03.09.04 – වර්ණාවලිමානය

0
1615

වර්ණාවලිමානය

  • මෙහි ප්‍රිස්ම මේසය හා දුරේක්ෂය භ්‍රමණය කළ හැකි වන අතර එසේ භ්‍රමණය කළ කෝණය ද මැන ගත හැක. සමාන්තරකය භ්‍රමණය කළ නොහැක.
  • මෙහි ප්‍රධාන කොටස් 03කි.
    1. දුරේක්ෂය
    2. සමාන්තරකය
    3. ප්‍රිස්ම මේසය
  • මෙය භාවිතයට පෙර යම් සීරුමාරුවක් කළ යුතුය. මින් අදහස් වන්නේ සමාන්තරකය, ප්‍රිස්මය හා දුරේක්ෂය හරහා පැමිණෙන ආලෝක කිරණ එකම තලයක පවත්වා ගැනීමයි.
  • ඒ සඳහා පහත අනුපිළිවෙල එලෙසම විය යුතුය.
    1. දුරේක්ෂය සමාන්තර කිරණ වලට සකස් කිරීම
    2. සමාන්තරකය සමාන්තර කිරණ වලට සකස් කිරීම
    3. ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම

දුරේක්ෂය සමාන්තර කිරණ වලට සකස් කිරීම

I. දුරේක්ෂයේ හරස් කම්බි පැහැදිලිව පෙනෙන තෙක් උපනෙත සකස් කරගන්න.

II.දුරේක්ෂය ඈත ඇති වස්තුවකට යොමු කර එහි පැහැදිලි ප්‍රතිබිම්භයක් හරස් කම්බි මත ඇතිවන තෙක් අවනෙත සීරුමාරු කරන්න.

  • මෙවිට දුරේක්ෂයෙන් ආලෝක කිරණ ගමන් ගන්නා ආකාරය පහත දැක්වේ.

සමාන්තරකය සමාන්තර කිරණවලට සකස් කිරීම

I.සමාන්තරකයේ සිදුර අසලින් ආලෝක ප්‍රභවය තබා එහි සිදුර අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්න.

II.සමාන්තරකය කෙලින් එක එල්ලේ සිටිනසේ දුරේක්ෂය ගෙන දික් සිදුරෙ පැහැදිලි ප්‍රතිබිම්භයක් දුරේක්ෂයේ හරස් කම්බි මත ලැබෙන තෙක් සමාන්තරක කාචය චලනය කරන්න.එවිට ඒවා තුලින් ආලෝක කිරණ ගමන් කරන්නේ පහත ආකාරයටයි.

ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම

  • මෙය අවශ්‍ය වන්නේ ප්‍රිස්ම මේසය භ්‍රමණ අක්ෂයට සමාන්තරව වන සේ ප්‍රිස්මයේ වර්තන දාරය සකස් කිරීම.
  • PQR ස්කුරුප්පු ඇණ 03 සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ මත පිහිටන සේ එම ඇණ 03 මත ප්‍රිස්ම මේසය නංවා ඇත. එම ඇණ භ්‍රමණය කරන විට මේසයේ තලය වෙනස් කල හැක.

I. එම ඇණ තුනෙන් ඕනෑම ඇණ දෙකක් යා කරන රේඛාවකට ප්‍රිස්මයේ එක් දාරයක් ලම්බක වන සේ ප්‍රිස්ම ශීර්ෂය මේසයේ කේන්ද්‍රයට යොමුවන ලෙසත් මේසය මත ප්‍රිස්මය තබන්න.

