03.07.00- ධ්වනි ලක්ෂණ

0
8444

ධ්වනි ස්වරයක් තවත් ස්වරයකට සමාන හෝ අසමාන වීමට බලපාන ගති ලක්ෂණ තුනකි.

  1. තාරතාවය :- තරංගයේ සංඛ්‍යාතය මත රදා පවතී.
  2. හඩේ සැර :- තරංගයේ ත්‍රීව්‍රතාවය, එබැවින් විස්ථාරය මත රදා පවතී.
  3. ධ්වනි ගුණය :- තරංග ආකෘතියේ හැඩය මත රදා පවතී.

1.තාරතාවය

  • ධ්වනියේ දී තාරතාව රඳා පවතින්නේ සංඛ්‍යාතය මත පමණි.
  • එනම් උච්ච සංඛ්‍යාතයක් උච්ච තාරතා ස්වරයක් ද අවම සංඛ්‍යාතයක් අවම තාරතා ස්වරයක් ද ඇති කරයි.
  • සාමාන්‍ය මිනිස් කනට සංවේදී වන සංඛ්‍යාත පරාසය 20Hz සිට 20000Hz දක්වා වෙයි.
  • මෙය ශ්‍රවණ සංඛ්‍යාත පරාසයයි
  • සංඛ්‍යාතය 20Hz ට වඩා අඩු ස්වර අධෝ ධ්වනිය ලෙසත් 20000Hz වැඩි ස්වර අති ධ්වනිය ලෙසත් හදුන්වයි.

2.හඬේ සැර / විපුලතාවය

  • ධ්වනි ස්වරයක හඬේ සැර එම ධ්වනි තරංගයේ තිව්‍රතාවය(I) මත රදා පවතී.
  • තරංගයක තිව්‍රතාවය යනු තරංගය ගමන් කරන දිශාවට ලම්බකව ගත් ඒකක වර්ගඵලයක් හරහා ඒකක කාලයකදී ගලා ගිය ධ්වනි ශක්තියයි.
  • A ලම්බ වර්ගඵලය හරහා t කාලයකදී ගලා ගිය ධ්වනි ශක්තිය E නම්,
  • සෑම දිශාවකටම එක සමානව ශක්තිය පතුරුවන ක්ෂමතාව වූ කුඩා ධ්වනි ප්‍රභවයක සිට දිගකදී ධ්වනි ශක්තිය වර්ගඵලය වන ගෝලයකට ලම්බකව පිහිටයි.

r  දුරකදී,

  • යම් ශබ්දයක් ශ්‍රවණය වීමට නම් එයට තිබිය යුතු අවම අගයක් ඇත.
  • එය ශ්‍රව්‍යතා දේහලිය ලෙස හැදින්වේ.එහි අගය සාමාන්‍යයෙන් 10-12wm-2 ලෙස ගනු ලැබේ.
  • මිනිස් කනට වේදනාවකින් තොරව ශ්‍රවණය කල හැකි උපරිම තීව්‍රතාවය වේදනා දේහලිය නම් වේ.
  • සාමාන්‍යයෙන් එහි අගය 1wm-2 ලෙස ගනු ලැබේ

ධ්වනි තීව්‍රතා මට්ටම

  • මිනිස් කනට ශ්‍රවණය කල හැකි ඉතා විශාල තිව්‍රතා පරාසය පැහැදිලිව ඇසීම සදහා කනේ සංවේදනයට තුඩු දෙන ක්‍රියාකාරීත්වය ඉතා ආසන්න වශයෙන් ලඝුගණක පරිමාණයක ආකාරයට සිදු වෙයි.
  • මේ අදහසින් ධ්වනි තිව්‍රතා මට්ටම අර්ථ දක්වනු ලැබේ.ධ්වනි තිව්‍රතා මට්ටම ආකාර දෙකකී.

උදා:-

  1. ශ්‍රව්‍යතා දේහලියට අදාලව  සොයමු.

2. වේදනා දේහලියට අදාලව සොයමු.

3. තිව්‍රතාවය 10-5wm-2 වන ස්වරයක β සොයමු.

4. තිව්‍රතාවය 2×10-7wm-2 වන ස්වරයක β සොයමු.

5. කුඩා ධ්වනි ප්‍රභවයක සිට 20m දුවරකදී ධ්වනි තිව්‍රතා මට්ටම 90dB වේ. එහි ක්ෂමතාව සොයන්න.

