකිරණ තාපය එකිනෙකට වෙනස් බව නිරීක්ෂණය වේ. එනම් විකිරණ තාපය වස්තුවේ පෘෂ්ඨීය වර්ගඵලය මත රදා පවතින බව නිගමනය වේ.

තාප විද්‍යුත් පුංජය ( Thermopile ) ; තාප විද්‍යුත් යුග්මයන් ශ්‍රේණිගතව සම්බන්දධව වීම තුලින් ලබා ගත හැකි තාප විද්‍යුත් උපාංගයක් ( Thermo electric device) ලෙසින් තාප විද්‍යුත් පුංජය හැදින්විය හැකි වේ. එය බහුලව භාවිතා කරනු ලබන්නේ එකිනෙක හා ස්පර්ශ නොවන උෂ්ණත්වමාන මැනීම් වල යෙදීම සදහා සහ උෂ්ණත්ව නිරීක්ෂණ පද්ධති සදහාය. තාප විද්‍යුත් පුංජයක් මගින් වස්තුවක උෂ්ණත්වය මැන ගනු ලබන්නෙ වස්තුවේ මතුපිට පෘෂ්ඨය මගින් විමෝචනය කරනු ලබන අධෝරක්ත කිරණ උරා ගැනීම තුලිනි.

1.2 කෘෂ්ණ වස්තු ( The black bodies).

කෘෂ්ණ වස්තුවක් යනු,

  • කිසියම් වස්තුවක් මතට පතනය වන්නා වූ සියලුම තරංග ආයාමයන්ගෙන් යුත් විකිරණ අවශෝෂණය කරන්නා වූද සියලුම තරංග ආයාමයන්ගෙන් යුත් විකිරණ විමෝචනය කරන්නා වූ ද කෘෂ්ණ වස්තු වේ.

උදා;1.  සූර්‍යායා.

   2.තද කලු පැහැති වර්ණකයක් ආලේප කරන ලද වස්තුවක් ආසන්න වශයෙන්.

    3.කුහර සහිත වස්තුවක පෘෂ්ඨයේ විදින ලද කුඩා සිදුරක් කෘෂ්ණ වස්තුවක් ලෙස සැලකිය හැක.

පූර්ණ කෘෂ්ණ වස්තුවක් යනු,

  • යම් වස්තුවක් මතට පතිත තාප විකිරණ සියල්ලම එය උරා ගනී නම්, එම වස්තුව පූර්ණ කෘෂ්ණ වස්තුවක් යනුවෙන් හැදින්වේ.
  • ස්වබාවයේ කිසිම වස්තුවක් පූර්ණ කෘෂ්ණ නොවේ. ඉහත අදහස මුලුමනින්ම උපකල්පනයක් පමනි. නමුත් පහත ආකාරයට වස්තුවක් තනා ගත් විට එය පූර්ණ කෘෂ්ණ වස්තුවකට ආසන්න වස්තුවක් වේ. ඇතුලත කලු කරන ලද රළු පෘෂ්ඨයක් ඇති ඇතුළත කුහරයක් ඇති එහෙත් කුඩා සිදුරක් තරමේ විවරයක්ද ඇති වස්තුවක විවරය ගත් විට ඒ තුළීන් ඊට ඇතුලුවන තාප විකිරණ එකී වස්තු තුළ පරාවර්තනය හා අවශෝෂණය සිදු කරමින් ඒ තුළ පවත්වා ගත හැකි නිසා ඒ විවරය ආසන්න ලෙස පූර්ණ කෘෂ්ණ වස්තුවක් ලෙස ක්‍රියා කරයි.

විකිරණ තිව්‍රතාවය. ( Intensity of Radiation)

  • රත් වූ වස්තුවක ඒකක වර්ගඵලයකින්, ඒකක කාලයකදී, ඒකක තරංග ආයාමයකට අදාල ව විමෝචනය වන විකිරණ ශක්තිය විකිරණ තිව්‍රතාවය ලෙස හැදින්වේ. ( I හි ඒකක Wm-2 (µm)-1 )
  • කෘෂ්ණ වස්‍තු විකිරණයේ තිව්‍රතා ව්‍යාප්තිය ( Intensity distribution of black body radiation ) පහත දැක්වේ.