II. ප්‍රිස්ම ශීර්ෂ සමාන්තරකය දෙසට යොමු වන සේ මේසය භ්‍රමණය කර ප්‍රිස්ම පාද දෙකෙන් පරාවර්තනය වී පෙනෙන දික් සිදුරේ ප්‍රතිබිම්බය දෙස දුරේක්ෂය තුළින් බලන්න

  • දුරේක්ෂයේ යම්කිසි පිහිටුමක දී වර්නියර පරිමාණ දෙකෙන්ම මිනුම් කියවා, අදාල කෝණ මැන මධ්‍යන්‍යය ගත යුතුය.
  • මෙහිදී දුරේක්ෂයේ හා ප්‍රිස්ම මේසය භ්‍රමණ අක්ෂ හරියටම සමපාත නොවීමේ දෝෂය වළකී.
  • වර්නියර පරිමාණ 2හි 0-0 රේඛාව හරියටම වෘත්තාකාර පරිමාණයේ කේන්ද්‍රය හරහා ගමන් නොකිරීම එයට හේතුවයි.
  • එම වර්නියර පරිමාණ ප්‍රතිවිරුද්ධ මුහුණත් වල ඇති නිසා ඒවායේ මිනුම් 02හි අන්තරය හරියටම  180° විය යුතුය.
  • උදා: 317° හා 137°
  • ඉහත දෝෂය නිසා හරියටම එම අන්තරය 180° නොවේ.

වර්ණාවලිමානයේ යෙදීම්

1) ප්‍රිස්ම කෝණය සෙවීම.

  • මෙම පරීක්ෂණයේ දී ආලෝක කිරණ ප්‍රිස්ම පාදයෙන් පරාවර්තනය වන නිසා සුදු ආලෝකය යොදා ගත්තද ගැටළුවක් නොමැත.
  • මෙවැනි පරීක්ෂණයකදී ලබාගත් මිණුම් 2ක් පහත දැක්වේ.

T1 = 35° ,  T2 = 275°  නම්  A සොයන්න.

  • ප්‍රිස්ම කෝණය සොයන පරීක්ෂණයකදී දුරේක්ෂයේ එක්තරා පිහිටුමක දී ප්‍රතිවිරුද්ධ වර්නියර පරිමාණ 2න් ලබාගත් මිණුම් පහත දැක්වේ.

                              T1/   = 17°22/                          T1// = 197°26/

  • දුරේක්ෂයේ අනෙක් පිහිටුමේදී එම මිනුම්,

                             T2/ = 137°22/                        T2// = 317°26/

i. එම මිනුම් අදාල පරිමාණයන්ට ගැලපෙන ආකාරයට අඳින්න.

ii. ප්‍රිස්ම කෝණයද සොයන්න

2) අපගමන කෝණය සෙවීම

  • සමාන්තරකය හා දුරේක්ෂය කෙළින් තබා පාඨාංකය  T1 ගන්න. ඉන්පසු මේසය මත ප්‍රිස්මය තබන්න.
  • දැන් ප්‍රිස්මයෙන් අපගමනය වී පෙනෙන සිදුරේ ප්‍රතිබිම්බය දුරේක්ෂය තුළින් බලා මිනුම  T2      ගන්න.
  • දුරේක්ෂය භ්‍රමණය කළ කෝණය අපගමන කෝණයයි.

3) ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම

  • සමාන්තරකය හා දුරේක්ෂය කෙළින් තබා පාඨාංකය    T1    ගන්න.
  • දැන් ප්‍රිස්මය තබා එමගින් නිර්ගත වී පෙනෙන සිදුරේ ප්‍රතිබිම්බය දුරේක්ෂයේ හරස් කම්බි වලට ගන්න.
  • දැන් දුරේක්ෂය තුළින් බලමින් ප්‍රිස්ම මේසය දක්ෂිණාවර්තව භ්‍රමණය කරන්න.
  • සිදුරේ ප්‍රතිබිම්බය එක් දිශාවකට ගමන් කර ආපසු හැරෙනු පෙනේ.
  • එම අවස්ථාව හරස් කම්බි තුළට ගෙන  T3 පාඨාංකය ලබාගන්න.

           අවම අපගමන කෝණය = | T3 – T1 |

4) එක් එක් වර්ණ සඳහා අවම අපගමන කෝණය සෙවීම

මේ සඳහා සුදු ආලෝක ප්‍රභවයක් යොදා ගනියි

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.