  • ධ්වනි තිව්‍රතාවය I1 සිට I2 දක්වා වැඩිවන විට ධ්වනි තිව්‍රතා මට්ටමේ වැඩි වීම,
  • ධ්වනි තිව්‍රතාවය 10න් ගුණ කල විට ධ්වනි තිව්‍රතාවය 10log1010(10dB) කින් වැඩි වේ.
  • ධ්වනි තිව්‍රතාවය 2න් ගුණ කල විට ධ්වනි තිව්‍රතා මට්ටම 10log102(3dB) කින් වැඩි වේ.

උදා:-

ධ්වනියක තිව්‍රතාව 25න් ගුණ කල විට ධ්වනි තිව්‍රතා මට්ටම කොපමණකින් වැඩි වේද?

හඬේ සැර සහ ධ්වනි තිව්‍රතාවය අතර වෙනස

  • තිව්‍රතාවය මෙන් නොව හඬේ සැර පුද්ගලික සංවේදනයකි.එනම් තිව්‍රතාවය නිරපේක්ෂ රාශියක් වන අතර හඬේ සැර අසන්නාගේ සංවේදිතාවය මත රදා පවති.
  • එකම ධ්වනි තිව්‍රතාවයක් පුද්ගලයන් දෙදෙනෙකුට ඇති කරන හඬේ සැර එකින් එකට වෙනස් විය හැක.
  • මිනිස් කනේ සංවේදීතාවය සෑම සංඛ්‍යාතයක් සදහාම එක සමාන නොවේ.
  • එබැවින් එකම තිව්‍රතාවයකින් යුතු එහෙත් වෙනත් සංඛ්‍යාත සහිත ශබ්ද 2ක් ඇති කරන හඬේ සැර එකිනෙකට වෙනස් විය හැක.
  • ශ්‍රව්‍යතා දේහලිය සහ වේදනා දේහලිය පවා ස්වරයේ සංඛ්‍යාතය අනුව වෙනස් වේ.

සංඛ්‍යාතය අනුව ශ්‍රව්‍යතා දේහලියට අදාල ධ්වනි තිව්‍රතා මට්ටමට පහත පරිදි වෙනස් වේ.

3. ධ්වනි ගුණය

  • එකම තාරතාවය සහ එකම හඬේ සැර(එනම් එකම සංඛ්‍යාතය හා එකම විස්ථාරය)ඇති ධ්වනි ස්වර 2ක් උපකරණ 2කින් නිකුත් කල විට ඒවායේ වෙනස හඳුනාගත හැකි.
  • මීට හේතුව ස්වර 2හි ධ්වනි ගුණය වෙනස් වීමයි.ධ්වනි ගුණය රඳා පවතින්නේ තරංග ආකෘතියේ  හැඩය මතයි.
  • වෙනස් උපකරණ වලින් නිකුත් කරන ධ්වනි ස්වර වල තරංග ආකෘතියේ හැඩය වෙනස් වේ.
  • සාමාන්‍යයෙන් සංගීත භාණ්ඩයකින් ස්වරයක් වාදනය කරන විට එම ශබ්දයේ මූලික සංඛ්‍යාතයට අමතරව උපරිතාන වලද ඇත.
  • ධ්වනි ගුණය රඳා පවතින්නේ මෙම උපරිතාන සංඛ්‍යාව හා ඒවායේ සාපේක්ෂ විස්තාරය මතයි.
  • මෙම ශබ්ද රටාවේ පවතින මූලිකය සහ උපරිතාන වල සංඛ්‍යාතය අනුව ඒවායේ සාපේක්ෂ විස්ථාරය ප්‍රස්ථාර ගත කල විට ෆුරියර් වර්ණාවලිය ලැබේ.
  • ශබ්ද රටාවෙන් ෆුරියර් වර්ණාවලිය ජනනය කරනුයේ ෆුරියර් විශ්ලේෂණය නම්  වූ ගණිතමය ක්‍රමයක් මගනී.

උදා:-

මූලිකය මෙන් අර්ධයක විස්ථාරයක් ඇති පළමු උපරිතානයක් සහ   විස්ථාරයක් ඇති 2වන උපරිතානයක් පමණක්  මිශ්‍රව ඇති ශබ්ද රටාවක ෆුරියර් වර්ණාවලිය පහත ආකාර වේ.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.