මෙම ප්‍රස්තාරයෙන් ලැබෙන නිගමන,

  • උෂ්ණත්වය වැඩිවීමත් සමග එක් එක් තරංග ආයාමයට අනුරූප විකිරණ ශක්තිය මෙන්ම , විමෝචනය වන මුලු ශක්තියම ඉතා ශීඝ්‍රයෙන් වැඩි වේ.
  • උෂ්ණත්වය වැඩිවීමත් සමග විකිරණ වක්‍රයේ උපරිම ලක්ෂ්‍ය කුඩා තරංග ආයාම කරා විචලනය වීම.
  • උපරිම තිව්‍රතාවය ලබා දෙන තිව්‍රතාවයට අදාල තරංග ආයාමයේ සිට කුඩා තරංග ආයාමය දක්වා වෙනසක් සැලකූ විට වැඩි තිව්‍රතාව වෙනසක් ඇති වන්නේ තරංග ආයාමය අඩු කොටසයේදීය.
  • උෂ්ණත්වය වැඩි වීමත් සමග මුලින් විමෝචනය නොකරන ලද සමහර තරංග විමෝචනය කරන අතර සියලුම තරංග ආයාම සහිත විකිරණ වල තිව්‍රතාවය පෙරදීට වඩා වැඩි වේ.
  • කෘෂ්ණ වස්තුවේ උෂ්ණතවය වැඩි වන විට උපරිම තිව්‍රතාවය ලබා දෙන තරංගයේ තරංග ආයාමය අඩු වීම සිදු වේ.
  • එනම්,
  • මෙය වීන් විස්ථාපන නියතය ලෙස හැදින්වේ.
  • සෑම වක්‍රයකට යටින් ඇති වර්ගඵලය අදාල උෂ්ණත්වයේදී පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයකින් තත්පර එකකදී විමෝචනය වන සියලුම තරංග ආයාමවල විකිරණ ශක්ති ප්‍රමාණය දැක්වේ.

ස්ටෙෆාන් නියමය,

පූර්ණ කෘෂ්ණ වස්තුවක ඒකීය පෘෂ්ඨීය වර්ගඵලයකින් තත්පර එකකදී විමෝචනය කරනු ලබන තාප විකිරණ එම වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ සිව් වෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ.

E=σAT4
ස්ටෙෆාන් නියතය. ( 5.67 × 10-8 Wm-2 K-4 )

මුළු පෘෂ්ඨ වර්ගඵලය A නම් මුළු පෘෂ්ඨයෙන් විමෝචනය වීමේ ශීඝ්‍රතාවය E නම්,

E=σAAT4

වස්තුවෙන් විකිරණ තාපය විමෝචනය කරන ශීඝ්‍රතාවය Q නම්,

Q = EA        

A – පෘෂ්ඨ වර්ගඵලය

උදාහරණ;

එක්තරා වස්තුවක අරය 14 cm වේ. මෙම වස්තුව පූර්ණ කෘෂ්ණ වස්තුවක් ලෙස ක්‍රියා කරන්නේ නම්, හා එහි උෂ්ණත්වය 27˚  C වේ නම් විකිරණ විමෝචන ශීඝ්‍රතාවය සොයන්න.

E = σAT4

    =  5.67 × 10-8 Wm-2 K-4 × (1000)4 K4 × 4 ×  × (14 × 10-2)2m 2

    = 1.4 × 10W

  • කෘෂ්ණ නොවන වස්තු සඳහා ස්ටෙෆාන් නියමය භාවිතය.

කෘෂ්ණ නොවන වස්තුවක් මඟින් විකිරණ ශක්තිය මුදා හැරීමේ ශීඝ්‍රතාවය වස්‍තුවේ උසෂ්ණත්වය මත මෙන්ම පෘෂ්ඨ ස්වභාවය මතද රඳා පවති. එබැවින් ස්ටෙෆාන් නියමය කෘෂ්ණ නොවන වස්තු සඳහා යෙදීම සදහා භාවිතා කර හැක.

                             E = eAT4

මෙහි e යනු පෘෂ්ඨ ස්වභාවය මතද රඳා පවතින නියතයක් වන අතර එය පෘෂ්ඨික විමෝචකතාවය ලෙස හැදින්වේ.

  • පෘෂ්ඨික විමෝචකතාවය (e) යනු,

අදාල වස්තුවේ ඒකීය වර්ගඵලයකින්, ඒකීය කාලයකදී මුදා හරින විකිරණ ශක්තිය (E) එම වස්තුව පවත්නා උෂ්ණත්වයේ පවතින පරිපූර්ණ කෘෂ්ණ වස්තුවකින් ඒකක පෘෂ්ඨ වර්ගඵලකින් ඒකීය කාලයකදී මුදා හරින විකිරණ ශක්තිය (Eb)ට දරන අනුපාතයයි.       

               e = E / Eb  

කෘෂ්ණ නොවන වස්තුවක් සඳහා e < 1 වන අතර පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් සඳහා e = 1 වේ.

  • පෘෂ්ඨික අවශෝෂකතාවය (a) යනු,

කෘෂ්ණ නොවන වස්තුවක පෘෂ්ඨය මත පතනය වන සම්පූර්ණ විකිරණ ශක්තිය පෘෂ්ඨය මගින් අවශෝෂණය නොකරයි. වස්තුව මගින් අවශෝෂණය කරන ශක්ති ප්‍රමාණය (Es) එය මත පතනය වන මුලු ශක්ති ප්‍රමාණය (E)ට දරන අනුපාතය අවශෝෂකතාවය නම් වේ.  

              a =  Es / E

සෛද්ධාන්තික වශයෙන් මෙම විමෝචකතාවය හා අවශෝෂකතාවය සමාන වීම සිදු විය හැක.

උදාහරණ –

එක්තරා සූත්‍රිකා බල්බයක ක්ෂමතාවය 60 W වේ. එහි දිග 0.5 m වේ. එහි විමෝචකතාවය 0.8 ක් වේ. සූත්‍රිකා බල්බයේ විෂ්කම්භය 6 × 10-5  m ද වේ. එය දල්වා ඇති විට සූත්‍රිකා බල්බයේ උෂ්ණත්වය ගණනය කරන්න.

E=σeAT4

60 = 0.8 × 5.67 × 10-8 × 2π × 3 × 10-5 ×0.5 × T4

T4 = 1933 K

  • යම් උෂ්ණත්වයක් ඇති පරිසරයක් තුල වස්තුවක් ඇති විට,

T0<T

  1. එම වස්තුව පූර්ණ කෘෂ්ණ වස්තුවක් නම්,

වස්තුව මගින් විකිරණ තාපය විමෝචනය කිරීමේ  ශීඝ්‍රතාවය = Q1 = AT4

එම වස්තුව විකිරණ තාපය අවශෝෂණය කිරීමේ ශීඝ්‍රතාවය = Q2 = AT˚ 4

වස්තුවෙන් තාප විකිරණ විමෝචනය කිරීමේ සම්ප්‍රයුක්ත ශීඝ්‍රතාවය =  Q1 – Q2

                                                                  Q = A [T4 – T˚ 4]

  1. එම වස්තුව පූර්ණ කෘෂ්ණ වස්තුවක් නොවේ නම්,

එවිට එම වස්තුවේ විමෝචකත සංගුණකය නම්ද අවශෝෂකතා සංගුණකයද ම වේ.

            එම නිසා එවිට Q = Ae [T4 – T˚ 4] වේ.

  • වීන් විස්ථාපන නියමය.

යම් කෙල්වින් T උෂ්ණත්වයකදී උපරිම ත්‍රීව්‍රතාවයක් ඇති තාප විකිරණයේ තරංග ආයාම වන  max  අගය එම T උෂ්ණත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

එනම්,

මෙම k නියතය වීන්ගේ නියතය නමින් හැඳින්වේ.

k = 2.9 × 10-3 m K

උදාහරණය ;

සූර්‍යා කෘෂ්ණ වස්තුවක් ලෙස සැලකිය හැක. සූර්යයා පෘෂ්ඨයේ උෂ්ණත්වය 6000 K නම් සූර්‍යාගෙන් විමෝචනය වන උපරිම ත්‍රීව්‍රතාවට අදාල තරංග ආයාමය සොයන්න.

  • මෙම නියමය උෂ්ණත්ව දෙකකට හා තරංග ආයාම දෙකකට වුවද යෙදිය හැක.

  • පෞරාණික භෞතික විද්‍යාව ඇසුරින් කෘෂ්ණ වස්තු විකිරණය පැහැදිලි කිරීම.

                 විද්‍යුත් චුම්භක වාදය, චාලක වාදය, තාප ගති විද්‍යාව, නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව ආශ්‍රිත සංකල්ප වර්තමානයේ පෞරාණික භෞතික විද්‍යාව හෙවත් ප්‍රතිෂ්ඨික භෞතික විද්‍යාව ලෙස හදුන්වන අතර 19 වන සියවස අවසාන වන විට එම සංකල්ප මත ගොඩ නගනු ලැබූ රේලී – ජීන් වාදය සහ වීන් වාදය මගින් කෘෂ්ණ වස්තු විකිරණයට අදාල පරීක්ෂණාත්මක ප්‍රතිඵලවලින් කොටසක් පමණක් පැහැදිලි කිරීමට හැකි වූ නමුත් එම සංකල්ප මගින් පරීක්ෂණාත්මක ප්‍රතිඵල මුළුමනින්ම පැහැදිලි කිරීමට නොහැකි විය.

                පෞරාණික භෞතික විද්‍යාවේ සංකල්ප වලට අනුව රත් වූ කෘෂ්ණ වස්තුවක පෘෂ්ඨයෙහි පවතින පරමාණූ වල ඇති වෙන තාපජ කම්පන හේතු කොට ගෙන තාප විකිරණ මුදා හරිනු ලබන්නේ යැයි සැලකිය හැක. මේ කම්පන දෝලක විශාල සංඛ්‍යාත පරාසයක් තුල පවතින බැවින් ඒවාට පුළුල් පරාසයක පවතින ශක්ති අගයන්ද ඇත. තවද එම ශක්ති අගයන් පරාසය පුරා සන්තතික වන පරිදි ව්‍යාප්ත වන අතර එබැවින් පරමාණුක දෝලක මගින් තාප විකිරණ විමෝචනය කිරිම හා තාප විකිරණ අවශෝෂණය කිරීම සිදු වනුයේද සන්තතික වන ආකාරයට බව පෞරාණික භෞතික විද්‍යා සංකල්පවලට අනුව එකල පිලිගෙන පැවති මතය වේ.

            මේ සඳහා රේලි – ජීන් වාදය හා වීන් වාදය භාවිතා කරන ලදි. එම වාද වලට අනුව තාප විකිරණ විමෝචනය වන්නේ රත් වූ කෘෂ්ණ වස්තුවේ පෘෂ්ඨයේ පවතින අණු පරමාණු වල දෝලන නිසා බවත් මෙම පරමාණුක දෝලන වලට විශාල සංඛ්‍යාත පරාසයක ඕනෑම ශක්ති අගයක් ගත හැකි බවත් පිළිගැනේ. එම වාද වලට අනුව අදින ලද වක්‍ර පහත දැක්වේ.

  • රේලි – ජීන් වාදයේ වක්‍රය වැඩි තරංග ආයාම සඳහා සත්‍ය වක්‍ර්‍ය සමඟ ගැලපුනද අඩු තරංග ආයාම කරා යත්ම සත්‍ය වක්‍රයෙන් විශාල වශයෙන් අපගමනය වේ.
  • වීන් වාදයේ වක්‍රය අඩු තරංග ආයාම සඳහා සත්‍ය වක්‍ර්‍ය සමඟ ගැලපුනද වැඩි තරංග ආයාම කරා යත්ම සත්‍ය වක්‍රයෙන් විශාල වශයෙන් අපගමනය වේ.

එම නිසා පෞරාණික භෞතික විද්‍යාවේ සංකල්ප මත ගොඩනැගුණු රේලි – ජීන් වාදයේ හා වීන් වාදයේ වක්‍ර මඟින් ප්‍රායෝගික විකිරණ වක්‍රයේ හැඩය පැහැදිලි කර ගැනීමට නොහැකි විය.

  • විකිරණ වක්‍රයේ හැඩය පැහැදිලි කිරීම සඳහා ප්ලාන්ක් කල්පිතය,

රේලි – ජීන් වාදය හා වීන් වාදය පරීක්ෂණාත්මක වක්‍රය සමග නොගැලපෙන බැවින් එය පැහැදිලි කිරීම සඳහා ප්ලාන්ක් විසින් කල්පිතයක් ඉදිරිපත් කරන ලදි. එය පෞරාණීක භෞතික විද්‍යා සංකල්ප වලින් බැහැර වූවක් වේ. ප්ලාන්ක් විසින් ඉදිරිපත් කරන ලද කල්පිතය පරීක්ෂණාත්මක වක්‍ර සමඟ ඉතා හොඳින් ගැලපුණී. පහතින් දැක්වෙන්නේ ප්ලාන්ක් ඉදිරිපත් කරන ලද කල්පිතයි.

  1. කෘෂ්ණ වස්තු වලින් විකිරණ විමෝචනය කරන්නේත් අවශෝෂණය කරන්නේත් පරමාණු දෝලක නිසාවෙනි. එහෙත් එය යාන්ත්‍රික ක්‍රියාවලියක් නොව විවික්ත ක්‍රියාවලියකි.
  2. මෙම පරමාණු දෝලක වල ශක්තිය යාන්ත්‍රික ආකාරයට අයත් නොවූවත් අයත් වන්නේ ක්වොන්ටම් ආකාරයටයි (පැකට් ආකාරයටයි).
  3. සංඛ්‍යාතය වන ෆෝටෝනයක ශක්තිය මඟින් ලිවිය හැකිය. මෙහි n යනු 1, 2, 3… ආදී වශයෙන් පූර්ණ් සංඛ්‍යාවක් වන අතර ඒවා ක්වොන්ටම් අංකය ලෙස හැඳින්වේ. f යනු දෝලකයේ ස්වාබාවික සංඛ්‍යාතයයි. h යනු ප්ලාන්ක් නියතයයි.
  4. පරමාණු දෝලක එක් ශක්ති මට්ටමක සිට අඩු ශක්ති මට්ටමක් දක්වා ගමන් කිරීමේදී ශක්ති මට්ටම් දෙකේ අන්තරයට සමාන ශක්ති ප්‍රමානයක් පිට වේ.  
  5. පරමාණු දෝලකයක් ශක්තිය අවශෝෂණය කරන්නේ පහළ ශක්ති මට්ටමක සිට ඉහළ ශක්‍ති මට්ටමකට ගමන් ගන්නා විටයි.

ඉහත පාඩමේ විස්තර කර ඇති අනු කොටස් වලට අදාලව තවදුරටත් පාඩමේ පැහැදිලි කිරීමක් පහත යූ ටියුබ් ඇමිණුමෙන් අධ්‍යනය කරන්න.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.